ජනපති නියෝගය අගමැති වෙනස් කරයි
Posted on April 5th, 2017

සපුමල් ජයසේන උපුටාගැණීම  මව්බිම

පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශන සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති නියෝගයට එරෙහිව යමින් කෞතුකාගාරයේ සන්දර්ශනවලට අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය සඳහා කෞතුකාගාර පරිශ්‍රයේ ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශනවලට අවසර ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇත.

එමෙන්ම එම ක්‍රමවේදය සැකසීම පිණිස කමිටුවක් පත්කර ඇති අතර එයට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අගමැතිවරයා විසින් නම් කරන ලද අයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
මේ කමිටුව පත්කර ඇතත් මේ වනතුරු එම ක්‍රමවේදයන් සකසා අවසන් කොට නැතැයි සංස්කෘතික අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් “මව්බිම”ට ඊයේ (04දා) පැවැසීය.

මේ සම්බන්ධව විමසීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තනූජා කස්තුරිආරච්චි මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress