ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන එක්ෂත් පෙරමුණේ මැයි රැලිය කියවා තේරුම් ගනිමු.
Posted on May 7th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ජනාධිපතිවරයකු සිටියද ජනාධිපතිවරයකුත් නැති, අගමැතිවරයකු සිටියද අගමැතිවරයකුත් නැති, කතානායකවරයකු සිටියද  කතානායකවරයකුද නැති. ඇමතිවරුන් සිටියද ඇමතිවරුන්ද නැති, විපක්ෂ නායකයකු සිටියද, කිසිම දෙයකට විපක්ෂද නොවන, විනිසුරුවරුන් සිටියද විනිසුරුවරුන්ද නැති, ස්වාධින මැතිවරණ කොමිසමක් තිබුනද  මැතිවරණද නැති මොකක්දෝ මලසමයමක් “යහපාලනය” නමින් හොල්මන් කරන සමයක අපුරු සිදුවීම් රාශියක් තුලින් ගමන් කොට මැයි  පළමුවෙනිදා ගිනි කාස්ට අවුවේ වේලෙමින් මුහුදු සුලන්වල ආස්වාදය විදිමින් ලංකාවේ සියලු  දිග්බගයන්ගෙන් පැමිණ ගෝල්ෆේස් පිටිය පුරවාලු මහජන ගංගාව විසින් ඉතිහාසයේ සනිටුහන් කරන ලද දැවැන්තම පණිවුඩය කියවා තේරුම් ගැනීම මෙරට සිටින දේශපාලනය කරන සියලුම දෙනාගේම හිතසුව පිණිස වේ..

කෝට්ටේ, බුවනෙකබාහු මහාරජතුමාව වෙඩිතබා ඝාතනය කල පෘතුගීසින්, ඒ අරාජික රාජ්‍යතුල සිදුකල සියලුම ක්‍රියාවන් නුතන අරාජික ශ්‍රී ලංකාව තුල ඒ ආකාරයෙන්ම නුතන යහපාලකයෝ සිදුකිරීම කරන අතරතුර මේ මැයි දින සැමරීම හා එයට අතිවිශාල ජන බලකායක් එක රොක්ව නිකුත් කල පණිවුඩය කුමක්ද? ඒ පණිවුඩය දේශප්‍රේමී බල කණ්ඩායම් අවබෝධ කරගන්නේ කෙසේද? එය වටහාගෙන කලමනාකරන්නේ කෙසේද? යන කරුණු අප ඉදිරියේ දිස්වෙමින් තිබේ.

මේ අප දකිමින් සිටින්නේ, ශ්‍රී ලාංකීය දේශපාලනයේ වර්තමාන රංගධරයන්ගේ නර්තන විලාශයන්ය. එය ඉතිහසය විසින්, “යහපාලනය” ලෙස නම් කර ඇත. යහපාලනය නාඩගම ආරම්භ වන්න, එහි ප්‍රධාන නළුවා, වූ වර්තමාන ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂයන් සමග අවසන් බෝජන සංග්‍රහයේදී ආප්ප කා කෝපි එකක්ද බි සරම මදක් ඔසවාගෙන කම්බි වැට පැන විපක්ෂගතවිමත් සමගමය. ඒ වර්ෂ 2014 නොවැම්බර් මස 21 වෙනිදාය. ඒ අනුව මේ පුද්ගලයා මහින්ද රාජපක්ෂයන්ගේ රජයේ නොසිට ඇත්තේ, 2014 නොවැම්බර් මස 21 වෙනිදා සිට, 2015 ජනවාරි මස 8 වෙනිදා දක්වා වූ, දින 48ක් කාලයක් පමණි. එනම් මාස එකහමාරකි. මහින්ද රාජපක්ෂගේ රජයේ ආරම්භය වර්ෂ 2005 නොවැම්බර් මස 18 වෙනිදා මැතිවරණයත් සමගම ආරම්භ වන අතර,එදා සිට 2014 නොවැම්බර් මස 21 වෙනිදා වැට පැන විපක්ෂගතවන තෙක්ම එම රජයන් විසින් සිදු කරන ලද විශාලම ජාතික මෙහෙවර වන වසර 30ක් යුද්ධය නිමා කිරීම, උතුරු වසන්තය නම්වූ ව්‍යාපෘතිය තුලින් උතුර ඒකාලෝක කිරීම, උතුරේ ජනතාවව ත්‍රස්තවාදී භීෂණයෙන් මුදවගැනීම් නැගෙනහිර සංවර්ද්ධනය කිරීම, අධිවේගී මහා මාර්ග පද්ධතිය ඉදිකර මහා ජනතාවගේ කාලය ඉතිරි කරදීම, හම්බන්තොට සංවර්ධනය, කොලබ වරාය සංවර්ධනය, පොර්ට් සිටි නම්වූ මහා වරයා නගරය ඉදිකිර්ම ඇතුළු සියලුම සංවර්ධන කාරයන්ගේ ගෞරවය රජයක සාමුහික වගකීම යටතේ ඔහුට හිමිවන්නසේම, එම රජය විසින් සිදුකලායයි මෛත්රිපාල සිරිසේනයන් විසින් හඩනගා කියන සියලුම දුෂණ හා භිෂනයන්ගේ අපකිර්තියද ඒ ආකාරයෙන්ම, ඔහුට හිමිවේ, ජනාධිපතිවරණයට දින 48කට පෙර, එම රජයෙන් ඉවත්ව, මහින්ද රාජපක්ෂයන් දෙසට ඇගිලි දිගු කොට ඔහු දුෂකයය, භිෂකයාය කිවූ පමණින් තමන්   කිරි මුහුදින් මතුවූ සදුන් රුවක්සේ සුපිරිසිදු චරිතයක් වන්නේ නැති බව විදහා දක්වමින්, මෙරට බිහිවු කිසිදු සංවර්ධනයකින් තොර දුෂණය,, භිෂණය, පමණක් රජයන, සැබෑ රජයක් නැති අප මලසමයමක් නමින් හදුන්වන යහපාලනයේ, පිසාචරයාව පන්නා දැමීමේ මහා තොවිලය ආරම්භ කරන මෙන් බලකිරීමට මෙරට ජනතාව මැයි මස පළවෙනිදා ගෝල්ෆේස් පිටිය පුපුරුවා හැරීමට තරම්වූ ජන කන්දරාවකින් පුරවා ඒකාබද්ධ විපක්ෂයට බල කොට සිටියහ.

තමන්ව පලවා හැරීමට මේසා විශාලවූ ජන ගංගාවක් නිර්මාණය කරගත්තද, ඔහු මහින්ද රාජපක්ෂගේ රජයේ දුෂණ භීෂණ සම්බන්ධව කතා කරනුයේ, තමන් කිසිදාක මහින්දගේ දුෂණ හෝ භීෂණ වලට සම්බන්ධ තාවයක් නැති ආකාරයක් මවා පාමිනි. තවද මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ,, ඔහුගේ වැට පැනීමෙන්, දින 48ක් කාලයක් තුල ශ්‍රී ලංකාවේ, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හා ඔහු ජනාධිපතිවීමයි.  මෙතන අප අවබෝධ කරගැනීමට වෙර දැරිය යුත්තේ,, නිකම්ම නිකම් පුද්ගලයෙක් දින 48කදී මහා බලගතු දිගු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක රාජ්‍ය නායකයා බවට පත්වුයේ කෙසේද යන්නයි. මේ කරුණ සුළුපටු කරුණක් නොවන බැවින්ද, මේ සිදුවීම මෙරට තුල ඇති ව්‍යවස්ථාවයි කියන දෙය තුල ඇති තවත් ජාතික මර උගුලක් බවද තේරුම් ගත යුතුය කිසිදු දේශපාලන පක්ෂයක්ද නැති,පක්ෂ නායෙකුවත් නොවෙන අයෙකුට දින 48ක් කාලයක් තුලදී රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමේ හැකියාව තුල ඇති ප්‍රාතිහාර්යය කුමක්දැයි අවබෝධ කරගත යුතුමය. ඔහු තුල ඇති බලය ඔහු තුල ඇති ශක්තිය කුමක්ද යන්න අවබෝධ කරගැනීම ජාතික වගකීමක් ඇති විශේෂිත කරුණකි.

රටක නායකයා හා රටක පාලකයා විය යුත්තේ, විශේෂිත පුද්ගලයෙකි. ඔහු තුල විශේෂාංග රාශියක් තිබිය යුතුය. ඒ නිසා සැම  රටකම නායකත්වය උදෙසාම ජනතාව පෙලගස්සවන විවිධ ව්‍යාපෘතීන් නිර්මාණය කර ඒ සදහාම තරුන තරුණියන් ගොඩනංවන තත්වයක් ඇති සමයක, අපේ රටේ මේ යහපාලන ආශ්චර්යය සිදුව ඇත. තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින්වහන්සේ, සැළලිහිණි සංදේශය කරවන ලද්දේ, ශ්‍රී ලංකාද්වීපය පාලනය කිරීමට සුදුසුකම් ඇති පුත් රුවනක් මේ දිවයින එක සේසත් කල සයවැනි පරකුම්භා නිරිදුන්ගේ දියණිය වූ උලකුඩය දේවියට ලබාගැනීමේ අධිෂ්ටානයෙනි. මේ ආශිර්වාදය බලාපොරොත්තු වුනේ කැළණිපුරයේ වැඩවසන්නාවූ විභීෂණ දෙවියන්ගෙන්ය. දිව්‍ය ආශිර්වාදයෙන් මේ රට පාලනය කිරීමට පුත් රුවනක් පැතුවේ, මේ ආකාරයෙන්ය.

දීත් රුපු කිරුළු මල් දම් සුවද මී වැස
තෙත් සිරි පා යුත් සුරිදුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොද දුන මැනවි නිසි ලෙස

බිසවට පළමු රත්නාවලි  නම්           සොදුරු
සහතුට දෙවු හිමි දිවැසින්            කුළුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම්           රජ කුමරු
පලකොට කිමෙක ඔබ සොද තෙද බල මහරු

එසෙයින් දෑ සමන් මානෙල් කුසුම් ගෙන
පුදමින් එ සුරවර සිරි සරණ         වදිමින
බුහුමන් කරන රජ දූ සදුට මේ       කියන
දුන පින් සමග යස සිරි වඩි පුත්     රුවන

මෙසේ දෙවාශිර්වාදයෙන් ලද දු පුතුන් පාලනය කලයුතුවූ මේ පින්බිම, මේ අහබු චරිතයක්වූ සිරිසේනයන් අතට පත්වීමෙන් ඇරබි අවිචාරවත් සමයට එරෙහිව ගොඩනැංවී ඇති බලවේගයේ, දෘශ්‍යමාන තලයේ ස්වල්පයක් පමණක් එදා ගෝල්ෆේස් පිටියට රැස්ව සිටි බව සලකනවිට, මුළුමහත් බලවේගයේ ප්‍රමාණය කුමක්දැයි සිහි නුවැනත්තන්ට මනාව වටහා ගත හැකිය. මේ අප දකින රුපකායන්ට වඩා සියදහස් ගුණයකින් ප්‍රබලය මනොකායන් මේ දේශයට මේ දුෂිත යහපලකයින් විසින් සිදු කරන්නාවූ මහා අපරාධ සමුහය දෙස  බලා සිටින්නේ, මහා පීඩනයක් ගෙන දෙන්නාවූ වෛරී සිතුවිලි සමුහයක් සමගිනි. මේ වනවිට මේ රජයට එරෙහිව ඇති සමාජ සිතුවිලි පරම්පරාවන් පාලනය කරනු ලබන්න බවට පත්ව සිටින්නේ,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ය. එතුමා විසින් මේ පවතින තිරිසන් පාලනයට එරෙහිව යමක් සිදුකරාවිය යන බලාපොරොත්තුව විසින්, ජනතා කෝපය උතුරා යආන්නට නොදී පාලනය කරගෙන සිටි.කොටින්ම කියතොත් මේ අවස්ථාවේදී යපලනයේ, ආරක්ෂකයාද මහින්ද රාජපක්ෂයන් බවට පත්ව සිටි. නමුත් එයටද සීමාවන් පවතින බව අප අවබෝධ කරගත යුතුය.

මෙරට ජනතාව, යහපාලනය විනාශ කරන බවත්, එය දැවී හලුවී විනාශ වෙන බවත්. අප පැහැදිලිවම දන්නෙමු. සිරිසේනයන් තුල යහපාලන බිජයට සරුව වර්ධනය වීමට හේතු පාදකවූ කරුණුද අප පැහැදිලිවම දන්නෙමු. සේරිවාණිජ ජාතකයේ, රන් තාලියේ හිමිකාරිත්වය අහිමිවූ වෙළෙන්දා මෙන්, 2010 මහවැලිය අහිමිවූ සිරිසේනයන්ද මහින්ද රාජපක්ෂයන්ව හබා ආවේ දෙව්දත් තෙර,බෝසතුන්ව, ආත්ම ගණනාවක් පුරා හබා ආ ලෙසටමය. ජනාධිපතිවූ පසු ඔහුට අහිමිවූ ඒ මහවැලිය යලි ඔහු යටතට ගත්තද, රටටත් ජාතියටත් ආගමටත් රාජපක්ෂවරුන්ටත් සිදු කරන්නාවූ මර්ධනයේත්, පීඩනයෙන් සීමාවන් ඉක්මවා ගොස් ඇත. ජනතාව අනිවාර්යෙන්ම මේ රජය පෙරලා දමන බව අප පමණක් නොව සිරිසේනයන්ව දින 48කදී බලයට පත්කළ බලවේගයන් මෙහෙයවන හාම්පුතුන්ද මනාව දනී. තවද ඒ අවස්ථාවේදී කලයුතුදේ කුමක්දැයි ඔවුන් මනාව දනී. බලය ජනතාව අතට යාමට ඉඩ නොදී, ජනතාව ඉදිරියේ පෙනෙන්නට සලසා ඇති ජන සතුරාව විනාශ කොට බලය ඔවුන් අතම තබා ගැනීම සාමාන්‍ය සිරිතයි. මේ සංසිද්ධිය, එදා ආර්.ප්‍රේමදාස මහතාට උරුමකර ජනතාව රතින්ඥ පත්තු කරන තත්වයට පත් කර ජන සතුරු බලවේගයේ, නියෝජිතවරිය ඔසවා තබා බලය තවත් වසර 10ක් පුරාම පවත්වා ගත්හ. මේ වර සිදුවන සිද්ධිදාමය එසේ නොවීමට වගබලාගැනීම මෙරට ජනතාව සතු විශාලම වගකීමක් බව වටහාගෙන කටයුතු කල යුතුමය. දැන් අප කතා කලයුත්තේ, එසේ කරන්නේ කොහොමද යන පැනය සම්බන්ධවයි.

සතුරා මෝඩය, උද්ධව්ච්චය, ජනතාවට එරෙහිව බොහෝවිට බියගැන්වීම අවියක් ලෙස පාවිච්චි කරයි. සැබෑ ලෙසම සතුරා කඩදාසි කොටියෙක් බදුය. මේ වනවිට සතුරා බියට පත්ව ඇත. මහින්ද රාජපක්ෂයන්ගේ ආරක්ෂාව අඩුකර ඇත. එය හොද දෙයකි. දැන් මහින්ද රාජපක්ෂයන් තමන්ට ඇති අවදානම්කාරී තත්වය ඇත ලගටම ඇවිත් බව වටහාගෙන ඇත. දැන් පළමු පියවර වශයෙන් මහින්ද රාජපක්ෂයන්ගේ ආරක්ෂාව පිණිස සෙබළුන් 1000කින් සමන්විත ආරක්ෂක හමුදාවක් ගොඩනැංවිය යුතුය. රටේ රජයක් නොමැති බැවින් ඒ සදහා කිසිවෙකුගෙන් අවසරගතයුතු නොවේ. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හඩනගා පලකල නාදය වූ “තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගනිල්ලා” යන්න වලංගු යුගයක් සිරිසේනයන් විසින් නිර්මාණය කර හමාරය. ජනතාව ජනතාවගේ ආරක්ෂාව ගොඩනැංවීමේ කාර්යයට ඇත ගැසිය යුතුය. පවතින යහපාලන හුචක්කුව නඩත්තු කරන ජනතාවට නව ආරක්ෂක වලල්ලක් තමන් වෙනුවෙන් ඉදිකිරිම අපහසු කටයුත්තක්ද නොවේ. එදා ගෝල්ෆේස් පිටියට රැස්වූ ජනතාව ඉල්ලා සිටින්නේ ජන අරගලයට ආරම්භයක් දෙන ලෙසයි. මැතිවරණය නොපැවැත්වීම තුලින් ඒ සදහා හොද සරු බිමක් නිර්මාණය කර ඇති තත්වයක් තුල ජන අරගලයේ ස්වරුපය හැඩගැන්වීමේ කටයුතුවලට යහපාලන විරෝධී බලමුළු සුදානම් විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය  ඉල්ලා සටන් වැදීමට ජනතාවට ශුද්ධවූ අයිතියක් ඇති අතර ඒ අයිතියේ හඩ මැයි පලවෙනිදා මෙරට ජනතාව ගුවනට මුදා හළහ. ජනතා සටනට ජයවේවා!

4 Responses to “ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන එක්ෂත් පෙරමුණේ මැයි රැලිය කියවා තේරුම් ගනිමු.”

  1. Vaisrawana Says:

    Ven Murutthettuwe Ananda Thera also made a proposal similar to the writer’s (that is, the setting up of a private security contingent for MR, when his army security was replaced with police earlier). There’s no doubt thousands of young patriots will volunteer to serve in such an outfit. Pandithage, you are writing with feeling. I fully appreciate your deeply felt concern for the personal safety of the only leader who can save the country from disaster at this critical time.

    By the way, it would be good if you could explain the ideas in the last two paragraphs (which are crucial) more explicitly. Please don’t take this as a negative comment on your very useful contribution.

  2. Christie Says:

    ඉන්දියානු බවයක් නැති අපි ඔක්කොම ඉන්දියානු අඩිරදයේ යටත් වැසියෝ.

    ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් අපිව පාලනය කරනවා.

    මෙය වටහාගන්න.

    එකතුවන්න.

    ඉන්දියානු අදිරදයටත් ඉන්දියානු පරපෝසිතයන්ටත් එරෙහිව නැගීසිටින්න.

  3. Ananda-USA Says:

    Constitutional proposals contrary to promises given by Prez, PM-NJC

    Island.lk
    May 7, 2017, 10:44 pm

    By Shamindra Ferdinando

    The National Joint Committee (NJC) has alleged that recently unveiled constitutional proposals are at variance with repeated assurances given by both President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe regarding matters of crucial national importance, including the status of Buddhism.

    The NJC alleges that controversial proposals are contained in an interim report of the Steering Committee of the Constitutional Assembly tasked with the constitution making process.

    Constitutional affairs expert Manohara de Silva, PC, said that in the wake of strong public criticism of the Report on Public Representations on Constitutional Reform (Lal Wijenayake Committee) and reports of Six Sub Committees, the government had reassured that foremost place would be given to Buddhism.

    Addressing the media at the National Library and Documentation Services Board, attorney-at-law de Silva flayed the yahapalana government for seeking to deprive Buddhism of its foremost place, do away with unitary status of the Constitution and transform Sri Lanka to nine federal governments.

    The lawyer pointed out that in accordance with the repeated promises given by yahapalana leaders, the Steering Committee should not have interfered with Article 9 meant to ensure Buddhism the foremost place while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e). Instead, the Steering Committee had made six recommendations in respect of Buddhism/Religion in addition to the existing Article 9.

    NJC heavyweight Gevindu Cumaratunga said that the government had accused those opposed to the ongoing constitutional making process of propagating lies. The government repeatedly alleged attempts were being made to sabotage post-war reconciliation process, Cumaratunga said. There couldn’t be any justification for proposing four recommendations in place of Article 1 and Article 2 that dealt with unitary status of Sri Lanka, Cumaratunga said.

    Alleging that the government was bending backwards to appease those wanting to divide Sri Lanka on ethnic lines and transform the country into nine federal areas, Cumaratunga said that proposals were meant to empower Provincial Council to such an extent they would enjoy unprecedented powers at the expense of the central government.

    Cumaratunga said that the Joint Opposition had quite rightly rejected the entire interim report toto.

    Commenting on proposed provision in respect of merger of two or three neighbouring Provinces, Cumaratunga said that the government objective was to restrict referendum in case of a merger of the Provinces concerned. The move was meant to facilitate the merger of the Eastern Province with the North, Cumaratunga said, pointing out that the government wanted to do away with the country’s ability to exercise franchise as one electorate.

    Cumaratunga explained the circumstances under which Provincial Councils could take control over land at the expense of the government. The civil society activist alleged that the central government would be at the mercy of provincial government if a particular administration declined land required for security purpose.

    Recommendations pertaining to introducing amendments to the proposed Constitution in case adopted by parliament were meant to thwart any such move, Cumaratunga said. According to him, an amendment couldn’t be moved unless it received a two-thirds majority in the proposed Second Chamber comprising five members representing each Provincial Government and also obtained two-thirds majority in Provincial Governments.

    PC de Silva and Cumaratunga dealt with recommendations in respect of devolution of powers and how the process could endanger the unitary status much to the disappointment of the vast majority of people. They asserted that the elimination of the Concurrent List, limiting Reserve List, Provincial Government given the authority to implementing laws in respect of subjects coming under the purview of the Central Government, subject of national Policy to be removed from the Reserve List, sharp dilution of powers currently exercised by Governor vis a vis Chief Minister to pave the way for the former to take decisions in consultation with the latter.

    Cumaratunga pointed out that recommendations had been made to deprive the Governor the authority to intervene in the Provincial Statutes. The activist said that the Steering Committee had gone to the extent of recommending an unprecedented Constitutional Court to decide on constitutionality of Provincial Statutes.

    Cumaratunga urged political parties to examine the threat posed by setting up judicial mechanism outside the existing system. “We are heading for chaos, unprecedented turmoil,” Cumaratunga warned, faulting successive governments for not abolishing the 13th Amendment to the Constitution forced on JRJ government by India three decades ago.

    The NJC pointed out that the 13th Amendment had considerably eroded supremacy and sovereignty of parliament thereby undermined significantly the unitary status. PC de Silva said: “Article 154 G (3) requires a majority of 2/3 of the members of parliament to repeal or amend laws passed by a Provincial Council whereas it only needs a simple majority to repeal or amend own laws.”

    PC de Silva said that the Parliament needed a two-thirds majority to only amend the Constitution and not amend ordinary laws.

    The NJC said that a wider discussion involving all stakeholders was required and a cohesive effort made to educate the people of the despicable project. Cumaratunga said that giving in to separatist demands was as worse as losing the war.

  4. Ananda-USA Says:

    Constitutional Reforms debate likely end June

    DailyNews.lk
    Monday, May 8, 2017 – 01:00

    Disna Mudalige

    A debate on Constitutional reforms by the Constitutional Assembly is likely to take place towards the end of June.

    The interim report of the Steering Committee headed by Prime Minister Ranil Wickremesinghe will be placed before the Assembly next month, a member of the Steering Committee told the Daily News yesterday.

    A copy of the same would be handed over to President Maithripala Sirisena. The interim report, which deals with the vital aspects of Constitutional reforms including the electoral reforms, devolution of power and nature of the State, spells out the contours of the Constitutional Bill. A member of the Steering Committee said a draft interim report prepared by the Constitutional Assembly Secretariat was circulated among the Committee members last week.

    “The draft report is given in all three languages. All members of the Steering Committee have been asked to make their comments, if any, on the report in writing on or before May 23,” he said.

    The Steering Committee is to sit consecutively from May 23-26 to consider the responses of the members and finalize the report. “Through compromise and negotiation, we will try to reach a consensus during these meetings. Where there is no consensus, the members will be allowed to mention their own positions in the report. Likewise, the dissenting views will also be accommodated,” he explained.

    However, it is learnt that this is the third draft interim report presented to the Steering Committee. The Committee members were unable to reach an agreement on the two previous drafts. The latest draft has taken into account all the deliberations up to last Tuesday’s meeting, the Steering Committee sources said.

    Sources said the President has regularly been kept informed of all developments at the Steering Committee.

    When contacted Joint Opposition Parliamentary Group Leader Dinesh Gunawardena, one of the two members who represent the JO in the Steering Committee spoke in very negative terms on the Constitutional drafting process stating it seriously lacks transparency.

    “The JO flatly rejected the two previously submitted draft interim reports. We have been making our contribution actively at the Steering Committee. However, the government wants to do everything in secrecy keeping the others in the dark. We do not have secrets when it comes to matters that affect the country and national security,” he commented.

    The reports of six sub-committees on ‘Fundamental Rights, Judiciary, Finance, Public Service, Law and Order, Centre-Periphery’ were presented to the Constitutional Assembly by the Prime Minister on November 19. A three-day debate on Constitutional reforms initially scheduled for January 9 was postponed indefinitely as there was no consensus among the political parties.

    The Steering Committee has so far conducted over 50 meetings and according to the sources, a broad agreement over vital aspects such as electoral reforms and devolution of power have been reached after lengthy discussions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress