සම්මතයෙහි නොපිහිටා අනුනට ඔවා දෙන සහජාත පුත්‍රයෝ
Posted on June 25th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

හමුදාව ලවා කුණු කසල ඉවත් කරවන්නට තමා අපේක්ෂා කරන බවත්, එය ගෝඨාභය රාජපක්ෂ විසින්ද සිදුකල බවත් පසුගිය දිනෙක සෞඛ් ඇමති රාජිත සේනාරත්න පවසා තිබිනි. මේකුණු කසලයන යෙදුමෙහි ඇත්තේ අප කෙලින්ම දකින දේද නැතිනම් ව්යංගර්ථයෙන් කියන යමක් කියා සිතුනේ ජුුනි මස 22 දා සයිටම් විරෝධී ශිෂ්යයන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ලවා රජය පහර දුන් අන්දම දුටු විටය.

 

කුණු කසල යන යෙදුම තුල ඍජුවම දැක්වෙන අර්ථය බලමු. කුණු කසල යනු අපට අනවශ් වූද, ඉවත් කල යුතු වූද දේවල්ය. ඒවා ඉවත් කලයුතු තැනදී ඉවත් නොකරන්නේ නම් එය මහත් ව්යසනයකට පාර කපන්නේය. කුණු කසල නිසා විවිධ රෝගී තත්වයන් උත්පාදනය වන අතර හොඳ දෙයක් පැතිර යනවාට වඩා ඉක්මනින් නරක දෙය පැතිර යාමේ න්යාය ඔස්සේ එවන් රෝග සමාජය හරහා පැතිර යන බව පැහැදිලිය. කුණු කසලවලට වැසි ජලය හා සුළඟ මුසු වූ විට පරිසරයම ගඳ ගසන අතර වායු ගෝලය මෙන්ම පසද අපිරිසිදු වේ. මෙය සත්වයන්ටද එකසේ බලපායි. එබැවින් කුණු කසල ඉවත් කිරීම මනුෂ්යයාගේ සහ පරිසරයේ යහපැවැත්ම සඳහා අත්යවශ් වන්නකි.

 

භෞතික ලෝකයට අදාල කුණු කසල වලින් අත්විය හැකි මෙවන් ප්රතිඵල දකින කල්හි සමාජය යන සන්දර්භයට අදාලව කුණු කසල ලෙස හැඳින්විය හැකි යම් යම් දේද තිබෙන බවද මතකයට නැගේ. සමාජය තුල ඇති එක කොටසක් නම් දේශපාලනයයි. එබැවින් ඊට අදාලව කුණු කසල ගනයට වැටෙන දේ සමාජය තුල තිබිය හැක. මෙය තම තමන්ගේ මති මතාන්තර අනුව වෙනස් විය හැකි වන්නේ කෙනෙකුට කුණු කසල ලෙස පෙනිය හැකි දේ තවත් අයෙකුට එසේ නොපෙනිය හැකි නිසාය. විශේෂයෙන් දේශපාලකයන්ට තම මතවාදයට හා අපේක්ෂාවන්ට එරෙහිව යන පුද්ගලයන් කුණු කසල සේ පෙනෙනු නොඅනුමානය.

 

ඉතින් මේ න්යාය අනුව ගෙන බැලුවහොත්ගෝඨාභයලාවිසින් සුද්ධ කලා හෝ සුද්ධ කරන්නට උත්සාහ කලාය කියන කුණු කසල බොහෝ තිබුනේ මාධ් තුලය. මේවා සම්බන්ධ පරීක්ෂණ කෙරීගෙන යන නිසා ඉදිරියේදී මේ පිලිබඳව ඇත්ත නැත්ත එලිවනු ඇති අතර කුණු සුද්ධකලේ ඔහු තනිවමද, තව කවුරු කවුරුන් මේවාට හවුල්වීද යන්න අපට දැනගත හැකි වනු ඇත. මේ පරීක්ෂණ කටයුතුවලදී බොහෝවිට හමුදා සාමාජිකයන් අත්අඩංගුවට පත්වන නිසා මේ කුණු කසල ඉවත් කිරීමට යොදාගෙන ඇත්තේ හමුදාවය යන්න පැහැදිලිය. එබැවින් රාජිත කියන්නේද එවන් කුණු ගැනද කියා සැකයක් ඇතිවේ. ඔවුන් මාධ්යයන් සමග ගණුදෙනු කරන ආකාරය තුල මේ සැකය තීව් වේ.

 

80 දශකය අග භාගයේදීද එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින්ද මෙසේ හමුදාව ලවාකුණු සුද්ධ කිරීමේකාර්යය සිදු කලේය. 1897 ජුලි මස ඉන්දියාව සමග අත්සන්කල සාම ගිවිසුමට එරෙහිව දිවයිනේ දකුණු දෙසින් නැගී තරුණ නැගිටීමේදීය. මේ කාලයේදී ජවිපෙ විසින් පැවැත්වූ පන්තිවලට සහභාගි වූ මගේ මිතුරියක් වරක් පැවසූ කතාවක් තවමත් මගේ මතකයේ ඇත. එකල එජාප යේ හෝ පැරණි වමේ සාමාජිකත්වය දැරීමේ වරදට දේශප්රේමී ජනතා ව්යාපාරය විසින් යමෙකුට මරණ වරෙන්තුව නිකුත්කල විට එයමිනීමැරීමක් නොව බාධකයක් ඉවත් කිරීමක්පමනක් ලෙස එදෙස බලන්නයැයි ඔවුන්ට එම දේශකයන් උගන්වා තිබිනි. එයද එක්තරා විදියක කුණු සුද්ධ කිරීමකි. කෙසේ හෝ අවසානයේ ජවිපෙ , ආර්.ප්රේමදාස හා රන්ජන් විජේරත්න ප්රමුඛ රජයද එක්ව එකිනෙකා හා තරගයක් ඇතිව නමුදු කුණු කසල බොහොමයක් සුද්ධ කර දමන ලදී. මේ කුණු කසලවලට රිචඩ් ඩි සොයිසා, ප්රේමකීර්ති අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ වැනි විශිෂ්ඨ ගනයේ මාධ්යවේදීන් , විජය කුමාරතුංග වැනි කලාකරුවන්ද ඇතුලත් වූහ

 

ජවිපෙ හි කුණු සුද්ධ කිරීම 1990 න් පසු නැවතුන නමුදු රජයේ කුණු සුද්ධ කිරීම දිගින් දිගටම සිදුවිය. 1992 දී ජනාධිපති ප්රේමදාසගේ කාටුන් චිත්රයක් ඇන්ද වරදට කවුරුන් හෝ විසින් යුනුස් නම් ඇත්ත පුවත්පතේ කාටුන් ශිල්පියාගේ කට කපා දමන ලදී. ජනාධිපතිවරයාට එරෙහිව ගෙනා දෝෂාභියෝගය පරාජය වීමෙන් පසු රජයෙන් ඉවත්වී අලුත් පක්ෂයක් පිහිටුවා ගැනීම තුල දිගින් දිගටම කැපී පෙනෙන සාර්ථකත්වයක් කරා පා නගමින් සිටි ලලිත් ඇතුලත්මුදලි, හිටපු අමාත්යවරයාගේ දේශපාලන රැස්වීම් ආවරණයකල මාධ්යවේදීන්ට එජාපයට සහාය දැක්වූ හෝ කුලියට ගත් මැර පිරිස් වෙතින් දරුණු ප්රහාර එල්ලවිය. අවසානයේදී 1993 මැයි මස පලාත් සභා මැතිවරණයට ලකලැහැස්තිවෙමින් සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා අප්රේල් 23 වන දින වෙඩි තබා මරා දමන ලදී. ඔහුගේ අවමංගල් උළෙලට සාමකාමීව සහභාගි වූ ලක්ෂ සංඛ්යාත ජනකායකට කඳුලු ගෑස් ප්රහාර එල්ල කරන්නටද රජය පැකිලුනේ නැත. ඉන් ඇවිස්සුනු කෝපයෙන් යුතු පිරිස් කොළඹ විජේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරයට පහර දුන්හ. කෙසේ හෝ අවමංගල් පෙරහර කනත්ත වටරවුමට ලඟාවනවිට, රටේ ඉතිහාසයේ ලියැවිය යුතු මෙවන් නායකයෙකුගේ දේහය රැගත් දෙනට අහසින් මල් ඉසිනවා වෙනුවට අහසින් කඳුලු ගෑස් උණ්ඩ අතහරින ලදී. එදා එම සිදුවීම් සජීවීව දුටු මට, බොරැල්ල ඩී. ඇස්. සේනානායක මාවතේ තට්ටු ගොඩනැගිලිවල කල්තබා සූදානම් කරගත් ජල බාල්දි ඇතිව සිටි පිරිස් විසින් අපහසුවට පත් ජනතාවට එක දිගට උඩ සිට වතුර වත්කල අන්දම තවම මතකය. එදා රජයේ කෙරුම්කාරකම් විය.

 

වසර ගණනක් තිස්සේ මෙවන් භයංකර සිදුවීම්වලින් ඇලලී තිබූ කොළඹ නගරයම, 1993 මැයි මස 1 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් සිදු වූ ජනාධිපති ආර්. ප්රේමදාසගේ ඝාතනයෙන් පසුව පුදුම එලවන සුලු නිශ්ෂබ්දතාවයකින් වෙලී ගොස් ඇතැයි, 1993 මැයි මස 8 වන දින ඉකොනමිස්ට්සඟරාවේ 41 වන පිටුවේ පලවූ ලිපියක සඳහන් වේ. ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධ චෝදනාවේ ඇඟිල්ල කෙලින්ම දිගු වූයේ එල්ටීටීඊ සංවිධානයටය. 1983 ජුලි මස සිදුවූ සිදුවීම්වලින් ඉතිරිවූ අප්රසන්න මතකයන්ගෙන් නොමිදී හුන් කොළඹ නගරයේ වෙසෙන දෙමළ ජාතිකයන්ගේ කඩ සාප්පු වන විටත් වසා දැමුනු ගමන් යයිද එහි ලියැවී තිබිනි. (ඔබට මෙම ලිපි අන්තර්ජාලය ඔස්සේ කියැවිය හැකිය) නමුත් රටේ නායකයාම බෝම්බ පුපුරවා මරාදැමුනද දෙමළ ජනතාවට බියවන්නට තරම් කිසිවක් එදා සිදුවුනේ නැත. ඇයි? ජනාධිපතිවරයා මියගිය දිනයේ බෞද්ධ හැදියාවක් ඇති සමාජයකින් අපේක්ෂා කල නොහැකි අයුරින් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් ප්රීති වූහ. ඇයි?

 

වරක් මම විහිලු කතාවක් ඇසීමි. එක්තරා රටක සංචාරය කර පුරුදු පුද්ගලයෙකුගෙන් එහි යන්නට බලාපොරොත්තුවෙන් හුන් මිතුරෙකු රට ගැන විමසයි. ” රටේ ඉන්නෙ තේරුම් ගන්න බැරි මිනිස්සු. එක වරක් මම යනකොට මිනිස්සු රතිඤ්ඤා පත්තු කර කර සතුටු වෙනව. හේතුව ඇහුවම රටේ නායකයව යම් සංවිධානයක් විසින් බෝම්බයක් පුපුරවල මරල දාල. අවුරුදු ගණනකට පස්සෙ මම ආපහු යනකොට එදත් මිනිස්සු විදියටම උත්සව කරනව. බලනකොට මේ ගමන, අර කලින් වතාවෙ රටේ නායකයව මරපු සංවිධානෙ ලොක්කව මරල දාල ???”

 

මේ සියලු කාරණා මතක් වූයේ 2017 ජුනි මස 21 වන දින මහනුවරදී පැවති නිවාස ඔප්පු බෙදාදීමේ උත්සවයකදී නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්රේමදාස විසින් පවත්වන ලද කතාවක් නිසාය. ඔහු කියූ කරුණු කියන්නට පලමුව සඳහන් කලයුතු යමක් ඇත. ඔහු පවසන මේ කතා අසා සිටින්නේ මනුෂ්යයෙකුගේ මූලික අවශ්යතාවයක් වන නිවසක් තමාට කියා නැතිකම හේතුවෙන් මේ ව්යාපෘතිය යටතේ එය ලබා ගැනීමට අපේක්ෂාවෙන් පැමින සිටි මිනිසුන්ය. මේ ඔප්පුව ලබාගන්නා අවස්ථාවේ ඔවුන් ඇමතිවරයා ඉදිරියේ තම කොන්ද පාත්කර දෑත් එකතු කරන්නේ තමාට මේ ලැබෙන්නේ ශ්රී ලාංකිකයෙකු ලෙස තම අයිතිය බවත්, එම අයිතිය තහවුරු කිරීම ඇමතිවරයාගේ රාජකාරිමය වගකීම බවත් වැටහීමක් නොමැතිවය. ඊට අමතරව ඔවුන් ඇමතිවරයා කියන දේවල් අසා සිට එම කතාවේ එන උද්වේගකර තැන්වලදී අත්පොලසන්ද දිය යුතුය.

නමුත් අැමතිවරයා කතා කරන්නේ ජනතාවට නොවනියමිත කාලයට කලින් චන්දෙ තියල, පැරදිලා, බල ලෝභයෙන් උමතු බවට පත් කුහකයෝ රැලකටඅසා ගැනීම පිනිසය. ‘තම පණනල පුදා මව්බිම රැකගත් රණවිරුවන්ටමිස යුද්ධයේ ජයග්රහණය වෙන කිසිවෙකුටත් අයිති නැත. ඔය මොන ජගතා උඩ පැන්නත්, බුද්ධ ශාසන අමාත්යංශය ඇතිකලේ, දළදා මාලිගාවට රන් වියනක් තනවා දුන්නේ, කාටවත් කෙලින් කර ගන්න බැරිව හිටි මාලිගාවිල බුද්ධ ප්රතිමාව කෙලින් කරේ තම පියාණන්ය. එහෙව් පියෙකුගේ සහජාත ලේ ඇති පුතනුවන් ලෙස තමා මේ රටත්, බුද්ධ ශාසනයත් රැක ගන්නට කැපවී සිටින අතර අර කලින් සඳහන් කල ජාතිවාදී කුහකයන්ට එය විනාශ කරන්නට ඉඩ නොදෙන්නේය. මෙම කරුණු තුන සැබෑ බව අපටත් මතකය. නමුත් ඔහුගේ පියාණන් සම්බන්ධව ඔහුට අමතකව ගියාසේ පෙනෙන තව බොහෝ දේවල්ද අපේ මතකයේ පවතී.

 

ඇත්ත වශයෙන්ම උදාගම් වැඩසටහන සහ ඇඟලුම් කම්හල් බිහිකිරීම තුල ඔහු රටට සැලකිය යුතු මෙහෙයක් කලේය. නමුත් ඔහු අනුගමනයකල ආර්ථික ප්රතිපත්ති තුල මේ කම්හල් නිසාම දිළිඳු ජනතාවගේ ශ්රමය බරපතල ලෙස සූරාකන්නට තවත් කොටසකට ඉඩ සැලසුන අතර 1977 න් පසු ක්රමයෙන් වැඩිවෙමින් තිබූ ධනවත් හා දිළිඳු බව අතර පරතරය තුල ඉතාම දැඩිව පුලුල්ව ගිය බව පැහැදිලි කරුණකි.

 

ජනාධිපති ආර්. ප්රේමදාසගේ පාලන සමයේදී ඔහු තම කැබිනට් මණ්ඩලය තුල වෙනත් අයෙකුගේ අදහසට කන්දුන්නේ ඉතා කලාතුරකින් බව රහසක් නොවේ. ඉතා වැදගත් අමාත්යංශ සියල්ල තමා යටතේ තබාගෙන සිටි ඔහු ලංකරගෙන සිටියේ තමාට හිතවත් කිහිප දෙනෙකු පමනි. මේ නිසා ඇමතිවරු බොහෝ දෙනෙක් ඔහුට කැමැත්තක් දැක්වූ බවක් පෙනෙන්නට නොවීය. ඔහුගේ අග් ගෝලයන් වූයේ සිරිසේන කුරේ සහප්රේමදාස ජනාධිපතිතුමාගෙ සෙරෙප්පුවලින් සුප් හදල දුන්නත් බොනවයන මසුරං කියමන කියූ . ජේ. රණසිංහ යන ඇමතිවරුය. මින් සිරිසේන කුරේ නම, චන්ද්රිකා බණ්ඩාරනායක රජය යටතේ විභාග කරන ලද ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිලිබඳ ජනාධිපති කොමිසමේදී ඍජුවම ඈඳුනේය. කෙසේ වුවද සාමාන්යයෙන් ලොකු තැන සිටින්නේ කොතැනද වටා රොද බැඳ ගන්නා ක්රමයේ දේශපාලන සංස්කෘතියක් ඇති අප රට තුල, ප්රේමදාස ජනාධිපති මියයන මොහොතේ ඔහු අසල වෙනත් කිසිදු මැති ඇමතිවරයෙකු නොසිටියේ ඇයි?

 

එවකට ආරක්ෂක අමාත්යංශය තිබුනේ ජනාධිපති ආර්. ප්රේමදාස යටතේය. ප්රේමදාස ජනාධිපතිවරයාගේ සහජාත පුත්රයා අද රනිල්මෛත්රී හවුලේ අණ පනත් පිලිපදිමින් එක්ටා ගිවිසුමේ යහපත් ආනිසංස දේශනා කරමින් ජනතාව රවටන්නට කටයුතු කලද ප්රේමදාස ජනාධිපතිවරයා නම් බලවත් ඉන්දීය විරෝධියෙකු විය. ජේ. ආර්. ගේ ධුරකාලය අවසන් වූ පසු ජනාධිපති පදවියට තරග කරන්නට ඔහුව යොදන්නට ඇත්තේ නිසාය. වන විට උතුරේ එල්ටීටීඊ සංවිධානය මෙන්ම දකුණේ දේශප්රේමී ජනතා ව්යාපාරය වෙතද තිබුනේ ඉන්දියානු විරෝධී ප්රතිපත්තිය. එබැවින් එදා ඔලුව බේරාගෙන තරග බිමට පිවිසීමේ හැකියාව තිබුනේ ඔහුට පමනක් නමුදු ජයග්රහණයෙන් පසු ඔහුට භාර වූයේ දෙකොන පත්තු වූ විලක්කුවකි. ආර්. ප්රේමදාස වෙත තිබූ ඉන්දියානු විරෝධී ආකල්පයන්ගෙන් ප්රයෝජනය ගන්නට එල්ටීටීඊ සංවිධානය පැකිලුනේ නැත. වහාම රජය සමග ව්යාජ සාමයකට ඔවුන් අවතීර්ණ වූයේ වන විට ඉන්දීය හමුදා විසින් ප්රභාකරන්ගේ වන් ෆෝ බේස් කඳවුර තිබූ තැනද දැනසිටි බැවිනි. යුද්ධය අවසන්කර සාමයේ පරවියා වීමේ සිහිනයේ අතරමංව සිටි ජනාධිපතිවරයා එල්ටීටීඊ සංවිධානය ඉල්ලූ තරමක් අවි ආයුධ, සිමෙන්ති කන්ටේනර ගණන් සපයන්නට දෙවරක් සිතුවේ නැත. සාමයේ නාමයෙන් ශ්රී ලංකා හමුදාව බැරැක්කවලට සීමා වූ අතර එල්ටීටීඊ හා ඔවුන් විසින් උසිගැන්වූ පිරිස් වෙතින් හමුදා සාමාජිකයනට සිදුවූ පහත් පෙලේ අවමානයන් පිලිබඳව ඔවුන් සිත් වේදනාවෙන් කල කතා මම අසා ඇත්තෙමි. අතර එල්ටීටීඊ සංවිධානය පාර්ශ්වයෙන් සාම ක්රියාදාමය අතහැර දැමූ පසුව 1990 ජුනි මස 11 වන දින ඔවුන් නැගෙනහිර පලාතේ පොලිස් ස්ථාන වට කරන ලදී. තවමත් සාමය කෙරෙහි වූ අපේක්ෂාවෙන් සිටි රජය එහි සේවයකල පොලිස් නිළධාරීන්ට පෙරලා සටන් නොකර යටත් වන ලෙස දැන්වූ අතර තමන්ගේ ආරක්ෂාව ගැන රජය බලා ගනිතැයි විශ්වාසයෙන් යුතුව එසේ යටත් වූ පොලිස් නිළධාරීන් 600-774 දක්වා ප්රමානයක් තිරුකෝවිල්හි කැලෑබද ප්රදේශයකට රැගෙන ගොස් මරා දමන ලදහ. මෙම යුද අපරාධයට ඍජුවම වගකිව යුත්තේ ඔවුන්ට යටත් වන්නට අණ දුන් සේනාධිනායකයාය.

 

එකල යුද්ධය කෙරුනේ එලෙසය. එක අතකට එහෙව් ජනාධිපති පියෙකුගේ සහජාත පුතාට යුද්ධයක් ජයග්රහණය කෙරෙහි සේනාධිනායකයෙකුගේ වගකීම නොවැටහීම පුදුමයක් නොවේ. මෙවර අවසන් යුද්ධය පිලිබඳවදිවි පුදා මව්බිම රැකගත්විරුවන්ට ස්තුති කරන අතරම විරුවන්ගේ ගමන් මග ගැන තීන්දු තීරණ ගත් අය බලලෝභී, කුහකයන් ලෙස හංවඩු ගසනු ඇත්තේ නිසාය. රණවිරුවන්ට තනිවම තීරණ ගතහැකි වුනා නම් ඔහුගේ පියාගේ පාලන සමයේද හොඳ පන්නරයක් සහිත රණවිරුවෝ සිටියහ. 1983 දී 26,000 ක් වූ යුද හමුදාව 1990 වන විට 112,000 ක් දක්වා වැඩිවී තිබිනි. මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්රිගේඩියර් විජය විමලරත්න අැතුලු පිරිස එකතැන මරා දැමුනේ එවකට හමුදාවන්හි කොඳු නාරටිය බිඳ දැමුවාක් බඳුව ප්රේමදාස පාලන සමයේදීය. රජයෙන්ම සැපයූ අවි ආයුධ යොදාගෙන සිදුකල මේ ඝාතනයන් පිලිබඳව විවිධ සැක සංකා සමාජය තුල පැතිරී ගිය අතර අපේක්ෂා භංගත්වයට පත්වූ පිරිස් හමුදා සේවය අතහැර පලා යන්නටද, හමුදාවට බැඳෙන්නට තරුණ පිරිස් අදිමදි කරන්නටද, හමුදාවට බැඳෙන තරුණයින්බිලී බෝයිස්යනුවෙන් උපහාසාත්මකව හඳුන්වන්නටද වූයේ මේ ඊනියා සාම කතාවන්ට සහ ප්රේමදාස රජය ත්රස්තවාදීන් කෙරෙහි දැක්වූ පරිත්යාගශීලී භාවයට පින් සිදුවන්නටය. සජිත් මේ සියල්ල සඟවා තබාගෙන හමුදාව මුරුංගා අත්තේ තබන්නේ එතුලින් ජනතාවගේ සිත් දිනාගන්නට විය යුතුය.

 

බුද්ධ ශාසන අමාත්යංශය පිහිටුවීමට, දළදා මාලිගාවට රන්වියන් තැනීමට තරම් සැදැහැවත් වූ සජිත්ගේ පියා බොරුවෙන් ජීවත්වීම වටහාගත නොහැක. තම ජීවිතය පිලිබඳව ඉතිහාසයක් නිර්මාණය කිරීමට ඔහු උත්සාහ කලේය. ජනාධිපති ආර්. ප්රේමදාසට සහෝදර සහෝදරියන් සිව්දෙනෙක් සිටි නමුදු ඔහු කිසි විටෙක ඔවුන් ගැන සඳහනක්වත් නොකලේය. හැබැයි පවුල් පාලනයට අකමැති නිසා යයි කියන්නට බැරි හේතු තිබේ.

 

 රූපවාහිනී යන්ත් බහුලව නොතිබූ එකල ඉරිදා උදෑසන 8.00 ගුවන් විදුලිය ඔස්සේ විකාශනයවන බණ අසන්නට අපේ වැඩිහිටියෝ පුරුදුව සිටියහ. බණට පෙර උදේ 7.30 – 8.00 අතර කාලය වෙන්ව තිබුනේ එකල අගමැති ආර්. ප්රේමදාස උදාගම් උත්සවයකදී පවත්වන කතාවක් සඳහාය. මෙම කතා මම නොයෙක්වර අසා ඇත්තෙමි. තම අතීත ජීවිතය ගැන කියන මෙවන් කතා පිරී තිබුනේ එක අතකට පුරාජේරු වලිනැයි කිව්වොත් නිවැරදිය. ඒවා ඉතා ඉහල වලව් පෙලැන්තියක එකම දරුවා වන ප්රේමදාස දරුවා තම පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ සහ මිත්තනිය සමග මෝටර් රථයෙන් චාරිකා කරන අයුරු, අතරමග ඉඩම් වෙන්දේසිවලදී ඉඩම් යායවල් ලංසු තබා මිලට ගන්නට තරම් පියාණන් වහන්සේගේ සාක්කු මුදලින් පිරී තිබූ අයුරු, ඉඩම්වල ඇරඹූ ඇත්ගාල, මෑණියන් වහන්සේගේ ඇඟේ දැවටුන අලි පැටවෙකු කොහු ලණුවෙන් බැඳගෙන නිවසට ගෙන  හැටි ආදී විහිලු කතාය. මේ බොරුව වෙනුවට තමාගේ ඉතිහාසය රටේ ජනතාවට රහසක් නොවූ නිසා, අවංකව තමා ඇරඹූ තැන් සිට රටේ පළමු පුරවැසියා දක්වා පැමිනි ගමන ගැන කියුවා නම් එය අධිෂ්ඨානයෙන් පිරුන අයෙකුගේ හොඳ කතාවක් වන්නට ඉඩ තිබිනි. මේ දේශපාලකයන් මෙසේ බොරු කියන්නේ ඇයිද යන ප්රශ්නයට පිලිතුරු සෙවූ විට සිතිය හැකි එක හේතුවක් නම් ඔවුන් තම බලය යොදාගෙන අයුතු ලෙස හරි හම්බ කරන වස්තුව පිලිබඳ ජනතා ඇසට වැලි ගසමින් සාධාරණීකරනය කිරීම විය යුතුයපසු කලකදී ප්රේමදාස පවුල සතුවූ වත්කම්ද, ඔවුන් පිලිබඳව හෙලිවූ කරුණු විමසා බලනකල මේ බව තහවුරු වේ

 

කෙසේ වුවද මේ කාගෙ කාගේත් කුණු සුද්ධ කරන කෙරුවාවට හමුදාව යොදා ගැනීම නම් අනුමත කල නොහැකිය. එදා සයිටම් විරෝධී සිසුන්ට ප්රහාර එල්ලකල ආකාරයෙන් මෙන්ම මෑතකදී සරත් ෆොන්සේකාව ත්රිවිධ හමුදාපතිකමට දමා උද්ඝෝෂණ මැඩලීමට තැත් කිරීම තුලින් මේ න්යාය පත්රයෙහි අයිතම එකින එක දිගහැරේ.

 

නමුත් ජනතාව එකක් සිතා ගත යුතුය.හමුදාව සේවය කරන්නේ රජයටය. ඔවුන් වැටුප් ලබන්නේ රජයෙනි. රජය තෝරා ගන්නේ ජනතාව නමුදු ප්රජාතන්ත්රවාදය නමට පමනක් ඇති රටක ජනතාවගේ පාර්ශ්වයෙන් ප්රශ්න දෙස බැලීම ඉතාම සැක සහිතය. මේ කටුක සත්යයේ ප්රතිඵල අපි මෙයට දශක තුනකට පෙරද භුක්ති වින්දෙමු.

 

දේශපාලකයන්ට සාපේක්ෂව කුණු කසල ලෙස ගැනෙන දේ ඉවත් කිරීමට ඔවුනට නිතරම ඉඩ ලැබෙන නමුදු ජනතාවට එම අවස්ථාව ලැබෙන්නේ කාලාන්තරයකට වරකි. වරමේදී ජනතාව හරියටම කුණු කසල තෝරාබේරා නොගත්තොත් එහි පල විපාක විඳවන්නේත් ඔවුන්මය. අවාසනාවකට ජනතාවගේ කුණු කසල ඉවත් කරන කාලාන්තරය නිර්ණය කරන්නේත් දේශපාලකයන්මය.

One Response to “සම්මතයෙහි නොපිහිටා අනුනට ඔවා දෙන සහජාත පුත්‍රයෝ”

  1. ranjit Says:

    Politicians and politics itself garbage in this country. We need a new thinking machine to remove it. No one wants to solve problems we are facing in this country instead they make more problems and take our country backwards. Where in the world losing candidates were appointed as Ministers? Only in Sri Lanka. Where in the world an opposition leadership post given to a person who had only twelve candidates out of 225? only in Sri Lanka. All these funny things happened after Jan 8th with this new set of garbage led by a traitor who left the party and the leader after having breakfast together.

    UNP did something to this country we don’t say NO but their leaders were all ruthless dictators except Senanayakas. They were responsible for many deaths in Sri lankan society through their iron fist dictatorial way of governance. Although foolish people know their habits they fall in to the same hole believing their fairytale stories and bogus promises. This party is no way a poor man’s party. They simply cheating the poor people in this country. I hope citizens will use their heads wisely next time and help to clean the garbage in both sides and make our country a clean place to live as good citizens. Let’s make our country great again. Truly wonder of Asia.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress