ජල සම්පාදන මණ්ඩලයේ පාලනාධිකාරීගේ අත්තනෝමතික ක‍්‍රියා සහ නීති විරෝධීව ඉංජිනේරුවන් බඳවා ගැනීමට යෑම සම්බන්ධව
Posted on April 2nd, 2017

ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය කාර්මික නිලධාරීන්ගේ සංගමය

ජල සම්පාදන මණ්ඩලයේ පාලනාධිකාරීගේ අත්තනෝමතික රියා සහ නීති විරෝධීව ඉංජිනේරුවන් බඳවා ගැනීමට යෑම සම්බන්ධව

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයත්, කාර්මික නිලධාරීන්ගේ සංගමයත් පසුගිය පෙබරවාරි 9 වනදා සිට ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අඛණ්ඩව ඉදිරියට යයි. දැන් මාස දෙකකට ආසන්න වෙමින් තිබේ.

සිදුවන ජල නාස්තිය අනුව මේ වන විට රුපියල් මිලියන 300කට වැඩි පාඩුවක් සිදුවී ඇත. එසේම අක‍්‍රිය ජල මනු මාරු නොකිරීම, බිල්පත් නොගෙවන්නන්ගේ ජල විසන්ධි වැඩසටහන් ක‍්‍රියාත්මක නොවීම, නව ජල සම්බන්ධතා ලබානොදීම් ආදිය නිසාද රුපියල් මිලියන 200කට වඩා වැඩි පාඩුවක් මණ්ඩලයට සිදුවී ඇත. ඒ අනුව මේ වන විට රුපියල් මිලියන 500කට වැඩි පාඩුවක් ආයතනයට සිදුවී තිබියදීත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදාළ ගැටලූ විසඳීමට කටයුතු නොකර එය මර්ධනය කර කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටී.

ඒ සඳහා නීති විරෝධීව හදිසියේම ඉංජිනේරුවන් 30ක් බඳවා ගැනීමට පත්වීම් ලිපි නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ සඳහා අනුමත ඇබෑර්තු නැත. භාණ්ඩාගාර අනුමැතිය නැත. අමාත්‍යාංශ ලේකම්වරයාද මෙය අනුමත කර නැත. මුදල් අංශයද ඒ සඳහා මුදල් ලබාදිය නොහැකි බව කියද්දී අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කීප දෙනෙකුගේ උද්දච්ච වුවමනාව මත මෙම නීති විරෝධී, සදාචාර විරෝධී බඳවා ගැනීම කිරීමට කටයුතු යොදා ඇත.

ජල සම්පාදන මණ්ඩලයේ පාලනාධිකාරියේ මෙම ක‍්‍රියාමාර්ගය මහජන මුදල් අවභාවිතයක් මෙන්ම නීති විරෝධී ක‍්‍රියාවකි.

මේ සඳහා දැඩි විරෝධය පල කරන අප අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටත් වෙනත් ගත හැකි නීති ක‍්‍රියාමාර්ග ගෙන වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමටත් කටයුතු කරනු ලබන බව සඳහන් කරන්නෙමු.

එසේම නව රැකියා ලබාදීමට අප විරුද්ධ නොවන අතර මෙහි ඇති නීති විරෝධීභාවයත්, බඳවා ගැනීමේ අරමුණ සද්භාවයෙන් තොර අරමුණක් බැවිනුත් මෙයට අප දැඩි සේ විරෝධය පළ කරන බව වැඩිදුරටත් සඳහන් කරමු.

ස්තූතියි

උපාලි රත්නායක

සභාපති

ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress