‘ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ සරත් ෆොන්සේකා.. අගමැති රනිල් සාක්‍ෂියි..’ – 1000%ක් එකග වන තවත් සාක්‍ෂි ලැබේ..
Posted on May 10th, 2017

lanka C news | ලංකා සී නිවුස්

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

මහ බැංකු වාර්තාවේ බොරු ඉලක්කම් දක්වලා

මේ තිබෙන්නේ 2016 මහ බැංකු වාර්තාව. වෙනත් වචන වලින් කිව්වොත් 2016 දී ලංකාවේ ආර්ථිකයට මොකද වුණේ කියලා මහ බැංකු අධිපතිතුමා විසින් මෑතක දී මුදල් ඇමතිතුමාට ලබා දුන් වාර්තාව. මේ වාර්තාව නොකියා කියන්නේ ලංකාවේ ආර්ථිකය ග්‍රීසිය වගේ බිඳ වැටීම අබියස තිබෙන බවයි. මේක හරියට අයිසින් තැවරූ පුස් කේක් ගෙඩියක් වගේ.මේ වැඩ බැරි ආණ්ඩුවේ වැඩබැරිකම සගවගන්න, ආර්ථිකයේ භයානක තත්වය සැඟවීමට සංඛ්‍යා ලේඛණ විකෘති කර ඇති බවට අපට සාධාරණ සැකයක් ඇති වෙනවා. මම එක නිදසුනක් කියන්නම්.

‘ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ සරත් ෆොන්සේකා.. අගමැති රනිල් සාක්‍ෂියි..’ – 1000%ක් එකග වන තවත් සාක්‍ෂි ලැබේ..

මෙම වාර්තාව අනුව ලංකාවේ රැකියා කරන පුද්ගලයින් ගණන නැති නම් සේවා නියුක්තිය 2015 දී 78,31,000ක් වී 2016 දී 79,48,000 වී තිබෙනවා. තත්වය සුන්දරයි. 2015ට වඩා 2016 දී සේවා නියුක්තිය 1,17,000 කින් ඉහළ ගිහින්. නමුත් 2015 මහ බැංකු වාර්තාව අනුව නම් 2015 දී සේවා නියුක්තිය 85,54,000ක්. එහෙම බැලුවොත් රැකියා කරන පිරිස 2016 වසර තුල දී 606,000 කින් අඩු වෙලා. වසර පහට රැකියා දශ ලක්ෂයක් දෙන්න ආපු ආණ්ඩුව එක වසරක් තුල ලක්ෂ හයක් රැකියා නැති කරලා විතරක් නොවේ ඒක සඟවන්න 2015 දී සේවා නියුක්තිය පිලිබඳ සංඛ්‍යා ලේඛණ විකෘති කරලා. 2015 වාර්තාවේ සේවා නියුක්තිය ලෙස පෙන්නුම් කළ ඉලක්කමට වඩා 723,000ක් අඩුවෙන් තමයි 2016 වාර්තාවේ 2015 සේවා නියුක්තිය ලෙස දක්වා තිබෙන්නේ. එහෙම කලේ 606,000කින් රැකියා අඩු වීම 117,000කින් රැකියා වැඩි වුණු බවට පෙන්වීමටයි. 2015 ඉලක්කම වෙනස් කිරීමෙන් 2016 ඉලක්කම 2015 ට වඩා ලොකු ඉලක්කමක් බවට පත්කරල තියෙනවා. මේ වැඩ බැරි ආණ්ඩුව හේතුවෙන් සිදු වන ආර්ථිකයේ කඩා වැටීම සැඟවීමට මහ බැංකුව දරා ඇති නිර්ලැජ්ජිත උත්සාහය මෙයින් හෙලිදරව් වෙනවා. කවුරුවත් හිතන්න නැතුව ඇති අපි 2016 වාර්තාව කියවන ගමන් 2015 තිබුනු ඉල්කකම් වලට මොකද වෙලා තියෙන්නේ කියල සොයා බලාවි කියල.

නීති විරෝධි සංක්‍රමණිකයින් හේතුවෙන් 2016 දී සංක්‍රමණ ධන අගයක්

ඒවගේම ඉතාම භයානක කාරණයක් මහ බැංකු වාර්තාවේ පෙන්වනවා. මහ බැංකු වාර්තාවට අනුව දශක ගණනාවකට පස්සේ 2015 දී සහ 2016 දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගෙන තිබෙනවා. 2016 මහ බැංකු වාර්ථාවේ පනස් දෙවන සංඛ්‍යාසටහනේ පෙන්වනවා ලංකාවේ ශුද්ධ සංක්‍රමණ අනුපාත දශක ගණනාවකට පසු 2015 දීත් 2016 දීත් ධණ අගයක් ගෙන ඇති බව. වෙනත් වචන වලින් කියනවා නම් ලංකාව අත්හැර වෙනත් රටවල පදිංචියට ගිය පිරිසට වඩා වෙනත් රටවලින් ලංකාවේ පදිංචියට පැමිණි පිරිස වැඩියි. අතීතයේ දී සංක්‍රමණ ධන අගයක් ගත්තේ ඉන්දියානු වතු කම්කරුවන් පැමිණි යුගයේ දී. නමුත් ලංකාවේ ජනතාව බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල පදිංචියට යන වර්තමානයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ කොහොම ද? ඒ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය සහ ඉන්දියාව වැනි රටවලින් ලංකාවේ පදිංචියට එන පිරිස් නිසා.

මේ සංක්‍රමණ නිසා ලංකාවේ ජන සංයුතියට බරපතල බලපෑමක් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මියන්මාරයේ සිට ලංකාවට පැමිණෙන රෝහන්ගියා මුස්ලිම් අනාථයින් මේ ආණ්ඩුව භාර ගැනීමට අපි විරුද්ධයි. මේ පිරිස් ලංකාවට එන්නේ මියන්මාරයේ බෞද්ධයින් සමග ගැටීම් ඇති කර ගෙන. ඒ නිසා ඔවුන් සිටින්නේ බෞද්ධයින් සමග වෛරයෙන්. මේ වන විටත් ඉතා සුළු පිරිසක් ලංකාවේ බුදු පිලිම කුඩු කරන පැරණි බෞද්ධ නටබුන් විනාශ කරන මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකකරනවා. එවැනි අන්තවාදින් සමග බෞද්ධයින් සමග වෛරයෙන් පසු වන මියන්මාර් අනාථයින් එකතු වුණොත් ආණ්ඩුව නිතර කතා කරන ජාතික ආගමික සමගියට බරපතල හානියක් අනිවාර්රයෙන් වෙනවා.

සරත් ෆොන්සේකා පිලිබඳ අගමැති රනිල් කියූ දේ හරි

සරත් ෆොන්සේකා ඇමතිතුමා මැයි 01 දා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැරෙන තුරු සාටකයෙන් එල්ලා තබන්න ඕනි කියලා. නීතියේ හැටියටනම් වැරදිකරුවෙක්ට මරණ දඬුවම දෙන්නේ පෝරකයට නංවා මිස පැලඳ සිටින සාටකයෙන් ගෙල හිර කරලා නොවේ. මේ සරලව කියන්නේ මහින්දව අහු වුණොත් සාටකෙන් ගෙල හිර කරලා මරණවා කියන එකයි. මැයි 04 දා එතුමා කිව්වා ප්‍රේමකුමාර ගුණරත්නම් කියන්නේ කෙලෙහි ගුණ නැති කෙනෙක්. ජවිපෙ භීෂණ සමයේ ඔහු ත්‍රිකුණාමලයේ ජවිපෙ නායකයා. අපි අල්ලා ගත්තාම බිම දණ ගහලා මට වැඳලා කිව්වේ අනේ මගේ ජීවිතය බේරා දෙන්න කියලා. මම ඔහුගේ ජීවිතය බේරා දුන්නා. මොකද්ද මේ කියන්නේ? මට දණ ගහලා වැන්දේ නැති නම් එදා කුමාර් ගුණරත්නම් මරනවා.

මේ කතා දෙකම ඇහුව්වාම මට කියන්න තියන්නේ එක දෙයයි. ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ සරත් ෆොන්සේකා කියලා අගමැතිතුමා විපක්ෂ නායක කාලයේ කරපු ප්‍රකාශයට මට සීයට දහසක් එකඟ වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

– අරවින්ද අතුකෝරල

2 Responses to “‘ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ සරත් ෆොන්සේකා.. අගමැති රනිල් සාක්‍ෂියි..’ – 1000%ක් එකග වන තවත් සාක්‍ෂි ලැබේ..”

  1. ranjit Says:

    This white flag guy is really a killer if not a thug special kind. He has a revengeful heart with a dangerous mind. His character was exposed during election time in 2010. Actually he is a some sort of a maniac. Because of his bad character he lost all elections. This is a guy who has been rejected by the people. Though he became a minister thru the back door no one likes this individual because of his foul mouth.This guy should be behind bars for all the wrongdoings he has done in the past and helping our enemies abroad. Hope the day will come soon for him to answer allow the negative things he did to our Motherland.

  2. Hiranthe Says:

    He is a sick guy patriots!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress