ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් 
Posted on May 14th, 2017

ආචාර්ය චන්න ජයසුමන  ප්‍රධාන ලේකම්  ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය 

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ගරු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නෝර්වුඩ් ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදු කළ ප්‍රකාශ පිලිබඳ අප සංගමයේ දැඩි අවධානය යොමු වී  ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ නිරීක්ෂණ පහත පරිදි වේ. 

  1. ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා ලෙස එතුමා මෙරට එක් ජනකොටසක් පමණක් ප්‍රසිද්ධ මහජන හමුවක දී ඇමතීම වැරදි පූර්වාදර්ශයකි. එතුමාගේ කතාව උඩරට දෙමළ ජනතාවට හැර රටේ අන් ජනකොටස් සදහා අදාළ නොවේ.
  2. ඉන්දියානු වතු දෙමළ ජනතාව ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන බව පවසමින් එයට අනුබල දීම එකී ජනතාව මෙරට සංස්කෘතියට අවශෝෂණය වීම අධෛර්යමත් කිරීමකි. ඉන්දීය සංස්කෘතිය මෙරට පවත්වාගෙන යෑමේ කිසිදු අවශ්‍යතාවක් අපි නොදකිමු. තව ද මේ අදහස් වත්මන් රජය ක්‍රියාවට නංවනවායැයි පවසන සංහිඳියා ප්‍රතිපත්තිවලට පටහැනිය.  
  3. වතු දෙමළ ජනතාව ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් ලෙස හැඳින්වීම ඉතා වැරදි ප්‍රකාශයකි. එමගින් උඩරට වතු දෙමළ තුළ වැරදි මානසික තත්වයක් ගොඩ නැගේ. සැබවින්ම එම ජනතාව ඉන්දීය ඩයස්පෝරාවක කොටසක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියන් ය. 
  4. ඉන්දීය අගමැතිතුමාගේ සමස්ථ කතාව තුළින් ගම්‍ය වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ වතු දෙමළ  ජනතාව සැලකුවේ අසල්වැසි විදේශ රටක ජන කොටසක් ලෙස නොව ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රාන්තයක ජන කොටසක් ලෙස බවයි. දකුණු ආසියානු රටක දේශපාලන නායකයකු සිය ජන්ද දායකයන් අමතමින් විවිධ පොරොන්දු ලබා දෙන ආකාරයටම ඉන්දීය අගමැතිතුමා නෝර්වුඩ්හි දී විවිධ ප්‍රකාශ නිකුත් කළේය. 

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ඒකරාශී වූ එකී රැස්වීමේ දී ඉන්දීය අග්‍රාමාත්‍යාවරයා සිදු කළ  ප්‍රකාශ මෙරට බෙදුම්වාදයට උල්පන්දම් දීමක් ලෙස ද අපි හඳුනා ගනිමු.  මෙරට ප්‍රධාන සංස්කෘතියට බද්ධ නොවූ ඉන්දීය ඩයස්පෝරාවක් මෙරට කඳුකරයේ පවත්වාගෙන යෑමේ ඉන්දීය උවමනාව අනාගත ශ්‍රී ලංකාවේ තවත් බෙදුම්වාදී ප්‍රශ්නයකට මූල බීජ සපයන බව අපගේ වැටහීමයි. ඉන්දීය දේශපාලන සහ ඔත්තු සේවා මගින් බිහි කළ සහ නඩත්තු කළ උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම් නිසා මෙරට සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාව දස දහස් ගණනක් මියගොස් අතිමහත් දේපළ හානියක් සිදු විය. උතුරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් කඳුකරයේ කිසිදිනක හෝ ඇති නොවීමට වග බලා ගැනීම අප සියලු දෙනාගේ වගකීමයි. 

මේ නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ් හිදී සිදු කල ප්‍රකාශ පිලිබඳ අප සංගමය බලවත් අප්‍රසාදය අතර මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීම මෙරට දේශපාලන නායකයන්ගේ ද වගකීමක් බව අවධාරණය කරමු.

 

One Response to “ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් ”

  1. Christie Says:

    President is just the Coolie of the Indian Empire. You could appeal to Ranil the Kankani or Chandrikaa tha Governor.
    Modi the Indian Emperor has spoken at Norwood.
    ඉන්දියානු පරපෝසිත් මහත්ම ගාන්දි නැමැත්තා 1927 ඇවිල්ල උතුර හා කන්ද උඩරට ඇවිදලා සිහින මවාගෙන ගියා. මෝඩි අදිරදයා දෙවරක් ඇවිත් සැබෑවූ සිහින අමතා ගියා.
    ඉන්දියානු අදිරද මෝඩි ඇවිල්ල ඉන්දියානු වැසියන් අමතලා ගියා. අපි සින්හල මුස්ලිම් හා කිතුනුවන් සමග කෙලගන්නවා.අපි අපිත් කෙලගන්නවා. ඒ අතරේ ඉන්දියානු පරපෝසිතයො සින්හල සන්හාරය කරගෙන යනව.
    Gandhi came in 1927 and dreamt about it. Modi saw the realized dreams. Jai Hind. Nonviolent Genocide of Sinhalese.
    Majority Sinhalese be they are Buddhists, Christians or Muslims should unite and stand up to the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress