අගමැතිතුමා ඉන්දියාවට යන්නේ එට්කා අත්සන් කිරීමට ද?
Posted on April 25th, 2017

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF)

පසුගියදා ජනමාධ්‍ය වාර්ථා කර තිබුන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යනුයේ ඉන්දීය අගමැති මෝදි මහතා හමුවී අපේ රටට තීරනාත්මකව බලපාන්නා වූ කාරනා කිහිපයකටම සිය අවසාන එකගතාවය පලකිරීමටය. ඒ අතර අපේ රටට  තීරනාත්මකව බල පාන්නාවූ එට්කා ගිවිසුම ද වේ. රට තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් එට්කා ගිවිසුම පිළිබදව රටේ පිළිගත් වෘත්තිකයන්ගේ ප්‍රබල සංවිධාන රැසක එකමුතුවෙන් ගොඩ නංවන ලද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ලෙස අප අපගේ බලවත් අවධානය පසුගිය කාලය පුරාම යොමු කළෙමු. එහි අහිතකර පලවිපාක පිළිබදව වරින් වර ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත්තෙමු. පාලකයින්ගේ ද සෙසු  බලධාරීන්ගේ ද ඇස් ඇරවීමට ද වරින් වර උත්සාහ ගත්තෙමු. විශේෂයෙන්ම අපේ රටට මහජනතාවගේ අදහස් උදහස් මත පදනම්ව සකසන ලද පාර්ලි‍මේන්තුවේ අනුමැතිය ලද පිළිගත හැකි ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් නොමැත. එවන් තත්වයක් තුල එළඹෙන්නාවූ ජාත්‍යන්තර වෙළද ගිවිසුම් නිසා  රටට අත්විය හැකි ප්‍රතිපල ඉතාමත්ම අහිතකර වන බවද පෙන්වා දුන්නෙමු. ඉන්දියාව ඇතුලු බොහෝ රටටවලට සිය රටට අනන්‍ය වූ ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් වේ. ඔවුන් කුමන ‍රටක් සමග වෙළදා ගිවිසුමකට එළඹුන ද එය එම රටේ වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සිදුවේ. එමගින් එම රටේ සමස්ථ වෙළද හා සේවා ආර්ථිකයට එනම් තම රටේ ජාතික ආර්ථිකයට අහිතකර තත්වයක් ඇතිවීම වැලකේ. එපමනක් නොව එම රටවල් නිරන්තර අවධානයකින් පසුවෙමින් වරින්වර සිය වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තිය යාවත් කාලීන කිරීීමට ද කටයුතු කරනු ලබන්නේ තම රටේ ආර්ථිකය වඩවඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිවය.

එබැවින් අන් රටක් සමග වෙළද හා/හෝ සේවා ගිවිසුමක් සම්බන්ධව එකගතාවයකට ඒමට පෙර, වඩාත් නිවැරදිව ගතහොත් එවන් ගිවිසුමක් සම්බන්ධව සාකච්ඡාවකට යාමට පෙර ජනතාවට වගකියනු ලබන බලාත්මක පැහැදිලි සහ නිශ්චිත ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අත්‍යවශ්‍ය ය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ඇතුලු තවත් සංවිධාන කිහිපයක්  ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා ජනතාවට වගකියන කොමිසන් සභාවක් පත් කරන බවටත් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රිකිවක් නිකුත් කිරීමට කටයුතු කරන බවටත් පොරොන්දු විය.  ගැසට් පත්‍රය සැකසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා ගරු වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ට අවශ්‍ය උපදෙස් ද ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබීය. එසේම ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සකසා අවසන් වන තුරු එට්කා ගිවිසුම හෝ වෙනත් කිසිදු වෙළද හා/හෝ සේවා ගිවිසුමක් කිසිදු රටක් සමග අත්සන් නොකරන බවටත් පොරොන්දු විය. එහෙත් රජය පොරොන්දු ප්‍රකාරව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරනු ලැබූ අතර ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා කොමිසන් සභාවක් පත් කිරීමට මේ තාක් කිසිදු පියවරක් ගෙන නොමැත.

රජය සිය වගකීම පැහැර හැර අති තත්වය යටතේ  වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) මැදිහත්ව ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා මහජන කොමිසන් සභාවක් පසුගිය මාර්තු මස පිහිටවනු ලැබීය. කිසිදු රජයකට පවා පත් කළ හැකි යැයි සිතිය නොහැකි මට්ටමින් කීර්තිමත් හා පලපුරුදු විද්වතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත වූ මහජන කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) සමත් විය. එහි සභාපති ලෙස කෙ‍ාළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා කටයුතු කරනු ලබන අතර සම සභාපතිත්වය දරනුයේ හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සරත් පාලිත ප්‍රනාන්දු මහතා ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරනුයේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තු‍වේ  හිටපු ප්‍රධානාධිකාරි කේ. ඒ. තිලකරත්න මහතා ය. සෙසු සාමාජිකයන් වනුයේ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, වානිජ කටයුතු දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී. ඩී. ප්‍රනාන්දු මහතා, දේශීය ආදායම් කටයුතු දෙපාර්තුමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ආර්. පී. එල්. වීරසිංහ මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු ප්‍රධාන ගෝලීය කටයුතු නිලධාරි ඉංජිනේරු ලක්ෂ්මන් පෙරේරා මහතා හා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය බන්ධුල පෙරේරා මහතා ය.

එම මහජන කොමිසන් සභාව අප්‍රේල් මාසය තුල සිය කටයුතු ආරම්භ කළ අතර මේ වන විට සැසි වාර දෙකක් පවත්වා මහජන අදහස් විමසා ඇත. එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් වන දයා ගමගේ මහතා හා සුසිල් ප්‍රේමජයන්ත මහතා ද විපක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ද විද්වතුන් නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යලයේ ආර්ථික විද්‍යාව පිළිබද කතිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා  හා  ආචාර්ය දයාන් ජයතිලක මහතා ද වෘත්තිකයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු ආචාර්ය ආනන්ද රණසිංහ මහතා වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) හිටපු සභාපති වරලත් ගෘහ නිර්මාණ/ නගර නිර්මාණ ශිල්පි තිලිණ කිරිංගොඩ මහතා ද DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ මහතා, පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා හා නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමෙහි සභාපති සමන්ත කුමාරසිංහ මහතා  ඇතුලු ප්‍රකට ව්‍යාපාරිකයන් හා අපනයනකරුවන් ද ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා ඇතුලු වෘත්තිකයන් ගේ සංවිධාන නියෝජිතයන් ද ඇතුලු වෘත්තිකයන් හා විද්වතුන් රැසක්ම කොමිසම හමුවේ මේ වන විටත් අදහස් දක්වා ඇත. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කොමිසන් සභා සැසිවාර වලදී තවත් වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් හා විවිධ සංගම් නියෝජිතයන් ඇතුලු මහජන නියෝජිතයන් රැසක්ම සාක්ෂි දීමට නියමතව ඇත. එම කරුණු දැක්විම් මත පදනම්ව ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වූ සිය නිර්දේශ මහජන කොමිසන් සභාව විසින් රජයට බාර දීමට නියමිතය. එම නිර්දේශ සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම රජයේ වගකීමක් වේ. එම ජාතික ප්‍රතිපත්තිය මත පදනම්ව රටේ යහපත උදාකිරීම උදෙසා ජාත්‍යන්තර වෙළදාම සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයකට අත්හල නොහැකි වගකීමකි.

ර‍ටේ යහපත සදහා කරුණු එසේ සිඳුවෙමින් පවතිද්දී රජය අසමත් වූ කාර්යභාරය ඉටුකිරීමට බාරගත් කීර්තිමත් හා පලපුරුදු විද්වතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත මහජන කොමිසන් සභාවේ නිර්දේශ ඇතුලත් වාර්ථාව රජයට බාරදීමට නියමිතව තිබියදී හා එම නිර්දේශ සැලකිල්ලට ගෙන රජය විසින් ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ට තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩිමුඩියේම ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමට යන්නේ කාගේ උවමනාව සැපිරීමට ද? රටේ යහපත පසෙකලා ඉන්දියාවේ උවමනාව ඉටු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දරන දේශද්‍රෝහි අරමුණ පරාජය කිරීමට රටට ආදරය කරන සියලුම වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුලු සමස්ත ජාතියම එක්සිත්ව එක්විය යුතුය. ඒ සදහා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ලෙස අපගේ උපරිම ශක්තිය යොදන්නෙමු.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF)

275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඔ 07.

දුරකතනය-

විද්‍යුත් තැපෑල-

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය

 

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
දේශීය ආදායම් වෘත්තීය සංගම් ඒකාබද්ධ කමිටුව

 

දුම්රිය වෘත්තිකයන්ගේ වෘත්තීය සංගම් එකමුතුව

 

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

 

ප්‍රගතිශීලි බැංකු සේවක පෙරමුන

 

ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරු සංගමය

 

තොරතුරු තාක්ෂන වෘත්ත්කයන්ගේ සංගමය

 

විදුලිසංදේශ ඉංජිනේරුවන්ගේ සංගමය

 

රේගු නිලධාරින්ගේ වෘත්තීය සංගමය

3 Responses to “අගමැතිතුමා ඉන්දියාවට යන්නේ එට්කා අත්සන් කිරීමට ද?”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil
    wickramaSinhalakiller has done enormous damage to destroy Sinhalese race, Sri Lanka and Buddhism.

    He signed/
    signing so many damaging pacts to destroy our country. Once the pathala man lose this pick pocket PM job,
    what should patriotic people do to his hand which is responsible for signing those damaging pacts to destroying our country for good?

  2. Ancient Sinhalaya Says:

    Why catholic run UNPatriotic party dragged the war for 30 long years? Why Buddhist jvp burnt in tyres, while
    the real terrorists catholic tigers of tamil drealam were mollycoddled? Sinhala modayas duped by the catholic
    run media in Sri Lanka and got rid of nearly 200,000 Sinhalese (60,000 jaathiya vinashakarana party supporters,
    100,000+ war victims). Even after Sri Maha Bodhi attack, Aranthalawa Bikku massacre, Sri Dalada Maligawa
    attack still catholic run UNPatriotic party pretended catholic tigers were invincible and let them carry on
    murdering Sinhalese. Catholic tigers of tamil drealam harmed 0 priests, damaged 0 churches. Sinhala modayas
    still support anti Buddhist, anti Sinhalese, anti Sri Lankan catholic run UNPatriotic party. Sinhalaya called modayas
    for a reason. Only a Sinhala modaya will dispute this.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. Lorenzo Says:

    Expecting protests over ETCA, FEDERAL and other HORRORS MARU SIRA has offered Fonseka the ARMY COMMANDER POST again or the CHIEF OF DEFENCE STAFF!! But the real deal is get the FOOL OUT of parliament so that he can be tried for the LASANTHA MURDER!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress