දේශපාලනීකරනය වන ඩෙංගු වසංගතය
Posted on June 21st, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

මගේ ආදරණීය ශ්රී ලංකාවට කුමක් සිදුවීද? සිදු වෙමින් පවතින්නේද? අද වනවිට මේ වසර තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්යාව 63,000 ඉක්මවයි. මින් 42.6% ක් බස්නාහිර පලාතෙනි. කිරිකැකිරි න්යාය අනුව ගෙන බැලූ කල්හි කිරි හා කැකිරි යන දෙකම වැඩිපුරම ලැබෙන්නේ බස්නාහිර පලාතටයනමුත් ශ්රී ලංකාවේ  සෞඛ් අමාත්යවරයාට මේ ගැන කියන්නට නොයෙක් කතා ඇත. ඩෙංගු වෛරසය මර්ධනය කරන බැක්ටීරියාවක් ඔස්ට්රේලියාවෙන් ගෙන්වීම, ඩෙංගු කීටයාව අනුභව කරනශාක භක්ෂක‘ (?) මදුරුවෙකු බෝ කිරීම මේ දන්ත වෛද්යවරයා ලඟ ඇති විසඳුම්ය. සමගම පසුගිය දිනෙක ඔහු පැවසුවේ ඩෙංගු පැතිරීම යනු සංවර්ධනය වේගවත් වීමේ ලක්ෂණයක් බවය!!

 

ඩෙංගු රෝගය ගැන දිනපතා විකාශනය වන ප්රවෘත්ති ඉතා දුක්ඛිත ස්වරූපයක් ගනී. එක ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිටින අතර ඇඳ අතිරිලි එලාගෙන බිම වැතිර සිටින පිරිස නිමක් නැත. නමුත් ලෝක සෞඛ් සංවිධානයෙන් අපේ සෞඛ් ඇමතිවරයාට සම්මානද පිරිනමා ඇති අතර ඔහු තම දත් වහල්ලද පා ගෙන සිනාසෙමින් මේ සම්මාන භාර ගැන්ම තරම් ලැජ්ජා නැති ක්රියාවක් ලෝකයේ තවත් ඇත්දැයි සිතේ. නමුත් ඔහු නම් ප්රතිකාර ලබා ගන්නට යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය. 2016 මාර්තු මාසයේදී එසේ ප්රතිකාර ගෙන සියරට පැමිනි සෞඛ් ඇමතිවරයා පැවසුවේ මවුන්ට් එලිසබෙත් වැනි සියලු නවීන අංගෝපාංග සහිත රෝහල් 3 ක් ශ්රී ලංකාවේ හදන්නට තමා දැනටමත් විදේශීය සමාගම් සමග ගිවිසුම් අත්සන් කර ඇති බවය. එමෙන්ම මහරගම පිලිකා රෝහලට බලවත් අඩුපාඩුවක්ව තිබූ පෙට් ස්කෑන් යන්ත්රයක් මිලට ගැනීමට රජය විසින් අහක බලාගෙන සිටි වෙලාවේ මහජනතාව විසින් රු. කෝටි 20 මුදලක් එක්රැස් කරන ලදී. 2016 ජුනි 13 වනදා එම මුදල සම්පූර්ණ විය. ජුනි 15 වන දින මාධ් හමුවේදී මාධ්යවේදීන් මේ ගැන ප්රශ්න කලවිට සෞඛ් ඇමතිවරයා පැවසුවේ, ජනතාව තම මුදල් රැස් කරද්දී තමන් ඇනවුම්කල පෙට් ස්කෑනරය දැනටමත් මග එන බවයි. එමෙන්ම මාධ්යයන් එක උපකරණයක් ගැන පමනක් කතා කරද්දී තමන් ජනාධිපතිතුමා සමග එක්ව ජුලි 4 වන දා හක්මනරෝහලක්මවිවෘත කරන බවද ඔහු එදා පැවසීය. දැන් වසරක් ගතවී ඇත. ‘දැනටමත් මග එනබව කී පෙට් ස්කෑනරය තබා ජනතා මුදලින් මිලට ගන්නට අපේක්ෂා කල පෙට් ස්කෑනරයවත් මෙරටට බවක් දැන ගන්නට නැත. හදන්නට ගිවිසුම් අත්සන්කල රෝහල් 3 තබා විවෘත කරනවාය කී රෝහලත් නැත. අප අද ඩෙංගු වසංගතය පිටු දැකීම සඳහා යමක් අපේක්ෂා කල යුත්තේ මෙවැනි දිවේ ලොම් ඇති ගනයේ, බොරුවම තම ආත්මය කර ගත්තා වූද, ජනතාවගේ සහ මාධ්යවේදීන්ගේ මතක ශක්තිය හා බුද්ධිය දෙකේ කොළයට දමා සලකන්නා වූද අති අමානුෂික සහ පහත් ගතිගුණ ඇති සෞඛ් ඇමතිවරයෙකු සමගය.

 

අද රට පුරා පැතිර යන ඩෙංගු වසංගතය ගැන රජයේ නොවන මන්ත්රීවරුන් නැඟූ ප්රශ්න සඳහා සෞඛ් අමාත් රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (ජුනි 20 දා) විශේෂ ප්රකාශයක් කලේය. මෙම ප්රශ්න කිරීම ගැන තමා නොදැන සිටි බව ඔහුගේ පලමු වචන කිහිපය වීය. රටේ මෙවන් බරපතල වසංගත තත්වයක් මතුව ඇතිවිට සෞඛ් ඇමති ලෙස මේ ගැන කතා කිරීම තම වගකීමක් බවවත් ඔහු නොදනී!!  ඔහුගේ ප්රකාශය වගකිව යුතු ඇමතිවරයෙකුගෙන් අපේක්ෂා කල හැකි වචන නොවේ. හුදෙක් නිදහසට කරුණු දැක්වීමකි.

 

ඔහු දන්නා කරුණු අනුව (සාමාන්යයෙන් ඔහු නොදන්නා දෙයක් නැත) 2009 දී ඩෙංගු රෝගය නිසා මියගිය සංඛ්යාව 349 කි. ඩෙංගු අසාදිත ජනගහනය  1% කි.  නමුත් මේ වසරේ ඩෙංගු අසාදිත ජනගහනය .3% කි. (දැනට 200 ආසන්න පිරිසක් මියගොස් ඇති බව සඳහන් වූයේ නැත) ලෝක සෞඛ් සංවිධානය අප රටේ සෞඛ් ක්ෂේත්රයට ප්රශංසා කරයි. 2009 සහ 2017 අතරතුර වර්ෂ ගැන කතාවක් නැත. ඔහුට මේවා නිකම්ම සංඛ්යා ලේඛණ නමුත් මේ ගණන් හිලව්වලින් කතා කරන්නේ මනුෂ් ජීවිත ගැනය. සෞඛ් ඇමති ලෙස මොහුගේ මේ ස්ථාවරය ලැජ්ජා සහගතය.

 

2009 දී සිටි සෞඛ් ඇමතිවරයාද අද සිටින්නේ යහපාලන කැබිනෙට්ටුවේමය.

 

ගංවතුර සහ නායයාම්වලින් පුද්ගලයන් ලක්ෂ සංඛ්යාවක් අවතැන්ව තවම මාසයක්වත් ගෙවී ගියේ නැත. වැස්ස නතර වී ගංවතුර බැස ගිය පසු මාධ් තුල කතා අවසන්ව යන විට එයට මුහුණ පෑ ජනතාව ගැන මතකයද පොදු ජනයාගේ සිතින් කෙමෙන් ගිලිහී යයි. එහි අසාධාරණයක් නොමැත. මිනිසුන්ටද සිතන්නට ප්රශ්න ඉහටත් උඩින් තිබේ. මේවා ගැන වගකීම තිබෙන්නේඅපි කරන්නම්කියා උඩ පැනගෙන බලය ලබා ගන්නා රට කරවන අය අතේය. මියගිය අය ගැන කතා අවසානය. නමුත් ජීවත්ව සිටින අය? ආපදාවකට ගොදුරු වී, තමන් ජීවිත කාලයක්ම හරි හම්බ කරගත් දේ සියල්ල විනාශ වී ගිය පසු යලිත් තමන් පෙර සිටි තත්වයට එන්නට කොපමන කල් ගතවේද, එය ඉටුකර ගන්නේ කෙසේද යන ප්රශ්න ඉතිරි වන්නේ ඔවුන්ටය. අප්රේල් මාසයේදී මීතොටමුල්ලේ  සිදු වූ ඛෙදවාචකය තුල කසල බැහැර කිරීම සම්බන්ධව විශාල කතිකාවක් රට තුල ගොඩ නැගීගෙන මුත්, දැන් යලි සියල්ල නතර වී, අලුත් තැනකින් ඇරඹී ඇත. අද වනවිට කසල බැහැර කරන විධිමත් ක්රමවේදයක් නැතිකමින් කොළඹ සහ රටේ බොහෝ නගරවල තතවය බෙහෙවින් අප්රසන්න වෙමින් පවතී. ඩෙංගු රෝගය වසංගතයක් ලෙසින් පැතිර යාමට ප්රධාන හේතුව මෙයයි. දැන් අරණායක නායයාම සිදුවී වසරකට වැඩිය. අදටත් අවතැන්වූ ජනතාව රැඳී සිටින, අව්වට වැස්සට හසුව ඉරී පරණ වුන කූඩාරම් වටා ලඳු කැලෑද වැවී ඇත. මෑතකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ රාජ් නිළධාරීන් පිරිසක් සමග ජනතාව හමුවන්නට ගියවිට ගැන කෝප වූ පලාතේ නියෝජ් ඇමතිවරයෙක්, නාමල් සමග එම චාරිකාවට එක්වූ නිළධාරීන් දුෂ්කර පලාත්වලට මාරු කරන බව කියා ප්රසිද්ධියේ තර්ජනය කලේය. අප රටේ දේශය හා දේශපාලනය යන සාධකයන් අතර සම්බන්ධය මෙබඳුය. එම දේශපාලකයාට අනුව වරද  ඇත්තේ උන්හිටි තැන් අහිමිව ගිය ජනතාව වසරක් ගතවීත් අදටත් කිසිදු අරමුණක් හෝ පෙනෙන මානයේ විසඳුමක් නැතිව කූඩාරම්වල දිවි ගෙවන්නට සලස්වා ඇති පාලන ක්රමයේ නොව ජනතාවගේ තත්වය විමර්ශනය කරන්නට ගිය නිළධාරීන් අතය. එම නිළධාරීන් මේ මිනිසුන්ගේ සැබෑ තත්වය දන්නවා ඇත. බලයේ සිටින දේශපාලකයාගේ බිය ඇත්තේ එතැනය. මේ තොරතුරු විරුද්ධවාදීන්ගේ අතට ගියොත් යන බිය මිසෙක මේ ජනතාව ගැන හිතේ අමාරුවක් මොහුට නැති බව මින් පැහැදිලි වෙයි.

 

කැලිකසල ප්රශ්නයද එසේමය. කොළඹ නගරයේ කසල සංවිධානාත්මක පිරිසක් විසින් ගොඩගසන බවට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා චෝදනා කරයි. සැමදාම පරිදි ඔහුද අල්ලාගෙන සිටින්නේ ප්රශ්නයේ මුලින් නොව අග කෙලවරෙනි. කැලි කසල බැහැර කිරීම පිලිබඳ ප්රශ්නය අද ඊයෙක සිට නොව දශක ගණනාවක සිට පැවත එන්නකි. කසල කලමණාකරනය ගැන වැඩසටහනක් නොමැතිව තමන්ට අවැසි පරිදි කොතැනක හෝ හිස් බිමකට පටවා නිදහස් විය හැකි පාලන ක්රමයක් අපට තිබෙන්නේ දිගු කලෙක සිටය. මේ ගැන බරපතල සංවාදයක් ඇති වූයේ මීතොටමුල්ල කසල කන්ද එහි පාමුල ජීවත් වූවන්ගේ හිස මත කඩා වැටුන විටය.

 

දින තුනක් ඇතුලත කොළඹ පිරී ඉතිරෙන කසල ඉවත් නොකලොත් බස්නාහිර පලාත් මහ ඇමති පදවියෙන් ඉසුර දේවප්රියව නෙරපා දමන බවට ජනාධිපති (පරිසර ඇමති) තර්ජනය කල බව පුවත්පත්වල සඳහන් විය. කෙසේ වුවත් සතියක් ඉක්මෙන්නට පලමුව තමන් කසල සියල්ල ඉවත් කරවන බව කී මහ ඇමතිවරයා ජනාධිපති තමන්ට තර්ජනය කල කතාව බොරුවක් බව පැවසීය. මේවායේ ඇත්ත බොරු කෙසේ වෙතත් අද ඉසුර දේවප්රියට තම තානාන්තරය ඇපයට තබා කරගසා ගන්නට සිදුවූ කුණුගොඩ පිලිබඳව සැබෑවටම වගකිව යුතු වන්නේ කවුද? අද කසල සම්බන්ධව ප්රශ්නය ගැන වගකීමසංවිධානාත්මක කල්ලිමත පටවමින් කර අරින කොළඹ මහ නගර සභාව පසුගිය කාලය තුල මේ සම්බන්ධව කලේ කුමක්ද? කොළඹ මහ නගර සභාවේ හිටපු පුණ් කටයුතු පිලිබඳ කොමසාරිස්වරයා තමා ලත් දැනුම හා ඉගෙනුම අනුව සකස්කල කසල කලමණාකරන යෝජනා සැලැස්ම කුණු කූඩයට ගිය අතර, ඔහුට බලංගොඩට දඬුවම් මාරුවක් ලැබිනි. මේ අපේ දේශපාලන සංස්කෘතියයි. මිනිසුන්ට හානි සිදුවනවිට අඩු තරමින් ගැන හඬක් නගන්නටවත් හැකියාවක් ඔවුන්ට ඇත. නමුත් පරිසරයට හා සත්ව ප්රජාවට සිදුවන හානි? මනම්පිටියේ ජල ගැලුම් නිම්නයේ හෝ හම්බන්තොට හෝ දඹුල්ලේදී මේ තත්වයේ දරුණුකම ගැන වැටහීමක් ලබාගත හැක. මෙවන් දේ සමග ගැට ගැසී එන කරුණු රාශියකි. මේ සියල්ලටම මුල ඉතා වැරදි ලෙස දේශපාලනීකරනය වූ සමාජ රටාවක් තුල අන්තර්ගත වන අනිටු පල විපාකයන්ය

 

මේ වන විට පලාත් පාලන ආයතන දේශපාලනික වශයෙන් අක්රීය වී වසර දෙකකට වැඩිය. එබැවින් පලාත් පාලන ආයතන හරහා කෙරෙන්නට නියමිත බොහෝ වැඩ කටයුතු ඉතා දරුණු ලෙස අඩාලව ඇත. රජය මෙම පලාත් පාලන මැතිවරණය පවත්වන්නට මෙතරම් පසුපසට අදින්නේ ඇයි? පලාත් පාලන ඇමති ලෙස රජයෙන් ලැබෙන සියලු වරප්රසාද භුක්ති විඳින ෆයිසර් මුස්තාපාට මේ ගැන පවසන්නට හැමදාම මෝඩ පහේ හේතුවක් තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා වන මහින්ද දේශප්රිය මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිද වෙයි. එදා 2015 දී මහින්ද රාජපක්ෂව ගෙදර යවන්නට ඒකරාශී වූ පෙරමුණේදී සිංහ සෙයියාවෙන් කට පත්ත ඇදගෙන තම භූමිකාව ඉටුකල ඔහු අද පවසන්නේ තමන්ට බලයක් නැති බවය. වඩා දරදඬු කුමන රජයද කියා මෙයින් නොපෙනේද? එදා පැවසූ පරිදි ඔහුට සවිමත් පිටකොන්දක් ඇතිනම්, ඔහුට පක්ෂයකුත් නැතිනම්, තමන්ට බලයක්ද නැති තැන කුමට මේ රජයේ කුණු කොන්ත්රාත් කර ගසාගෙන අදිනවාද? හරිනම් ඔහුට තිබෙන්නේ කලින් ඔහු පවසමින් සිටි පරිදි විශ්රාම යාමටය. නිකම් තමන්ගෙන් ප්රශ්න අසන මාධ්යවේදීන්ට බුරාගෙන පැන්නාට හෝ දෙකයි පණහේ විහිලු තහලු කලාට මේ ප්රශ්න නොවිසඳේ. දැන් පෙනෙන හැටියට නම් ඔහු 2015 දී ඉටුකල භූමිකාව සඳහා ඔහුද යමකු අතේ නැටවුන රූකඩයක් වූ බව පැහැදිලිය. අවසානයේදී මේ සියලු ආත්මාර්ථකාමී, ජඩ පාලකයන්ගේ සහ නිළධාරීන්ගේ එකතුව මහා කුණු ගොඩක් බවට හැරී ජන ජීවිත වසාගෙන පැතිරී යයි

 

ස්වභාවික ආපදා පිලිබඳ තත්වයද එසේමය. 2011 දී ශ්රී ලංකාවට ගෙන්වූ ඩොප්ලර් රෙඩාර් යන්ත්රය පිලිබඳ කතාව මෑතකදී යලි ඇදී ආවේය. එවකට ආපදා කලමණාකරන ඇමතිව සිටියේ මහින්ද අමරවීරය. අද ඔහු පසුවන්නේ මීලඟ අගමැති වීමේ සිහිනයෙන් බව පෙනේ. ඔහු සිහිනෙන් මෙන් නන් දොඩවන්නේ අනුව විය යුතුය. තමාට පැවරී ඇති ධීවර අමාත්යංශය ඉතා දූෂිත එකක් වූ බවත්, මේ රජය වෙන කිසිදු රජයක් නොකල තරම් ආපදා වින්දිතයන්ට උදව් උපකාර කල බවත් ඔහු පවසයි. වෙන කවර දා වත් නොවූ පරිදි ආපදාවන් සිදුවේ නම්, එම ආපදා ඇතිවන පරිදි කටයුතු සිදුවන්නේ රාජ් අනුග්රහය ඇතිවද නම් වෙන කවරදාවත් නැති පරිදි ආපදා වින්දිතයන්ට උදව් කරන්නටත් සිදුවීම ප්රත්යක්ෂය. අනික ඔහුට ලැබෙනවිට ධීවර අමාත්යංශය දූෂිතව තිබූ බව පවසනවිට මින් පෙර ධීවර ඇමතිව සිටියේ කවුද කියා ඔහුට මතක්විය යුතුය. අද සෞඛ් ක්ෂේත්රයට අත්වී ඇති ඉරණම දකිනවිට මෙයට පෙර ධීවර අමාත්යංශය ඉහවහා ගිය දූෂිත බවඔප්පු වනවාක් මෙන්ම අද ආපදාවන් ඇතිවීම සහ ඒවා කලමණාකරනය කිරීම ගැන කතා කරනවිට මීට පෙර ආපදා කලමණාකරන අමාත්යංශයේ තිබූ දූෂිත බව හා නොසැලකිලිමත් බවද ඔප්පුවේ.

 

දැන් සිටින නායකයා එනම් ජනාධිපතිවරයා නම් මොන්ටිසෝරි බබෙකු බඳුය. ඉහ උඩ කසල කඳු ගොඩගැසී තිබියදී, ආපදාවලින් රටම වෙලී පෙඟී වැලලී යද්දී ඔහු කිසිවක් සිදු නොවුනා සේ ඉන්දීය අගමැති සමග ස්කයිප් ඔස්සේ කතා කරමින් යෝග ව්යායාම්වල යෙදේ. (සුපුරුදු පරිදි සඳහා අලුතෙන් නිර්මාණය වූ ටී ෂර්ට් එක සහ කැප් තොප්පියද ඇත) පරිසරයද භාර මොහුටය.  පසුගිය රජයේ 2011 දක්වා හිටපු ආපදා කලමණාකරන ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ මූලිකත්වයෙන් සිදුකරන විල්පත්තු වන විනාශය සාධාරණීකරනය කල ඔහු අද එලුවන්කුලම දෙසින් සිදුවන වන විනාශයද නොදැක්කා සේ සිටියි. තමන්ට මුතුරාජවෙලට කසල බැහැර කරන්නට අණ දුන්නේ ජනාධිපතිවරයා බව ඇමති ජෝන් අමරතුංග ප්රසිද්ධියේ පැවසුවද එය ඔහුගේ බුද්ධි පථයට අසුව ඇති බවක් නොපෙනේ. පසුගිය දවස්වල ඔහුට තිබුනු බරපතලම ප්රශ්නය කැබලිතිගොල්ලෑවේ උස්සලගොඩ සුසාන භූමියක තිබී අසුවූ තමාට එරෙහිව කලාය කියන හූනියමයි. මෙවන් ළදරු මානසිකත්වයක් ඇති ජනාධිපතිවරයෙකු තරම් හූනියමක් රටකට තවත් වෙත්ද?

 

කසල වර්ගීකරනය නොකරනවායි ජනතාවට දොස් පවරන රජය සඳහා කසල බඳුන් ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයි? මෙය අද රටේ ප්රමුඛතාවය බවට පත්විය යුතුව තිබියදී එය එසේ නොවන්නේ මූල් අර්බුද නිසා විය යුතුය. ඇමතිවරුන්ගේ රථ ගායට මෙන්ම ඊලඟ චන්දය සඳහා තම නමට ඉදිරියෙන් ලකුණු දමා ගැනීම උදෙසා විවිධ අමාත්යංශයන් යටතේ සැමදාම පවත්වන නිරර්ථක උත්සව ආදියට නිකරුණේ වැයවන මුදල් කන්දරාව නවතීනම් මේ මුදල සුලු දෙයක් වනු ඇත. දැනටමත් රටේ පවතින පාලන ව්යුහයන් සහ අපතේ යන විශේෂඥ දැනුම් සම්භාරයන් ඵලදායි ලෙස යොදා ගන්නේනම් මෙය අසීරු ඉලක්කයක් නොවේ.

 

මේ සියලු කරදර අමතක කර සිනාසෙන්නට වටින කතාවක්ද ඇසිනි. හිටපු අග්රාමාත් ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වන ජන්ම සමරුව නිමිත්තෙන් පැවති උත්සවයේදී කරු ජයසූරිය, වත්මන් කථානායකවරයා අපූරු කතාවක් කීවේය. එනම් ඩඩ්ලි සේනානායක මහතා විධායක ජනාධිපතිකම නිසා අත්විය හැකි පල විපාක ගැන ඉතා ඍණාත්මකව කරුණු කල් තබාම කතාකල බවය. පුදුමය කියන්නේ ඔය කටු ඔටුණ්න කාගේ නිර්මාණයක්ද කියා මොවුන්ට අමතක වීමය. දැන් දැන් සිදුවන ආපදා නිසා මොලය මංඥං වී ඇති නිසා, යන යන කුණු බේරුවල බොක්කටමය කීවාක් මෙන් එයද මහින්ද රාජපක්ෂගේ ගිණුමටම බැර කරන්නට යනවාවත්ද? සමහරවිට විධායක ජනාධිපති පදවියේ සැබෑ නිර්මාතෘ වන ජේ. ආර්. ජයවර්ධනගේ ජන්ම දිනය වන සැප්තැම්බර් 17 දින හෝ ඔහු මියගිය නොවැම්බර් 1 වන දින පවත්වන උත්සවයකදී මොවුන්ට මේ බව මතක් වනවා ඇත

 

අතර හමුදාව කුණු අදින්නට යොදා ගන්නට අපේක්ෂා කරන බවත් එයගෝඨාභය කල බවත් සෞඛ් ඇමතිවරයා මෑතකදී පැවසීය. මෙය හමුදාව සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අතර විරසකයක් ඇති කරන්නට මෙන්ම ඔහු ජනතාව අතර අප්රසන්න කිරීමේ තැතක් වූ අතර තමා ජනාධිපතිව සිටිනා තාක් හමුදාව කුණු අදින්නට නොයොදවන බව කියා ලකුණු දමා ගන්නට ජනාධිපතිවරයා වහා කටයුතු කලේද මෙම උපක්රමයේ දිගුවක් ලෙස විය යුතුය.

 

කෙසේ වුවද 2015 දී මොවුන් භාර ගන්නාවිට තිබූ සුන්දර කොළඹ නගරය දැන් අන්ත අපායක්ව ගොසිනි. මේවා ගැන පසුගිය රජයට දොස් පවරනු වෙනුවට බය නැතිව මැතිවරණයකට ගොස් අද අක්රීය වී ඇති පලාත් පාලන ආයතන නැවත සක්රීයකර වගකීම් නිසි පරිදි බෙදා හරිනවා නම් අද පවතින ප්රශ්න බොහොමයකට පිලිතුරු ලැබෙනු ඇත.

2 Responses to “දේශපාලනීකරනය වන ඩෙංගු වසංගතය”

  1. Christie Says:

    It is just another part of the genocide of the Sinhalese.

  2. Lionel Says:

    Nice article with facts and figures. These articles should be published in major newspapers in Sri Lanka. Victor Ivan should pay the price for handing over Ravaya to a brothel, otherwise articles like this could have published in a newspaper like that.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress