‘අයිසේ අපි ඒ ගැන බලගන්නම්..’ අගමැති රනිල් කැබිනෙට්ටුවේදී දයාසිරි, චන්දිම ඇමතිලාට බැණවදී..
Posted on April 6th, 2017

ලංකා සී නිවුස්

පසුගිය 4 වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමතිවරුන් වන දයාසිරි ජයසේකරට චන්දිම වීරක්කොඩිට බැණ වැදී තිබේ.

ඉන්දීය සමාගමකට ත‍්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ලබා දීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇමතිවරුන් පවසා ඇත්තේ රාජ්‍ය දේපල මේ ආකාරයෙන් විකුණා දැමුවහොත් ජනතා නැගිටීමක් සිදුවිය හැකි බවයි.

ඊට ප‍්‍රතිචාර දෙමින් අගමැතිවරයා ‘අයිසෙ මිනිස්සු ගැන අපි බලාගන්නම්. ඒ ගැන ඔයාල මහන්සිවෙන්න එපා’ යයි දැඩිව පවසා ඇත.

මහින්ද සමග ඞීල් දමාගෙන සිටින අයගෙන් කොතරම් බාධා පැමිණියත් අදාල ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සිදු කරන බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර අතැ.

ඇමතිදයාසිරිද වාදයට මැදිහක් වෙමින් පෙන්වා දී ඇත්තේ රාජපක්ෂලා සමග ඩීල් දාන්නේ කවුද කියා රටම දන්නා බවයි. ඇමති අනුර ප්‍රියදර්ශන යාපාද සදහන් කර ඇත්තේ නොරටුන්ට මෙසේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණන බවට ජනතා සැකයෙන් සිටින බැවින් මෙවැනි ව්‍යාපෘති කල යුත්තේ විනිවිද භාවයකින් බවයි.

ඒ ආකාරයෙන් කැබිනට් හමුව උණුසුම් වෙද්දී පුරුදු පරිදි ජනාධිපතිවරයා නිහඩව සිට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress