ගං වතුරින් හා නායයෑම් වලට ලක් වු ප‍්‍රදේශයන්හි සියලූ සමෘද්ධි ණයකරුවන් හට ණය
Posted on June 6th, 2017

Samurdhi Development Officers Union 

සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්,
එස්. බී. දිසානායක මැතිතුමා,
සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්යාංශය,
සෙත්සිරිපාය.

ගරු අමාත්යතුමනි,

ගං වතුරින් හා නායයෑම් වලට ලක් වු රදේශයන්හි සියලූ සමෘද්ධි ණයකරුවන් හට ණය සහන කඩිනම් කරන මෙන් ඉල්ලා සිටීම.

පසුගිය සතියෙහි දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකට ඇද හැලූනු දාරාණිපාත වර්ෂාව හේතුකොට ගෙන ගංවතුරින් හා නායෙයෑම් හේතුවෙන් දිස්ත‍්‍රික්ක 07 විශාල ජනතාවක් ඇදිවත පවා අහිමිව අවතැන්ව සිටි බව සැවොම දන්නා කරුණකි.

ආපදාවට ලක් වු සෑම දිස්ත‍්‍රික්කයකම අවතැන් වු ජනතාව අතර අඩු ආදායම්ලාභී විශාල ජනතාවක් සිටි අතර මෙම ආපදා තත්වය හමුවේ ඔවුන් පැවති ආර්ථික තත්වයෙන් කබලෙන් ලිපට ඇද වැටී ඇත. ගාල්ල,මාතර, කලූතර හා රත්නපුර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව වතු හා වෙනත් කෘෂි ආශ‍්‍රිත රැකියාවන්හි නිරත වු අතර විශාල අඩු ආදායම්ලාභී ජනතාවක් සමෘද්ධි බංකු මගීන් ණය ලබා ගෙන විවිධ වු ස්ව්‍යං රැකියාවන්හි නිරතව සිටි අතර මෙම අපදා තත්වයෙන් ඒ සියල්ල ඔවුනට අහිමිව ගොස් ඇත.

මෙවැනි තත්වයකදී සමෘද්ධි බැංකු මගීන් ජනතාව ලබා ගෙන ඇති සියලූ ණය මුදල් ණය සංරක්‍ෂණ හා සමුහ සංරක්‍ෂණ අරමුදලින් අය කර ගැනීමේ හැකියාව පවතින අතර බව අප මෙයින් මතක් කර සිටින අතර එය කඩිනම් කර සියලූ ණය එකී අරමුදලින් අය කර ආපදාවට පත් සියලූ ජනතාව වෙත අදාල ණය සහනය ලබා දෙන මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටින්නෙමු. 

තවද මෙවැනි වු ඛේදනීය පසු බිමක සිය ආර්ථික තත්වය නංවා ගැනීම සදහා යම් කාලයක් ගත වන අතර ඇදි වත පවා අහිමි වු එකී ජනතාව හට සිය ජීවිතය යලි යථා තත්වයට ගොඩ නැංවීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර කඩිනම් ආර්ථික උත්පාදන විශේෂ වැඩසටහන් ක‍්‍රියාවට නංවතැයි අප අපේක්‍ෂා කරන්නෙමු. 

ස්තූතියි.

මෙයට,

චාමර මද්දුම කළුගේ,

රධාන ලේකම්. – 071 4710060

 

පිටපත – 

  1. ලේකම්, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්යාංශය..
  2. අධ්යක් ජනරාල්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෙත්සිරිපාය   – ..
  3. අධ්යක් ක්ෂද් මුල්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෙත්සිරිපාය   – ..

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress