සංහිදියාවේ අමුර්තය හෙවත් කොලබ කුණු
Posted on April 20th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

රටම මලගෙයක්ව ඇත. ඒ මිනිස් හදවතක් ඇති සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරයයි. නැකතට මුළු රටේම ජනතාව ගිනි මොලවා කිරිබත් පිස ආහාර අනුබව කරන රටේ, ඊට ස්වල්ප වෙලාවකට පසු ඒ ජනතාවගෙන් කොටසක් කුණු කන්දකට යටවී මියගොස් ඇති මේ අවස්ථාවේදී රටට අලුත් අවුරුදු ප්‍රීතිය යයි හදුන්වනදේ සැබවින්ම සැමරිය හැකියාවක් නැත. මහා හදිසි අවස්ථාවක් ඉස්මතුව, තම දු දරුවන් සොයමින් වැලපෙන් පටාචාරාවන් රාශියක් දකින ජාතියක් තුල හටගන්නේ, මහා නිසරු කාලකන්නි අවධියක් තුලින් අප ගමන් කරමින් සිටින බවයි.

ප්‍රභාකරන්ගේ සමුහ ඝාතන ක්‍රියාවලින් සමග බැදුණු, සමුහ මිනීවළවල්, යලි යහපාලනය තුලදී ආරම්භව ඇති බවක් අපට දක්නට ඇත. ඒ ප්‍රභාකරන් මෙන් යහාපාලකයින්ද ඝාතන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති නිසා නොව, විසදීමට ඇති කිසිදු ජනතා ගැටලුවක් වෙත අවධානය නොකිරීමේ අමානුෂික තත්වයක මේ පවතිනවා යයි කියන රජය පිහිටා කටයුතු කරන බැවිනි. පවතින තත්වය තුල අප සත්‍ය පමණක් කතා කල යුතුය. එය මේ ඛේදවාචකයෙන් පිඩනයට පත් ජනතාව වෙනුවෙන් අපට කල යකි විශාලම සමාජ මෙහෙවරයි.

ඔටුවා කවදා ආවාද කොහොම ආවාදැයි අප නොදනිමු. නමුත් කවදා හෝ දිනකදී කුමන හෝ ආකාරයකට ඔටුවා තම හිස පමණක් දමා ගැනීමට අවසර ඉල්ලගෙන, කොළොන්නාවේ මීතොටමුල්ලට පැමිණ ඇත. එදා මේ පළාතේ ජනතා නියෝජිතයින් එක්ව නැගී සිට විරෝධය පා එලව නොගැනීම නිසා ඔටුවා බෙල්ලද මීතොටමුල්ල තුලට දමා ගත්තේ ඒ විරෝධය පෑ යුතු ජනතා නියෝජිතයින්ගේ ආශිර්වද්‍යෙණි. මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි අවබෝධ කරගත් මීතොටමුල්ලේ ජනතාව, තමන්ගේ උපරිම ශක්තිය යොදා සටන් කලද, ඔටුවගේ ස්වරුපයෙන්ම පැමිණි ඒ මහා දුගද හමන කුණු කන්ද, මුළු මීතොටමුල්ලම ආක්‍රමණය කර, එහි ජනතාව අමතා ජනතා නියෝජිතයින් ලවාම, “මීතොටමුල්ල ජනතාවනි, නුබලාට, තවදුරටත් මේ කුණු කන්ද සමග ජිවත්විය නොහැකි බැවින්, මේ ප්‍රදේශයෙන් ඉවත්ව යන්න” යන පණිවුඩය ලබා දුන්හ. අන්දමන්ද වූ ජනතාව,  මොරහඩදී කියා සිටියේ, “පාලකයිනි, අප කුණු කඳවු ලගට ගොස් පදිංචි වූවන් නොවෙමු.. තොප විසින් කුණු කන්ද මෙහි ස්ථාපිත කල බැවින්, තොපම එය ඉවත් කරගත යුතුය ” යන්නයි. පාලකයෝ කුමන ගැටලුවක් නිසා හෝ ඔවුන්ගේ හඩට කන් නොදුන්හ. ඉතා පහසුවෙන් විසදීමට තිබු ගැටලුවක් කුමන හේතුවක් නිසා හෝ සිදු නොකිරීම හේතුවෙන් මේ මහා විනාශයට මග පාදා ඇත.දැන් ඒ විනාශය කලේ කවුද? රනිල්ගේ යුගයේදීද, නැත්නම් චන්ද්‍රිකාගේ යුගයේද? එහෙමත් නැත්නම් මහින්දගේ යුගයේද? යන්න සෙවීම කිසිදු පලක් නැත. කාගේ හරි යුගයකදී මේ කාර්යය ආරම්භව, සිරිසේනගේ යුගයේදී විනාශය සිදුව ඇත. මහින්දගේ යුගයේදී ආරම්භකර පවත්වාගෙන ආ සියලුම පලදායි ව්‍යාපෘතීන් නවතාලු  සිරිසේන ජනපතිතුමා , මීතොටමුල්ලට කුනුදමිමේ ව්‍යාපෘතිය නවතා නොදැමීම මහා විශ්මය දනවන කරුණක් බව සදහන් කලයුතුමය. මහා පාරිසරික හානියක් සිදු කරන බව පවසමින් චීන රජය විශාල ධන ආයෝජනයක් කරතිබූ පොර්ට් සිටි ව්‍යාපෘතිය නැවත දැමු මේ යහපාලනයට කොලොන්නාව ගද ගස්සමින් සියලුම ලෙඩ රෝගවලට මහා සරු බිමක් සපයන මේ මහා කුණු කන්ද සිදු කරන පරිසර හානිය; පරිසර කාර්යභාරය උරුම කරගෙනම සිටින, සිරිසේන ජනාධිපතිතුමා, නොදකිම සම්බන්ධව, ජනතා මනසට කුණුහරුප ගලා එම අරුමයක් නොවේ.

මීතොටමුල්ලේ තැන්පත්කලේ, කොලබ මිනිසුන්ගේ කුණුය. මේ අනුව, කොලොන්නාව නගර සභාව තම නගරය පිරිසිදු කිරීමේ කාර්යයෙන බැහැරව කොලොන්නාව නගරය අපිරිසිදු කිරීමේ කාර්යයට දායකවී ඇත. තම නගරයේ මිනිසුන් ඩෙංගු මදුරුවාගෙන් බේරාගන්නවා වෙනුවට, තම මිනිසුන් ඩෙංගු රෝගයට බාජනය වීමට ඉඩ සලසා ඇත.තවද තම නගරයේ, ජනතාවට පිරිසිදු වාතය ලබාගැනීමට අවස්තාව සලසනවා වෙනුවට, තම ජනතාවට අපිරිසිදු දුර්ගන්ධිත වා තලයක් නිර්මාණය කරදී ඇත. එපමණක්ද නොවේ, තම මිනිස් දසුනට ප්‍රිය උපදවන රමණිය පරිසරයක් ගොඩනංවනවා වෙනුවට, අප්‍රසන්න දසුනක් වන මහා කුනුකන්දක් නිර්මාණය කර තිබිණ. අද එම කුණු කන්ද විසින් තම බිම් වලින් ඉවත්ව යාමට ප්‍රතික්ෂේප කල ජනතාවව යටකොට මරාදමා ඇත. කුණු කන්දට එරෙහිවූ ජනතාව මරා දමා, ඒ අවට සිටින අනිකුත් ජනතාවටද තර්ජනාත්මකව කියා සිටින්නේ, “මිනිසුනේ, දැන් මේ භුමිය මගේය වහාම ඉවත්වෙයල්ලා නැතිනම් ම්ම් නුබ සැමවද යටකොට දමන” බවයි. මේ වනවිට කුණු කන්ද ජයගෙන ඇත. කුනුකන්දේ නියෝජිතයෝ වහා වහා ක්‍රියාත්මකවෙමින් මේ ලද මගු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, ජනතාව සමග ඉවත් කිරීමේ හා මියගිය අය වෙනුවෙන් දෙන වන්දි මුදල් සම්බන්ධව කේවල් කරමින් තක්ෂේරු කටයුතු සිදු කරමින් සිටි. මේ වනවිට මෙහි ජනතාවට සිය නිජ භුමි ඉල්ලා සන් වැදීමට නොහැකි තත්වයක් නිර්මානයව ඇත. උතුරේ හමුදා කදවුරු ඉවත්කරමින් රජයේ ඉඩම් පවා එවැසියන්ට ලබාදෙන යහපලනාධිපතිතුමා, මේ කුණුගොඩ ඉවත්කර මෙවැසියන්ට සිය ජන්මභූමි ලදිමට කිසිදු සුදානමක් නොමැති බව ඉතා පැහැදිලිවම පෙන්වා ඇත.

දැන් මේ දිනවල විපතට පත් ජනතාව පියවි සිහියෙන් කටයුතු නොකරන බව පළමුව අවබෝධ කරගතයුතුය. ඒ බව මානව අවබෝධ  කරගෙන සිටින පලකයින්ද  ඒ අසරණවූ ජනමනස තමන්ගේ වාසියට හරවාගෙන කටයුතු කිරීම ආරම්භකර ඇත. ජනතාව බේද කර ඒ අසමගිය තම ප්‍රයෝජනයට ගැනීම ඉතා සියුම්ව සිදුවෙන බව  ඉතා පැහැදිලිව පෙනේ, මෙයින් කුපිත වෙන් කොටස් තිත්ත කුණුහරුපයෙන් බනිමින් තම වේදනාව පිට කරනවිට ඒ වචනවල ගැබ්ව ඇති බරප්‍රහාරයන්ගේ ඉලක්කය වන්නේ, අඩු තරමින් නායකත්වයේ වගකීම කරට ගෙන, විපතට පත් ජනතාව අතරට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. අප ඒ දෙස බලාසිටින්නේ සැබවින්ම කනගාටුවෙනි. විපතට පත් ජනතාව අතරට ගිය ජන නායකයකුට උරුම විය යුතු ගෞරවය එතුමාට උරුම විය යුතුය. ජනතාව තමන්ට සිදුවූ මේ මහා විපතේ බලය තමන් අතට ගෙන එතුමා හා සෘජුව සිටගෙන තමන්ට අයත්විය යුතු සාමුහික වන්ඳි සදහා එකාවන්ව පෙළගැසිය යුතුය. ඒ වෙනුවට මේ ජනතාව බලන්නට ගිය අගමැතිතුමාට අපහාස කරමින් හසිරිම තුලින් සිදු කරගන්නේ, වාර්තාමනාධිපතිතුමා සිදු කල කාර්යය සාධාරණිය කිරීමකි. ” ඕකනේ සර් ඔය කුණු කන්ද කඩා වැටුන කියල ඕක බලන්න ම්ම් ගියේ නැත්තේ ” යන වදන් වලට සත්‍ය වටිනාකමක් ලබාදීම විපතට පත්වූ ජනතාව ලබානොදිය යුතුය. දැන් සිදු කල යුත්තේ දුගද හමන කුණු කදු වලට එරෙහි සටන ඒකාබද්ධ කිරීමයි. අපි ජනතාව වෙනුවෙන් ඕනැම දුෂ්කරතාවයකට මුහුණදීමට සුදානම්ව අගමැතිතුමාව විනිසුරුවරයා බවට පත්කොට එතුමතුලින් සාධාරණත්වය ඉෂ්ටකර්ගනිමට වෙර දැරිය යුතුය. මේ සදහා පැන්ෂන් ගිය විනිසුරුවෙකුට කළහැකි දෙයකට වඩා අගමැතිතුමාට විශාල කාර්යභාරයක් සිදුකල හැකි බව අවබෝධ කරගෙන විපතට පත් ජනතාව අවබෝධ කරගත යුතු අතර.අනාගතයේදී මෙවන් විපත්තින්ට බාජනයවීම් සදහා නිවට බල නොසිටිය යුතුය. මේ අතර මෙරට ජනාධිපතිවරයාට ලබාදෙන පණිවුඩය වියයුත්තේ,ජනතාවට තමන්ගේ පළාතේ නියෝජිතයා පත්කරගෙන් ඔහු සමග මේ කුණු ප්‍රශ්නය විසදාගැනීමට ඇති අයිතිය ලබාදෙන ලෙසයි. තවද වහාම මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා චන්දය පවත්වවූ! මේ කුණු ප්‍රශ්නය විසදීමේ අයිතිය ඇත්තේ එම සභාවන්ට බැවින් ඒවා ස්ථාපිත කරව යන හඩ නගමු. ජනතා සටනට ජයවේවා!

5 Responses to “සංහිදියාවේ අමුර්තය හෙවත් කොලබ කුණු”

  1. Christie Says:

    කොලොඹ කුනු එකතු කිරීමත් ඉවත් කිරීමත් කරන්නේ අබාන්ස් නැමති සමූහ වියාපාරිකයන්ය.

    මුන් ඉන්දියානු පරපෝසිතයන්ය. මගේ හිතට ඉතාම කනගාටුවක් දැනෙන්නේ සින්හලයන්ට මෙම විපතට මුල මුන්බව වටහා ගැනීමට නොහැකිවීමය.

    මේ බව කියන අයට හාමුදුරුවරු ඇතුලු සමහරු ඉතාම නින්දිත ලෙස බැනවදිති.

    නෝ ලිමිට් වර්ජනය කරපල්ලා කියන අය අබාන්ස්ලට ආවරනය දෙති?

    Abans Enviromental Services Pte. Ltd. is the contractor responsible for collection and disposal of waste from the Colombo Municipality.

    Owned and operated my well known Indian Colonial Parasites Abans Group.

  2. Dilrook Says:

    I’m writing an article on similar lines. Until 2008, most CMC garbage was dumped in Colombo-15, a Tamil majority area. Unthinkable in Sri Lanka. As a result garbage had to be removed from there and transferred to Meethotamulla a Sinhala majority area. Timing was perfect as Sinhalese were distracted by war victory achieved with 25,000 Sinhala lives and 15,000 Sinhala limbs.

    It is the same story in Rathupaswala, Rajarata kidney disease, etc.

    Anything can be dumped in Sinhala majority areas and nothing can be dumped in Tamil majority areas. As the Sinhala saying goes, water flows from the lowest point. Sinhalese have become the lowest point in their own country thanks to their political dynasties! Still we follow them and fight amongst us elevating one useless politician over another.

    Tamil politicians safeguard Tamil interests while Sinhala politicians safeguard Tamil interests.

  3. Hiranthe Says:

    100 % agreed with you two Christie and Dilrook.

    Sinhela’s are always at the receiving end.
    • Our Ranaviruvo’s are in long jail terms for whatever the atrocities done to the Terrorists, while LieTTE killers who brutally killed Sinhela civilians got the clemency from the president and living freely.
    • Tamils can live in any part of the Island while Sinhelas are allowed in the North.
    • Tamil politicians can talk detrimental things to racial harmony while Sinhala’s cannot talk about their political rights.
    • Tamils say that they have been discriminated for the same shortcomings faced by all other citizens and Sinhela people.
    • Tamils can study in any university in Sri Lanka while Sinhela’s are not allowed in Jaffna Uni.
    • Tamils can hold senior posts in the government in any part of Sri Lanka while Sinhela’s are not allowed to do so in North and East.
    Many more to the list… more you think about it, more you get frustrated with the Sinhela politicians who are selling our rights for temporary gains.

  4. Lorenzo Says:

    Very dangerous situation!

    OLIVER TWIST JUST ASKED FOR ANOTHER SPOON OF SOUP!! OMG! HORROR!

    This will be the REACTION of Tamilians and SINGHALA POLITICIANS when they read these comments.

    SINGHALA PEOPLE = OLIVER TWIST

    Hiranathe,

    You forgot YARL DEVI. Until 2013 SINGHALA people in Anuradhapura, Methavachchi, etc. could SIT and travel in comfort in trains. But in 2013 the train line was EXTENDED to Jaffna. ALL trains to Anuradhapura and Methavachchi started in Jaffna. By the time they arrived in Anuradhapura, Methavachchi they were PACKED. Tamils didn’t want Singhalese on the train. Singhala travellers had to SIT on the FLOOR under the feet of Tamils and travel. I made it an ELECTION issue to help Sira. Now Sira is doing the same thing!!

    Only a MILITARY-SANGHA takeover can SAVE SL and SINGHALA people.

    IF anyone has a better idea, please tell me.

  5. Senerath Says:

    Dilrook,
    I am confused ! Who won the 2009 war ? LTTE of Sinhala army ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress