සිංහල අවුරුද්ද
Posted on April 8th, 2017

නලින් සිල්වා

මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්යුත් ජනමාධ් අවශ් ප්රචාරය නොදීමයි. ජනමාධ්යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. අතර අලුත් කරුණක් දෙකක් පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් කිව යුත්තේ ඊනියා විද්යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව . පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක් නැත. සෑම චලිතයක් සාපේක් වෙයි. ඉරේ සිට නිරීක්ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්ෂණය කළහොත් ග්රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්ෂණය වේ ? පැරණි නාවිකයන් තාරකා නිරීක්ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ දනිති. ඔවුන් යාත්රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.

ජ්යොතිෂයේ ග්රහයන් යනු ග්රහ වස්තු නොවේ. බටහිර තාරකා විද්යාවට අනුව ඉර ග්රහ වස්තුවක් නො වෙයි. එය තාරකාවක්. එහෙත් ජ්යොතිෂයෙහි ඉර ග්රහයෙක්. ග්රහයන් යනු ග්රහ වස්තු නොවන බව පඬියන් කෙදිනක නමුත් දැනගත යුතු යැයි සිතමි. ජ්යොතිෂයෙහි රාහු කේතු ග්රහයන් බව කිව යුතුයි. රාහු කේතු යනු පොළොවට සාපේක්ෂව ඉරේ හා හඳේ ගමන් මාර්ගවල ඡෙදක ලක්ෂය වෙයි. මේ ඡෙදක ලක්ෂ් පැරැන්නන් දැක්කේ ආධ්යාත්මික බව අවධාරණය කළ යුතුයි. බටහිර තාරකා විද්යාවට අනුව අද ප්ලූටෝ ග්රහ වස්තුවක් නො වෙයි. ග්රහ වස්තු පිළිබඳ ඔවුන්ගේ වත්මන් නිර්වචනය අනුවයි. ප්ලූටෝ එදත් අදත් ග්රහයකු බව අවධාරණය කළ යුතුයි. ජ්යෙතිෂයෙහි හඳ ග්රහයෙක් වෙයි. ක්ෂෙත්රවල දැනුම ක්ෂෙත්රධාරීන්ට සාපේක් වෙයි. නිරපේක් වාස්තවික දැනුමක් ඇත්තේ පඬියන්ගේ වෙනත් අයුරින් නම් හිස් හිස්වල පමණයි.

නැකැත් මූල සිංහලයන්ගේ නිර්මාණයක්. නාග ජනතාවත් මූල සිංහලයන් බව අමතක නොකළ යුතුයි. නාගයන් ඇසෑමයේ සිට මාගම දක්වා එකල දැකගත හැකි වූ බව පැහැදිලියි. මේ ඇතැම් නාගයන් පසුව දෙමළ සංස්කෘතියට අවශෝෂණය වූ පමණින් සියළු නාගයන් දෙමළ යැයි කිව හැක්කේ දෙමළ ජාතිවාදීන්ට පමණයි. ඇතැම් සිංහලයෝ දෙමළ ජාතිවාදීහු වෙති. මෙරට නාග ද්වීපයේ මාගම සිටි නාගයෝ යක් ආදීන් සමග මූල සිංහලයෝ වූහ. නක යනු නාග යන්නට නමක් වෙයි. මූල සිංහල නාගයෝ නාවිකයෝ වූහ. කාවන්තිස්ස රජු නාගයකු බව පැවසෙයි. එතුමන්ගේ නාවික සමාගමක් වූ බව කියැවෙයි. කෙසේ වෙතත් නකත් යනු නාවික නක ජනතාවගේ නිර්මාණයක්. කාරය සිංහලයට එකතුවීමෙන් පසුව නකත් නැකැත් වී තිබෙන බව පැහැදිලියි. මූල සිංහල නක ජනතාව අහසෙහි පොළොවට සාප්ක්ෂව ග්රහයන් චලනය වන තැටිය නකත් විසිහතකට බෙදා තිබුණි. නකත් හඳේ ගමන සමග සම්බන්ධයි. හඳට පොළොව වටා යාමට දින විසිහතක් පමණ ගත වෙයි. චන්ද් මාස නිර්මාණය වී ඇත්තේ හඳේ සාපේක් චලිතය සමගයි. මාසය යන්න හඳට කියන මා යන්න සමග සම්බන්ධයි. අමාවක යනු හඳ

පෙනෙන්නේ නැති දිනය බව පඬියෝ දනිති. අවුරුද්දකට චන්ද් මාස දොළහකට වඩා ඇති බැවින් ඇතැම් වසරවල අධික චන්ද් මාස නම් කිරීමට සිදු වී ඇත.

කැති බෙරණ ආදී නැකැත් හෙළ බසට ආවේණික වෙයි. වචන සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇතත් එහි නිරුක්ති සංස්කෘතෙන් කිව හැකි අයෙක් වෙත් ? අස්විද නැකැත සංස්කෘතෙන් අශ්වින්. අශ්වින් යනු අශ්ව හිස් ඇති නිවුන් කියා සඳහන් වෙයි. එය පිළිගත හැකි ? නකත් යන්න නක්ෂත් ලෙස සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇති බව පැහැදිලියි. එහෙත් නක්ෂත් යන්නට සංස්කෘත නිරුක්ත නැති බව පැවසෙයි. එක් පඬියකු නක්ෂත් යනු නක් ශාස්ත් ලෙස අර්ථ දැක්වීමට නිරර්ථක උත්සාහයක යෙදුණු බව අමතක නොකළ යුතුයි. අපට පුරුදු කර ඇත්තේ අප වෛදිකයන්ගෙන් මේ කරුණු ගත් බව පිළිගැනීමටයි. එහෙත් අපෙන් ගිය දේ අපට ආපසු එන්නේ අවුරුදු දහස් ගණනක සිටයි. නක්ෂත් යන්න හෙළ නකත්හි සංස්කෘත උච්චාරණය මිස අනෙක් පැත්ත නො වෙයි.

ඇතැම් විට නැකැත් විසිඅටක් ගැන කියැවෛයි. චීන ජ්යොතිෂයෙහි නැකැත් විසිඅටක් ගැන කියැවෙයි. වේදික නක්ෂත්රයෙහි නැකැත් (නක්ෂත්) ගැන කියැවෙන්නේ ක්රිස්තු පූර්ව 700 – 600 සමයෙහි ලියන ලද වේදාංග ජ්යෙතිෂයෙහි බව සඳහන් වෙයි. මේ බුදුන් වහන්සේ වැඩ විසූ කාලයට ටිකකට පෙර බව පැහැදිලියි.. අපේ මූල සිංහල නාගයන් නකත් ගැන දැන ඇත්තේ එයට පෙර විය යුතුයි. මේ යුගයේ සෙල්ලිපිවලින් අපට ඇතැම් කරුණු දැනටමත් දැනගත හැකියි. එහෙත් සවිස්තර මේ කතාව කීමට තරමක් කල් ගත වේවි යැයි සිතිය හැකියි. සූර්ය සිද්ධාන්තයේ නක්ෂත් ගැන ඇත්තේ වෙනත් ගණනය කිරීමකි.

අපේ නැකැත් කෙළි ගැන ඉතිහාසයෙහි සඳහන් වෙයි. අප තරම් උත්සව පවත්වන වෙනත් ජාතියක් ජනවර්ගයක් නැති විය හැකියි. පොළොවට සාපේක් ඉර ගමන් කරන පථයට ක්රාන්ති වලයය යැයි බටහිර තාරකා විද්යාවෙහි කියැවෙයි. නැකැත් ඇත්තේ ක්රාන්ති වලයයෙහි . වෙනත් වචනවලින් කියන්නේ නම් ඉර ක්රාන්ති වලයය දිගේ නැකතින් නැකතට ගමන් කරයි. වෛදිකයන් පසු කලෙක සුමේරියන් ශිෂ්ටාචාරයෙන් රාශි දොළහේ චක්රය ලැබුණු පසු නකත් හා රාශි එකතු කිරීමේ දී ප්රශ්නයකට මුහුණ දී තිබෙන බව පැහැදිලියි. අපේ නකැත් චක්රය පටන් ගෙන ඇත්තේ කැති නැකතෙන්. එහෙත් මේෂ රාශිය සමග වැටෙන්නේ අස්විද නැකතයි එබැවින් අස්විද නැකත නැකැත් චක්රයෙහි මුල ලෙස ගැනීමට වෛදිකයන් පුරුදු වී යැයි සිතිය හැකියි. එහෙත් අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙහි ආරම්භය සමග සමපාත නො වෙයි. අප සිංහල අවුරුද්ද යැයි ගන්නේ ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්රමණය වීම වුවත් එය මීනයෙන් මේෂයට සංක්රමණය වීම ලෙස සැලකීමට පුරුදු වී ඇති බව පැහැදිලියි. බටහිර තාරකා විද්යාවට අනුව අද ඉර මීනයෙන් මේෂයට යන්නේ අප්රේල් දහනවවැනි දා බැවින් පඬියෝ සිංහල අවුරුද්ද උදවන්නේ වැරදි දිනයක යැයි කෑමොර ගසති. මෙය සිංහල අවුරුද්ද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්රමණය වීම මීනයෙන් මේෂයට සංක්රමණය වීම ලෙස සැලකීම නිසා ඇති වූ පරස්පරයක් විය හැකියි. මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි දෙවැනි පාදයෙහි ඇතැයි මූලික ගණනයකින් පැහැදිලි වෙයි.

පොළොවට සාපේක්ෂව හිස් අහසෙහි ඛගෝලය නමින් ගෝලයක් බටහිර විද්යාඥයන් විසින් නිර්මාණය කෙරී ඇත. මෙහි යන්නෙහි තේරුම හිස් බව යන්න . අනිත්, දුක්ඛ, අනාත්ම යන්නෙහි දුක්ඛ යනු අපට දැනෙන දුකක් නොව අයහපත් වූ හිස් බව යන්නය. එය අනිත් අනාත්ම හා ශූන් සමග ගැලපෙයි. මෙම ඛගෝලයෙහි සමකයේ ප්රක්ෂෙපණයට ඛගෝල සමකය යැයි කියැවෙයි. ඛගෝල සමකය හා ක්රාන්ති වලයය ලක්ෂ් දෙකක දී ඡෙදනය වෙයි. මෙයින් එක ලක්ෂ්යයකට මේෂ රාශියෙහි ප්රථම ලක්ෂ්යය යැයි කියනු ලැබෙයි. පෘථිවි අක්ෂය ක්රාන්ති වලයයට අංශක විසිතුනහමාරකින් ඇළ වී තිබෙනු පමණක් නොවේ. එම අක්ෂය බමරයක අක්ෂය මෙන් පූර්වායනය වෙයි. මේ හේතුවෙන් මේෂ

රාශියෙහි ප්රථම ලක්ෂ්යය අවුරුදු හැත්තෑඑකක දී අංශකයක් පමණ ආපස්සට යයි. හේතුවෙන් මේෂ රාශියෙහි ආරම්භය අවුරුදු හැත්තෑදෙකක දී බටහිර දින දර්ශනයට සාපේක්ෂව දවසකින් පමණ ඉදිරියට යයි. පෘතුගිසි ජතික රොබෙයිරෝ නම් කපිතාන්වරයකුට අනුව සිංහලයන්ගේ අවුරුද්ද මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙයි. ඔහුට අනුව බුදුන් වහන්සේ මෙහි නැවතී සිටි දිනය . මහාවංසයට අනුව බුදුන් වහන්සේ වරක් ලක්දිවට වැඩම කර ඇත්තේ බක් මස අමාවක දිනයෙහි . අනෙක් දෙවතාවෙහි උන්වහන්සේ වැඩම කර ඇත්තේ පසළොස්වක පොහෝ දිනවල . සිංහල මාස පටන් ගන්නේ අමාවකින් බව මතක තබා ගත යුතු . සිංහල අවුරුද්දේ ආරම්භය එදින ? කෙසේ වෙතත් සිංහල අවුරුද්ද ආරම්භ වන දිනය සූර්යයා සමග ගැට ගැසීමෙන් පසු එය බක් අමාවකින් ඉවත් කරඉර රේවති නැකතින් අස්විද නැතකට සංක්රමණය වීම සමග ගලපන්නට ඇත. එහෙත් මේ ලක්ෂ්යය පසුව වෛදිකයන් අනුකරණයෙන් ඉර මීනයෙන් මේෂයට යෑම සමග ගලපන්නට ඇත. අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙන් ආරම්භය සමග සමපාත නොවීම හේතුකොටගෙන අද ඉර මේෂයට යෑම මෙකල අප්රේල් දහතුන දහහතර සමග ගැනීමට සිදු වී ඇත. මෙය වෛදිකයන් මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි ආරම්භය සමග ලකුණු කිරීමෙන් වූ පරස්පරයක් විය හැකි .

මේ දිනය කලින් දැක්වු ආකාරයට බටහිර දින දර්ශනයට සාපේක්ෂව අවුරුදු හැත්තැතුනකට එක් දවසක් පමණ ඉදිරියට යයි. රොබෙයිරෝ හා රොබට් නොක්ස් අවුරුදු උදාව ගැන දක්වන දින වෙනස් වෙයි. ඔවුන් යොදා ගෙන ඇත්තේ ජුලියන් දින දර්ශනය . එහෙත් අද බටහිරයන් යොදා ගන්නේ ග්රෙගේරියානු දින දර්ශනය . අතර දින කිහිපයක වෙනසක් වෙයි. රුසියන් ඔක්තෝබර් විප්ලවය ග්රෙගේරියානු දින දර්ශනය අනුව නොවැම්බරයට වැටෙන්නේ එබැවිනි. නොක්ස් සඳහන් කරන දින ග්රෙගේරියානු දින දර්ශනයට අනුව අප්රේල් හත අට නවය දිනවල වැටෙයි. එහෙත් අවුරුදු හැත්තෑතුනකට වරක් එක් දිනක් පමණ අවුරුදු උදාවන දිනය ඉදිරියට යෑම නිසා අද සිංහල අවුරුද්ද උදාවන්නේ අප්රේල් දහතුන දහහතර දිනවල . විසිවැනි සියවසේ මුල එය අප්රේල් දොළහ දහතුන විය. තව අවුරුදු විස්සකින් තිහකින් අවුරුද්ද දහහතර පහළොව දිනවල උදාවනු ඇත. නොනගතය යනු නැකැත් නැති කාලයක් නො වේ. නැකැත් නැති කාලයක ආහාර පිසින්නේ කෙසේ ? කෙසේ වෙතත් නැකැතක් නැති වෙලාවක් නැත. නොනගතය යනු ඉර මේෂයට පැමිණියේ (අගත) නොපැමිණියේ නැති (අනගත) කාලයයි. සූර්ය සංක්රමණයට පැය දොළහයි විනාඩි හතළිස්අටක් ගත වෙයි. මේ පිළිබඳ විස්තර සිංහල අවුරුද්ද කෘතියෙහි දැක්වෙයි.

අවසාන වශයෙන් කිව යුත්තේ අවුරුද්ද සිංහලයන්ගේ බව . ඉන්දියාවේ අප්රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භය වෙයි. හින්දු අවුරුද්ද තෛපොංගල් දිනයේ ආරම්භ වෙයි. ජනවාරි දහහතරවැනි දා . අප්රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භයයි. එදිනත් ඇතැම් ප්රාන්තවල උත්සව පැවැත්වෙයි. එහෙත් එය හින්දු අවුරුද්දක් නො වෙයි. ඉංගිරිසිහු ලංකාවේ සිංහල අවුරුද්ද නිවාඩු දිනයක් කිරීමේ දී ඊනියා තුලිතභාවය සඳහා එයට හින්දු කමක් එකතු කළහ. ඔවුන් එයට දෙමළකම එකතු නොකෙළේ මෙරට දෙමළ අනන්යතාවක් එකල නොතිබූ බැවිනි. සිංහල අවුරුද්ද සිංහල දෙමළ අවුරුද්්ද වූයේ දශක දෙක තුනකට කලින් පඬියන්ගේ පඬි කතාවක් අනුව .

3 Responses to “සිංහල අවුරුද්ද”

  1. Christie Says:

    නලින් ඔබට තුති.

    ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
    ඔලිඳ තිබෙන්නේ බන්ගලි දේසේ
    ගෙනත් හදන්නේ කොයි කොයි දෙසේ
    ගෙනත් හදන්නේ සින්හල දේසේ

    පැටව් කාලේ මේ දවස්වල අපි ගායනා කල දෙයක්. බෙන්ගාලි, ඇසැම්, නාගලෑන්ඩ් වලත් තියෙනව. නමුත් ඉන්දියානු අදිරදය නිසා බන්ග්ලදෙශ් වල හැරුනුවිට අනිත් තන් වල නැතිවී යනව. මෙයට කියන්නේත් බක්මහ උලෙල කියල.

    තයි පොන්ගල් මෙයට සමානය. සමරන්නේ දෙමලුත් අයිති කලුපාට ඉන්දියන් (බී ජේ පී ලොක්ක කියන හැටියට ) කාරයෝය. වැටෙන්නේ හිරු මකරයාට යනකොටය. ජනවාරි 14-17 වගේ.

    Pohela Boishakh The festival date is set according to the lunisolar Bengali calendar as the first day of its first month Baishakh.[5] It therefore almost always falls on or about 14 April every year on the Gregorian calendar

  2. Ananda-USA Says:

    Deshapreminta Subha Aluth Avuruddak Wewa!

  3. Senerath Says:

    In Thailand it is celelbrated as “Songkran”, similar to Sinhala / Sanskit word “Sangkranthiya”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress