සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ
Posted on June 5th, 2017

නලින් ද සිල්වා

 මා දන්නා කියන එක්තරා ක්‍රිස්තියානි විද්වතකු කියා තිබුණා බෞද්ධයන්ට කොපමණ දුන්නත් මදි කියා. ඔහුට ඔහුගේ සංස්කෘතියෙහි ඔලිවර් ට්විස්ට් අමතක වීම පුදුමයක්. මේ අය ක්‍රිස්තියානි වුණේ කෙසේ ද යන්න ම ප්‍රශ්නයක්. ඔවුන්ට අමතක වුණත් ඔවුන්ගේ මුතුන් මිත්තන් බෞද්ධ. ඔවුන්ගේ පරම්පරාවන් යම් අවධියක දී ක්‍රිස්තියානි වූයේ බුදුදහම වැරදි යැයි ද ක්‍රිස්තියානි ආගම හරි යැයි ද අවබෝධ වීමෙන් ද? අප බොහෝ දෙනා යම් ආගමක් අදහන්නේ පරම්පරාවෙන්. ඔබ රටවැසියකු වන්නේ පරම්පරාවෙන් ද ලියා පදිංචියෙන් ද කියා ඇතැම් විට අහනවා. ඔබ යම් ආගමක් අදහන්නේ පරම්පරාවෙන් ද  අවබෝධයෙන් ද හරවා ගැනීමෙන් ද කියා ඇසුවහොත් බොහේ දෙනකුට දීමට සිදු වන පිළිතුර කුමක් ද?

 මා කුඩා කල බෞද්ධ වූයේ පරම්පරාවෙන්. එහෙත් පසුව අධ්‍යාපනය හා දේශපාලනය නිසා මා බටහිර විද්‍යාව ආගම ලෙස සැලකුවා. ඇතැමකු කියන්න පුළුවන් විද්‍යාව ආගමක් නොවේය කියා. එහෙත් ඔවුන් විද්‍යාව විශ්වාස කරනවා. විද්‍යාඥයන්ටත් නොපෙනෙන දේ ඇතැයි කියා විශ්වාස කරනවා. මා පසු කලක බටහිර විද්‍යාවේ දොස් දැක බුදුදහම වෙත නැඹුරු වී යම් අවබෝධයකින් බෞද්ධයකු වුණා. ඒ දැනට අවුරුදු තිස්පහකට පමණ ඉහත දී. එහෙත් අර විද්වතා ක්‍රිස්තියානි වී ඇත්තේ පරම්පරාවෙන්. ඔහු බටහිර විද්‍යාවත් විශ්වාස කරනව  විශ්වවිද්‍යාලයේ බටහිර විද්‍යාව ඉගැන්නුවා. එහි විසංවාදයක් නැහැ. බටහිර විද්‍යාවත් ක්‍රිස්තියානි. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙනවා. බෞද්ධයන් විද්‍යාව විශ්වාස කරන්නේ ඇයි ද යන්නට දිය හැකි පිළිතුර ක්‍රිස්තියානි අධ්‍යාපන ආධිපත්‍යය මිස වෙන එකක් නො වේ. ඊනියා බෞද්ධ විද්‍යාඥයන් කියනවා ද බටහිර විද්‍යාව සත්‍යය කියා.  

 අද ඇතැම් දේශපාලනඥයන් බෞද්ධකම අත්හැර ක්‍රිස්තියානි වෙලා. එහෙත් ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. පසුගිය කාලයේ ඔවුන් යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානි වූවන්, යෙහෝවාගේ සාක්‍ෂි කරුවන් වූයේ කෙසේ ද? ඔවුන් එසේ ක්‍රිස්තියානියට හරවා ගනු ලැබුයේ කෙසේ ද? ඔවුන් බුදුදහම වැරදි බවත් ක්‍රිස්තියානිය හරි බවත් කියන්නේ ද? අර විද්වතාගේ පරම්පරාවේ කිසිවකු ඉහත දී බුදුදහම අත්හැර ක්‍රිස්තියානි වූයේ කෙසේ ද? ඒ විද්වතාගේ පරම්පරාවේ අය ක්‍රිස්තියානි වී ඇත්තේ ඉංගිරිසින්ගේ කාලයෙහි. එකල මෙරට රාජ්‍යාගම ඇංග්ලිකන් ක්‍රිසාතියානි. වරප්‍රසාද ලැබීමට ක්‍රිස්තියානි වීම සුදුසුකමක් වුණා. අදත් එහෙමයි. අද කතෝලිකයන්ටත් වෙනත් ක්‍රිස්තියානි ආගම්වලට හරවා ගැනීම ප්‍රශ්නයක් වෙලා. බෞද්ධයනට අවශ්‍ය එක් දෙයක් වනුයේ මෙසේ බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම නැවැත්වීම. එහෙත් කිසිවකු කියන එකක් නැහැ තමන් මෙකල ක්‍රිස්තියානි වූයේ වරප්‍රසාද හා වෙනත් සදාචාරාත්මක නොවන දේ මත පදනම් ව කියා. එහි නෛතික ප්‍රශ්නයක් ඇති බව අපට වැටහෙනවා. එකල නම් එය ප්‍රශ්නයක් වූයේ නැහැ. ඉංගිරිසි පාලනය යටතේ ඇතැමුන් ක්‍රිස්තියානි වූයේ ඇයි ද කියා කවුරුත් දැන සිටියා.

 කවුරුන් හරි අහන්න පුළුවන් සියවස් ගණනකට පෙර සිංහලයන් බෞද්ධ වුණේත් රාජ්‍ය අනුග්‍රහ යටතේ නොවෙයි ද කියා. යටත්විජිතවාදයට පෙර මිනිසුන් ආගම්වලට හැරුණේ එක්කෝ කඩුවට බියෙන්, නැත්නම් පූජකයන්ගේ වැරදි දැකීමෙන්, එහෙමත් නැත්නම් තම අසරණ බවෙන් ගැලවීමට. ලෝකයේ කවදත් වැඩි පීඩිතයන්, අසරණයන්. යමකු ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඒ පීඩිතයන් හා සමාජ පීඩනයට විරුද්ධ අය ඒ තැනැත්තා සරණ යනවා. ඒ බොහෝ විට ඒ භවයෙහි දී ම පීඩිත බවෙන් මිදීමට, නැත්නම් ඊළඟ භවයේ දී මිදීමට. ක්‍රිස්තියානිය ද ඇතුළු බොහෝ ආගම්වල සසරක් නැති වුවත් ඊළඟ භවයක් ගැන කියැවෙනවා. ඒ ස්වර්ගය, අපාය වෙන්න පුළුවන්. ඒත් ඒකත් තවත් භවයක්. ඇතැම් ආගමික ශාස්තෘවරුන් දෙසූ ගැඹුරු දහමක් නැති වුවත් මිනිසුන් ඔවුන්ට කැමති ඔවුන් පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටි නිසා.

 අද ඇතැමුන් චේ ගෙවාරාට කැමති ඇයි. ඔහු පීඩිතයන් අසරණයන් වෙනුවෙන් පෙනී සිටි නිසා. ජ වි පෙ චේගේ නාමයෙන් තමන්ට හා පීඩිතයන්ට විමුක්තිය අත්කර ගැනීමට වෙනත් අය මැරුවා. ඇතැමුන් මාක්ස්ට ලෙනින්ට ස්ටැලින්ට ට්‍රොට්ස්කිට කස්ත්‍රෝට කැමති එකී අය පීඩිතයන්ට යම් විමුක්තියක් අත්කර දීම වෙනුවෙන් පෙනී සිටි නිසා. මේ ඊනියා විමුක්තිය වෙනුවෙන් ආගමික වශයෙන් හරි දේශපාලන වශයෙන් හරි මරා දැමූ සංඛ්‍යාව කෝටි කෝටි ගණනක්. ක්‍රිස්තියානිය (කතෝලික ද ඇතුළුව) ව්‍යාප්ත කිරීම සඳහා මාක්ස්වාදී විමුක්තිය ලබා ගැනීම සඳහා  මෙරට වුවත් 1505 (6) න් පසු කී දෙනකු මරා ඇත් ද?

 එහෙත් මෙරට හෝ පිටරට බුද්ධාගම ව්‍යාප්ත කිරීම සඳහා කිසිවකු මරා දමා ඇත් ද? මිනිසුන් බෞද්ධයන් වී වරප්‍රසාද ලබා ගෙන ඇත් ද? බුදුදහමේ අසරණයන් කියන්නේ වෙනත් ම පිරිසකට. අනේපිඬු සිටාණන් ද බුදුදහමට අනුව අසරණයෙක්. මේ අසරණ බව ඇත්තෙ සසරෙහි අතරමං වීම නිසා. බුදුන් වහන්සේ විසාකාවටත් සෝපාකටත් කොසොල් රජුටත් සුනීතටත් දෙසුවේ එකම දහම. ඔවුන් තම අසරණ කමට බුදුන් සරණ ගියේ සසරින් එතරවීමට. අප තේරුම් ගත යුතු කරුණ නම් ඔවුන් සියල්ලන් ම අසරණයන් බව. බුදුන් වහන්සේ සෝපාක රජ දරුවකු කරන්න ගියේ නැහැ. රහල් කුමරු රජ කමෙන් මුදා ගත්තා. බුදුන් වහන්සේ රජවරු සිටාණන් නැති කර ජනතාවට විමුක්තිය ලබා දෙන්න මුල් රහතන් වහන්සේ හැටඑක් නම පිටත් කර හැරියේ නැහැ.  රජ වීමත් අසරණ වීමක්. රජවරු බුදුදහමට අනුව පාලකයන් නොව භාරකරුවන් පමණයි. රජකම යනු රජවරුන්ගේ රාජකාරිය. අද දේශපාලනඥයන් බෞද්ධ කමෙන් බොහෝ ඈත් වෙලා. බුදුදහමේ අසරණකම යනු ඊනියා පීඩිත පන්තියකට අයත් වීම නො වේ. අප තිසරණ සරණ යන්නේ සසරින් මිදී අපේ අසරණකම නැති කර ගන්නට. අපට නැවත ඉපදීම නැති කර ගැනීමට අවශ්‍යයයි. බ්‍රහ්මන් සමග එක් වී හෝ ස්වර්ගයෙහි ඉපිද හෝ අමරණීයත්වයට පත් වීම අපේ අරමුණ නො වෙයි.

 තිසරණ සරණ ගියත් අපට සසරින් එතෙර විය හැක්කේ අපේ ම වීර්යයෙන්. දෙවියන්ට හෝ බ්‍රහ්මයාට හෝ අප සසරින් එතෙර කරන්න බැහැ. බුදුන් වහන්සේත් කෙළේ මග පෙන්වීම පමණයි. ඒකෙන් කියන්නේ නැහැ ලෞකික අරමුණු වෙනුවෙන් අප අනෙක් අයගෙන් ආධාර ගන්නේ නැහැ කියා. එහි දී වෙනත් මිනිසුන්ට මෙන් ම දෙවියන්ට ද අපට උපකාර විය හැකියි. අන්‍යාගමිකයන්ට මේ ටික තේරෙන්නේ නැහැ. සමහර පඬි බෞද්ධයන්ටත් තේරෙන්නේ නැහැ. 

 සිංහලයන් එක් රැයෙන් බෞද්ධ වූයේ නැහැ. එයට සෑහෙන කාලයක් ගියා. විශේෂයෙන් ම යක්‍ෂ ජනතාව බෞද්ධ වීමට කාලයක් ගත්තා. එහෙත් කවුරුන්වත් යක්‍ෂ ජනතාවට බළ කළේ නැහැ බෞද්ධයන් වීමට. බෞද්ධයන් වූ පසු යක්‍ෂ ජනතාව බෞද්ධකම අත් හැරියේත් නැහැ. අදත් මෙරට සිංහල බෞද්ධකම රැකෙන්නේ කිහිප දෙනකු ළඟවත් මේ යක්‍ෂ ගතිය (සංස්කෘතිය) තිබෙන නිසා. ඉන්දියාවටවත් බටහිරයන්ටවත් නැති කිරීමට බැරි වූයේ මේ යක්‍ෂ ගතිය. චීනුන්ටත් එය නැති කරන්න බැහැ.

 බෞද්ධයන්ට දිනා ගැනීමට ඇති දේ අපමණ බව අර විද්වතාට කිව යුතුයි. රනිල් සිටිනා තෙක් අපමණ අගයක් දීමට බලයට පත් වූ යහපාලන පාලකයන්ගෙන් ඒ කිසිවක් ලැබෙන්නේ නැහැ. ඉතා කෙටියෙන් කිව යුත්තේ 1840 පමණ සිට 1972 දක්වා ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම වූ කාලයේ බෞද්ධයනට නැති වූ දේ අපමණයි. ඉන් පෙරත් 1505(6) සිට බෞද්ධයනට බොහෝ දේ නැති වී තිබෙනවා. බෞද්ධයනට ඒ සියල්ල දිනා ගැනීමට අවශ්‍යයයි. විද්වතාට හෝ වෙනත් අයකුට හෝ ඒ සියල්ල දැන ගැනීමට අවශ්‍ය ද?

 ඉංගිරිසි ආණ්ඩුවත් පිළිගත් කරුණක් තිබෙනවා. මේ රට බුදුන් වහන්සේට කිහිප වරක් පිදූ රටක්. මෙහි වෙනත් ආගමික සිද්ධස්ථාන ඇති කිරීමට නම් අවසර ගත යුතුයි. ඒ බුදුන් වහන්සේ ජේතවනය පිළිබඳ අනුගමනය කළ ප්‍රතිපත්තිය. කොසොල් රජු එය පිළිගත්තා. ඉංගිරිසි ආණ්ඩුවත් ලංකාවේ දී එය පිළිගත්තා. බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථානයක් ඉදි කරන්නේ නම් ඒ සඳහා ආණ්ඩුකාරයාගෙන් අවසර ගත යුතු බවට නීතියක් තිබෙනවා. මා නීතිඥයන්ට මේ ගැන කියා ඇති මුත් ඔවුන් ඒ නීතිය ඇත්තේ කොතනක දැයි සොයා ගැනීමට උනන්දු වන්නේ නැහැ.

 අප අර විද්වතාට කියන්නේ ආණ්ඩුව අඩු තරමෙන් එ නීතියවත් ක්‍රියාත්මක කරන්නේ නම් මෙරට ආගමික ප්‍රශ්න අඩු වන බවයි. ඒ අතර ආගම්වලට හරවා ගැනීම පිළිබඳ පනත චම්පකගේ අවධානය යොමු විය යුතුයි.

 

නලින් ද සිල්වා

 2017 ජූනි 05

2 Responses to “සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ”

  1. Ananda-USA Says:

    Dear Nalin,

    Indeed, I AGREE that “Adath me ratey Sinhala Bauddha-kama rakenney kihipa deneyku langawath mey yaksha-gathiya (sanskruthiya) thiyena nisai”!

    I, myself, have often said this IN ANOTHER WAY about MYSELF and other PATRIOTIC Sinhala Buddhists: that I am FIRST & FOREMOST a Sinhala Warrior defending my people and ONLY SECOND am I a Buddhist Upasakaya!

    It is the Sinhala Warriors who ENABLE & ENSURE the SURVIVAL of the Buddhist Upasakayas!

  2. Ananda-USA Says:

    This very same ETHOS of the role of yhe Sinhala Warrior protecting the Buddhist faithful is CLEARLY stated in the Movie “Maharaja Gamunu” recently broadcast on National TV in Sri Lanka.

    It is stated in a reply by Nandimithra yodaya when he is first introduced to the young Gamunu kumaraya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress