පච රණවක ඇත්තටම ඉංජිනේරුවෙක්ද.. මහා ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් යොදා උත්තර දෙන්න ප‍්‍රශ්න තුනක්..
Posted on June 6th, 2017

– අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඉංජිනේරුවරයෙකු බව කියන පරිසරවේදියෙකු බව කියන ගරු පා ච රණවක ඇමතිතුමා දකුණු අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස ක්‍රියා කරපු නිසා දකුණේ ගං වතුර ඇති වුණු බවට අරුම පුදුම ප්‍රකාශයක් කළා. එතුමාගේ ඒ ප්‍රකාශයත් සමග එතුමා ඇත්තටම ඉංජිනේරුවෙකුදැයි ප්‍රශ්නයක් මතු වෙනවා. එතුමාගේ ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් අපි වැනි අඳුරේ සිටින ජනතාවට ලබා ගැනීමට එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.

අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස වැසි දිය රඳවා ගත්තා නම් ජල ගැලීම් සිදු විය යුත්තේ අධිවේගි මාර්ගයට ඉහළින් ඇති ප්‍රදේශ වලටයි. නමුත් වැඩිම හානිය සිදු වුණේ අධිවේගි මාර්ගය සහ වෙරළ අතර තීරුවටයි. එසේ වුණේ කොහොම ද?

අධිවේගි මාර්ගය නොතිබෙන රත්නපුර අයගම සහ දෙනියාය වැනි ප්‍රදේශ වලට වැඩිම හානියක් සිදු වුණේ කොහොමද?

2003 අධිවේගි මාර්ගයක් නොතිබුණත් ජල ගැලීමේ දී මෙවැනිම හානියක් සිදු වුණේ කොහොමද?

ජල ගැලීමෙන් මෙතරම් හානියක් සිදු වුණේ අධිවේගි මාර්ගය නිසා කියලා අපි මොහොතකට සිතමු. කවුද ඒකට වග කියන්න ඕනෑ. පාරිසරික බලපෑම් ඇගයීම අනුමත කරලා අධිවේගි මාර්ගය හදන්න අවසර දුන්නු පරිසර ඇමතිවරු.

2006 අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් ආරම්භ වන විට පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.

2007 – 2010 අධිවේගි මාර්ගයේ වැඩිම වැඩ කොටස ඉටු කලේ චෝදනා නගන පා ච රණවක මැතිතුමා පරිසර ඇමති කාලයේ.2011 දී අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන විට පරිසර ඇමති අනුර යාපා මැතිතුමා.

මේ නිසා අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදු වෙලා තිබෙනවා නම් ඒකට වග කියන්න ඕනෑ පරිසර ඇමතිවරු තුන් දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. අපේ පැත්තට දිගු කරන ඇගිල්ල තමන්ටම දිගුකරගන්න වෙනවා ඇමතිතුමෝ කියලයි අපිට කියන්න වෙන්නේ.

තමන්ගේ බැරි කම වසා ගන්න අධිවේගි මාර්ග හදනවා ද නැද්ද කියා යළි සලකා බැලිය යුතුයි කියා පා ච රණවක ඇමතිතුමා කියනවා. ජල ගැලීම් සහ නාය යෑම් වලට අධිවේගි මාර්ග බලපානවා නම් ඒකට උත්තරේ අධිවේගි මාර්ග නැවැත්වීම නොවේ. තෙත් කලාපය තුල දී කුළුණු මත අධිවේගි මාර්ග ඉදි කිරීමයි. වියදම 20%කින් පමණ ඉහළ ගියත් කුළුණු මත ඉදි කිරීමෙන් ජල ප්‍රවාහයට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නෑ. ඒ නිසා කොළඹ – නුවර අධිවේගි මාර්ගය කුළුණු මත ඉදි කරන්න යැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

3 Responses to “පච රණවක ඇත්තටම ඉංජිනේරුවෙක්ද.. මහා ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් යොදා උත්තර දෙන්න ප‍්‍රශ්න තුනක්..”

  1. Ananda-USA Says:

    SL VLOG in the June 4, 2017 video disclosed that Ravi Karunanayake as Finance Minister had paid 20 SELECTED UNP Ministers Rs 150,000 per month from the funds of the Finance Ministry.

    This payment to Ravi’s “Cabinet within the Cabinet” was not the regular salary of the Ministers but a payment made secretly.

    Apparently, when this was EXPOSED after the recent Cabinet Reshuffle, other Cabinet, Appointed and State Ministers outside this Ravi’s Personal Cabinet have become angry like a nest of HORNETS that they had not been paid the same Rs 150,000 as the selected 20 Ministers of Ravi’s own “Cabinet within the Cabinet”

    This SECRET PAYMENT without APPROVAL by Parliament and without a Gazette Notification represents a CRIMINAL ACT of THEFT on a GRAND SCALE!

    This PAL HORA should be indicted for Misappropriation of Government Funds, PROSECUTED, CONVICTED and IMPRISONED for a long time.

    If this ALLEGATION is TRUE, Ravi Karunanayake should NOT BE ALLOWED to serve as the Foreign Minister of Sri Lanka for ONE MORE DAY!

    Furthermore, those 20 Ministers who ACCEPTED Rs 150,000/month BRIBE under the Table, should be FIRED and CONVICTED as well!

    Will Aiyoooo SIRISENA CONTINUE PREACHING yahapalanaya homilies to us without taking action on this as he did on the BOND SCAM, or WILL HE UPHOLD THE LAWS OF THE LAND? I will give you only ONE GUESS!

  2. ranjit Says:

    Ananda it was told by several news papers and in T.V. so now the whole country knows about it. This is the truth. The two spineless leaders have bribed each and everyone​ to keep them in the Yamapalanaya whether right or wrong on issues currently facing the country. They damn care about the people, country or the religion. The thieves in the Yamapalanaya must be investigated and arrested for the crimes against our citizens and the country. Their under the table deals should be exposed to the public without fear. Damn these Yamapalanaya crooks.

  3. aloy Says:

    Enough is enough. The citizens should petition UN not to allow any of the GOSL members in future international fora unless this issue is addressed withing a given time frame and action taken. They should not be allowed to steal from government coffers and put burden on citizenry.
    It appears the whole lot are bunch of thieves protecting each other.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress