එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.
Posted on June 13th, 2017

Herold Leelawardena

ඉංගිරිසින් අැමරිකානුවන් සහ නියෝකොන් බටහිරයන් එකතුව අැෆ්ගනිස්තානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ අද සිරියාවෙත් යුද ගිනි අවුලවා සාමාන්‍ය මුසල්මන වැසියන් ලක්ෂ ගනනක් මරා දැම්මා. බටහිරයන් විසින් මිලියන ගනනක සරනාගතයන් මැද පෙරදිග රටවල බෝ කලා. අසරණවු මුස්ලිමුන් යුරෝපය රටවලට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ත්‍රස්තවාදයත් බැට කා නැති යුරෝපයටත්  ත්‍රස්තවාදය සාමාන්‍ය දෙයක් බවට පත් උනා.

බිරිතානියට බෝම්බ කිහිපයය් පත්තු  උනේ  බිරිතානි අගමැති මුස්ලිම් ත්‍රස්තවාදයට  enough is enough” කියනවා. ලංකාවෙ අපි වසර 30ක් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදයෙන් බැට කෑවා. ලංකාවෙ සිය ගනනක් බෝම්බ පත්තු උනා දහස් ගනනක් මලත් බිරිතානිය ලංකාවෙ ත්‍රස්තවාදයට කවදාවත් enough is enough”  කිව්වේ නැහැ. නියෝකොන් බටහිරයන් හැමදාම අපට කීවේ සාකච්චා මගින් ප්‍රශ්ණ බේරා ගන්නා ලෙසය්.

වහබ්වාදය යනු සවුදියේ අදහන මූලධර්මවාදි ඉස්ලාම් අාගමික කොටසය්. 1973 දී සවුදියට තෙල් සල්ලි වැහි වැහීමත් සමග සවුදි රජය විසින් වහබි මතවාද ප්‍රචලිත කිිරීමට වහබි විශ්ව විද්‍යාල පිහිටෙව්වා. සෑම රටකට මෙන්ම ලංකාවේත් තෝරා ගත් මුස්ලිම් ගැටයින්ට එහි ශිෂ්‍යත්ව දුන්නා. 1980 සිට සවුදියේ සහ ඊජිප්තුවේ පුහුනු කල තව්හීද්ලා ලංකාවේ මද්රාසා මතින් වහබ් වාදය ව්‍යාප්ත කලා.

1990 වෙනකොට ඉස්ලාම් අන්තවාදය ලංකාවේ ඉස්මුරුත්තුවටම නැගල ඉවරය්. මේ වන විට ලංකාවේ මුස්ලිම් අන්තවාදය බිරිතානියේ මුස්ලිම් ත්‍රස්තවාදයට වඩා ලියලා මෝරා ගොස් අැත. අප කුඩා කල දුටු ඔලුව සාරි පොටෙන් වහගන ගන යන සම්ප්‍රදායික මුසල්මන ගැහැනු ද නැත. අද පාරෙ ගියත් අැපලෝ ගියත් දකින්නේ බිල්ලො සහ ලෝගු ලා ගත් රැවුල් කාරයිනුය්.

1990 සිට ACJU වහබියන් සූෆි මුසල්මානුවන් සමග ගැටුම් පටන් ගත්තා. අබ්දුල්ලා RAH නම් සූෆි සාන්තුවරයෙක් කාතන්කුඩි සූෆි මධ්‍යස්ථානයට/පල්ලියට බොම්බ ගැහුවා. චන්ද්‍රිකාගෙ කාලේ වහබියන් විසින් රට පුරා පිහිටි සූෆි මුස්ලිම්වරැන්ගේ පල්ලි, ගෙවල් සහ ව්‍යාපාර දිගින් දිගටම ගිනි තිබ්බා. බේරැවලදී සූෆි වරැ ගහ මරා දැම්මා. 2006දී අබ්දුල්ලා මලා. වහබියන් පල්ලියේ මිහිදන් කල ඔහුගේ මිනිිය ගොඩ දැම්මා. කාතන්කුඩියේ මහා හර්තාලයක් පවත්වා භීෂණයක් පැතිරෙව්වා. පත්තර ඒවා වැහුවා. යහපාලනය අද කතා කරන්නේ ඥාණසාරගේ සිංහල අන්තවාදය ගැනය්. අද ඊයේත් මඩකලපුවේ සූෆි පල්ලියකට පහර දිලා.  අැත්තටම තව්හීද්, සූෆි ගැටුම ගැන වෙනම ලිය යුතු තරමටම අද වෙනකොට ලංකාවේ මුස්ලිම් මුස්ලිම් ගැටුම් උග්‍ර වෙලා.

නාලන්ද වැනි බෞද්ධ අාගමික සිද්ධස්ථාන ගිනි තිබ්බෙත් බාමියන් පිළිම පුපුරවා දැම්මෙත්  අන්තවාදී මුසල්මනයන්. ඉන්දුනීසියාවෙ හින්දු කොවිල් සහ බෞද්ධ සිද්ධස්ථාන කඩා දැම්මෙත් අන්තවාදී මුසල්මනයන්. ඊජිප්තුවේ ක්‍රිස්තියානු කොපිට් පල්ලි කඩන්නෙත් ගිනි තබන්නෙත් මුස්ලිම් බ්‍රදර්හුඩ්ලා. යුරෝපයට ගහනකන්ම බටහිර තානාපතිලා එවැනි ත්‍රස්ත ක්‍රියා අන්තවාදීන්ට බැර කලා. දැන් කියනවා enough is enough” ලු. මුස්ලිමුන්ට අැසිමිලේට් වෙන්නලු.

ඉතිහාසය පුරාම අාබ්‍රහම් අාගම් (ජුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම්) අදහන්නන් ගහ මරා ගත්තා. බලහත්කාරයෙන් තම අාගමට හැරවීම, පල්ලි කැඩීම, පිළිම කැඩීම මුසල්මනයන්ගේ සහ ක්‍රිස්තියානුවන්ගේ පුරැද්දය්. යුරෝපයේ අාගමික ‘dark ages’ සමයේදී ක්‍රිස්තියානුවන් විසින් තමන්ගෙ කොටසට අයත් නොවන ක්‍රිස්තියානුවන් සහ වෙනත් අාගමිකයන් කෝටියක් වත් මරා දමා අැතැය් ඉතිහාසඥයන් පැහැදිලිව කියා තිබෙනවා. නමුත් බිරිතානී තානාපති සිංහල බෞද්ධයන්ට අැඟිලි දිගු කරන්නේ හරියට උන්ගෙ රටේ සුද්දො බුදු (ජීසස්) වෙලා වගේය.

මේ වන විට මුසල්මනයන් විසින් කඩා විනාස කර හෝ අත්පත් කොරගෙන අැති ලංකාවේ බෞද්ධ වෙහෙර විහාර සහ පුරා වස්තු සහ ඉඩම් ප්‍රමාණය ඔය කියන අලාබ කර අැති මුස්ලිම් පල්ලි වලට වඩා බෙහෙවින් වැඩිය. දෙපිටකාට්ටු කමේ මහත, මුස්ලිම් ජඩ ක්‍රියා සිදු වෙන්නෙ තමන්ගෙ රටේ නෙවෙය් නම් ඒවා ගැන බිරිතානී තානාපතිට වගේ වගක් නැත.

සිංහල බෞද්ධ අපි හැමදාම ඉස්ලාමිකයන්ටත්, හින්දුන්ටත්, ක්‍රිස්තියානුවන්ටත් මනුෂ්‍යයන් හැටියට තමන්ගේ අයට මෙන් සැලකුවා. වෙනසක් කලේ නැහැ. පරංගින් විසින් හම්බයන් පන්න පන්නා මරන්න පටන් ගත් විට 1626 දී සිංහලේ සෙනරත් රජු ඔවුන් බේරා ගෙන නැගෙනහිර පදිංචි කලා.

නමුත් මුසල්මන එකමුතුව (ACJU)  සිංහලයාගේ කරැණාවන්ත කමින් අයුතු ප්‍රයෝජන ගත්තා. මුලු රටටම හලාල් කවා පල්ලියේ මඩිය තර කර ගත්තා. මද්රාසා වල ජිහාඩියන් පුහුනු කලා. තව්හිඩ් ජමාත් වැනි අන්තවාදී සංවිධාන පෝෂනය කලා. ACJU සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් මිනී මස් කෑ බව කිව්වා. ත්‍රිවිධරත්නය ගල්ගෙඩි තුනක් යය් ප්‍රසිද්ධයේ අපහාස කලා. 

නමුත් තනි  පිිස්සෙක් මහරගම මුස්ලිම් කඩයකට ගිනි තැබීම ගැන දෙපිට කාට්ටු බටහිරයන් සිංහල ජාතියටම අැඟිල්ල දිගු කරනවා. විදුලි විසංදියකින් ෆැක්ටරියක සිදුවූ ගිනි ගැනීමක් සිංහල ජාතිවාදීන් කල බවට අන්තවාදී හකීම් ප්‍රසිද්ධ රැස්වීමක කියනවා. යහපාලනයට බිරතානි තානාපතිට හකීම් කල වරද පෙනෙන්නේ නැහැ. බොරැ වපුරවන්නේ නැති ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න සොයනවා.

ඉතින් ඉස්ලාමෆෝබියාව අැත්තේ සිංහල බෞද්ධ අපට නෙවෙය් දෙපිටකාට්ටු සුද්දන්ටය් ඉන්ගිරිසින්ටය්. 9/11 සිට බිරිතානියේ මුස්ලිිම් පල්ලි වලින් බාගයකට පහරදී අැත.” කිව්වෙ අපි නෙවෙය් 2013 ජූනි 28 දින පලවූ The Independent නම් බ්‍රිතාන්‍ය පුවත්පතය්. කරැනු එසේ නම්  2017 වන විට මැන්චෙස්ටර්, ලංඩන් බ්‍රිජ් බෝම්බ වලින් පසු බීරිතානියේ සුද්දන් මුස්ලිම් පල්ලි කීයකට නැවත පහර දි අැතිදැය් අපට හිතා ගත හැක.

වාසනාවට ඥාණසාර හිමි වැන්නන් නිසා අද සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ අාගම ගැන හරි හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා. මුසල්මනයන් සහෝදරයන් බවත් අනෙකුන් සතුන් මෙන් පහත් බවත් කුරාණයේ පැහැදිලිව කියනවා. මුස්ල්මනයන් යටත් කරගත් රටවල මුස්ලිම් නොවන්නන් ඉස්ලාම් අාගම වැළඳ ගත යුතු බවත් නැතහොත් අාගමික බද්දක් ගෙවිය යුතු බවත් නැතහොත් රටින් පන්නා දැමිය යුත් බවත් කුරාණය කියනවා. කුරාණය, හදිත්, සුන්නා වැනි මුස්ලිම් දේව වාක්‍ය සහ දේව වාක්‍ය විග්‍රහ කරන පොත්වල අැත්තේ අන්තවාදී ව්‍යාප්තවාදී මුස්ලිම් දේසපාලනයක් බව සිංහල දේසපාලඥයා කෙසේ වෙතත් ගමේ ගොඩේ සිංහලයා අද වටහා ගනිමින් ඉන්නවා. ඉතින් තමන්ගේ රට නැවත කලු ජූලියක් කරන්න තරම් ඥාණසාර හිමි හෝ සිංහලයා මෝඩ නැහැ. එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.

Leela

6 Responses to “එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.”

  1. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ.

    නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ. සෝබිත සින්හලයන් දෙකඩ කලා.

    ඉන්දියානු අදිරදය ඉතින් කලු ජූලියක් ගැනත් සින්හලයගෙ මොලය හෝදල.

    ඉන්දියානු ජඩයන් තමයි අපිට කෙලින්නෙ අපිව මරන්නෙ. මුන් කරන සින්හල සන්හාරය වටහා ගන්න.

    Our attention should be taken away from the West directed to India and its colonies that include us.

  2. Leela Says:

    Christie
    Most political analysts believe Gnanasara himi is a political monk and a schemer. If that is the case, what Sinhala Buddhists have to worry is his core values. If Sinhala Buddhist are convinced that his interest is nothing but protecting Sinhala Buddhism and culture they will follow him regardless alleged double dealings. BBS on its own may not score much at election. But Gnanasara’s influence will be immense at national elections.
    True, Muslims and Tamils stick together at the last presidential election and voted against Mahinda. Then again, bulk of Muslims and Tamils never voted for Mahinda. The decisive factor in 2015 had been not Tamils and Muslims, but gullible Sinhala Buddhists who sought a ‘wenasa’ (change). Today, however, most Sinhalas who voted yahapalanaya repent being caught for Sirisena/Ranil lies.

  3. NAK Says:

    Leela, If you care look carefully you’ll understand that Ven.Gnanasara is abusing Buddhist’s real concerns.
    He is definitely working on some one else’s agenda and he will be exposed soon enough along with his sponsor .

  4. Dilrook Says:

    I’m afraid I agree with “NAK” above. His action was partly responsible for Mahinda’s defeat. Not just Muslims, Sinhalese too distanced from Mahinda due to inaction against the BBS leader. Sirisena government’s inaction is highly suspicious.

    I agree Sinhalese and particularly Buddhists need a leader to take up these issues but we must not rely on the BBS leader for that. We need to find/create a mainstream leader. I also agree BBS has increased awareness about Islamic extremism. Until then, very few took up that challenge, notably the JHU.

    On core values, irrespective of good intentions, bad effects can happen. Ultimately what matters is not core values but the results. For instance, most JVP cadres (not leaders) had good (compared to politicians) core values but the result of their rebellion was disaster.

  5. Dilrook Says:

    Major Ajith Prasanna, Attorney-at-Law, exposes BBS.

    “https://www.youtube.com/watch?v=Y4_eTDQOARo”

  6. Christie Says:

    Thanks Leela.

    Though the Sinhalese are the majority of Ceylon the economy is in the hands of Indian Colonial Parasites. Indian interests have been involved in our politics long before 1948.

    Please read about Mahatma Gandhi’s visit in 1927 and Narendra Modi’s in 2017.

    Most of us are money poor and knowledge poor when compared to Indians in our country.

    They got the knowledge, money, international connections and power to manipulate us and control us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress