යෝජිත විශේෂ හමුදා බලඇණියට විරෝධය
Posted on April 27th, 2017

කේ. ඞී. ලාල්කාන්ත සභාපතිජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය.

තමන්ගේ ඉල්ලීම් මුල්කරගනිමින් විවිධ සංවිධාන හා ජන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ හා අරගල, මර්ධනය කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනැගීමට ආණ්ඩුවේ අනුමැතිය ලැබී ඇති බවට මාධ්‍ය විසින් වාර්තාකර තිබුණි.

නොයෙකුත් කරුණු මත රට පුරා හතර දිග්භාගයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා අරගල එක පිට එක නිර්මාණය වෙමින් පවතී. මේ කිසිදු ගැටළුවකට පිළිගත හැකි සාධාරණ විසඳුම් ලබා දීමට සූදානම් නැති රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව, එම අරගල මර්ධනය කිරීම සඳහා අඳබාල තීරණයක් ගෙන තිබේ. ‘‘අරගල හේතුවෙන් ජනතාව පීඩාවට පත්වේ’’ යැයි යන කරුණට මුවා වී සාධාරණය ඉල්ලා සටන් වදින ජනතාව මර්ධනය කිරීමට දරන උත්සහයට අපගේ බලවත් විරෝධය පළකර සිටිමු.

සාධාරණය ඉල්ලා අරගල භූමියට එක්වන ජනතාව, හිටපු හමුදා නායකයෙකු යොදවා බිය ගන්වා, මර්ධනයට ලක්කර, නිහඬ කළහැකි යැයි විශ්වාස කරන්නේ නම් එය ආණ්ඩුව විසින් තමන්ගේ වලිගය පාගා ගැනීමකි.

යුක්තිය හා සාධාරණය නියෝජනය නොකරන කිසිදු නීතියක්, ව්‍යවස්ථාවක්, අණ පනතක් හෝ හමුදා බලඇණියක් පිළිගැනීමට අප කිසිසේත් සූදානම් නැත. එවැනි ඕනෑම ජනතා විරෝධි තත්වයකට එරෙහිව සටන් වැදීමේ හැකියාවද ඒ සඳහා වූ පූජනීය අයිතියද අප සතුය.

ඒ නිසා කළ යුත්තේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබා දීමයි. එසේ නොකොට මර්ධනයේ හස්තය දිගු කරන්නේ නම්, ඒ නිසාම ඇති වන සියළු අනිටු ඵලවිපාකයන්ට ආණ්ඩුව විසින් වගකිවයුතු බවත් මර්ධනකාරී ආණ්ඩුව ගෙදර යැවීම සඳහා වන සටනට කොන්දේසි විරහිතව පනපොවන බවත් අප අවධාරණය කර සිටිමු.

ස්තූතියි.

මෙයට,

කේ. ඞී. ලාල්කාන්ත

සභාපති

ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය.

2 Responses to “යෝජිත විශේෂ හමුදා බලඇණියට විරෝධය”

  1. ranjit Says:

    Lal kantha, the current Yamapalanaya is your baby. So why not tell your boss the black prince to sit with his two good friends Sira and Ranil and ask them to solve all our problems facing our country today one by one without harassing and intimidating, jailing and killing our innocent citizens.

  2. ranjit Says:

    Vel vidane is not the answer to our problems. He was a traitor and a rejected politician who became a minister thru back door. Instead of solving problems he will make problems for others. Sira made a joke i heard so let it be that way because everything this Yamapalanaya does we regard as jokes. 99% don’t agree with this suggestion. So lal kantha just relax and help to remove this evil rulers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress