සිරිසේන ජනාධිපති බවට පත්කළ ශ්‍රී ලංකාවේ උගත්තු.
Posted on April 25th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

රටේ පාලනය උගතුන් අතට බාරදිය යුතුය.” මේ එක්තරා කොට්ටාශයක් පල කරන තමන්ගේ මතයයි. “නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුය” තවත් කණ්ඩායමක් කියා සිටි. තවත් කට්ටියක් “අධ්‍යාපනය පෞද්ගලික කරණය නොකරනු” යයි ඉල්ලා සිටි. රට පුරාම උගතුන් ඉල්ලා මහා හඩක් ඉතිරි පැතිරී යන්නේ අද ඊයෙක සිට නොව. නිදහස ලැබීමට පෙර දවස සිටමය. රටට නිදහස ලැබීමට පෙර අපට නිදහස් අධ්‍යාපනය ලබිණ. ඒ කන්නන්ගර ශ්‍රීමතානන්ගේ බලවත් උවමනාව නිසාය. කන්නන්ගර මහතා, රටට වඩ වඩාත් උගතුන් බිහි කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කරනවිට, කෘෂිකර්මයට බද්ධව සිටි පෞද්ගලික ඉඩම් හිමි වැවිලි කරුවෙකුවූ ඩී. එස්. සේනානායක මහතා, මේ කන්නන්ගර මහතා කරන වැඩෙන් පොල් ගහක ගෙඩියක්වත් කඩා ගන්න මිනිහෙක් නැතිවෙන බවට අනාවැකියක් පලකල බවද පැවසේ.

එදා සිට, “නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු! ”  _ “නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!! “_”නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!!!”  යනුවෙන් හඩ තලමින් ගමනේ ආ මේ අධ්‍යාපන කෝච්චියට, දීප්තිමත් ආලෝකයක් ලැබෙන සංසිද්ධියක් 1951 සැප්තැම්බර් මස 2 වෙනිදා සිදුවිය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ බලවත්, ධනවත්, රාජකීය උරුමයක් ඇති පවුලක උගත් නැණවත් ජාතිකත්වයට හිතවත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමයි. සෑම දෙයකම උපත සමග විපතද බද්ධව පවති, ස්වභාවයේ ප්‍රගතිශිලිත්වයත් සමගම, ස්වභාවයේ ප්‍රතිගාමිත්වයත් නිර්මාණයවේ, එයට අප මාරයා යයි කියමු. මාර සංකල්පය ඉතා වැදගත් සංකල්පයක් වන අතර එය හොදින් දන්නා අයට හොද අවබෝධයකින් එය හා කටයුතු කල හැක.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිව, පසුදිනම ඒ ගම්පහ දිස්ත්‍රික්කයේම, දුප්පත් පවුලක, එක්සත් ජාතික පක්ෂයට බද්ධව කටයුතු කල ගොවි මහතෙකුට දාව පුත් රුවනක්ද බිහිවිය. එයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම හා සමානම වැදගත් සිදුවීමකි.

මේ සිදුවීම් සිදුවෙන අතරේ, අධ්‍යාපන කෝච්චිය අඛණ්ඩව,
“නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු! ”  _ “නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!! “_”නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!!!”  යන හඩ නගමින් දේශපාලන භුමිය තුල විශාල භූමිකාවක් සිදුකරන ලදී.

1956 බලය ලබාගත් ප්‍රගතිශීලි බලවේගය, නිදහස් අධ්‍යාපනයට ඉතා හොද අඩිතාලමක් නිර්මාණයකර, නව විශ්ව විද්‍යාල දෙකක්ද ගොඩනංවා දෙන ලදී. එදා සිට මෙදා දක්වා පැවතී සෑම රජයක්ම සිය උපරිම දායකත්වය මේ අධ්‍යාපන  ක්‍රමය පවත්වා ගැනීමට ලබාදී ඇත. ඒ අනුව අද රට පුරාම විසුරුණ රාජ්‍ය  විශ්ව විද්‍යාල පද්ධත්යක්ද අපට ඇත. මේ යාන්ත්‍රණයේ උපකාරයෙන් වාර්ෂිකව, විශාල උගතුන් ප්‍රමාණයක් රටට දායාදය කර ඇත. තවද එම සිදුවීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.

කන්නන්ගර මහතා උගතුන් බිහිවීම රටට මහා සම්පතක් සේ දුටුවද, මේ බිහිවෙන උගතුන්, රජයෙන්ම රැකියාවන්ද අපේක්ෂා කරමින්, රජයන්ට බල කරන දේශපාලන බලවේගයන් බවට පත්වීමත් සමග, බලයට පත්වෙන සෑම රජයක්ම, රැකියා ඉල්ලා සටන් වදින උපාධිදාරීන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීම් අතර හිරවීමකට බාජනය විය. ඔවුන්, රැකියා උත්පාදනය හා  රටේ ජනතාව තුලට දැනුම ගලායාමට සලස්වනවා වෙනුවට, තමන්ට උගත්කම දුන් යාන්ත්‍රනයෙන්ම  රැකියා ඉල්ලා සටන් වදිනවිට, මේ උගතුන් බිහි කිරීමේ යාන්ත්‍රනයද, දෙදරීමකට ලක්විය. කෙසේ නමුත් මහා වේගයෙන්, “නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු! ”  _ “නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!! “_”නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමු!!!”  යනුවෙන් හද තලමින් ආ අධ්‍යාපන කෝච්ච්ය, සැර බාලව, “නිදහස් අධ්‍යාපනය සුරකිමු_අධ්‍යාපනය පෞද්ගලිකරණය නොකරනු!”  _ “නිදහස් අධ්‍යාපනය සුරකිමු_අධ්‍යාපනය පෞද්ගලිකරණය නොකරනු!!”_ “නිදහස් අධ්‍යාපනය සුරකිමු_අධ්‍යාපනය පෞද්ගලිකරණය නොකරනු!!!” යනුවෙන්  මන්දගාමී ස්වරුපයෙන් හඩක් නගමින් යන අතරතුර වර්ෂ 2015 ජනවාරි 8 වෙනිදා පවත්වන ජනාධිපතිවරණයටද කටයුතු  සුදානම්ව තිබුණි. මේ දිනයද විශේෂිත දිනයකි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය වීමයි.
 
මේ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළදාට පසුදා උපත ලද ,මෛත්‍රිපාල සිරිසේන, නම්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේඛම්තුමා  එම පක්ෂේ අපේක්ෂකයාවූ මහින්ද රාජපක්ෂ මහතාට  එරෙහිව, එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් ඉදිරිපත් වීමට තීරණය කර තිබිණි. මේ තරග කරුවන් ජනාධිපතිවරණය සදහා තරග වදින විට, මෙරට සිටි මහාචාර්යවරුන්ට තමන් ජීවිතය පුරා කතා කල පාලකයන් තුල තිබිය යුතු උගත් කමේ වටිනාකම අමතකව, තමන්ට වඩා නුගත් අපේක්ෂකයෙකුගේ ජග්‍රහණය උදෙසා වෙහෙසව කටයුතු කළහ. තවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා සම්බන්ධව, ආචාර්යවරුන් රාශියක්ද තමන්ට වැඩ ඉතා පහල මට්ටමේ උගත් කමක් හා බදුන අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමටම වෙහෙසුනහ. රටපුරා විවිධ තලයන් තුල සේවය කල, උපාධිදාරීන් රාශියක්ද, මහචාර්ය හා ආචාර්යවරුන්ට අනුව යමින් ඔවුන් හා සැසදීමේදී උඅගත්කම අඩුම අපේක්ෂකයා වෙනුවෙන්ම කැපවී වැඩ කොට චන්දය පාවිච්චි කළහ. තවද, නිදහස් අධ්‍යාපනය සුරකිමු යයි හඩ දෙන විශ්ව විද්‍යලාගත උපාධි අපේක්ෂකයින්ද මැතිවරණ සටනට දායකත්වය සපයමින් තමන් අගයන උගත්කමට එරෙහිව තමන්ටත් වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙක් රටේ රාජ්‍ය නායකයා බවට පත්කරගැනීමට වෙහෙසව කටයුතු කළහ.

එසේ කටයුතු කල මහාචාර්යවරු, ආචාර්යවරු, උපාධිදාරීන්,හා උපාධි අපේක්ෂකයින් ජයගත්හ.ඔවුන්ගේ විරුවා මේ වනවිට අවුරුදු දෙකක් මේ රට පාලනය කර ඇත. අද වනවිට ඔහුගේ පාලනය නවීන ගුවන් යන ගොඩ බැස්සවිය හැකි  එයාර් පොර්ට් තුල වී ගබඩා කරමින්, වී ගබඩා තුල මිනිස්සු ගබඩා කරමින්, රටේ අත්‍යවශ්‍යම සේවය කුණු කළමනාකරණය බවට නීති සම්පාදනය කරමින් රට පාලනය කරන මේ මොහොතේ, අපගේ සිහියට එන්නේ, මෛත්‍රිපාල සිරිසෙන් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසුණු, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, අනිකුත් උපාධිදාරීන් හා උපාධි අපේක්ෂාවෙන් විශ්ව විද්‍යාල වල උගෙනුම ලබමින් සිටින සිටින උගතුන් සතු සහතික වල ඇති නොවැදගත්තාවයයි. මේ මිනිසුන් මහ දවාලේ මහා බැංකුව මංකොල්ල කන පල්  හොරුන්ට රට බාර දෙන ලද්දේ මහින්ද පල් හොරෙක් බව පවසමිනි. මුන්ගේ උගත් කමට වඩා හොරුන්ගේ කට්ටකම බලවත් බව, අද අප දකින යථාර්තයයි. මේ පාදඩ උගත්තු, රට විනාශයේ අභිමුඛයටම් ගෙන ගොස් මෙරට ජනතාවගේ අභිමානය ඉදිරියටම කුණු ගෙනවිත් දමන තත්වයට පත්කර, කුණු ගද සමග දිවි ගෙවන සමාජයක් බිහිකරමින් සිටි. රටම ගද ගස්සන කුණු සහ මේ උගතුන් අතර ඇති සහසම්බන්ධතාවය කොතරම්ද යත්, ඔවුන් බලයට පත්කරගත් ජනාධිපතිවරයාට, අත්‍යවශ්‍යම කරුණවන්නේ, කුණුය, එනම් ජරාවය. මේ උගතුන්ටද රටට ජාතියට වඩා වටින්නේ ජරාව බව ඔවුන් නිර්මාණය කර ඇති සමාජය හඩගා රටට පවසන මේ මොහොතේ,ඔවුන් සාතු උගත් කමේ සහතික පොදිය සුරුට්ටුවක්සේ හීනියට ඔතා වසති කුරක්සේ පාවිච්චියට ගත යුතු යයි අප යෝජනා කරමු.

4 Responses to “සිරිසේන ජනාධිපති බවට පත්කළ ශ්‍රී ලංකාවේ උගත්තු.”

  1. Ratanapala Says:

    Professors who appointed a 8 Std qualified nincompoop for President!

  2. helaya Says:

    Well said Ratnapala.

  3. Lionel Says:

    One of the best articles published in the Lanka Web recently. Well done Mr. Pandithage.

  4. Christie Says:

    කන්නන්ගර බලාපොරොත්තු උනේ මෙවැනි උගතුන් නොවේය.

    ඒකාලෙ හදපු මැදිවිදුහල් ලෝකයේ ඕනෑම රටක ට දෙවෙනි නොවීය.

    බලාපොරොත්තු උනේ ලොව ඕනෑම තැනක ගොස් වැඩකල හැකි උගතුන් බිහිකිරීමය.

    මේ සින්හලයාගේ සිහින බන්ඩ නැතිකලේය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress