දඹුළු විහාරේ හාමුදුරුවරු වංචා කරනවා… දිනක ආදායම ලක්‍ෂ 80යි.. මොනවා කිවුවත් කරන්න ඕන දේ කරනවාමයි..- අකිල
Posted on June 23rd, 2017

lanka C news | ලංකා සී නිවුස්

දඹුළු විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක‍්‍රියාපටිපාටිය කිසිසේතම අනුමත කල නොහැකි බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම විහාරස්ථානයේ දිනක ආදායම ලක්‍ෂ 35-80 අතර වන බවද පවසන ඇමතිවරයා මොන තත්වය යටතේ වුවද කල යුතු දේ කරන බවද සදහන් කරයි.

4 Responses to “දඹුළු විහාරේ හාමුදුරුවරු වංචා කරනවා… දිනක ආදායම ලක්‍ෂ 80යි.. මොනවා කිවුවත් කරන්න ඕන දේ කරනවාමයි..- අකිල”

  1. NeelaMahaYoda Says:

    අකිල කතාව සම්පූර්නයෙන්ම ඇත්ත.
    අකිලහේ කටේ මසුරන් දාන්න වටිනවා
    දඹුලු පුදබිමට බැල්ම හෙලන බහිරවයා
    වෙන කවුරුත් නොවේයි පන්සලත්, බෞදාගමත් විකුනාකන පොට්ටනිකාර නායක හාමුදුරුවෝයි. පසුගියදා ලංකාවේත් පුරවෙසිකමඇති මගෙනුත් විදේශිකයන්ගේ ඇතුල්වීමේ ගාස්තුවම අයකරන්න තැත්කලේත් ලොකුහාමුදුරුවන්ගේ මැරවරයොයි.පන්සලේ ඇතුලේ වෙලදාම්කරණ ලොකුහාමුදුරුවන්ගේ ගුන්ඩෝ තමයි ලොකුහාමුදුරුවන්ගේ මාෆියා එක ගෙනයන්නෙ.
    ලංකාවේ බුදුදහමත් පූජනීය ස්තානත් ලොකුහාමුදුරුවන්යයි කියාගන්නා පොට්ටනිකාරයිගෙන් රැකගැනීම රජයේ පරම වගකීමයි

  2. Senerath Says:

    Agree with Neela Maha Yoda. Not only Dambulla, but also other historic places of worship like Avkana has such ‘chiefs’ and also cultural triangle, specially Polonnaruwa are trying to take money unjustifiably from dual citizens.
    While serious action shall be taken against extremists Tamils and Muslims who destroy out ancient Sinhala cultural treasures, these ‘rough chiefs’ contribute immensely to discredit Buddhism, than promoting.

  3. Lorenzo Says:

    Neela,

    What you say is TRUE.

    But this TAMIL MUSLIM govt. is trying to takeover the MONEY collected in the temple and give to MAHENDRAN, HACKHIM, etc.

    Now at least the money ends up with BUDDHISTS.

    IF govt. takes over Buddhist shrine land, MOSQUES will come up around them in the name of RECONCILIATION.

    So we have to pick the lesser of the 2 evils. AKILA’s attack came after the monk blamed him for trying to takeover Buddhist shrine land.

    “https://lankacnews.com/%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%99/”

  4. Senerath Says:

    අපි ජාතිවාදය අවුස්‌සලා නෑ මේ ආණ්‌ඩුව සංහිඳියාව ගැන කියමින් ජාතිවාදය ආගම්වාදය අවුස්‌සනවා
    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

    කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ, ගිරිඋල්ල – ඇම්. ඇම්. තිලකරත්න, මහරච්චිමුල්ල – සිසිර සරත් අබේකෝන්, අඹදෙණිය – ඇම්. ඇම්. තිලකරත්න

    අපි කොතනකවත් ජාතිවාදය අවුස්‌සලා නැහැ. මේ ආණ්‌ඩුවෙන් තමයි සංහි`දියාව ගැන කියමින් ජාතිවාදය, ආගම්වාදය සේරම අවුස්‌සන්නෙ, එහෙම අවුස්‌සලා සද්දනැතිව අපරාදේ වෙන වෙන අයව අත්අඩංගුවට ගන්න හදනවා. අපි අපේ කාලෙ හැම පන්සලකටම ආධාර කළා උදවු කළා. පල්ලි කෝවිල් වලටත් නොසලකා හිටියේ නැහැ. එතනින් නවතින්නෙ නැතිව මේ ආණ්‌ඩුවට සල්ලි නැහැ කියලා දඹුල්ලේ පන්සලේ පිංකැටේටත් වැඩේ දෙන්නයි හදන්නේ. එA වගේ දේවල් නොකර අපිට මඩ ගහමින් ඉන්නෙ නැතිව ජනතාව ගැන හිතලා වැඩපිළිවෙලකට යනවනම් හො`දයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එA බව පැවසූවේ ඓතිහාසික දඹදෙණිය රාජමහා විහාරයේ රන් වැට, ගල්පඩිපෙල, දකුණු සිරිපතුල පෙරේදා (24 දා) විවෘත කිරීමෙන් අනතුරුව සංවිධානය කර තිබූ උත්සවයක්‌ අමතමිනි.

    එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

    බොරු කියමින් ජනතාව රවටමින් හිටපු ආණ්‌ඩුව මේ වනවිට උගත් ඔලුගෙඩිවලට පහරදෙන්න ආරම්භකර තිබෙනවා. ජාතිවාදය ආණ්‌ඩුව විසින්ම අවුස්‌සා පටු වාසි අරගෙන එAවා හැම එකක්‌ම අන්අය පිට පැටවීමේ කුමන්ත්‍රණයක නියෑළෙනවා.

    මේ ආණ්‌ඩුව කරන්නේ මිනිස්‌සු රවට්‌ටන එක. විශේෂයෙන් දකුණෙ සිංහල මිනිස්‌සු රවට්‌ටන එක තමයි ප්‍රධානම කටයුත්ත. අපි නෙවෙයි මේවා කියන්නෙ, මේ ආණ්‌ඩුව බලයට ගේන්න ලොකුම වැඩකොටසක්‌ කරපු සුමන්තිsරම් මන්ත්‍රීවරයා රූපවාහිනි නාලිකාවක තිබුණ වැඩසටහනකදී රටටම ඇහෙන්න ප්‍රසිද්ධියේ කියලා තිබුණේ, අපි ආණ්‌ඩුවට කියන්නෙ දැං හො`දටම ඇති ජනතාව රැවැට්‌ටුවා රාජ්‍ය දේපල විකුණන්න එපා, මේ රට අපේ අනාගත පරපුරට දායාද කරන්න ඉතිරි කරන්න කියලා.

    අද ළමා හා කාන්තා දූෂණ දාහත්දහස්‌ පන්සියය ඉක්‌මවා ගොස්‌ එA සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියන බවත් ආරංචියි. ආණ්‌ඩුවට එA දේවල් පසි`දලන්න කිසි උවමනාවක්‌ තියන බවක්‌ පේන්නේ නැහැ. අධිකරණයට පුදුම විදිහේ බලපෑමක්‌ අද වන විට තියෙන්නේ. හිරේ දාන ඇප දෙන අය තීරණය කරන්නේ අධිකරණය නෙවෙයි. දේශපාලන අධිකාරිය තමයි එA දේවල් තීරණය කරන්නේ. ආණ්‌ඩුවට කැක්‌කුමක්‌ තියෙන්නේ ජනතාව ගැන නෙවෙයි.

    අද මේ ක්‍රමේ දෙස විමසිල්ලෙන් බලන ඕනම කෙනකුට පේනවා අපේ මහා සංඝරත්නයට රණවිරුවන්ට යන දෙකොට්‌ඨාශයටයි ආණ්‌ඩුවෙන් පන්න පන්න ගහන්නේ. ත්‍රස්‌තවාදියාගේ තුවක්‌කුව පත්තුවුණාම අපේ රණවිරුවා මියයනවා. රණවිරුවගේ තුවක්‌කුව කලින් පත්තුවුණාම ත්‍රස්‌තයා මැරෙනවා හැබැයි රණවිරුවට නඩුවක්‌ වැටෙනවා. මේක මහා පුදුම තත්ත්වයක්‌. අද මුණගැහුණ පුංචි දරුවෙක්‌ කියනවා ඒ දරුවා පාසල් යන්න අකමැතියිලු හේතුව අහපුවහම අනික්‌ යාළුවෝ එA දරුවගේ පියා මිනීමැරුම් නඩුවක්‌ තියන කෙනෙක්‌ කියලා විහිළු කරනවාලු. එAත් එA මිනීමැරුමක්‌ වෙන්නේ කොහොමද රට වෙනුවෙන් කරපු වීර ක්‍රියාවක්‌ මිස.

    ආණ්‌ඩුවෙන් දෙන සංඛ්‍යාලේඛන අනුව ඩෙංගු රෝගීන් හැත්තෑ දහසකට පමණ ආසන්න වෙලා. එA දේවල් හරි දත්තද කියන්න අපි දන්නේ නැහැ. කිසි දවසක එහෙම දේවල් අහලා තිබුණද? අද වන විට උණ රෝහල් පිරිලා ඉතිරිලා රෝගීන් ආපසු හරවලා යවන තත්ත්වයකට පත්වෙලා. එA අසරණ රෝගීන් නිවෙස්‌වල ඉ`දලා මොනවා කරන්නද? කෝ අද මේ දේවල්වලට වැඩපිළිවෙලක්‌.

    ඉස්‌සරනම් ප්‍රාදේශීය සභාවේ හරි නගර සභාවේ හරි මන්ත්‍රීවරයකුට කියන්න තිබුණා කැලේ වැවිලා වතුර වළවල් තියනවා මේවා සුද්ධ කරලා කුණු ටික ගෙනියන්න කියලා. අද කාට කියන්නද? එA අයිතියත් ආණ්‌ඩුව ජනතාවගෙන් උදුරගෙන. පළාත් පාලන ඡන්දයක්‌ කවදා එයිද කියන්න බැහැ. මේ තැන්වල ඉන්න සෙනඟ දැක්‌කම ඉතින් තව තව කල්යනවා.

    එA විතරක්‌ නෙවෙයි මේ සෙනඟ ගැන කිව්වහම හෙට ඉ`දලා ආයෙමත් මහින්ද හොරා දූෂිත පාලකයා කිය කියා මට මගේ පවුලේ අයට මඩ එක්‌ක දෙස්‌නගනවා. මට එAවා හො`දට පුරුදුයි. අපේ කාලෙනම් කොටි ත්‍රස්‌ත තර්ජන තියනවාද කියලා බලන්න බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ. එAත් මෙතන ඉන්න බුද්ධි අංශවල නිලධාරීන් එAව හොයන්නයි සෙනඟ ගනින්නයි ඇවිල්ල ඉන්නේ. 250 ක්‌ වගේ තමයි සෙනඟ හිටියෙ කියන්න එතකොට තමයි මවාගත්ත ලෝකවල ජීවත්වෙන පාලකයන්ට සැනසෙන්න පුළුවන්කම තියෙන්නේ.

    අද වන විට අපේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද? අද හාල් කීයද? පොල් බෑව රුපියල් 40 ක්‌ වෙලා. එහෙමවත් ගන්න පොල් හි`ගයි. මේ ආණ්‌ඩුව පුළුවන් විදිහට රුපියල බාල්දු කළා. වී ගොවිතැනේ කන්න ගණනාවක්‌ පාළුවුණා. තව මාස දෙක තුනකින් මොනවද කන්නේ?

    අපි ණය ගත්ත තමයි. කිසිදු සාධනීය වැඩපිළිවෙලක්‌ නැතිව මේ ආණ්‌ඩුව 2015 දී පමණක්‌ මොනතරම් ණය කන්දක්‌ ගත්තද? නමුත් අපි වැඩපිළිවෙළකට අනුවයි ණය ගත්තේ. මේ රටේ ආදායම් මාර්ග පිළිබ`දව නිසි අවබෝධයක්‌ අපිට තිබුණා. අපිට උසුලන්න පුළුවන් බර පමණයි අපි ඉහිලුවේ. අපිට වැඩපිළිවෙලක්‌ තිබුණා. ගමේ මිනිස්‌සු අතේ සල්ලි තිබුණා. තරුණ ප්‍රජාව අතේ මුදල් ගැවසුණා. අපිට ඕන වුණේ හැම නිවසකටම පුළුවන් නම් වාහනයක්‌ ගන්න සිහිනය සැබෑ කරන්නයි.

    අද ඇමැතිවරුම කියනවා හැමෝටම වාහන ගන්න සුදුසු අය නෙවෙයිලු. සුදුසු අයට පමණයිලු වාහන ගන්න පුළුවන්. ඡන්දෙ කාලෙදී නම් අර අහිංසක දුවක්‌ වැස්‌සේ තෙමිතෙමී එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ ආවහම වාහනයක්‌ ගන්න හිටියා.

    අද වාහන ගන්නවා තියා උසස්‌ පෙළ විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ ලබාගත්ත සියයට දෙකක්‌ වගේ උගත් සිසු සිසුවියන්ට පහර දෙනවා ඔලුවලටමයි පහර දෙන්නේ. අපිට ආරංචි විදිහට 90 ක්‌ විතර රෝහල් ගතවෙලා තියනවා. මේ මර්දනයට බයේ රෝහල් ගතනොවුන පිරිසත් කොච්චර ඉන්නවාද?

    අපි වෙනත් රටවල සංචාරයන් ස`දහා ගිහාම අපිව කොච්චර විවේචනයට ලක්‌ කළත් වෙන වෙන පිරිස්‌ වගේ රට හෑල්ලුවට ලක්‌කරලා කතා කරලා නැහැ. එහෙම කරන්න ඕනනම් අපි මේ රට නිදහස්‌ කරගන්න ඕනෙ නැහැනේ. එතනින් එහාට ගිහාම රජය ජනමතය තුට්‌ටුවකට මායිම් කරන්නේ නැහැ. මහ බැංකු අධිපති පත්කරද්දී ව්‍යවස්‌ථානුකූලව පිටරැටියකුට දෙන්න බැහැ කියලා නැහැ කියලා දුන්නා. එA වගේමයි හයිබ්‍රිඩ් අධිකරණයත්. විදෙස්‌ විනිසුරුවන් ගෙනල්ලා නඩු අහන එක වැරදී කියද්දී නීති හදලා හරි එහෙම කරන්න ඕන කියන පිරිසක්‌ තමයි මේ ආණ්‌ඩුවේ ඉන්නේ.

    දැන් මට මතකයිනේ ලේ වලින් අස්‌සන් කරලා යන්නේ නැහැ කියපු අය අද කෝ? එA ලිපි තවම මංගාව සුරක්‍ෂිතව තියනවා. මැතිවරණයේ අන්තිම දෙදොහේ වෙනකොට අපේ ලේකම්වරු දෙදෙනාම ඉවත් කළා. මමත් අපේ පක්‍ෂ සභාපතිත්වය ඉල්ලීමට දුන්නා. පස්‌සේ බලපුවහම අර ඉවත්කරපු ලේකම්වරු දෙන්නත් ගිහින් එA පැත්තටම. අපෙන් උදවු ගත්ත අයමයි අපිට එහෙම කළේ. දැන් අපි එක්‌ක ඉන්නේ අපි උදවු කරපු අය නෙවෙයි. හැබැයි වෙන දේවල් අවශ්‍ය නැහැ. එA අයගේ හදවතට තට්‌ටු කරලා අහන්න.

    හැම පාඩුවටම හැම දේටම මහින්ද මහින්ද මහින්ද මන්තරයක්‌ මතුරනවා වගේ දොඩවනවා. ඉතින් දැන් මහින්ද නැහැනේ එAත් කරපු දෙයක්‌වත් නැහැනේ?

    පැරදුන පුද්ගලයකුට විහාරාංග විවෘත කිරීමට හෝ උත්සව ස`දහා සහභාගි වීමට සාමාන්‍ය වශයෙන් ආරාධනා නොකළද ගරුතර මහා සංඝරත්නය තමන්ව එම කුලකයෙන් ඉවත් කිරීම පිළිබ`දව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන බවත් ජනතාවද එA මතයේම සිට වැළනොකැඩී තමන් සහභාගිවන උත්සව ස`දහා සහභාගිවීම පුදුම සහගත බවත් වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

    උත්සවය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්aස්‌ටන් ප්‍රනාන්දු මහතා –

    ජාතිවාදය අවුස්‌සන්න එපා කිය කිය මහා සංඝරත්නය අල්ලලා හිරේ දැම්මේ මේ ආණ්‌ඩුවෙන්. පළිගැනීම කොච්චරද කියනවා නම් මහින්ද මහත්තයා එක්‌ක ඉන්න හැමෝම අපිව පවා කුදලං ගිහින් හිරේ දැම්මා. මහින්ද මහත්තයාගේ දරු දෙන්නත් හිරේ දැම්මා. ඒත් එතුමාගේ ආත්ම ශක්‌තිය අබමල් රේණුවකින්වත් අඩුකරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. අපිව හිරගෙදරට බලන්න එතුමා එනකොට එතුමාව වටකරගන අඬනවා ජනතාව.

    මේ අය ආණ්‌ඩුව ගත්ත වෙලාවේ ඉ`දලා සංවර්ධනය පැත්තකට දාල කළේ රත්තරන් අශ්වයො හොයපු එක. අශ්වයෝ තියා බූරු පැටියෙක්‌වත් හොයාගන්න මේ ආණ්‌ඩුවට අද බැහැ. ඡන්ද ගත්තෙම බොරු කියලා බකිංහෑම් වලින්ලු ගෙනාවේ. හිනායන කතා එAවා.

    මේ දඹදෙණිය ආසනයේ නාරම්මල ප්‍රාදේශීය සභාවේ ප්‍රේමදාස යුගයේ පානීය ජලය දෙන්න බැහැ කිව්වට කෝටි ගණනක්‌ වියදම් කරල සියයට අනූවක ජල ප්‍රශ්නය මහින්ද මහත්තයා විස`දුවයි කියලා දැන් මෙතනදි කියවුණා. මේ ආසනයට ලොකු ලොකු දේවල් කරනවා කියලා පාවා දීල ගිය ශාන්ත බණ්‌ඩාර මහත්තයට අපි කියනවා එA කරපු සංවර්ධනයෙන් දශමයක්‌ හෝ ගෙනල්ල පෙන්වන්න කියලා. එතුමාට තේරිලා නැහැ. අද වෙනකොට මේ රටේ මිනිස්‌සු හිටගෙන ඉන්නෙ මෛත්‍රි මහත්තයා එක්‌කවත් රනිල් මහත්තයත් එක්‌කවත් නෙවෙයි මහින්ද මහත්තයා එක්‌ක කියලා.

    අද ගමේ මිනිස්‌සුන්ගෙන් ඇහුවොත් මේ අය ඡන්දෙ තියන්නෙ නැති හේතුව එA මිනිස්‌සු පිළිතුරු දෙනවා බයටයි තියන්නේ නැත්තේ කියලා. ඇත්තත් එAක තමයි මේ සෙනඟ ගැන ආරංචි වුණොත් තවත් කල්යාවි. කොහොම වුණත් ජනතාව බලන් ඉන්නේ උදුරාගෙන තියන ඡන්ද අයිතිය දෙනකල්. මහා මැතිවරණයට නෙවෙයි අද ගමේ පුංචි ඡන්දයටත් බය වෙලා ඉන්නේ. වසර දෙකක්‌ ගෙවිල ගිහින් පාලනය අරගෙන මේ ආණ්‌ඩුව ජනතාවගේ ඡන්ද අයිතිය දෙන්න අසමත් යෑයි පැවසීය

    අදත් හෙටත් මතුවටත් මේ රටේ ජන හද තුළ ජීවත්වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස වෙන අය නොවන බවත් එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක, රණවිරු අධිකාරියේ හිටපු සභාපතිනිය පද්මා වෑත්තෑව යන මහත්වරුන් මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර වයඹ පළාත් හිටපුq සංගීත අධ්‍යාපන අධ්‍යක්‍ෂ ප්‍රවීණ ගායන ශිල්පී බන්ධුල විඡේවීර මහතා ගීත මුසු දෙසුමක්‌ ඉදිරිපත් කළේය

    දඹදෙණි රාජමහා විහාරාධිපති නාරංගොඩ සිරිනිවාසාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක යන මහත්වරුද ඩී. බී. හේරත්, සමන්ප්‍රිය හේරත් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පැවිදි ගිහි විශාල පිරිසක්‌ ඊට සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress