දේශප්‍රේමී ‘විදුලිබල අමාත්‍යාංශය’ රටක් මංකොල්ල කන්නේ මෙහෙමයි මාස 2 ½ තුල මිලියන 1953 ක් රටට අහිමි කළේ මෙහෙමයි
Posted on April 4th, 2017

පුවත්පත් නිවේදනය දුෂණ විරෝධී පෙරමුණ

2017 ජනවාරි 15 සිට මාර්තු 31 දක්වා කාලය තුල දුෂිත ස්විස් සිංගප්පූර් ගල් අගුරු ටෙන්ඩරය මගින් සිදු කල මිලදී ගැනීම් හේතුවෙන් රටට රුපියල් මිලියන 1953 ක අලාභයක්/පාඩුවක් සිදුව ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලංකාවට ස්පොට් ටෙන්ඩර් ක්‍රමය යටතේ ගල් අගුරු සපයන සමාගම් හි මිල හා සැසදීමේ දී මෙට්‍රික් ටොන් 1 ක් සදහා වැඩිපුර ඩොලර් 13.75 ක මුදලක් ගෙවා ඇත. අද වන විට විවෘත වෙළෙදපොළේ මිල ට ගල් අගුරු මිලදී ගැනීම විදුලිබල අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ගේ උපදෙස් පරිදි ලංකා ගල් අගුරු සමාගම සිදු කළ මිල දී ගැනීම් පිළිබද සාරාංශය පහත දැක්වේ.

ටෙන්ඩර් ලබාදුන් ආයතන සැපයුම් මෙ.ටො. ගෙවීම් ඇ.ඩො.
සුවිස් සිංගප්පූර් (නීත්‍යනුකුල නොවන බවට අධිකරණය පවසන සමාගම) 415,328

510,985

926,313

38,108,385

46,885,384*

84,993,769

ස්පොට් ටෙන්ඩර් (අදානි ග්ලෝබල්) 1,274,713 99,411,694
  2,201,066 184,405,463

දුෂිත ටෙන්ඩරය යටතේ මිලදීගත් ටොන් එකක සාමාන්‍ය අගය (Average ) 84,993,769 ÷ 926,313 = 91.75

ස්පොට් ටෙන්ඩර් වල ටොන් එකක සාමාන්‍ය අගය (Average ) 99,411,694 ÷ 1,274,713 = 77.98

ස්පොට් ටෙන්ඩර් ක්‍රමය අනුව මුළු මිලදීගැනීම කළේ නම් වැයවන මුදල 77.98  × 2,201,066  =  171,639,126

දුෂිත ටෙන්ඩරය හේතුවෙන් සිදු වී ඇති පාඩුව  184,405,463 – 171,639,126 = 12,766,337

රු.  1,953,249,561                               රුපියල් මිලියන 1953 කි.  (1 US $ = Rs. 153)

ඒ අනුව පසුගිය මාස 2  දින 15 ක් තුල ගල් අගුරු ටෙන්ඩරයෙන් රටට අහිමි කොට ඇති මුදල රුපියල් කෝටි 195 කි.

ලංකාවට ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 78 ට ගෙන්වා දී ඇති සමාගම් තිබිය දී, සුවිස් සිංගප්පුර් සමාගමෙන් ටොන් එකකට ඩොලර් 13.75 ක් වැඩිපුර ගෙවා ගල් අගුරු මිල දී ගැනීම අපරාධයකි. සහාසික අපරාධයකි.  මේ සියළු වංචා දුෂණ අක්‍රමිකතා සදහා අවසානයේ බදු ගෙවමින් සිටින්නේ මෙරට පුරවැසියන් ය.

විදුලිබල අමාත්‍යාංශයේ ගල් අගුරු මාෆියාව, ඩීසල් විදුලි මාෆියාව, ජෙනරේටර් මිල දී ගැනීම සහ යෝජිත නමට පමණක් ‘සංයුක්ත චක්‍ර’ නමුත් වසර තුනක් යන තුරු නිශ්චිතවම ඩීසල් විදුලි මාෆියාවේ තවත් අඩුවක් බවට පත්වන බලාගාරය පිළිබද දුෂණ විරෝධී පෙරමුණ අනාවරණය කොට ඇත.  රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඊයේ පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ මෙයට විරුද්ධ වන්නෝ  ‘දේශද්‍රෝහීන්’ බවයි. අද, සියඹලාපිටිය අමාත්‍යවරයා සහ බටගොඩ ලේකම්වරයාගේ  කෝපයට ලක්වී ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය සහ කීර්ති තෙන්නකෝන් දෙදෙනාම පසුගිය රජය සමයේ දුෂණ හෙළිකරන විට ද එදා රජය ලේබල් ගැසූවේ ‘දේශද්‍රෝහීන්’ ලෙසය.

විදුලිබල පාරිභෝගිකයා ගේ රීරි මාංශය හප කරමින් සිටින විදුලිබල අමාත්‍යාංශය දුෂණ වංචා හෙළිවන විට ලැජ්ජා සහගත ලෙස දේශප්‍රේමී ලේබලයේ එල්ලීමට උත්සහ දැරීම පිළිකුල් සහගතය.

උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය ‘ශුන්‍ය හා බලරහිත’ යැයි කියූ හෘර්ද සාක්ෂිකය කම්පනයට පත් කළ ගිවිසුමක් යොදාගනමින් සිදුකළ මිලදී ගැනීම් හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා ද තහවුරු කොට ඇත.  ඉන් පසුව, ගල් අගුරු සමාගමේ සභාපතිවරයා ඉවත් කොට නාමික වැඩබලන සභාපතිවරයෙකු යටතේ මාස 2 ½ තුල රු. මිලියන 1953 ක රටට අහිමි කොට තිබේ.

දුෂණ විරෝධී පෙරමුණ අවාධාරණය කරන්නේ විදුලිබල අමාත්‍යාංශයේ දුෂණ දෙවැනි වන්නේ අන්ත දුෂිත බැදුම්කර වංචාවට පමණක් බවයි.

මාධ්‍ය ඒකකය

දුෂණ විරෝධී පෙරමුණ

 

2017 අ‌ප්‍රේල් මස 04 වැනිදා අඟහරුවාදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress