කළු සුද්දන් විසින් ලංකාව කැබලි කිරීම
Posted on June 15th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, L.L.B.,Ph.D.

රහසින් වත් පව් කිරීම

ලංකාවේ උතුරු පලාත අල්ලසක් වශයෙන් ප්‍රභාකරන්ට බදු දීමට පිළිවෙලින් ප්‍රේමදාස හා චන්ද්‍රිකා යන ජනාධිපතිලා දෙන්නාම (රහසින්) සුදානම් වුවත් ඔහු එය ප්‍රතික්‍ෂේප කලාය කියා කතාවක් තිබේ. මේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදන්නා ලංකාවේ කැත පක්‍ෂ දේශපාලකයින් මේ දිවයින ඔවුන්ගේ බූදලයේ කොටසක් සේ සිතා ක්‍රියාකරන්නේ කෙටි කාලීන වාසි සඳහා බලයේ රැඳී සිටීමේ වංක අරමුණු නිසාය. මේ කුඩා දිවයින කැබලි කිරීමේ සවිස්තර රහස් ප්ලෑනක් 1997 ඔක්තෝම්බර් 14 දින දරණ චන්ද්‍රිකා මැතිණියගේ නීලන්-ජිිෙල් පැකේජ් ඩීල් අංක 3 යටතේ නිලවශයෙන් පිලියෙල විය.

ඉන්දියාව කැබලි කිරීම

ඉන්දියාව කැබලි කිරීමේ ඓතිහාසික බටහිර අධිරාජ්‍යවාදී ලෝක  ක්‍රිස්තියානි ව්‍යාපාරයක් ගැන පර්‍යේෂණාත්මක කෘතියක් (බ්‍රේකින් ඉන්ඩියා: වෙස්ටර්න් ඉන්ටර්වෙන්ෂන්ස් ඉන් ඩ්‍රවිඩියන් ඇන්ඩ් ඩලිත් ෆෝල්ට්ලයින්ස්, 2011) රජිව් මල්හෝත්‍රා හා අරවින්දන් නීලකන්දන් යන දෙදෙනා විසින් ලියා ඇත. එම ව්‍යාපාරයට ඉන්දියාවේ අගමැතිවරු හෝ ජනාධිපතිවරු හවුල්වී නැත. සෝනියා ගාන්ධි ගැන ප්‍රසිද්ධියේ සැකයක් පලකරන්නේ ආචාර්‍ය සුබ්‍රමනියම් ස්වාමි පමණය. නමුත් ලංකාව කැබලි කිරීමට ක්‍රියාකරන්නේ ලංකාවේ අගමැතිලා ජනාධිපතිලාය.

1918 දී ඉන්දියා-ලංකා  පෙඩරේෂන් එකක් සදන්නට යෝජනාකල අරුණාචලම් පොන්නම්බලම් මහතා, 1919 දී ආරම්භකල ලංකා ජාතික සංගමයෙන් 1921 දී අස්වී, 1923 දී ලංකා දෙමළ සමිතිය පිහිටුවා ගත්තේය. එහි අරමුණ ‌වූයේ, ලංකාව, දකුණු ඉන්දියාව හා අනිකුත් දෙමළ වැසියන් සිටින යටත් විජිත වල (මලයාව වැනි) දෙමළකම පණගැන්‌වීම, පැතිරවීම, එකමුතුකම හා සංවිධානය කිරීමය.  (the idea of a pan-Tamilian state- to keep alive and propagate throughout Ceylon, Southern India and the Tamil colonies, the union and solidarity of Tamilakam, the Tamil Land).

රට පාවාදුන් සිංහල කළු සුද්දෝ

මෙසේ ඔහුගෙන් ආරම්භවුන වෙනම දෙමළ රටක් පිළිඹඳ වෘත්තාන්තය, සී සුන්දරලිංගම්, ජී ජී පොන්නම්බලම්, චෙල්වනායගම් හා අමිර්‌තලිංගම් ගෙන්, 1976 ට පසු ප්‍රභාකරන්ට භාරවිය. තම ඉලක්කය කරා සෙමින් සෙමින් ඉදිරියට යාමේ චෙල්වනායගම් උපක්‍රමය 1976-2009 කාලයේදී බෝම්බයට භාරදී, 2013 දී උතුරු පලාතේ චන්දයට පසු විග්නේෂ්වරන් ඒමත් සමඟ දැන් පෑනට හා සත්‍යග්‍රහයට පෙරලී ඇත.  චෙල්වනායගම්ගේ 1957 බණ්ඩාරනායක ගිවිසුමට වඩා භයානක ඉදිරියට යාමක් 1965 ඩඩ්ලි සේනානායක ගිවිසුමේදී සිදුවිය. 1957 දී තීරණයවූයේ උතුරු නැඟෙනහිර රීජනල් කවුන්සිල් වලට තම බල ප්‍රදේශය තුල ජනාවාසවල පදිංචිකරණ ජනයා තෝරා ගැනීමේ හා ඒ ජනාවාසවල රක්‍ෂා සඳහා සේවකයින් තෝරා ගැනීමේත් බලය ලබාදීමටය.

1965 දී මේ ඉල්ලීම සිංහලයින්ගේ ඇස් වලට වැලි ගසා පුදුම අන්ද‌මට වෙනස්විය. ඒ අනුව මේ ප්‍රදේශවල ජනාවාස සඳහා තෝරා ගැනීමේදී ප්‍රදේශයේ දෙමළ ජනයාටත්. ඉන් පසු ඒ පලාත් දෙකේ දෙමළ  ජනයාටත්, ඉන් පසු ඒ පලාත් වලින් පිට ඉන්නා දෙමළ ජනයාටත් ප්‍රමුඛතාවය ලැබේ.  ජනාවාස ප්‍රදේශයේ ඉන්නා සිංහල ජනයාට පවා ඉඩම් දෙන්නේ රටේ මේ සියළුම දෙමළ ජනයාට ඉඩම් දුන්නාට පසුවය! මෙය ඩඩ්ලි සේනානායක මහතා අගමැතිකම ලබා ගැනීම සඳහා කල රට පාවාදීමක් බව දන්නේ කී දෙනාද? දෙමළ නිජ භූමියක් තිබෙනවායයි කියන පිරිසකගේ මෙවැනි ඉල්ලීමකට එකඟවන සිංහලයා කවුද?

බොරු බෞද්ධයින් වූ සිංහල කළු සුද්දන් විසින් දැන් මීතොටමුල්ලේ කුණු කන්ද වගේම දෙමළ බෙදුම්වාදයට විරුද්ධව 1931 න් පසුව නැතත් 1948 න්  පසුව වත් සාධාරණ (රීසනබල්) හා කාර්‍යක්‍ෂම ක්‍රියාමාර්‍ගයක් අනුගමනය නොකිරීම නිසා 1987 වනවිට දෙමළ නිජ බිමක් ලංකාවේ තිබේ යන මිථ්‍යාව 13-ඒ සංශොධනය මඟින් වක්‍රාකාරව පිළිගැණින. 2009 මැයි 19 දාට පසුදා යුද ආඥාවක් මඟින් 1832 සිට එන ලංකාවේ කෝල්බ්‍ර‌ැක් පලාත් නවය අහෝසි කර, ජන සභා සංකල්පය යටතේ දෙමළ-සිංහල-මුස්ලිම් ජනයාට ග්‍රාමීය මට්ටමින් බලය පැවරීමේ ක්‍රමයක් රටේ ස්ථාපිත කිරීමට දෙමළ ජනයා විසින් මහරජා යයි අමතනලද මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුමක්-දැකුමක් (විෂන්) නොවීය. ඒ සඳහා ඉදිරිපත් කල ලිඛිත යෝජනා නොසලකා හරින ලදී. හසලක වීරයා හා ගෝඨාභය රාජපක්‍ෂ විසින් සංකේතවත් කරණ දහස් ගණන් ජීවිත කැපකරමින් ලබාගත් යුද ජය අද වනවිට ගඟට දර කැපීමක් වී ඇත.  ඊයේ ටැමිල් මොඩරේට්ස්ලා අද දෙමළ ජනසංහාර ගැන, වෙනම දෙමළ රටක් ගැන කතා කරන්නේ, ඒ කාලයේ 13-ඒ ප්ලස් ගැන කතාකල දයාන් ජයතිලකලා වැනි අයව වික්‍ෂිප්ත කරවමිනි. ඊළම් ප්ලෑන, සිංහල කළු සුද්දන්ගේ චපල වංක හැසිරීම මෙන් නොව රේල් පාර උඩ සෙමින් ඉදිරියට යන කෝච්චියක් වැනිය. ලංකාව සිංහලීකරණය කිරීම,  දෙමළ ද්‍රෝහීන් සිටීම (සිංහලයින් සමඟ සහයෝගයෙන් ඉන්නා දමිළ දේශපාලකයින්), මධ්‍යස්ථ දමිළයින් සිටී (විග්නේෂ්වරන්ලා මෙන් අවස්ථාව එනතුරු කොළඹට වී නිහඬව සිටීම), හා දෙමළ නිජබිමක් ඇත යන අදහස් රේල්පාරේ සිල්පරකොටන් වගේ වෙනස් නොවන ස්ථිර මත විය.

චන්ද්‍රිකා මැතිණිය රට කැබලි කිරීම

මෙය පර්‌තා ඝොෂ් නම් ඉන්දියානු ජාතිකයා විසින් ලංකාව ගැන 2003 දී ලියන ලද, එත්නිසිටි වර්‌සස් නැෂනලිසම් යන පොතේ 163 පිටුවේ සටහන් කර ඇත. ප්‍රභාකරන් විසින් ඝාතනය කල  නීලන් තිරුචෙල්වම් හා චන්ද්‍රිකාගේ කැබිනට් ඇමති (හා පසුව රනිල්ගේ කැබිනට් ඇමතිවූ) ජී එල් පීරිස් යන දෙන්නා විසින් 1995 අගෝස්තු 3, 1996 ජනවාරි 16, 1997 ඔක්තෝබම්බර් 14 දිනවල මෙම පැකේජ් ඩීල්ස් පිළියෙල කරන ලදී. මේවායින් අංක 3, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් 2000 අගෝස්තු 3 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ දිවයින කැබලි කිරීමේ සවිස්තර ප්ලෑන ඉන් ඉවත් කරය. මේ මර උගුල යුගෝස්ලේවියාව කැබලිකර කොසොවෝ රටක් සැදූ ක්‍රමයට සමානය. චෙල්වනායගම් මේ කොසොවෝ යන නම ගැන කතා කලේ 1940 ස් ගණන් වලදීය.

එම 2000 කෙටුම්පත ලංකාව එක ඒකීය රාජ්‍යයක් වෙනුවට පෙඩරල්  ප්‍රදේශ නවයකට බෙදීමට යෝජනා කලේය. රනිල් ප්‍රමුඛ යුුෙන්පී එක පාර්ලිමේන්තුවේදී එය පිච්චුවේ චන්ද්‍රිකාට තවදුරටත් බලයේ ඉන්නට විධිවිධානයක්ද එහි සඳහන්‌වුන නිසාය. හාමුදුරුවරුන් විසින් ඊට විරුද්ධව ගොඩනැඟූ බලවේගය සවිස්තර සිතියම් ප්ලෑන වෙනස් කලත් ඇගේ පෙඩරල් ප්ලෑන වෙනස් නොවීය. එහෙත් ඇය විසින් හාමුදුරුවරුන්ට ප්‍රභාකරන්ට විරුද්ධව තුවක්කුගෙන යුදපෙරමුණට යන්නටයයි කේන්තියෙන් කියා සිටියේ ඇගේ ප්‍රදේශ නවයේ පෙඩරල් ප්ලෑන යුද්ධයට විසඳුම යයි ඈ සිතූ නිසාද?

මෙම 1995- 2000 චන්ද්‍රිකා පෙඩරල් ප්ලෑන් දැන් 2017 දී වැදගත් වන්නේ හේතු හතරක් නිසාය. (1) පලවෙනි කාරණය නම් ඒ කාලයේ එම ප්ලෑන් සැදූ ජී එල් පීරිස් ඇමති අද නෙළුම් පොහොට්ටුව පක්‍ෂයේ නායකයා වීමත්, ඔහු (හා කෙහෙලිය රඹුක්වැල්ල) 13-ඒ සමගාමි ලැයිස්තුව ඉවත් කරන්නට පක්‍ෂව අදද පෙනී සිටීමත්‌ය. සමගාමි ලැයිස්තුවට පෙඩරල්කාරයින් විරුද්ධ එය ඒකීය රටක් රකින එක මඟක් නිසාය. මහින්ද රාජපක්‍ෂ මහතාද තමා 13-ඒ වන්දනා නඩයේ කෙනෙක් නොවේ යයි රටට කියා නැත. ඔහු වටකරගෙන ඉන්නා පලාත් සභා කාක්කන්ට, 13-ඒ මර උඟුල වනාහි තම පරම්පරා වලට ජේ ආර් මවාදුන් රන් ආකාරයකි. මෙහිදී මතක්වන තවත් සිද්ධියක් නම් රනිල්ගේ ඇමති වශයෙන් ජී එල් පීරිස් මහතා 2002 දෙසැම්බර් 5 දා ඔස්ලෝ ප්‍රකාශනයට පසු කල කතාවය. ඊළම් රටක් වෙනුවට පෙඩරල් ක්‍රමයකට ටයිගර්ලා එකඟවීම ලංකා ඉතිහාසයේ පැරඩයිම් වෙනස් වීමක් යයි කියා සිටි ඔහු පසුව ප්‍රසිද්ධියේ ටයිගර් ඇන්ටන් බාලසිංහම්ට හිස් එක්සලන්සි කියාද ආමන්ත්‍රණය කලේය. මේ පැරඩයිම් වෙනස නම් වෙනම රටක් සඳහා යුද්ධ කිරීම වෙනුවට පෙඩරල් රටක් වීමට කැමතිවීමය. ඒකීය රටක් යන පැරඩයිම් එක අහෝසි කිරීමය.

(2) දෙවෙනි කාරණය නම් තමන්ගේ 2000 යෝජනාවලට  ඒ කාලයේ හරස්වූ යුුෙන්පී එක දැන් 2017 දී ඒවා හිස්මුදුණින් තබාගෙන ක්‍රියාවට නංවන්නට යනවා නේද අසමින් චන්ද්‍රිකා මැතිණිය උදම් අණමින් ජය පැන් බොමින් සිටීමය. සිරිසේන මහතා ජනාධිපතිවුනේත්, හැමදාම චන්ද පැරදුනු රනිල් මහතා අගමැතිවුනේත් ඈ නිසා හෙයින් තිරය පිටුපස ඇයට ඇති බලය අතිවිශාලය. මට නම් සිතෙන්නේ ලිබියාවේ මෙන් පාරේ මරා ගැනීම් සිදු නොවුවත්, ලංකාව අරාජක රටක් කිරීම හා එය සිදුවන ගමන් ඊට සමානතරව ඊළම් පාර පාදා දීම ඉන්දියාවේ හා බටහිර රටවල නූල් සූත්තර අනුව දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියාය. 

(3) තුන්වන කරුණ නම් ඒ කාලයේ 1997 දී නැඟෙනහිර පලාතේ සිතියම කපා කොටා අඛන්ඩ ඊළම් ප්‍රදේශයක් සදා ගැනීමේ නීලන් තිරුචෙල්වම්ගේ අභිප්‍රායට උදව්දුන් චන්ද්‍රිකා හා ජී එල් පීරිස්, කඳුරට ඉන්දියානු මලයනාඩු කතාව සම්පූර්‍ණයෙන්ම යටිමඩි ගැසුවේ ගැහැණියකට ප්‍රෙග්නන්ට් වීම හංඟා ගෙන ඉන්නට පුළුවන් වගේ කියා සිතාය. නමුත් 2017 යූ එන් ඕ වෙසක් සඳහා ලංකාවට ආ මෝඩි විසින් දික්‌ඔය නෝවුඩ්දී කල මෝඩ නොවන කතාව ඉන්දියානු නායකයෙක් ඉන්දියාවෙන් පිට කල ප්‍රථම ජාතිවාදී දේශපාලන කතාව විය. මෝඩිගේ කතාවට පසු දැන් විග්නේෂ්වරන් කියන්නේ මලයනාඩුවලට හා ඔළුවිල් මුස්ලිම් ජනයාට ඉන්දියාවේ පොන්ඩිචෙරි ක්‍රමයට සමාන ස්වාධීන බල ප්‍රදේශ සදා දිය යුතුය කියාය. මෙය වක්කඩ කැඩීමට කලින් ඉස්සෙල්ලා වක්කඩක් දමා ගැනීම වැනිය.

ඉන්දියානු වතුකම්කරුවන් සුද්දන් විසින් අ‌ර්‌ධ වහළුන්සේ ශ්‍රම සූරාකෑමට ලක්‌වුන ජන කොටසකි. ඔවුන්ගේ ලයින් ගෙවල් වල ගාන්ධිගේ පින්තූර මිස ඉංග්‍රීසි රජුගේ හෝ රැජිණගේ හෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හෝ පින්තූර එල්ලා තිබුණේ නැත්තේ ඒ නිසාය.  1927 දී ලංකාවට ආ ගාන්ධිට වතුකරයට යාමට ආරාධනයක් නොලැබෙන්නට ඇත. එසේ නැත්නම් එහි යාමට සුද්දන් ඔහුට අවසර නොදුන්නා විය හැකිය. නැත්නම් ගාන්ධි එසේ යාමට නොසිතුවා විය හැකිය. එහෙත් මෝඩිගේ දේශපාලන කතාව හා සසඳනවිට කොළඹදී ගාන්ධි කල කතාව කුමක්ද? තේ කෝප්පයට තේ හැන්ඳෙන් හිමින්සීරුවේ සීනි දමා දියකරන විට තේ කෝප්පය ඉතිරී නොගොස් සීනි දියවනවා මෙන්, ලංකාවේ ඉන්නා ඉන්දියානු ජනයාද (බෝරා සින්දු වෙලෙන්දන්?) තමන්ගේ ජීවනෝපාය ලබාගන්නා රටට යහපතක් වෙන ආකාරයට රටේ වැසියා සමඟ සහයෝගයෙන් ජීවත්‌විය යුතුය.

මාක්ස්වාදී-ක්‍රිස්තියානි කල්ලියක් විසින් අණ්ඩදමා ශූක්‍ෂම ලෙස දැන් ඉදිරියට ගෙන යමින් ඉන්නා 2000 චන්ද්‍රිකා-නීලන්-ජිිෙල් ප්ලෑන යටතේ 2017 වනවිට මලයනාඩු සඳහා ඔළුවිල් වගේම අඩුතරමින් ඉන්දියානු පෙඩරල් වෙනුවට ටැමිල්නාඩු පොන්ඩිචෙරි පෙඩරල් ප්‍රදේශයක්වත් සදන්නට වෙන බව ගැන මෝඩි විසින් සංඥාවක් දී ඇත්තේ ලංකාවේ කසිකබල් පක්‍ෂ දේශපාලකයින් මෙන් නොව ඉන්දියාවේ දේශපාලකයින්ට ඉන්දියාවේ දිගුකාලීන ප්‍රතිපත්ති සදන පවතින නිලධාරී සංස්ථා ක්‍රමයට අනුව ක්‍රියාකිරීමට සිදුවී ඇති නිසාය. මෙවැනිම ස්ථාවර ක්‍රමයක් ඇමෙරිකාවේද ඇතිබව අත්තනෝමතික ලෙස විප්ලවකාරයෙක් ලෙස ක්‍රියාකරන්නට සිතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් දැන් ස්වයං දමණය වෙමින් සිටීමෙන් පෙනීයයි.

(4) ඉහත සඳහන් කල හතරවන හේතුව නම් 2017 ව්‍යවස්ථා ජරමරය ජනමත විචාරණයකට දමන්නට විදේශ එන්ජිිෝ නඩ පවා කරන බලකිරීමය. මෙය දෙපැත්ත කැපෙන පිහියකි. චන්දයෙන් ඊළම්කාරයින් පැරදුනත් දිනුම් ය. චන්ද කොට්ට්ඨාශ අනුව බැලූවිට උතුරු නැඟෙනහිර දෙමළ ජනයා 2015 ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන් එකට චන්දය දෙනු ඇත. එවිට මුළු රටේම චන්දයෙන් මගඩි ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂේප වුනත්, මේ පලාත් දෙකේ හා මලයරටේ එයට පක්‍ෂව චන්ද ලැබෙනු ඇත. මෙය වෙනම රටක් ඉල්ලා කල ප්‍රකාශයක් ලෙස ජීනිවා ගෙන ගිය හැකි පලතුරු වට්ටියක් වන්නේය. මේ නිසා 2017 ව්‍යවස්ථා ජරමරය ඒකීයද නැද්ද යන කාරණාව වැදගත් නැත.  පවතින 1978 ජෙොර් බහුභුත ව්‍යවස්ථාවම පැලැස්තරදමා ගෙනයාම මිස ජනමත විචාරණ සඳහා යාම සිංහලයා විසින් සිංහලයාගේ දිවිනසා ගැනීමකි.

මේ අළුත් 2017 ව්‍යවස්ථා ජරමරය, 1957 බණ්ඩාරනායක මහතාගේ සිට 1965 ඩඩ්ලි සේනානායක මහතා වනවිට  උතුරු නැඟෙනහිර දෙමළ ජනයා පමණක් පදිංචි කරවෙන අන්දමට වෙනස් කලා වගේම සිදුවූ දමිළකරණය වීමකි. මෙසේ 1997 දී චන්ද්‍රිකා-නීලන්-ජී එල් පීරිස් පෙඩරල් ත්‍රිත්‌වය ගෙනා රට කැබලි කිරීමේ රහස් ප්ලෑනට, 2002 ඔස්ලෝ ප්‍රකාශනයට සමීපවූ 2006 තිස්ස විතාරන-ඒ පී ආර් සී මැජෝරිටි රිපෝට් එක  මඟින් නැවත ඔක්‍ෂිජන් පිඹින ලදී. දැන් 2017 දී තබා ඇත්තේ එහි තුන්වන පියවර තබා ඇත. මේ සියළුම ජරමර පිටිපස්සෙන් ඉන්නේ මේ යුද්ද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියා කොළඹ පුරා සුදු නෙළුම් ගෙනගිය කල්ලිමය.

1997 රහස් ප්ලෑන

පර්‌තා ඝොස්ගේ පොතේ ලියා ඇති 1997 නීලන්-ජිිෙල්-චන්ද්‍රිකා ප්ලෑන කුමක්ද? ඇත්තවශයෙන් බලනවිට මේ ප්ලෑන වෙන කිසිවක් නොව උතුරු-නැඟෙනහිර පලාත් දෙක එකතුකර වෙනම ප්‍රදේශයක් (රීජන්) සදා දීමටත්, ඒ ප්‍රදේශය මොනෝ එත්නික් එසේ නැත්නම් තනිකර දෙමළ බහුතරයක් සිටිනා අඛණ්ඩ ප්‍රදේශයක් (සිංහල හෝ මුස්ලිම් දූපත් සහිත කාවුන් කෑවා වැනි සිතියමක් වෙනුවට) බවට පත්කරදීමටත් ගත් කැත උත්සාහයකි. අනිත් සිංහල ලංකා ඛණ්ඩය මකබෑ වුනත් කමක්නෑ යන්න එහි සඟවුණ අර්‌ථයය. දනට 13-ඒ යටතේ සිංහල ජනයාට මඩකලපුවේ දෙමළ පොලිස්කාරයින් හා දෙමළ ග්‍රාම සේවකලා කරන හිරිහැර ගැන සිතන විට, ඉන්දියාව දෙකට බෙදූ විට 1947 දී සිදුවූවා මෙන් මේ ප්ලෑන යටතේ ඉදිරියේ දිනක දෙමළ ප්‍රදේශයේ ඉන්නා මුස්ලිම් ජනයාව අළුත් මුස්ලිම් ගිණිකොණදිග පලාතට එලවා දැමීමක් සිදුනොවේ යයි සහතික කල හැකිද?

 

1997 ප්ලෑන මේ සමඟ ඇති 1 & 2 සිතියම් දෙකෙන් පෙන්වා ඇත. මේ අනුව මධ්‍යම, දකුණ, උතුරුමැද, වයඹ, සබරගමුව යන පරණ පලාත් (ප්‍රොවින්ස්) වෙනම අළුත් ප්‍රදේශ (රීජනස්) පහක් වේ.  බස්නාහිර පලාතෙන් කොළඹ හා ජයවර්‌ධනපුර මහනගර සභා භූමි දෙක කැපිටල් ටෙරිටරි වශයෙන් වෙනම මධ්‍යම ආණ්ඩු ප්‍රදේශයක්වේ.  ඌව පලාතට අම්පාර මැතිවරණ කොට්ට්ඨාශය (2 සිතියමේ තැඹිලි පාටින් පෙන්වා ඇති) අළුතෙන් (තාවකාලිකව) එකතු කිරීමට නියමිතය. මේ අනුව ප්‍රදේශ අටකි. ඉන්පසුව දැන් ඇති උතුරු හා නැඟෙනහිර පලාත් දෙකෙන්, අළුත් ඊසානදිග ප්‍රදේශයක්, හා පොතුවිල්, සමන්තුරේ, කල්මුනේ යන පාර්ලිමේන්තු චන්ද කොට්ට්ඨාශ තුන (1 සිතියමේ කොල පාටින් පෙන්වා ඇති) ඇතුලත් අළුත් ගිණිකොණදිග නම් ප්‍රදේශයක්ද බිහිවේ. මේ අනුව ප්‍රදේශ දහයකි.  මෙය සිදුවන්නේ ත්‍රිකුණාමළ හා මඩකලපු දිස්ත්‍රික් දෙකේ චන්දයකින් (අම්පාර දිස්ත්‍රික්කය නැතිව) ජනයා එසේ ඊසානදිග ප්‍රදේශයකට එකඟ වුනොත් ය. එසේ එකඟ නොවුනොත්, උතුරු පලාත උතුරු ප්‍රදේශය ලෙසත්, නැඟෙනහිර පලාත නැඟෙනහිර ප්‍රදේශය ලෙසත් පවතී. තවද එසේ එකඟ වුනොත් අම්පාර පාර්ලිමේන්තු චන්ද කොට්ට්ඨාශයේ (තැඹිලි පාට) ජනයා චන්දයකින් තමන්ට වෙනම අම්පාර කියා ප්‍රදේශයක් අවශ්‍යද කියා තීරණය කල යුතුය.  එයට එකඟ නොවුනොත් අම්පාර පාර්ලිමේන්තු චන්ද කොට්ට්ඨාශය ඌව ප්‍රදේශයේ කොටසක් වශයෙන් (දැනට) ඌවට එකතු කර (පසුව) අම්පාර නමින් වෙනම ප්‍රදේශයක් සැදිය යුතුය. එතෙක් අම්පාර චන්ද කොට්ට්ඨාශය මධ්‍යම රජය යටතේ  කැපිටල් ටෙරිටරි ප්‍රදේශයේ ආකාරයට පාලනය වනු ඇත.  මේ අනුව රටේ ප්‍රදේශ ඒකක  එකොලහක් සැදේ.

මීට අමතරව යම් ප්‍රදේශ දෙකකට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට පලාත් සීමාවෙන් එහා ගිය එකතුවීමක් සදාගැනීමට ඉඩ සලසා දෙනු ඇත. ඒ හැර පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව යම් ප්‍රදේශයකට එය තුලම (ප්‍රදේශ ලෙස?) නැවත බෙදීමටද හැකියාව ලබා දෙනු ඇත. තවද ප්‍රදේශ දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට විශේෂ පොදු කටයුතු සඳහා සහයෝගීව ක්‍රියාකිරීමට ඉඩ ලබා දෙනු ඇත.

භයානක අම්පාරේ පාර

නැඟෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, පොතුවිල්, සමන්තුරේ හා කල්මුනේ යනුවෙන් චන්ද කොට්ට්ඨාශ හතරක් ඇත. ඉන් අම්පාර කඩා වෙන් කිරීමේ ඒකායන අරමුණ උතුරු හා නැඟෙනහිර පලාත් එකතුකර දෙමළ ජනයාට දීමත්, නැඟෙනහිර පලාතේ මුස්ලිම් ප්‍රදේශයක් සදා දීමත් ය (1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අනුව නැඟෙනහිර පලාත රීජන්ස් දෙකකට හෝ වැඩි ගණනකට බෙදීමට එකඟවූ බවද මෙහිදී අමතක නොකල යුතුය). අම්පාර චන්ද කොට්ඨාශයේ බහුතරය සිංහලයින් ය. මේ මඟින් සිංහල ජනයාට මීට පෙර ජේ ආර් විසින් බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය මෙන් අම්පාර කියා ඔවුන් ඉල්ලා නොසිටි අළුත් ප්‍රදේශයක් බලෙන් ලැබේ. මෙසේ (සියේට පනහට වඩා) බහුතර ජනවර්‍ගයක් සිටිනවා යන පදනම මත වෙනම ප්‍රදේශ සැදීම අනාගතයේ අති භයානක ප්‍රතිඵල ගෙන දෙනු නිසැකය. විශේෂයෙන්ම උපත් පාලනයක් නැති නිසාත්, දරුවන් බෝ කිරීමට ආධාර කරන ලෝක මුස්ලිම් සංවිධාන ඇති නිසා හා බහු භාර්‍ර්‍ය්‍යා සේවනය නිසා මුස්ලිම් ජනසංඛ්‍යා වර්‍ධනය වේගවත් නිසාත්, මුස්ලිම් හා දෙමළ ජනයා එකතුවූවිට බහුතරය ලබාගතහැකි චන්ද කොට්ඨාශ රැසක්ම ඇති නිසාත් ය.

මෙහිදී පෙන්වා දියයුතු කරුණක් නම්  1 &2 සිතියම් වල රතු පාටින් පෙන්වන්නේ ඒ චන්ද කොට්ට්ඨාශවල සිටිනා ලංකා දෙමළ හා ඉන්දියන් දෙමළ ජනයා (චන්දදායකයින්) පමණක් බවත්, මේ සඳහා ඒවායේ සිටිනා මුස්ලිම් ජනයා ඊට එකතුකර නැති බවත් ය. එසේ කලා නම් ඒ සිතියම් දෙකේ රතු පාට චන්ද කොට්ට්ඨාශ (දෙමළ හා මුස්ලිම් එකතුව) ගණන හා ජන සංඛ්‍යා ප්‍රතිශත අගය මීට වඩා බෙහෙවින් වැඩිවන්නේය. උදාහරණයක් වශයෙන්, දැනට රතු පාටින් පෙන්වා ඇති කඳුකරයේ ඉන්දියානු දෙමළ බහුතර චන්දකොට්ඨාශ හතර හඳුනාගෙන ඇත්තේ ඒවායේ සිටිනා මුස්ලිම් ජනයාවද ඊට ඇතුලත් කර නොවේ.

භූගෝල විද්‍යාවට ද්‍රෝහිවීමේ විපාක

අද 2017 මැයි 26 වනවිට නිරිතදිග ඇති ගංවතුර රටේ භූගෝල විද්‍යාව නොතකා දේශපාලකයින් ගත් තීරණවල විපාකය.  1925 දී ඔක්ස්ෆ්ර්ඩ් සිට ආ (ලංකාවට පෙඩරල් යෝජනා කල) තරුණයෙකු වශයෙනුත්, 1957 දී නැඟෙනහිර පලාත දෙකට තුනට කඩන්නට එකඟවූ කෙනෙකු ලෙසත් බණ්ඩාරනායක මහතා ගත් තීරණ මෙන් නොව, චන්ද්‍රිකා-නීලන්-ජී එල් පීරිස්ලා 1997 දී හෝ දැන් 2017 දී භූගෝල විද්‍යාවට ද්‍රෝහී වීමෙන් බරපතල විපාකවලට මුහුණ දෙන්නේ ඔවුන් මියගිය පසු රටේ ජීවත්‌වන ජනයාය. දේශපාලකයින්ගේ වාසි සඳහා ගන්නා වංක තීරණයක් ලෙස මලයනාඩු ප්‍රශ්නය දැනට සැඟවීම හා භාෂාව හෝ ආගම අනුව දේශපාලන ඒකක  සැදීම පෙන්වා දිය හැකිය. අම්පාර වැනි තනි චන්ද කොට්ට්ඨාශයකට වෙනම රාජ්‍ය ප්‍රදේශයක් හදනවා නම්, කඳුරට ඉන්දියානු දෙමළ චන්ද කොට්ට්ඨාශ හතරට (නුවර එළිය-මස්කෙළිය, කොත්මලේ, පස්සර, හපුතලේ), වෙනම රාජ්‍ය ප්‍රදේශයක් (ඉන්දියානු පෙඩරල් මොඩල්) නැතත් ස්වාධීන භූමියක්වත් (ඉන්දියානු පොන්ඩිචෙරි මොඩල්) නොදී සිටිය හැකිද?

1956 දී ඉන්දියාවට භාෂා ප්‍රාන්ත හඳුන්වාදීම ගැන නේරු පසු කලෙක පශ්චාත්තාපවූ පරිදි මෙම චන්ද්‍රිකා-නීලන්-ජී ඇල්-රනිල් ලංකාවේ දෙමළ හා මුස්ලිම් යන භාෂා-ආගම් බෙදීමේ ක්‍රමයෙන්, ඉන්දියාව වැනි විශාල රටක් මෙන් නොව, කලවම්කල බිත්තර ඔම්ලට් එකක් මෙන් සුළු ජනවර්‍ගයා ව්සිරී ඇති මේ කුඩා දිවයිනේ නොබෝ කලකින්ම (විග්නේෂ්වරන් විසින් ඔප්පුකල පරිදි) පුදුම අන්දමේ ජාතිවාදී කලබගෑනියක් හටගන්නා බව භූගෝල විද්‍යාවෙන් එලිදරව්වේ. කඳුකරයේ දෙමළ බහුතර චන්ද කොට්ට්ඨාශ හතර අසල තිබෙන්නේ  දැනටමත් සියේට 11-49 දක්වා දෙමළ ජනයා සිටින කොට්ට්ඨාශ පහකි (ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, හාලි ඇල, බදුල්ල). දැනට ඉඩම් හා පොලිස් බලතල නැතිවත්, මඩකලපුව වැනි ස්ථානවල සිංහල ජනයාට කරන හිරිහැර ගැන සිතනවිට, යම් දේශපාලන බල අධිකාරියක් මේ දෙමළ චන්ද කොට්ට්ඨාශ හතරට ලැබුණුවිට දැනට අහිංසකසේ සිටින ඉන්දියන් ජනයා කුලප්පු කිරීමට ඊළම්කාරයින් ක්‍රියාකර මේ චන්ද කොට්ට්ඨාශවල ගැටුම් ඇතිකිරීම ලෝක ඉතිහාසයෙන් අප දන්නා වාර්‍තාවය.

අහක ඉන්නා නයි රෙද්ද අස්සේ දමා ගැනීම

බටහිරින් පුත්තලමට උඩින් සිට, යාපනය, ත්‍රිකුණාමළය, මඩකලපුව පසුකර දකුණු පලාතේ නැඟෙනහිර කෙලවර වන කුමන දක්වා මුළු මුහුදු තීරයම සිංහලයින්ට අහිමිව දෙමළ හා මුස්ලිම් මුහුදු මූණත් බවට පත්‌වූ පසු, ලංකාවෙන් පිට සිට ලංකාවට එල්ලවන තර්‍ජන/අභියෝග වලට මුහුණදිය හැකිද? දෙමළ රටක් සඳහා ඇත්තේ ලෝක ව්‍යාපාරයකි. ශාරියා ලෝකයක් යනු ලෝක ව්‍යාපාරයකි. ලංකාවේ සිංහල බෞද්ධ පදනම, බුද්ධ ශාසනය බකල් කිරීම ක්‍රිස්තියානි මූලධර්‍මවාදී ව්‍යාපාරයේ ඉලක්කයකි. ලංකාවේ අඥාන දේශපාලකයින් අඥාන සංවර්‍ධන වැඩ හරහා ඇමෙරිකාව-චීනය-ඉන්දියාව යන රටවල හිඟන්නන් බවට පත්‌වී ඇත. මුළු රටම මෝඩයින් රැලක ග්‍රහණයට හසුව ඇත. මේ අස්සේ රිංගවන්නට හදන ව්‍යවස්ථා ජරමරය මෝඩ-කපටි උපායකි. ලංකාවේ සිංහල ජනයාට මෙය වැටහෙනවිට රටත් ඔව්නුත් ප්‍රපාතයට වැටී අවසානය.

වෙන මොනවා නැතත් 2006 තිස්ස විතාරණ මැජෝරිටි රිපෝට් එකට විරුද්ධව සිංහලයින් හතර දෙනෙකු ලියූ මයිනෝරිටි රිපෝට් එකේ කියා සිටි දෙයක් නම් ලංකාවේ දේශපාලන/පරිපාලන භූමි ඒකක බෙදීම භාෂාව හෝ ආගම අනුව නොකරණ ලෙසය. ඊට හේතුව විද්‍යාත්මක සාධක පමනක්ම නොවේ. එය නයි රෙද්ද අස්සේ දාගැනීමක්ද වන නිසාය. මේ සමඟ ඇති 3 වන සිතියම 1931 දී එල්සි කුක් නම් භූගෝල මහාචාර්‍යවරිය විසින් පිළියෙල කල ලංකාවේ ස්වාභාවික ප්‍රදේශ පෙන්වන සිතියමකි.  මෙහි කඳුකර ප්‍රදේශය කලාප 12 කට බෙදා තිබේ. සුද්දන් විසින් කෝපි හා තේවතු සඳහා කැලෑ එලිකලේ මේ කලාප ගැන සිතා නොවේ. නමුත් දැන් 2017 වනවිටවත් මේ පරිසර විවිධත්‌වය රැක ගැනීමට සිතිය යුතු නැද්ද? දැන් කෘතිම මායිම් ඇති උඩරට චන්ද කොට්ට්ඨාශ දෙමළ හා සිංහල වශයෙන් බෙදා දුන් පසු සංවර්‍ධනයේ නාමයෙන් ඇතිවන ගැටුම් දැන් මෙන් කඳු නායයෑම් වලට පමනක් සීමා වේවිද?

ග්‍රාම රාජ්‍ය ගණිකාව

දැන් 2017 වනවිට ඇති ඉතාමත් අවාසනාවන්ත තත්‌වය නම් මධ්‍යම-පර්‍යන්ත සබඳතා නම් කළු සුද්දන් රංචුවකගේ ව්‍යවස්ථා කොමිටුව ග්‍රාම රාජ්‍ය සංකල්පය ගණිකාවක් කිරීමය. මේ යුද්ද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියා බෙරිහන්‌දුන් මේ බොරු විශේෂඥයින් තුන්වන පාලන ස්ථරයක් සඳහා නිදසුන් ලෙස මුස්සාලි, බේරුවල හා අකුරණ (මුස්ලිම්), ලාහුගල, පන්‌විල (ඉන්දියන් දෙමළ), පොතුවිල්, වව්නියා (සිංහල), කල්මුනේ (ලංකා දෙමළ) බහුතර සිටින ප්‍රාදේශීය සභා නම් කරයි.  ගම් මට්ටමින් ජනතාව බලවත් කිරීම මිස දෙමළ හෝ සිංහල හෝ මුස්ලිම් දේශපාලන හොරුන්ට පලාත් සභා ලෙස 13-ඒ යටතේ බලය දීම අසාර්‍ථක ව්‍යාපාරයක් බව පිළිගන්නට මේ රංචුව අකමැතිය. එහෙත් ග්‍රාම රාජ්‍ය නොහොත් ජන සභා සංකල්පයට එකවරම විරුද්ධවීමටද මොවුන්ට ශක්තියක් නැත.  ඒ නිසා ඔවුන් කියන්නේ කුමක්ද? පලාත් සභාවලට හා ප්‍රාදේශීය සභාවලට හානි නොවන ලෙස ග්‍රාම රාජ්‍ය ආයතන පිහිටුවන ලෙසය. මේ ග්‍රාම රාජ්‍ය ආයතන ග්‍රාම සේවක වසම් තුනක් හෝ හතරක් එකතුකර සදන්නට ඔවුන් යෝජනා කරයි. මේවා කරන්නට යන්නේ ප්‍රාදේශීය සභා වලට උපදෙස්දීම, සහායවීම හා මොනිටර් කිරීමය.

මෙසේ බොරු ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් අටවන්නට කතාකරණ මේ බොරුකාර කොමිටුව තවත් නාස් ලණුවක්ද දමන්නට යයි. එය නම් බොරු ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඒක රූපීත්‌වය (යුනිෆෝමිටි) නම් අදහසය (මේ ලෝකයේ සමානාත්‌මතාවයක් නැත. තිබිය යුත්තේ හැමදෙනාටම සමාන අවස්ථා ලබාදීමය). මේ අනුව ඒක රූපී නිර්‍ණායක අනුව ග්‍රාම සේවක වසම්, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කොට්ට්ඨාශ යනාදියේ මායිම් දැමීම සඳහා මායිම් කොමිෂන් සභාවක් පත්කරන ලෙස යෝජනා කරයි. එක සමාන ජනගහනය, එක සමාන භූමි ප්‍රදේශය යන නිර්‍ණායක රටේ, ගමේ, භූගෝල විද්‍යාවට කරන නිග්‍රහයකි. ස්වභාව ධර්‍මයේ නිර්‌ණායක ඒක රූපී නොවේ.

1832 සිට ලංකාවේ ඇති කෘතිම මායිම් ක්‍රමය වෙනස් කලයුතු බව රජයේ කොමිෂන් සභාවකින් යෝජනාකලේ 1990  දීය. 1987 දී ජේ ආර් විසින් පත්කල ඉඩම් කොමිසන් වාර්‍තාවෙන් (සැසි වාර්‍තා 3, 1990) කියා සිටියේ පලාත් හා පරිපාලන ඒකක ගංඟා ද්‍රෝණි අනුව මායිම් කලයුතුය යන්නය. හාවා හඳ දකිනවාමෙන් ඉඳහිට මේ ගැන ඉංග්‍රීසි පත්තරවල ලිපියක් දෙකක් පලවිය. පේරාදෙණියේ භූගෝල විද්‍යා මහාචාර්‍යවරුන් දෙන්නෙක් (මද්දුමබණ්ඩාර හා ජී එච් පීරිස්) මේ ගැන දීර්‍ඝ වශයෙන් පර්‍යේෂණ කර ඇතත් දේශපාලකයින් ඒ ගැන කිසි තැකීමක් නොකලේය.

මෙහි පරිසර මෙන්ම දේශපාලන වැදගත්කම එලිවූයේ 13-ඒ මර උගුල ආ 1987 දී නොව, විග්නේෂ්වරන්ට 2013 දී උතුරු පලාත බන්දේසියක තබා භාරදුන් පසුවය. ඊළම් රටකට මායිම් පාදා දුන් පසුවය. දෙමළ ජනයාට නියමාකාරයට (මීනින්ෆුල්) බලය පැවරීම හා උතුරු පලාතේ මහ උජාරුවට චන්දයක් පැවැත්‌විම එකක් නොව දෙකක් ය. 1832 දී හා ඉන් පසුව කෘතිම ලෙස මැවූ පලාත් දෙකක් යම් ජනවර්‍ගයක ඓතිහාසික නිජබිමකට පදනම නොවේ. මේ පලාත් වෙනුවට මුළු දිවයිනම ගංඟා ද්‍රොණි අනුව බෙදීම ජේ ආර් විසින් හෝ මහින්ද රාජපක්‍ෂ විසින් හෝ කලයුතුව තිබුණි. මේ බෙදීම් සුද්දන් විසින් කල රටට නොගැලපෙන මායිම් යයි ජනාධිපති සිරිසේනද කිව්වත් එය කටින් බතලකොල සිටවීමක් පමණක් විය.

ඉහත සිතියම් අංක 1 හා 2 අනුව කිසිම ජන වර්‍ගයක් බහුතර නොවන චන්ද කොට්ඨාශ ඇත්තේ 12 ක් පමණය. ඒවා නම් පුත්‌තලම, වෙන්නප්පුව, නාත්‌තන්ඩිය, මීගමුව, ජaaැල, වත්‌තල, ගම්පොළ, නාවලපිටිය, කොළඹ උතුර, කොළඹ මැද, කොළඹ බටහිර හා පොතුවිල් ය. දෙමළ ජනයාට මුස්ලිම් ජනයාද එක් කළොත් පුත්‌තලම, මැද කොළඹ හා නාවලපිටිය සියේට පනහකට වඩා සුළු ජාතීන් ඉන්නා චන්ද කොට්ඨාශ බවට පෙරළේ. මෙම සිතියමෙන් දෙන අනිවා‌ර්‍ය පණිවුඩය නම් ලංකාවේ මේ තියනවාය කියන දෙමළ ජාතික අර්බුදයට විසඳුම කෘතිම භූමි ඒකක අනුව කඩා භාෂා හෝ ආගමික ප්‍රදේශ (රීජන්ස්) වෙන්කරදීම නොවන බවය. සිංහලයින් පුදුම අන්දමකට අසරණව අනාථ වනු ඇත. ලංකාව පුරා දෙමළ හා මුස්ලිම් ජනයා විසිරී ඇති අකාරය අනුවත්, රටේ භූවිද්‍යා, භූගෝල විද්‍යා හා පරිසර විද්‍යාවන්ට අනුවත්  කල යුතුවන්නේ ජන සභා සංකල්පයට අනුව යමින් ග්‍රාමීය පරිසර ඒකක අනුව රට බෙදා, පක්‍ෂ දේශපාලනය නම් මාරයාගෙන් තොර ජන සභා සමිති තෝරා ඒවාට බොහෝ මහජන කටයුතු ව්‍යවස්ථාව මඟින් පවරාදීමය.  දෙමළ ජනයාට මීනින්ෆුල් ඩෙවොලූෂන් දෙනවා කියන්නේ එයටය.  ටී එන් ඒ යනු ප්‍රභාකරන් වෙනුවෙන් කඩේ ගිය පරණ කල්ලියමය. මොඩරේට් ටැමිල්ස් කියා දෙමළ දේශපාලක කොටසක් නැත. මේ බව සිංහල ලේලිලා එක් කෙනෙක් නොව දෙන්නෙක්ම ඉන්නා උපතේ සිට මේ දක්වාම කොළඹ ගෙයක ඉන්නා විග්නේෂ්වරන් විසින් ඔප්පුකර පෙන්වාදී නැද්ද? ඉන්නේ වැට පනින්නට හරි වේලාව එනතුරු කල්මරමින් ඉන්නා පිරිසක් පමණය.

ලංකාව විනාශයෙන් ගලවා ගත හැක්කේ සිංහල බෞද්ද්ධයින්ගේ 1505 සිට එන දුක්ගැනවිලි යටගසා දෙමළ මුස්ලිම් චන්දගැනීමෙන්වත්, ගැමි දිරිය වැනි දේශපාලකයින්ගෙන් තොරව ගැමියා තම ගම් ප්‍රදේශ සංවර්‍ධනය කරගත් සංකල්ප යටගසාවත් නොව සම්මුතිවාදය අනුව යන ජන සභා ක්‍රමය ක්‍රියාවට නැංවීමෙන් පමණය. ලංකාවේ කළු සුද්දන් වඳින, විශේෂයෙන් ඇමෙරිකාවේ සුද්දන් ලියන නන් මැජෝරිටේරියන් නම් භාෂා ආගම් අනුව භූමිය බෙදන විසදුම් වල ගම් සභාව හෝ පංචයාත් හෝ නිකමටවත් සඳහන් කර නැත. ඔවුන්ගේ මේ විසඳුම් රටවල් තවත් ප්‍රපාතයට ඇද දැම්මා පමණය. ජෝර්‌දාන්, ඊස්ට් ටයිමෝර්, දකුණු සුඩානය හා ස්කොට්ලන්තය මීට නිදසුන්‌ය. පලාත් සභා නැතිවම බැරිනම් ගංඟා ජලය අනුව මායිම් සැදූ ජන සභා එකතු කර දිවයින මේ සමඟ ඇති සිතියමේ පෙන්වන ගංඟා ද්‍රෝණි හතකට බෙදිය හැකිය. සුළු ජනවර්‍ග සඳහා ජන සභා මට්ටමෙන් බලය පැවරීම මිස, ඊළම් හෝ ශාරියාකාරයින්ට භාෂාව ආගම අනුව රට කැබෙලිකර දීම දශක දෙක තුනක් ඇතුලත ලංකාව සුණුවිසුණු කර දැමීමකි.

One Response to “කළු සුද්දන් විසින් ලංකාව කැබලි කිරීම”

  1. Christie Says:

    There was no India before the British made it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress