අවලම් සෙළුව  පෙනෙතිය්  බියෙන්  රන්සළු පෙරවාගෙන කෙරෙන ”මිමිණුම්”
Posted on April 30th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

කෙලින් කියන්න බැරි හය්යෙන් කියන්න බැරි බොහෝ අ ය මුමුණති .murmerහෙවත්  කෙඳිරිල්ලට ”මිමිණුම ”යන වචනය යෙදුවේ මුනිදාස කුමාර තුන්ගයය් මම අසා ඇත්තෙමි .කදිම වචනයකි .දේශප්‍රේමීන් හෙවත් ජාතික වාදීන් ලෙස පෙනී  සිටිමින් මේ වනවිට බොහෝ අ ය දැන් ජාතික වාදය ට නව අර්ථ කතන දෙන්නට තත් කරති .ඔවුහු ජාතික වාදයට කෙලින්ම  විරුද්ධ නොවෙති .එහෙත් රට ජාතිය වෙනුවෙන් කැපවෙන බොහෝ අ යට  නිගාවෙන අ යුරින් මුහුණු පොත භාවිතා කරති .තමන් ”පෙර භවයේ ”සිටම ජාතිය වෙනුවෙන් කැපවුවෙකය්අනුන්ට හැඟෙන පරිදි නොයෙක් සටහන් දමති. එහෙත් ඔවුන් මෙහෙයවන්නේ බෙදුම් වාදීන් විසින් දෝ යන සැකයක් අපට නිතැතින්ම ඇති වන්නේ  මුහුණු පොතේ පලකරන ව්‍යක්ත  දෙසුම්  හා රචනා තරමට ඔවුන්හා සමීපව කතා කරන විට එවැනි ව්‍යක්ත බවක් හෝ පරිනත බවක් හෝ ජාතිකත් වයක් හෝ අපට නොදැනෙන නිසාය .මුහුණු පොතේ ඇති සියල්ල admin කෙනෙකුගේද ..මෙයනම් භයානක තත්ව යකි .

                                                පසුගිය දා  සරත් වීරසේකර  ජෙනීවා යන විට එංගලන්තයේදී පිළිගැනීමේ  රැස්වීමට නොපැමිණ  එහෙත්  මුහුණු පොත මගින්  තමන් ඒ සියල්ලම සංවිධානය කල අ යෙකුමෙන් ද පෙනීසිටි , එමෙන්ම   විරෝධතා රැස්වීම අවසන් වෙන අවස්ථාවේ  පමණක් පැමිණ  පින්තුර ටිකක් ගෙන තමන් ඒ සියල්ලට සහභාගිවෙමින් මේ ජාතික කර්තව්‍යයට  උර දුන්   බවක් පෙන්වමින් දේශ ප්‍රේමීන් තමන් වටා රොක් කර ගැනීමට කෙනෙක් උත්සාහ දරා ඇත .  එමගින්  තමන් වටා රොක්වෙන දන හඳුනාගන්නා  ලංකාවේ   අ ය අතර  මුදුනා වී  පසුව ජාතික වාදීන්  භේද භින්න කිරීම සඳහා   ”මේ අ ය ”’   බෙදුම්වාදීන්ගේ   ගේ ඉත්තෙකු  ලෙස වැඩ කරන්නේදය් සැක සිතන්නට කාරනා ඇත .කිසියම් කලෙක යමෙක් කොටින්ට නෑ  කම් කිව්වේද ,හිතවත් කම් පෑ වේද ,නැතහොත් පෙම් සබඳ තා  පැ වත් වුයේද , එවැන්නෙක් උන් හිටි ගමන් මතුවී  දේශ ප්‍රේමීන්  අතර ”ස්මාට් වීමට ..” උත්සාහ කරන්නේනම්  සැබෑ ජාතික වාදීහු  උන්ගෙන් ප්‍රවේසම් විය යුතුය ..

                                            මිමිනුම  තේරුම් ගැනීම අපහසුය.එනිසාම භයානකය .     සිංහ නාදය අවශ්‍ය තැනට මිමිණුම්  අනවශ්‍යය .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress