කෙරවලපිටිය සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය විදුලිබල අමාත්‍යාංශය ඩොලර් මිලියන 3700 ක ආයෝජන යෝජනා ප්‍රතිකේෂ කොට රු. බිලියන 7 ක් ගිලින්න හදයි.
Posted on April 2nd, 2017

කීර්ති තෙන්නකෝන් උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

ජනතා බදු මුදල් රු. බිලියන 7 ක් වැය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටියේ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන යෝජනාව දුෂිත විදුලි මාෆියාවේ මංකොල්ලකාරී වැඩපිළිවළේ තවත් පියවරක් බව දුෂණ විරෝධී පෙරමුණයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

කිලෝ වෝට් 30 ඩීසල් විදුලි බලගාරයක් ලෙස ඉදිකිරීම් ආරම්භ කොට වසර තුනකින් ස්වභාවික ද්‍රව්‍ය වායු බලාගාරයක් බවට පත් කිරීම සදහා වන ව්‍යාපෘතියකට විදුලිබල හා පුණර්ජනීය බලශක්ති අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් උපදෙස් ලබා දී ඇත.  ඒ සදහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 6.7 ක් හෝ එයට වැඩි මුදලක් වැය කළ යුතුය.

ණය වාරික ගෙවා ගත නොහැකිව රටේ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට විකුණන තත්වයකට ආර්ථික බංකොලොත් වී ඇති රටට මේ ඉදි කිරීම් සදහා මුදල් සපයා ගැනීමට විදුලි බිල ඉහළ නැංවීමට මේ වන විටත් විදුලිබල මණ්ඩලය යෝජනා සකස් කොට ඇත.

ලංකාවේ ස්වභාවික ද්‍රව්‍ය වායු විදුලි බලගාර ඉදිකිරීම සදහා අවස්ථා ගණනාවක දී සමාගම් 7 ක් මෙරටට පැමිණ ඇත.  විදුලිබල මාෆියාව මෙම එකම සමාගමකට හෝ ලංකාවේ ආයෝජන අවස්ථාව ලබාදී නැත.  Lanka Aloka A B (Pvt) Ltd,  M/s Sithe Global Power Ventures LLCM,  Energy World International Limited, M/s Energy World International Limited, M/s Shapoorji Pallonji & Company Pvt Ltd, M/s China Machinery Engineering Corporation (CMEC) එම සමාගම් වෙති.  ලංකා ආලෝක සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කෙරවලපිටියේ මෙවෝ. 488 ක බලාගාරයක් ඉදිකිරීම සදහා 2005 දී යෝජනා ඉදිරිපත් කළේය.  විදුලි මාෆියාව අදටත් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක කැනඩා ආයෝජනයට අනුමැතිය ලබා දී නැත.  2011 දී සිත්හේ ගෝබල් පවර් සමාගම මෙගාවෝට් 500 ක ඩොලර් මිලියන 1000 ක වියදමින් හම්බන්තොට බලාගාරයක් ඉදිකිරීමට උත්සහ දැරීය.  හොංකොං හා එනජි වර්ල් සමාගම මෙගාවෝට් 600 ක බලාගාරයක් ඩොලර් මිලියන 450 ක විදයමින් කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා කළේය. විදුලි බල අමාත්‍යාංශයේ හිටපු සහ වත්මන් ලේකම්වරුන් විසින් මෙහෙයවන මාෆියාව මෙම සියලු ආයෝජන  ප්‍රතිකේෂප කළේය.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව සමාගම් හයක් මේ වන විට ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාර කේෂ්ත්‍රයේ ආයෝජනය සදහා ඉදිරිපත් වී ඇත.    මෙම ආයෝජකයින් සියලු දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධාන්තවයෙන් රැස්වීම් පවත්වා මාස 3 ක් තුල ලංකාවේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ගිවිසුම් අත්සන් කිරීමට එකගත්වය පළ කළේය.  එම යෝජනා සියල්ල කුණු කූඩයට දමා ජනතාව මත ඇදහිය නොහැකි විදුලි බිලක් පටවා ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් මෙහෙයවමින් සිටින විදුලි මාෆියාව යි.   

විදුලිබල කේෂ්ත්‍රයේ ආයෝජන සදහා ශ්‍රී ලංකාවේ මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති බව අගමැතිවරයා ද, විදුලි බල අමාත්‍යාංශයේ දේශපාලන නායකත්වයට හා නිලධාරීන්ට අවධාරණය කොට තිබුණි. 

ලංකාවේ අද විදුලි අවශ්‍යතාව පමණක් නොව අනාගත විදුලි අවශ්‍යතාවන් ද සපුරාලිය හැකි වෝට් 2100 ක විදුලි උත්පාදන යෝජනා සදහා ඇස්තමේන්තුගත සමාගම් ආයෝජනය ඩොලර් මිලියන 3700 කි.  මෙම මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම වලක්වන්නේ විදුලි බල ලේකම්වරයා ය.  ඔහු අද වන විට ලෝක වෙළෙදපොළේ අලෙවි මිලට ඩොලර් 10 කට වැඩි මුදලකට ගෙවා ගල් අගුරු මිලදී ගනිමින් සිටී.  (හිටපු ලේකම් ෆර්නැන්ඩස් ඔස්ට්‍රේලියාවේ තම දරුවන්ගේ නම් වලින් දේපල මිලදී ගෙන ඇති බව දුෂණ විරෝධී පෙරමුණ මෙයට පෙර හෙළි කර ඇත)  ස්වාභාවික ගෑස් විදුලි නිශ්පාදනය සදහා වැය කළ යුතු මිලට වඩා දෙගුණයකට වැඩි මුදලකට පුද්ගලික අංශය නිශ්පාදනය කරන ඩීසල් විදුලි මිල දී ගනිමින් විදුලි බල මණ්ඩලයට ඒකකයට රු. 14 කා පාඩුවක් සිදු කරමින් සිටී.

මේ වන විට ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය විදුලිබල ලේකම්වරයාගේ දුෂිත ගල් අගුරු ටෙන්ඩරය පිළිබද විමර්ශනයක් ආරම්භ කොට ඇති නමුත්, වැඩි මිලට ගල් අගුරු මිලදී ගැනීම අඛණ්ඩව සිදුවේ.  වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව වසා දමා තිබු පුද්ගලික විදුලි බලාගාර එකිනෙක විවෘත කෙරෙමින් සිටින බව ද තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරයි. .

බැදුම්කර වංචාවට පමණක් දෙවැනි දුෂිත විදුලිබල ගනුදෙනු සදහා රැකවරණය සැපයෙන්නේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රජය වෙනුවෙන් දේශපාලනයේ නිරත වූ ‘මංගල සමරවීර අමාත්‍යවරයාගේ කළුපොතේ ද නම සදහන් වූ’ නිලධාරීන් සිව් දෙනෙකි. 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ‘මාස හයක් තුල ආරම්භ කිරීමට එකගතාව පළ කළ හම්බන්තොට, කෙරවලපිටිය, සීතාවක, බියගම, කටුනායක ස්වභාවික ද්‍රව වායු ඉන්ධන බලාගාර ඉදි කිරීම වලක්වන බලවේග කවුරුන්ද යන්න මහජන සුබසෙත උදෙසා රටට හෙළි කළ යුතු බව ‘දුෂණ විරෝධී පෙරමුණ’ අවධාරණය කරයි.

තරගකාරී ක්‍රමයක් යටතේ විදුලි බල කේෂ්ත්‍රයේ ආයෝජන සදහා ඉඩ ලබාදීම තුලින්, ඩීසල් විදුලි මාෆියාව අවසන් කිරීම විදුලි බිල ඉහළ දැමීමට වලක්වා ගත හැකි එකම මාර්ගය බව දුෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

කීර්ති තෙන්නකෝන්

උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress