ඉන්දියාව ත්‍රිකුණාමලයට බැල්ම හෙලන හේතුව හෙලිවෙයි..
Posted on June 20th, 2017

අරවින්ද අතුකෝරල ලංකා සී නිවුස්

පිවිතුරු හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ඉන්දියාව ත්‍රිකුණාමලයට බැල්ම හෙලන්නේ ඇයි?

ඉන්දියාවේ මුහුදු ප්‍රවාහනය මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය තමයි ඉන්දියාව වටා නැව් ගමන් කිරීමට නොහැකි වීම.  හනුමා පාලම පැවතීමත් පෝක් සමුද්‍ර සන්ධිය නොගැඹුරු වීමත් ඊට බල පා තිබෙනවා.  ඒ නිසා ඉන්දියාවේ නැගෙනහිර වෙරලේ ඇති කල්කටා වැනි වරායන් සහ  බටහිර වෙරළේ ඇති මුම්බායි වැනි වරායන් අතර නැව් ගමනාගමනය සිදු වන්නේ ලංකාව වටේ ගිහින්.  1997 දී ඉන්දියාව හනුමා පාලම බිඳ හෙලා පෝක් සමුද්‍ර සන්ධිය හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට අවශ්‍ය පසුබිම හදන්න සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා උත්සාහ කළා.

හනුමා පාලම බිඳිනවාට හින්දු ජනතාවගෙන් ලොකු විරෝධයක් ආවා.  රාම දෙවියන්ගේ නියමයෙන් හනුමා දෙවියන් හදපු පාලම විනාශ කළොත් දේව කෝපයක් සිදු වේවි කියලා හින්දු ජනතාව කිව්වා.  ඒ කීම අහන්නේ නැතුව ඒ වගේම පරිසරවේදින්ගේ විරෝධයට ඇහුම් කන් නොදී හනුමා පාලම බිඳීමේ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමකට දුන්නා.  නමුත් හනුමා පාලම කඩනවා වෙනුවට ඊට යොදා ගත් නැව කැඩී ගියා.  ඒ අවස්ථාවේ හින්දුන් කිව්වා.  ඕක තමයි අපි කිව්වේ.  ඔය වැඩේ වහාම නතර කරන්න කියලා.  වසර 2000 දී සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැරලා දැම්මා.

ඉන්දියාව ත්‍රිකුණාමලයට බැල්ම හෙලන හේතුව හෙලිවෙයි..

දැන් ඉන්දියාවේ නැගෙනහිර වරායන්ගෙන් ගෙනෙන බහාලුම් නැතිනම් තේරෙන සිංහලෙන් කිව්වොත් කන්ටේනර් කොළඹ වරායට ගෙනැවිත් එතැනින් තමයි බටහිර වෙරළේ ඇති වරායන් අතර බෙදා හරින්නේ.  අපි මේකට කියනවා ප්‍රතිඅපනයන නැතිනම් transshipments කියලා.  කොළඹ වරායේ ලංකාවට එන බහාලුම් එන්නේ 25%යි.  ප්‍රතිඅපනයනයට තමයි බහාලුම් 75%ක් එන්නේ.  එයින් 2/3ක් නැතිනම් මුළු බහාලුම් වලින් 50%ක්ම එන්නේ ඉන්දියාවෙන්.  ඉතිරිය වෙනත් රටවලින්.   මේ හරහා කොළඹ වරාය විශාල ආදායමක් ලබනවා.  ඉන්දියාවේ ආර්ථික වර්ධනයත් එක්ක මේ වෙළඳාම ඉදිරි වසර දහය තුල තුන් ගුණයකින් ඉහළ යාවි කියා බලාපොරොත්තු වෙනවා.

කොළඹ වරායේ සිදු වන මේ දැවැන්ත වෙළඳාම තමන්ගේ කර ගැනීමට තමයි ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය ඉල්ලන්නේ.  ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හරහා නැව් වලට තෙල් සැපයීමේ ඒකාධිකාරයක් ගොඩ නගා ගැනීමේ අරමුණක් ඉන්දියාවට තිබෙනවා.

චීනය විසින් තායිලන්තයේ ක්‍රා ඇළ කැපීමෙන් පස්සේ ආසියාවේ වැදගත්ම වරාය බවට පත් වන ධන ආකාරයක් වන හම්බන්තොට වරාය චීනයට ලබා දීමේ හානිය මීට කලින් අපි පෙන්නුවා.  දැන් ත්‍රිකුණාමලය වරාය විකුණලා දැවැන්ත ප්‍රතිඅපනයන ආදායම අහිමි කර ගන්නයි යන්නේ.  මේ විකිණීම් කරන්නේ ණය අර්බූදයක් නිසා බවට කියන්නේ පට්ටපල් බොරුවක්.  ණය ගෙවා ගන්න බැරි නිසා විකුණනවා නම් ලැබෙන මුදලින් ණය ගෙවන්න ඕනෑ.  හම්බන්තොට වරාය චීනයට දීමෙන් අපට ලැබෙන මුදලින් ණය කපා හරින්නේ නෑ.  අද මේ ආණ්ඩුවේ නායකයින්ට කෝටි ගණන් වටිනා සැප වාහන ගන්න ලෝකය පුරා සවාරි යන්න රටේ සම්පත් නොරටුන්ට විකුණනවා.  මේක හරියට ලංසි වත්තේ නැන්සි ෆැන්සි ඇඳුම් ගන්න කිරි හරකා විකුණවා වගේ වැඩක්.

නැති ජාතිවාදයක් රටේ ඇති කරන මාක්ස් සරණ ගිය හිමි වරු

බුදුන් වහන්සේ වෙනුවෙන් කාල් මාක්ස් සරණ ගිය වකමුල්ලේ උදිත හිමිගේ කතාවක් ඊයේ මාධ්‍ය හරහා විකාශනය වුණා.  මුස්ලිම් මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ.  දෙමළ මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ.  සිංහල මිනිහා විතර ද මේ රටේ සුද්ද මිනිහා.  එහෙම වර්ග කරන්න බෑ අපේ හාමුදුරුවනේ යනුවෙන් උන් වහන්සේ ප්‍රකාශ කරනවා.  දැන් මුස්ලිම් මිනිහා කපලා කපලා මුහුදට දාන්න කියන්නේ කවුද?  එක සිංහලයෙකු එහෙම කියලා තිබෙනවා ද?  අඩුම ගණනේ මුස්ලිම් දෙමළ මිනිසුන්ට මේ රටෙන් යන්න කියලා කිසිම සිංහලයෙකු කියා තිබෙනවා ද?  අන්තම අන්ත සිංහල අන්තවාදියා විදියට හංවඩු ගහලා තිබෙන ඥාණසාර හාමුදුරුවෝ වත් එහෙම කියා තිබෙනවා ද? නෑ.  1981 කොළඹ නගරයේ 51% නැත්නම් බහුතරය සිංහල ජනතාවයි. අද ඒක 28% බැහැල තියෙනව උතුරෙන් ආපු දෙමළ සහ මුස්ලිම් සංක්‍රමණ නිසා. දැන් යුද්ධය නිම වෙලා වසර 9ක් ගියා. යුද්ධය ඉවරයි කොළඹ අපට දීල හටිය තැන්වලට පලයල්ල කියල එක සිංහලයෙක් කියල තියෙනවද? එහෙම නම් කාට ද මේ හාමුදුරුවෝ උත්තර දෙන්නේ?  නැති ප්‍රශ්නයක් නේද මේ හදන්නේ?  එහෙම නම් නැති ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කිරීම පිිලබඳ ඥාණසාර හිමියන්ට කලින් උදිත හිමියන් අත්අඩංගුවට ගන්න ඕනෑ නේද ?

උන් වහන්සේ යම් ගෙවීමකට මේ ප්‍රකාශය කළා ද කියා මම දන්නේ නෑ.  නමුත් දෙමළ බෙදුම්වාදින්ගෙන් හොඳ මිළක් ලබා ගන්න පුළුවන් ප්‍රකාශයක්. දෙමළ බෙදුම්වාදින්ට මේ ප්‍රකාශය ජාත්‍යන්තරයට පෙන්වන්න පුළුවන්.  හාමුදුරුවරුම ප්‍රශ්න කරනවා දෙමළ මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ කියලා.  ඕක නිසා තමයි අපිට එකට ඉන්න බෑ වෙනම රටක් ඕනෑ කියන්නේ කියා ප්‍රකාශ කරන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල

3 Responses to “ඉන්දියාව ත්‍රිකුණාමලයට බැල්ම හෙලන හේතුව හෙලිවෙයි..”

  1. Ananda-USA Says:

    Neither Hambantota Port nor the Trincomalee Port should be sold or leased to foreigners on a long time basis.

    Certainly, Sri Lanka can provide the SERVICES needed by China and India but operational ownership and the generated SERVICE INCOME MUST REMAIN in Sri Lankan hands.

    The ONLY favorable RESOURCE, besides a gifTed intelligent people of moderate disposition, that we have is Sri Lanka’s STRATEGIC LOCATION astride one of the most important and busy maritime trade routes.

    It has been so from times immemorial. That was why the Greeks, the Chinese and the Arabs, followed by European Colonial nations competed to gain a foothold in Sri Lanka. That was also why PATRIOTIC Sri Lankan monarchs held they at bay and earned an income from enabling those services essential to this trade route.

    Why then, we must ask, is it that the Yamapalanaya leaders are SO EAGER to give CONTROL of these ports and their EARNINGS over to foreign powers on various MANUFACTURED Pretexts? Have they taken leave of their senses, or are they all CONGENITAL idiots?

    The ANSWER is that they are NOT PATRIOTS but SELF-SERVING PARA-GATHI PUPPETS! They don’t care about the FATE of the Sri Lankan people as long as they themselves earn a QUICK BUCK to FLEE ABROAD when the RIDE ENDS as it surely will with their families and their ILL GOTTEN RICHES to lands of their PUPPET MASTERS, leaving the DEVIL to take the HINDMOST!

    Only the Sinhala Buddhist people LOVE & CARE for our resplendent Motherland, and want to leave it to our descendents, generations yet unborn, as our courageous ancestors did to leave it for us to enjoy today!

    We, the living, have inherited that as a SACRED DUTY to our descendents! Let us join together to FIGHT with all of our MIGHT to discharge that DUTY to our Motherland and it’s People!

  2. Christie Says:

    මට මතක හැට්යට ඉන්දියානු අදිරදය තිරුකුනාමලයට කුරුමානම් ඇල්ලුවේ සුද්දගෙ මගුලෙන් අයින් වෙන්න ඉස්සර ඉඳල.

    චන්ද්‍රා බෝසේ මලේ නෑ කියල තමයි ඉන්දියානු ජඩයෝ කියන්නෙ.

    මිනිහගෙන් ඇහැව්වනම් කියාවි තිරුකුනාමලේ තියෙන වටිනාකම .

    ලෝකෙම ඕවගෙ ගැඹුර වරායවල් වැඩිය නැහැ.

    හැත්තෑගනන්වල ඉන්දියාව රුසියාවෙන් පරමානු බල සබ්මැරිනයක් අරන් පාක් කරන්න බැලුවෙ එතනලු.

    නැවත නැව්ගත කරන්න හොඳම වරාය හම්ම්බන්තොට.

    ඉන්දියාව ඕක ගන්න හදන්නෙ ඩීසෙල් හා පරමානු සබ්මැරින හඟන්න.

    බෝසෙ තාම අඩියෙද දන්නෙ නැහැ.

    Indian Emipre was after Trincomalee long before the dissolution of the British_Indian Empire.

    Indian Imperialists believe Chandra Bose did not die.

    If we ask him he wil tell us ehy Trinco Harbor is impotant.

    It is one of the deepest harbors of the world.

    In the seventies India wanted Trinco to park its nuke sub it got from Russia.

    Hambantota is the best harbor for tans-shipments.

    India wants Trinco to hide its nuke and diesel subs.

    Bose might be still at the bottom.

  3. Ananda-USA Says:

    ඔබ සිංහල නම් මේ වීඩියෝව බලන්න.
    https://m.youtube.com/watch?v=_EYzf54At6c

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress