මල්වතු නාහිමි බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ගහයි.. අස්ගිරි නාහිමි උද්ධමනයෙන් ගහයි.. අමරවීර-දුමින්ද ලේකම් ඩබල වාෂ්ප වෙයි..[Video]
Posted on April 3rd, 2017

ලංකා සී නිවුස්

ගැටඹේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කරමින් ඇති ශ‍්‍රිලනිප මැයි රැළිය සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ගිය සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට හා මධ්‍ය මහ ඇමති සරත් ඒකනායකට බලාපොරොත්තු නොවූ තරමේ රළු විවේචනයක් එල් කිරීමට උන් වහන්සේලා කටයුතු කලහ.

මුලින්ම අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහ නාහිමියන් මුණ ගැසී ශ‍්‍රීලනිප මැයි රැළියට ගෙන ඒමට බලාපොරොත්තු වන සෙනග ගැන කියද්දී මහ නාහිමියන්ගේ පාර්ශවය එය කණකටවත් නොගෙන කියා සිටියේ අලූත් අවුරුදු සමය පැමිණ ඇති නිසා ඔය වන් වැඩ නොව බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙසයි. හම්බන්තොට වරාය හා ඉඩම් නොරටුන්ට විකුණා දැමීම ගැන වන කතාබහ ගැනද උන් වහන්සේලා පෙන්වා දෙද්දී ලේකම්වරයා ඇතුළු පිරිස කරබා උන්හ.

ඉන් අනතුරුව ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායකද එක්ව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට පෙන්වා දුන්නේ සිගරට් බදු වැඩි කල නිසා දැන් ආණ්ඩුවේ දුම්වැටි ආදායමද පහත වැටී ඇති බවයි. ඇමතිවරුන් කිසි ලෙසකින් නොසිතු ලෙස මහ නාහිමියන් විමසා සිටියේ නැගෙනහිර ඉදිකරමින් ඇති බැදුම්කර අරක්කු ෆැක්ටරිය ගැනයි.

ඊට මහ නාහිමියන් හමුවේ හරි හමන් පිලිතුරක් දීගත නොහැකි වූ ශ‍්‍රීලනිප ඇමති පිරිස පසුව මහනුවරදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress