“මේ ලැජ්ජා නැති වැඩේ දැන්වත් නවත්වන්න”  -කැෆේ සංවිධානය ස්වදේශ ලේකම් නීල්  ද අල්විස්ට කියයි.
Posted on June 6th, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

‍රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින්  ස්වදේශ සේවා යනුවෙන් ටීෂර්ට් සහ බෑග් මුද්‍රණය කර   ගංවතුර සහනාධාර බොදැහැරීමේ නිලධාරින්ට ඇන්දවීම   වහාම නවත්වන ලෙස කැෆේ සංවිධානය  ඉල්ලා සිටියි. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙම ඉල්ලීම කර තිබේ. 

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව එම ගිපියේ දැක්වෙයි.  මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇති බව මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

අදාල ලිපිය පහත දැක්වෙයි 

2017 ජුනි 06 වනදා 

නීල් ද අල්විස් මහතා,

ලේකම්,

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,

කොළඹ 7.

ගරු ලේකම්තුමනි, 

ග්රාම නිලධාරිවරුන් විසින් එක් රැස් කළ පරිත්යාගශීලීන්ගේ භාණ්ඩ

 ‘ස්වදේශ කටයුතු බෑග් / ටී ෂර්ට්,    අමාත්යාංශයේ සන්නාමය සමග බෙදා හැරීම

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවකි.  මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇත.

රුපියල් ලක්ෂ 24 ක් පමණ වැය කොට ටී ෂර්ට් මුද්‍ර‍ණය කොට තවත් රුපියල් ලක්ෂ 4 කට වැඩි මුදලකින් ‘ස්වදේශ කටයුතු‘ අමාත්‍යාංශය ප්‍ර‍වර්ධනය කර ගැනීම රටේ ජාතියේ අවාසනාවකි.  මැතිවරණ සමයේ ජනතා බදු මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදීමටත් වඩා ජනතාව සිය කැමැත්තෙන් ලබා දෙන භාණ්ඩ, තමන්ගේ යැයි හැගෙන පරිදි පත්‍රිකා අච්චු ගසමින් බෙදා හැරීම ලැජ්ජා සගහත ක්‍රියාවකි.  අවමන් සහගත ව්‍යවහාරයකි.  රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීමකි.  ජනතා සේවයට කැපවූ පරිපාලන සේවයේ ගෞරවය බිද දැමීමකි.

අනුන්ගේ මුදලින් තමන් ප්‍ර‍වර්ධනය කිරීම වැලැක්වීම සදහා වත්මන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අද ඉහළ තනතුරු දරන දේශපලනඥයින් බහුතරයකුත් 2015 ජනවාරි 8 දා ජනවරමක් ලබාගත්තේය. 

අවසනාව නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ ජනවරමට පිටුපා පසුගිය රජය යටතේ මැතිවරණ සමයේ දී සිදු කළ ආකාරයටත් වඩා ලැජ්ජා සහගත, අවමන් සහගත, පිළිකුල් සහගත ක්‍රියාවක රාජ්‍ය සේවකයින් දිගින් දිගටම යෙදවීමයි.  ඒ සදහා රුපියල් ලක්ෂ 28කට වැඩි මුදලක් වැය කිරීමයි.

රාජ්‍ය සේවකයින් විපතට පත්වූවන් වෙනුවෙන් භාණ්ඩ රැස්කළේ, ඒවා බෙදා දෙන්නට ගියේ තමන්ගේ නිවසේ තිබූ දේ ද රැගෙනය.  බොහෝ දෙනා ආපසු නිවෙස් බලා ආවේ, තමන් ඇදි වත හැර සියල්ල විපතට පත්වූවන්ට ලබා දීමෙන් පසුවය.  රාජ්‍ය සේවයේ වදකාගාරය ලෙස ඔබගේ අමාත්‍යාංශය රාජ්‍ය සේවකයින් විසින්ම හදුන්වාදෙන බව ඔබ නොදන්නවා විය නොහැකිය.  ගංවතුරෙන් විපතට පත්වූ පිරිස් පමණක් නොව සහන සේවා සදහා එක් වූ පිරිස් ද ඔබ අමාත්‍යාංශයේ මේ නාස්තිකාරී, අශිලාචාර කටයුත්ත පිළිබද එළිපිටම විරෝධය පළ කළේය. 

මේ රටේ බහුතර ජනතාව පිළිකුල් සහගත ලෙස ප්‍ර‍තිකේෂප කළ අනුන්ගේ මුදලින් තමන්ට ලකුණු දමා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය ද, ජනතා බදු මුදලින් පුද්ගල ප්‍ර‍වර්ධනය වෙනුවෙන් ඔබ වැනි ජ්‍යෙෂ්ඨ වගකිවයුතු නිලධාරියෙකු කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි.  

මෙම ලැජ්ජා සහගත ව්‍යවහාරය තවදුරටත් සිදු වන්නේ එය පරාජය කිරීම සදහා මෙරට සියළු පුරවැසියන් පෙළ ගැස්වීමට අප කිසිලෙසකින් හෝ පසුබට නොවන බව ද අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙයට විශ්වාසී,

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

 

 

2017 ජූනි 6

 

 

පිටපත් –     ජනාධිපති ලේකම්තුමා                             අග්‍රාමාත්‍ය ලේකම්තුමා

                   ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය   සියලුම දිස්ත්‍රික් ලේකම්වරු

                   සියලුම ප්‍රාදේශිය ලේකම්වරු                 සියලුම ජනමාධ්‍ය 

 

One Response to ““මේ ලැජ්ජා නැති වැඩේ දැන්වත් නවත්වන්න”  -කැෆේ සංවිධානය ස්වදේශ ලේකම් නීල්  ද අල්විස්ට කියයි.”

  1. Ananda-USA Says:

    SL VLOG in the June 4, 2017 video disclosed that Ravi Karunanayake as Finance Minister had paid 20 SELECTED UNP Ministers Rs 150,000 per month from the funds of the Finance Ministry.

    This payment to Ravi’s “Cabinet within the Cabinet” was not the regular salary of the Ministers but a payment made secretly.

    Apparently, when this was EXPOSED after the recent Cabinet Reshuffle, other Cabinet, Appointed and State Ministers outside this Ravi’s Personal Cabinet have become angry like a nest of HORNETS that they had not been paid the same Rs 150,000 as the selected 20 Ministers of Ravi’s own “Cabinet within the Cabinet”

    This SECRET PAYMENT without APPROVAL by Parliament and without a Gazette Notification represents a CRIMINAL ACT of THEFT on a GRAND SCALE!

    This PAL HORA should be indicted for Misappropriation of Government Funds, PROSECUTED, CONVICTED and IMPRISONED for a long time.

    If this ALLEGATION is TRUE, Ravi Karunanayake should NOT BE ALLOWED to serve as the Foreign Minister of Sri Lanka for ONE MORE DAY!

    Furthermore, those 20 Ministers who ACCEPTED Rs 150,000/month BRIBE under the Table, should be FIRED and CONVICTED as well!

    Will Aiyoooo SIRISENA CONTINUE PREACHING yahapalanaya homilies to us without taking action on this as he did on the BOND SCAM, or WILL HE UPHOLD THE LAWS OF THE LAND? I will give you only ONE GUESS!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress