ජිනීවා මානව හිමිකම් සමුළුවේ දීන ක්‍රියා කොටි ඩයස්‌පොරාවට විනාඩි 22 ක්‌ ලබාදෙයි
Posted on April 5th, 2017

කීර්ති වර්ණකුලසූරිය

මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැති සමාන්තර රැස්‌වීමකදී මන්නාරමේ සබමලෙයි පියනම හමුදාවට දොස්‌නගමින්

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය තුළ සිදු වුයේ ඒකපාර්ශික නාඩගමකි. එහෙත් මේ නාඩගමේ තොරතුරු මෙරට ඩොලර් අරමුදල් ලබන්නන්ට ජනතාවගෙන් වසන් කිරීමට අවශ්‍ය විය.

147000 සිට 3 ලක්‍ෂය දක්‌වා ද්‍රවිඩ ජනතාවක්‌ සමූලඝාතනය වූ බව ඊළම් වාදීන් පැවසුවේ ජිනිවා නුවරදීය.

තමිල්නාඩුවෙන් පැමිණි රාම්දාස්‌ නැමැති ඊළම්වාදියා ශ්‍රී ලංකා නාවික හමුදාව තමිල්නාඩු ධීවරයන් 600 ක්‌ මැරූ බව පැවසීය.

මන්නාරමෙන් පැමිණි සබාමලෙයි පියනම මුළු මන්නාරමම හමුදාකරණය වී ඇති බව කීවේය.

එහෙත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඒ කිසිදු ප්‍රකාශයක්‌ ජනතාවට හෙළි කළේ නැත. ස්‌විස්‌ ජනතාවගෙන් පිං පඩි ගන්නා සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් නැමැත්තා රාජ්‍ය නොවන සංවිධානවල ගෝඩ්පාදර්ය. රයිගමයා ලෙස කටයුතු කරන ඔහුගේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කරන්නේ ප්‍රංශයේ සිට පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ කාමරයක්‌ පාසා සැරිසරන කිරුබාකරන් හෙවත් හිඟන තිරාබායි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ කොටි ඩයස්‌පොරාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සහ හිටපු නායකයන් යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමින් මාසයක්‌ පුරා ඡායාරූප ප්‍රදර්ශනය කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකාගේ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර තිබුණි.

එහෙත් මෙරට වත්මන් රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ගැන අපේ තානාපති බලධාරීන්ගෙන් විරෝධතා එල්ල වූයේ නැත. කු=ර්දි බෙදුම්වාදීන් තුර්කි ජනාධිපති රේසප් අර්ඩෝගන්ගේ ඡායාරූප එක්‌සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ජිනීවාහි තුර්කි තානාපතිගෙන් දැඩි විරෝධතා එල්ල විය.

මේ පසුබිම මැද මෙරටින් ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව දොස්‌ නගන ඩොලර් කාක්‌කන් හෙවත් එන්. ජී. ඕ. කල්ලිය ගැන රාජ්‍ය යාන්ත්‍රණය නිහඬව සිටියි.

එසේම මේ ඩොලර් කාක්‌කන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ කණටද විෂ පොවා ඇත.

එය තහවුරු වන්නේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට හිරිහැර කරන බවට පැමිණිලි කිරීමයි. 

පසුගිය රජය යටතේද එවන් සාවද්‍ය ප්‍රචාර ඔහු වෙත යොමු කෙරුණි. මානව හිමිකම් රැකවලුන් ජිනීවා මාර්ගවලදී හඹා එන බවටද පැමිණිලි කර තිබුණි. මේ අභූත පැමිණිලි සෙයිද් රාද් හුසේන් විශ්වාස කරනු ලැබීය.

එසේම ජිනිවාහිදී වසන් වූ ප්‍රධාන කරුණ නම් සුදුකොඩි කතාව නැමැති සාවද්‍ය ප්‍රකාශය මානව හිමිකම් බලධාරින්ට පවසා තමාටත් පවුලේ අයටත් දේශපාලන රැකවරණ ලබාගත් බොම්බඩියර් නැමැත්තාගේ ෙද්‍රdaහී ක්‍රියාකලාපයයි.

එහෙත් බොම්බඩියර් මානව හිමිකම් කවුන්සිලය පැත්ත පලාතේ පැමිණ සිටියේ නැත. මේ හැර ශ්‍රී ලංකාවේ සිට ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව දෙකක්‌ද ජිනීවා වෙත පැමිණ සිටි බව හෙළි විය. ඔවුන් ගැන මෙරට කිසිදු මාධ්‍යයක පළ වුයේ නැත. ඒ ද්‍රවිඩ මාධ්‍ය සංධානයේ භාරති සහ සිවරාඡ්ය. 

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවේ සිට ජිනීවා ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කළේ සතුරන් ලෙසය.

රජය සංහිදියාව ගැන හඬ නැගුවත් ද්‍රවිඩ දේශපාලන පාර්ශව කටයුතු කරන ලද්දේ සංහිදියාව විනකරන පිරිසක්‌ ලෙසිනි.

උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිකරන් සහ ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් උතුර හමුදාකරණය කර ඇති බව දක්‌වමින් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

ජිනීවාහිදී අප ඇමතූ කොටි විරෝධයකු පැවසුවේ ආනන්දිගේ ජිනීවා සංචාරය සංවිධානය කළේ බොස්‌කෝ නැමැත්තා බවයි.

කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ උතුරේ පාර්ශව සිදු කළ ෙද්‍රdaහි ක්‍රියා ගැන වසන් විය.

අප ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළට නොගියේ නම් ඒ සියලු තොරතුරු වසන් වනු නියතය.

මේ පසුබිම මැද බොහෝ දෙනකුට අතීතය අමතක වී ඇත. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වු සමයේ 1971 කැරලිකරු සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් නොහොත් ජිනීවා ශ්‍රී ලාංකිකයන් විසින් ඩෝලේ ලබන්නා (පිංපඩියක්‌) යෑයි හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියා ජත්‍යන්තර ජනමාධ්‍ය දිනය සැමරීමට සහය ලබාගත්තේය.

ඔහු දැන්වීම් අතිරේකයට ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියද මාධ්‍යයක්‌ ලෙස යොදා තිබුණි.

මේ තත්ත්වය මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කොටි හඬ නැඟê සඳහා විනාඩි 22 කට අධික කාලයක්‌ කොටි හිතවාදීන්ට ලබා දුන්නේය. මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා විනාඩි 1 1/2 ක කතා දෙකක්‌ පමණක්‌ රියර් අද්මිරාල් සරත් වීරසේකරට ලැබුණි.

මානව හිමිකම් කවුන්සිලය තුළ සිදු වූ මේ තත්ත්වය මෙරටට වාර්තා වූයේ නැත. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් එම්. කේ. සිවාජිලිංගම් ගේ සිට තමිල්නාඩුවේ තිරුමුරුගන් දක්‌වා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවට නිර්දය ලෙස පහර ගැසුවේය. එහිදී ගෝතමාලාව සහ වෙනත් රටවල් ගැන කතා කිරීමේ අවස්‌ථාවේ පවා කොටි හිතවාදීන් හඬ නැගුවේ ශ්‍රී ලංකාවට එරෙහිවය. එහෙත් මානව හිමිකම් සමුළුව එය නතර කිරීමට ක්‍රියා කළේ නැත.

මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතුවේ නැති බව ජනාධිපති කාර්යාලයේ සේවය කරන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ ක්‍රියාකාරියකු පවසා තිබුණි.

ඒ ඉවසා ගැනීමට නොහැකි වීම නිසාය. එහෙත් රියර් අද්මිරාල්වරයා කූට ලේඛන සකසා ජිනීවාවලට පැන ගියේ නැත. කූටලේඛන මගින් ඇමරිකාවට පැන ගියේ රියර් අද්මිරාල්ට මඩ ගැසූ එම ක්‍රියාකාරික යායි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress