දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා කවුරුද?
Posted on June 22nd, 2017

මතුගම සෙනෙවිරුවන්

 බුද්ධ වර්ෂ තුන්වන සියවසේ සකස් කරන ලදැයි පැවසෙන ගල් ලෙන් සහිත බෞද්ධ පූජා භූමියක් වන රන්ගිරි දඹුලු රජ මහ විහාරය ලෝක උරුමයක් ලෙසට නම් කරන ලද්දේ 1991 වසරේදීය. මෙලෙස නම් කළ පසු එක්සත් ජාතීන් ගේ සංවිධානයේ යුනෙස්කෝ ප්‍රඥප්තීන් ට අනුව ලෝක උරුම ස්මාරක පවත්වා ගෙන යා යුතුය. ඔවුන් ගේ වාර්ෂික කමිටු රැස්වීම් වලදී මෙම ස්මාරක පිළිබඳ තොරතුරු සහ සංරක්ෂණ කටයුතු වල තොරතුරු සලකා බලා යාවත්කාලීන කළ යුතු කාරණා ගැන අදාල රටවලට දන්වති.

      පසුගිය කාලයේ දඹුලු පූජා භූමියේ කටයුතු නොලසකා හැරීමත් විහාර අධිකාරියේ බලපෑම් මත කරන ලද ඉඳි කිරීම් හේතු කොට ගෙනත් මෙම ස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවට රාවයක් පැතිරුණි. රජයේ ඇතැම් බලධාරීන් විසින්ද එවැනි මතයක් ප්‍රචාරය කිරීමට උත්සාහ දරන ලදී.යුනෙස්කෝ ආයතනයේ ලෝක උරුම කමිටුවේ හතලිස් වන සැසි වාරය ඉස්තාන්බුල් නගරයේ දී පවත්වන ලද්දේ 2106 වසරේදීය. එහිදී එම කමිටුව විසින් දඹුලු විහාරය පිළිබඳ ගන්නා ලද තීරණ ප්‍රංශ තානාපති තිලක් රණවිරාජා මහතාට දන්වා යවා තිබේ. ඒ අනුව 2017 දෙසැම්බර් මස පළමුවන දාට පෙර මේ පිළිබඳ වාර්තාවක් අදාල කමිටුවට ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාව සලකා බැලීම සිදු වන්නේ 2018 වසරේදී මුළු ගැන්වෙන 42 වන  සැසිවාරයේදීය.ලංකාවේ දේශපාලන අධිකාරියට ඉදිරිපත් කරන ලද ලිපියේ මෙවැනි නිර්ණායක කීපයක් අන්තර්ගතව තිබේ. ඒවා මෙසේය.

  • ස්මාරක කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම. දඹුලු රජමහා විහාරය භාරකාර ස්වාමීන් වහන්සේලා රජයේ නියෝජිතයන් සහ විශේෂඥතාවය ඇති මහජන නියෝජිතයන් ඊට ඇතුලත් විය යුතුය.
  • කළමනාකරණ සැලැස්ම වරින් වර යාවත්කාලීන කළ යුතුය. එය කළ යුත්තේ සාම්ප්‍රදායික විහාර පාලනය සමග සහයෝගීතාවයෙන්ය.රජය සහ විහාර පරිපාලනය අතර එකඟතාවයෙන් කෙටිකාලීන සහ දිගු කාලීන උපාය මාර්ග සකස් කිරීමට කටයුතු කළ යුත්තේ විහාර සංරක්ෂණ කටයුතු සහ වන්දනා කරුවන්ගේ පැමිණීම කළමානාකරණය පිණිසය.
  • උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේදී සංරක්ෂණ එල්ලයන් ගැන සැලකිලිමත් විය යුතුය. එසේම ලෙන් වලට පිවිසෙන වන්දනා කරුවන් ප්‍රමාණය ගැන තක්සේරුවක්ද එහි ඇතුලත් විය යුතුය.මෙම ලෙන් තුළ විදුලි පහර සහිත කැමරා භාවිතය තහනම් කරලීමටද කටයුතු කිරීම සුදුසුය.

           වර්ෂ 1991 දී ලෝක උරුම සමාර්කයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු මෙම රන් ගිරි දඹුලු විහාරය පිළිබඳ ඔවුන් ගේ පැවති මතය එම ප්‍රඥප්තියෙන්ද හොඳින් ප්‍රකට වේ.එහි සඳහන් මෙම වගන්ති කීපයක කොටස් මගින් එම අර්ථය විදහා දක්වන්නට උපකාරී වෙයි.

  • මෙම ස්මාරකය සහස්‍ර වර්ෂ ගණනාවක කාලයක සිට මේ  දක්වා ජීවමාන බෞද්ධ පිළිවෙත් සමග බැඳී  අඛණ්ඩ වන්දනා සම්ප්‍රදායක් සමඟ සම්බන්ධ වන බෞද්ධ ලෝකයේ විශිෂ්ට නියෝජනයකි.
  • දඹුල්ල රන් ගිරි විහාරය මානව වර්ගයාගේ කලාත්මක කුසලතා පෙන්නුම් කරන බිතු සිතුවම් කලාවේ විවිධ පැතිකඩ සහිත විශේෂ ස්ථානයකි. මේ නියෝජනය ගැමියාගේ නිර්මාණශීලිත්වය හොඳින් ප්‍රකට කරනවා සේම බෞද්ධ වත් පිළිවෙත් සහ පූජා විධි  භාවිත කැපීපෙනෙන උදාහරණයක් සහිත ස්ථානයක්  වේ. 
  • දඹුල්ල රන්ගිරි විහාරය ක්‍රි.පූ 3 වන සියවසේ සිට මේ ජීවමාන බෞද්ධ සම්ප්‍රදාය හා පුද පිළිවෙත් අවිච්ඡින්නව පවත්වාගෙන යනු ලබන කදිම උදාහරණයකි.
  • මෙම සමාරකයේ පවතින බිතු සිතුවම් මූර්ති ඇතුළු භෞතික පෙනුම තවමත් හොඳ තත්ත්වයේ පවතී.එසේම එම වටිනාකම් ප්‍රකාශ කිරීමට,එම සංරක්ෂණයන් උපයෝගී වී ඇත. මෙම සංස්කෘතික දේපල  සංවර්ධන ක්‍රියාකාරකම් නිසා හෝ හෝ වෙනත්  අහිතකර බලපෑම් නිසා අගතියට පත් වී නැත.

      වලගම්බා රාජ සමයෙන් පසු රන්ගිරි දඹුලු පුදබිම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය තුළ අත්පත් කරගන්නා ලද රාජකීය අනුග්‍රහය ඉතා විශේෂිතය. බෝධිනාරායන බුවනෙකබාහු නම් අඛණ්ඩ චිත්‍ර ශිල්පී පරම්පරාවක් මෙම චිත්‍ර සංරක්ෂණයට දායක වී තිබේ. අවසාන වශයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම චිත්‍ර සංරක්ෂණය කරන අවස්ථාවේ දී ගලේවෙල නිලගම ජීවත්ව සිටි ඉහතකී පරපුරේ ජීවන් නයිදේ මහතා සිය දායකත්වය එයට ලබා දී තිබුණි. මෙම විහාරය මහා විහාර සම්ප්‍රදායට අනුව අස්ගිරි මහා විහාරයට අයත්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දී නිකුත් කළ දඹුලු විහාර සන්නස අනුව මෙම විහාරයට කළ යුතු වත් පිළිවෙත් රාජකාරිය සඳහා වෙන් කළ ගම්මානයන් ගැන පැහැදිලිව සඳහන් වේ. 1848 ජාතික විමුක්ති අරගලයේ දී මෙම විහාරය මුල් කොට ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇතිවූ අරගලය මධ්‍යයේ වුවද එහි අඛණ්ඩ සම්ප්‍රදාය රැකී ඇත.ඉංග්‍රීසින් විසින් බෞද්ධ විහාර ගම් දේවාලගම් යටතට මෙම විහාර ඝණය ඇතුලත් කළ අතර වාර්ෂිකව අස්ගිරි මහ නාහිමියන් විසින් මෙහි භාරකාරත්වයට යතුරු පයිණ්ඩ දීමේ ක්‍රමයක් අද දක්වාමත් පැවත පැමිණේ. යුනෙස්කෝව සිය ප්‍රඥප්තියෙන් අර්ථ දක්වන්නේ එම වටිනා සම්ප්‍රදායයි.එම නිසා ජීවමාන අඛණ්ඩ අවිච්ඡින්න බෞද්ධ සම්ප්‍රදායකට අතුලත් වන මෙම ස්ථානය හුදෙක් සංචාරකයන් පිනවන කලාගාරයක් බවට පත් කරලීමට හැකි නොවේ.එය පළමුව සිංහල බෞද්ධයන්ගේ ජීවමාන බෞද්ධ සිද්ධස්ථානයකි.මල් සුවඳ මෙන්ම පහන් සිලෙන් ද  අදටත් රන්ගිරි දඹුලු රජමහා විහාරය ඒකාලෝක විය යුතුය.එක් විදේශික කාන්තාවක් මෙහිදී පවසා ඇත්තේ දැන් රන්ගිරි දඹලු විහාරයේ මෙම පන්සල් සුවඳ නැති බවයි.

       1994 වර්ෂයෙන් පමණ පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි එකාධිකාරය දරමින් මෙම තත්ත්වයට පරිවර්තනය කිරීමට ගත් උත්සායක් ඇත. නමුත් මෙම ස්ථානය භාරව සිටි ස්වාමීන් වහන්සේලා ඊට ඉඩ නුදුන්හ.මෙහිදී අතර මැද තත්ත්වයකට පත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතින් යම් අතපසු වීම් සිදුව ඇත. විහාරයේ සංවර්ධන උදෙසා යම් යම් ක්‍රියාකාරකම් කිරීම අත්‍යවශ්‍යය.ඒ වා මෙම  ස්ථානයේ විශ්ව අගය පහත හෙලීමට සමත් නොවිය යුතුය. යුනෙස්කෝව බලාපොරොත්තු වන්නේද එයයි.ජීවමාන බෞද්ධ පිළිවෙත් සම්ප්‍රදායන් රකිමින් දෙස් විදෙස් වන්දනා කරුවන් මෙන්ම සංචාරකයන්ද මෙහි අද්දවා ගැනීමට හැකි ස්ථානයක් බවට පත් කිරීම එහි අරමුණ වේ.

        එහෙත් වත්මන් රජය පත් වූ අලුත මෙම ස්ථානයේ පාලනය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඉවත් කොට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට ගැනීමට උත්සාහ කළහ.ඒ සඳහා නීතිපති උපදෙස්ද ලබාගෙන තිබුණි. එහිදී එයට විරෝධය පෑ  විහාර පාලනය නිසා එම යෝජනාව ඉවත ලන්නට සිදු විය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාව සිටි අචාර්ය සෙනරත් දිසානායක මහතා ඉවත් කරලීමට ආසන්න හේතු අතර මෙම දඹුල්ල පුදබිමේ වෙනස් කම් ද දක්වා ලිය හැකිය.දැන් නැවතත් මේ උත්සාහයන් රජය තුළින් පැන නැගී ඇතැයි වාර්තා වේ. එයට ඔවුන් උපයෝගී කර ගන්නේ විහාර පාලනය මගින් මෙම පුදබිමේ විශ්ව අගය කෙලෙසා ඇතැයි යන ප්‍රසිද්දිය ලබා දෙමිනි. එය පට්ටපල් බොරුවකි.  යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ වරයා විසින් 2016 අගෝස්තු 16 වන දින   නිකුත් කරන ලද ලිපියේ කොතනකවත් එවැනි දෙයක් සඳහන් නොවේ. එම නිසා කළ යුත්තේ මෙම ඓතිහාසික ස්ථානය පළමුව ජාතික උරුමයක් ලෙසට සංරක්ෂණය කොට පවත්වා ගෙන යෑමයි. ජාතික උරුමය යනු සිංහල බෞද්ධ වත් පිළිවෙත් අනුගත සංස්කෘතික ප්‍රඥප්තියකි. දෙවනුව ලෝක උරුම භූමියක් වශයෙන් එහි විශ්වීය අගය පවත්වා ගෙන යෑමට අවශ්‍ය කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම කළ යුතුය. එහිදී යුනෙස්කෝව විසින් මග පෙන්වන ලද සීමාවන් හොඳටම ප්‍රමාණවත්ය. එසේ නොවී. ඇමතිවරුන්ට සහ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මෙම ස්මාරකය වෙළෙඳ දේපළක් බවට පරිවර්තනය කිරීම සියළුම දෙනාගේම දෝෂ දර්ශනයට ලක් වන්නකි.පසුගිය දා අස්ගිරි කාරක සංඝ සභාව රැස්ව කළ ඓතිහාසික ප්‍රකාශනයෙන් මෙම අත්තනෝමතික තත්ත්වයන් පෙන්වා දී තිබුණි.

මතුගම සෙනෙවිරුවන්

4 Responses to “දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා කවුරුද?”

  1. . Says:

    දඹුළු විහාරේ හාමුදුරුවරු වංචා කරනවා… දිනක ආදායම ලක්‍ෂ 80යි.. මොනවා කිවුවත් කරන්න ඕන දේ කරනවාමයි..- අකිල
    June 23, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්

    දඹුළු විහාරේ හාමුදුරුවරු වංචා කරනවා… දිනක ආදායම ලක්‍ෂ 80යි.. මොනවා කිවුවත් කරන්න ඕන දේ කරනවාමයි..- අකිල
    දඹුළු විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක‍්‍රියාපටිපාටිය කිසිසේතම අනුමත කල නොහැකි බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මෙම විහාරස්ථානයේ දිනක ආදායම ලක්‍ෂ 35-80 අතර වන බවද පවසන ඇමතිවරයා මොන තත්වය යටතේ වුවද කල යුතු දේ කරන බවද සදහන් කරයි.

  2. NeelaMahaYoda Says:

    දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා කවුරුද?
    වෙන කවුරුත් නොවේයි පන්සලත්, බෞදාගමත් විකුනාකන පොට්ටනිකාර නායක හාමුදුරුවෝයි. පසුගියදා ලංකාවේත් පුරවෙසිකමඇති මගෙනුත් විදේශිකයන්ගේ ඇතුල්වීමේ ගාස්තුවම අයකරන්න තැත්කලේත් ලොකුහාමුදුරුවන්ගේ මැරවරයොයි.පන්සලේ ඇතුලේ වෙලදාම්කරණ ලොකුහාමුදුරුවන්ගේ ගුන්ඩෝ තමයි ලොකුහාමුදුරුවන්ගේ මාෆියා එක ගෙනයන්නෙ.
    ලංකාවේ බුදුදහමත් පූජනීය ස්තානත් ලොකුහාමුදුරුවන්යයි කියාගන්නා පොට්ටනිකාරයිගෙන් රැකගැනීම රජයේ පරම වගකීමයි

  3. Ananda-USA Says:

    80 Lakhs daily income at Dambulla?

    You can buy a nice small home every day for that kind of money!
    I don’t believe the income is so high!

    Is this an attempt by the UNPatriotic party to fightback against the Buddhist establishment by discrediting them in the WAKE of the statement by the Asgiriya Chapter of the Sam Nikaya criticizing the Yamapalanaya?

  4. Ananda-USA Says:

    NeelaMahaYoda,

    Yes, I experienced this attempt to wring a foreign visitors entrance fee at Dambulla from me too, probably because I was accompanied by some white Americans. The fee, however, is a negligible amount for most foreigners from the foreigners perspective.

    I hope there is some management/government oversight on these collections and they are not being used for personal expenses, and some local entrepreneurs/goons are not cashing in by collecting fees. There is no way to verify their affiliation. They need to fence the area and have an official entrance booth for all visitors.

    I usually donate much more than the entrance fee for the upkeep of these ancient Buddhist places of worship, especially now that under the Yamapalanaya the Buddhist temples have lost Government Patronage.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress