හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥනසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි- බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌
Posted on June 25th, 2017

සී.ඒ.චන්ද්‍රප්‍රේම

* ත්‍රස්‌තවාදය නැති රටේ අන්තවාදී කල්ලි උපරිමයට
* ජනාවාරි 08 වැනිදායින් පසු රට වෙනුවෙන්
පෙනී සිටි බලවේගවලට වුනේ මොකද ?
* සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින යහපාලන ආණ්‌ඩුවක්‌

බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ යෑයි සමහර අය කියයි. නමුත්, අද ලෝකය පුරාම ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන්නේ බෞද්ධ අන්තවාදය නොව මුස්‌ලිම් අන්තවාදයයි. මුස්‌ලිම් රටවලට මෙන්ම මුස්‌ලිම් නොවන රටවලටද, ඉස්‌ලාමීය අන්තවාදය හා ත්‍රස්‌තවාදය මහත් ගැටලුවක්‌ වී ඇත. ලංකාව තුළ ද මුස්‌ලිම් අන්තවාදය ගැන කතිකාවක්‌ ඇත. ලංකාවට කිසිදාක ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය තර්ජනයක්‌ විය නොහැකි නමුත්, ඉස්‌ලාමීය අන්තවාදයෙන් නැතිනම් කල්ලිවාදයෙන් ගැටලු මතුවිය හැකි බව මගේ මතයයි. වෙනත් රටවල ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක වුවත්, ලංකාවේ ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක විය නොහැකි බව පසුගිය කාලයේ සිංහල ත්‍රස්‌තවාදීන්ට මෙන්ම දෙමළ ත්‍රස්‌තවාදීන්ටත් අත්වූ ඉරණමෙන් අපිට පෙනේ. මැදපෙරදිග ISIS ත්‍රස්‌තවාදීන්ට මිනිසුන්ගේ බෙලි කපා, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර මුළු ලෝකයම භීතියට පත් කිරීමට හැකි වී තිබුණත්, ඒ උපක්‍රම ලංකාවේ හරියන්නේ නැත. ඊශ්‍රායලය පහර දෙන විට අහල රටවල් හතක අරාබි හමුදා හිස්‌ ලූලූ අත පලාගියේය. එවැනි ප්‍රජාවක්‌ භීෂණයෙන් යටත් කරගැනීම පහසුය.

නමුත් ලංකාවේ සාමාන්‍ය ජනතාව ජවිපෙ මනුෂ්‍ය ඝාතන වලිනුත් කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලිනුත් යටත් කර ගැනීමට හැකි වූයේ නැත. මේ රටේ ජවිපෙ දෙවැනි කැරැල්ල මෙන්ම කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ල ගැන ද ගවේෂණාත්මක කෘතීන් දෙකක්‌ ලියා තිබෙන නිසා, මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, සිදුවෙන දේ මට කල්තියා කිව හැකිය. මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ නැඟෙනහිර පළාතේ නොව සිංහල හා දෙමළ මිනිසුන් අතරය. ඒ කාරණයම ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමට ප්‍රබල බාධාවක්‌ වේ.

යම් ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදියෙක්‌ ආගම නාමයෙන් මෙරටේ වෙනත් ආගමක අයෙක්‌ ඝාතනය කළේ නම්, එවැනි සිදුවීම් නැවත් වීමට එකට දහයේ දොළහේ අනුපාතයට ප්‍රතිප්‍රහාර එල්ලවීම වැලැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවල, නීත්‍යානුකූල නොවන කණ්‌ඩායම් ද ක්‍රියාත්මක වීම ලෝකය පුරාම අත්දැකීම් වලින් පෙනේ. මරාගෙන මැරෙන ප්‍රහාර මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් අතින් සිදු වුවහොත්, එවැන්නක්‌ නැවත්වීම සිදුවන්නේද ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන බවට සැක කරන සියලු දෙනාද විනාශ කිරීමෙන් පමණය. මෙවැනි අවස්‌ථාවල, ලෝකයේ හැම රටකම නීතිය පසෙක තබා මර්දනය දියත් කරයි. මේ ළඟකදී ලන්ඩන් නුවර සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් පසු එරටේ අගමැති තෙරේසා මේ කීවේ නීතිය වෙනස්‌ කර හෝ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන බවයි. මේ සම්බන්ධයෙන් මුළු ලෝකයෙන්ම ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති රටක්‌ වන්නේ ලංකාවයි.

මැදපෙරදිග රටවල අපේ පුරවැසියන් දශලක්‌ෂ ගණනක්‌ සේවය කරන නිසාත් අපි අරාබියෙන් තෙල් ආනයනය කරන නිසාත්, ලංකාවේ මුස්‌ලිම් ත්‍රස්‌තවාදීන්ට පක්‌ෂව ඒ රටවලින් ලංකාවේ ආණ්‌ඩුවට බලපෑම් කරාවි යෑයි බියක්‌ද අපි තුළ තිබිය යුතු නැත. ලෝකයේ සියලුම මුස්‌ලිම් රටවල්ද, ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට දැනුත් පහර දෙමින් සිටි. පාකිස්‌තානයේ හා ඇෆ්ගනිථානයේ සිට ඉරාකය, සිරියාව, ඊජිප්තුව, හා ලිබියාව ඇතුළුව සියලුම මුස්‌ලිම් රටවල ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ, මාක්‌ස්‌වාදී කැරලිකරුවන් නොව, ඉස්‌ලාමීය අන්තවාදීන්ය. එම නිසා, ලංකාවේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, එය මර්දනය කිරීමට සමහර මුස්‌ලිම් රටවල්ද උදව් කිරීමට හොඳටම ඉඩකඩ ඇත.

මේ රටේ ජීවත්වෙන මුස්‌ලිම් ප්‍රජාවද මේ යථාර්ථය ඉතා හොඳින් දනී. මේ රටේ සිටින්නේ, අරාබියේ කූඩාරම්වල ජීවත් වී ඔටුවන් පිට උඩ ගිය අරාබිකාරයන්ගෙන් පැවත එන අය නොව, මුහුදු ගොස්‌ ඈත රටවල්වල වෙළෙඳාම් කර ඒ රටවල්වල පදිංචි වූ අයගෙනි. ඉන්දියාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ ආක්‍රමණිකයන් හැටියට වුවත්, ලංකාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ වෙළෙඳුන් හැටියටය. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මුහුදෙන් ගොස්‌, වෙනත් රටවල භාෂාව ඉගෙනගෙන, වෙනත් ජනතාවක්‌ සමඟ වෙළෙඳාම් කරමින් ජීවත් වීමට, කාන්තාරයේ කූඩාරමක්‌ තුළට වී ඔටු කිරි බොමින් සිටීමට වඩා සූක්‌ෂම බුද්ධියක්‌ හා උපක්‍රමශීලී බවක්‌ අවශ්‍ය වේ. ඒ උපක්‍රමශීලී බව මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඉතා හොඳින් තිබේ. එම නිසා ත්‍රස්‌තවාදයෙන් ඔවුන්ට සියල්ල අහිමි වෙනවා මිස ලැබෙන දෙයක්‌ නැති බව ඔවුන් හොඳින් දනී.

මේ නිසා, ලංකාවේ අපි, වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ තවම ඇති වී නැති ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ගැන නොව, දැනටම ලංකාවේ වැඩිවීගෙන යන මුස්‌ලිම් අන්තවාදය හා කල්ලිවාදය කෙරෙහිය. මීට අවුරුදු තිහ හතළිහකට කළින් තිබුණට වඩා මුස්‌ලිම් අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වී තිබෙන බව මුස්‌ලිම් කාන්තාවන් ඔලුවේ සිට වසාගෙන සිටින ආකාරයෙනුත්, මුස්‌ලිම් මිනිසුන් මුස්‌ලිම් දේශපාලන පක්‌ෂවලට පමණක්‌ ඡන්දය දෙන ආකාරයෙන්ද පෙනේ. මීට දශක දෙක තුනකට පෙර, මුස්‌ලිම් මිනිසුන් ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක තුළට ඉතා හොඳින් අනුගත වී සිටිය ද, අද අපි දකින්නේ, ප්‍රධාන පක්‌ෂ දෙකටම පරිබාහිරව මුස්‌ලිම් නායකයන් පිරිසක්‌ මතුවී, ඔවුන් හැම ආණ්‌ඩු පෙරළියක්‌ සමඟම දිනන පැත්තට යන ප්‍රවණතාවකි.

මේ කාරණය නිසා මුස්‌ලිම් නායකයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටවත් නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබේ. මහා පරිමාණ දූෂණ සෙවීමේ කොමිෂමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා මහතා, තමන් රිසාද් බදියුදීන් ඇමැතිවරයාගේ ගනුදෙනුවක්‌ සෙවීමට උත්සාහ ගැනීම නිසා ධුරයෙන් ඉවත් කළ බව කියනව නම් තවත් මේ ගැන කතා කුමටද? මේ මුක්‌තභාවය මුස්‌ලිම් නායකයන්ට පමණක්‌ නොව, ඔවුන්ගේ ගෝලයන්ටත්, ඊටත් පුළුල්ව ඔවුන්ගේ ඡන්දදායකයන්ටත් ලැබේ. මේ නිසා මුස්‌ලිම් ප්‍රජාවට මේ රට තුළ මහ ජාතියට නැති වරප්‍රසාද ලැබී ඇත. ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත් ඔවුන්ට මේ තිබෙන සියලු දේවල් නැති වේ. ඇත්ත වශයෙන්ම මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ ගතහොත්, ඔවුන්ව මුස්‌ලිම්වරුන් විසින්ම නීතියට හසුකොට දීමට ඇති සම්භාවිතාව වැඩිය.

මෙරටේ සිංහල ඡන්ද සුළුතරයක්‌ එහා මෙහා වීම නිසා මැදපෙරදිග ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් බෙලි දස දහස්‌ ගණන් කපා, මරාගෙන මැරෙන ප්‍රහාර සිය ගණනක්‌ දියත් කර ලබා ගැනීමට නොහැකි වූ ආධිපත්‍යයක්‌ මෙරටේ සිටින 10% ටත් අඩු මුස්‌ලිම් ප්‍රජාවට ලැබී ඇත. ත්‍රස්‌තවාදයක්‌ නැති වුවත් මෙරටේ මුස්‌ලිම් කල්ලිවාදය උපරිම මට්‌ටමට තිබේ. මේ රටේ ජීවත් වෙන දෙමළ, මුස්‌ලිම් නායකයන් කැමති තමන්ට හසුරවා ගැනීමට පහසු, දූරවල සිංහල නායකයන්ටය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවන්නේ එවිටය. පසුගිය කාලයේ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හැසිරීමෙන් මේ බව ප්‍රත්‍යක්‌ෂ කරගත හැක. 2005 ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තේය. මහින්ද දිනුවට පසු වෙන කරන්න දෙයක්‌ නොමැතිකමට ඔවුන් ඔහුගේ පැත්තට ආවේය. 2007, යුද්ධයේ උච්චතම අවස්‌ථාවේදී පාර්ලිමේන්තු ඔලුගෙඩි මාරුවකින් ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ අවස්‌ථාවේදී, මුස්‌ලිම් කොංග්‍රසය උදවු දුන්නේ එජාපයටය. 2010 ජනාධිපතිවරණයේදී ඔවුන් සහයෝගය දුන්නේ සරත් ෆොන්සේකා මහතාටය.

එම උත්සාහයන් සියල්ල වැරදුණු නිසා පමණක්‌ මුස්‌ලිම් කොංග්‍රසය මහින්ද සමඟ සිටියේය. මේ ආකාරයට ශක්‌තිමත් සිංහල නායකයකු වෙනුවට තමන්ට ඕන ආකාරයට හසුරුවා ගැනීමට හැකි සිංහල නායකයකු පත් කර ගැනීමේ මුස්‌ලිම් කොංග්‍රස්‌ සිහිනය සැබෑ වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය. මුස්‌ලිම් ඡන්ද එක ගොඩක තබා ගන්න අතර සිංහල ඡන්ද බෙදීමට සැලැස්‌වීම එම සාර්ථකත්වයේ රහසයි. සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ හැටියට හඳුන්වන බොදුබල සේනාව ගැන සාකච්ඡා කිරීම අපි ආරම්භ කර යුත්තේ, මේ රටේ මුස්‌ලිම් දේශපාලනය ගැන ඒ අත්‍යවශ්‍ය විශ්ලේෂණයෙන් පසුවය.

බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වය පසුගිය සති ගණනාව තුළ, රාජපක්‌ෂ යුගයේ තිබුණු මට්‌ටමටම උත්සන්න විය. මෙම සංවිධානය රාජපක්‌ෂ ආණ්‌ඩුවේ හා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නිර්මාණයක්‌ යෑයි සිතාගෙන සිටි පිරිස්‌ දැන් රාජපක්‌ෂවරුන්ට බලය නැති අවස්‌ථාවකදීත් මේ සංවිධානය නැවතත් ක්‍රියාකාරී වී ඇත්තේ කෙසේ දැයි මවිතයෙන් කල්පනා කරන බවක්‌ අපට පෙනේ. මහින්ද රාජපක්‌ෂ මහතාට ලැබුණු මුස්‌ලිම් මෙන්ම ක්‍රිස්‌තියානි ඡන්ද සුළුතරය පවා අහිමි වූයේ මේ බොදු බල සේනාව (බො.බ.සේ) නිසා බව නොරහසකි. එදා රාජපක්‌ෂවරුන්ගේ යෑයි කවුරුත් සිතූ බො.බ.සේට රාජපක්‌ෂවරුන් නැතුවත්, වත්මන් ආණ්‌ඩුවෙන්ද කලින් ආණ්‌ඩුවෙන් ලැබුණ ආකාරයෙන්ම බුරුලක්‌ ලැබෙන බවත් ඉතා පැහැදිලිය.

පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් වලින් පසු වත්මන් ආණ්‌ඩුව පුද්ගලයන් කිහිපදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත. නමුත් රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේද විවිධ සිද්ධීන් වලින් පසුව පුද්ගලයන් ආත්අඩංගුවට ගැනීම සිදුවිය. එමෙන්ම මේ ආණ්‌ඩුව යටතේ ඥනසාර හිමිට විරුද්ධව නඩු පවරා තිබුණ ද පසුගිය ආණ්‌ඩුව ද ඔහුට එරෙහිව විවිධ නඩු පැවරුවේය. පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් හෝ නඩු පැවරීමෙන් යම් ප්‍රචණ්‌ඩකාරී සංවිධානයක්‌ මර්දනය කිරීමට පියවර ගන්නා බවක්‌ ඔප්පු වන්නේ නැත. වත්මන් ආණ්‌ඩුව යටතේ ඥනසාර හිමි කෙටි කලක්‌ රිමාන්ඩ් භාරයේ සිටියත් මෙය හෝමාගම මහේස්‌ත්‍රාත් තුමාගේ මුලපිරීමකින් සිදු වූ දෙයක්‌ මිස, වත්මන් ආණ්‌ඩුවේ නියෝගයක්‌ නිසා සිදුවූවක්‌ නොවේ.

රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ මෙන්ම යහපාලන ආණ්‌ඩුව යටතේ කිසිදු අවහිරයකින් තොරව රටේ නීතිය කැඩීමට බොදුබල සේනාවට හැකි වී ඇත්තේ කෙසේ දැයි තේරුම් ගැනීමට අපි මේ සංවිධානයේ ඉතිහාසය සොයා බැලිය යුතුය. බො.බ.සේ 2012 දී මතු වුණේ ඥනසාර හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ නෝර්වේ රාජ්‍යයේ සංචාරය කර ලංකාව ගැන විශේෂ උනන්දුවක්‌ දක්‌වන එරික්‌ සෝල්හයිම් හමුවී ලංකාවට පැමිණීමෙන් පසුවය. ඥානසාර හිමිගේ නෝර්වේ සංචාරයෙන් මාස හයකට පසුව එක්‌වරම ඉදිරියට ගෙන එන ලද හලාල් විරෝධී ව්‍යාපාරයක්‌ මතුවිය. කෙටි කලක්‌ ඇතුළත මෙය ගව ඝාතනයට එරෙහි ව්‍යාපාරයක්‌ බවට පෙරළුනි. ඉන්පසු මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වර්ජනය කිරීම් ව්‍යාපාරයත් සමඟ ව්‍යාපාරික ආයතන ගණනාවකට පහරදීම් හා ගිනිබත් කිරීම්ද සිදුවිය. එම සිද්ධීන්වලට සමගාමීව දිවයින පුරා කතෝලික මෙන්ම ක්‍රිස්‌තියානි පල්ලි හා මූලධර්මවාදී කණ්‌ඩායම් වල දේවස්‌ථානවලටද ප්‍රහාර එල්ල විය. මේ ක්‍රියාදාමයේ උච්චතම අවස්‌ථාව වූයේ, භික්‌ෂූන් වහන්සේ නමකට මුස්‌ලිම්වරුන් පිරිසක්‌ පහර දීමේ සිද්ධියක්‌ මුල්කරගෙන අලුත්ගම ඇතිවූ සිංහල – මුස්‌ලිම් කෝලාහලයෙනි.

2012 යනු චම්පික රණවකත් රාජපක්‌ෂ ආණ්‌ඩුවත් අතර විරසකයක්‌ ලියලන්නට පටන්ගත් වසරයි. 2013 මුලදී චම්පික විදුලිබල හා බලශක්‌ති ඇමැතිකමින් ඉවත් කොට ඊට අඩු වැදගත්කමකින් යුත් විද්‍යා හා තාක්‌ෂණ ඇමැති ලෙස පත් කරන ලදී. බොදු බල සේනාව කරළියට ආවේ එම කාල පරිච්ඡේදය තුළය. හලාල් විරෝධී ව්‍යාපාරයේ සිට අලුත්ගම සිදුවීම දක්‌වා සෑම අවස්‌ථාවකදීම අප දුටු දර්ශන වූයේ ඥනසාර හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ මහපාරේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන අතර චම්පික රණවක හා ජාතික හෙළ උරුමයේ නායකයන් සුදු පිරුවතින් සරසී ඥනසාර හිමි කරන හැම දෙයක්‌ම සාධාරණීකරණය කිරීමට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමයි. ඥනසාර හිමි ඇතුළු මේ සුළු පිරිස හේතු ඇතුවත් නැතුවත් ඇති කරන මේ කලබල නැවැත්වීමට පියවර ගැනීමට මහින්ද රාජපක්‌ෂ මහතා සූදානම් වූ විට බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා මොනම හේතුවකටවත් අත්අඩංගුවට ගත නොයුතු බවත්, එවැන්නක්‌ සිදුකළහොත් භික්‌ෂූන් වහන්සේලා මහ පාරට බස්‌සවන බවටත් චම්පික කැබිනට්‌ මණ්‌ඩලයේදී කී ආකාරය මහින්ද රාජපක්‌ෂ මහතාම පසුව විස්‌තර කර ඇත.

ජාතික හෙළ උරුමය පාලක සන්ධානයේ කොටසක්‌ වූ නිසා මහින්ද රාජපක්‍ෂ මහතාටත් කර කියා ගැනීමට දෙයක්‌ නොවීය. රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ බොදුබල සේනාවට එරෙහිව නිසි පියවර නොගැනුණු නිසා රටේ ප්‍රචලිත වූ මතය වූයේ බොදුබල සේනාව ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ අනුග්‍රහයෙන් හා ආරක්‌ෂාව සහිතව ක්‍රියාත්මක වන බවයි. ගාල්ලේදී කිරම විමලජෝති නායක හාමුදුරුවන් විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වීමේදී ගොඨාභය මහතා ඥනසාර හිමි හා තවත් හිමිනමක්‌ සමඟ කතා කරමින් සිටින ඡායාරූපයක්‌ උපයෝගී කරගනිමින් බොදුබල සේනාව යනු ගෝඨාභයගේ නිර්මාණයක්‌ බවට ප්‍රචාරයක්‌ එකල විපක්‌ෂයෙන් පැතිරුවේය. මුස්‌ලිම් මෙන්ම ක්‍රිස්‌තියානි පිරිස්‌ අතරද ප්‍රචලිත වූ අදහස වූයේ එයයි.

රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළ ගත්තාට පසු මහ පාරේ සංදර්ශන පවත්වමින් ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරුණු භික්‌ෂූන් වහන්සේලා එක්‌වරම අතුරුදන් විය. පසුගිය අවුරුදු දෙක හමාර තුළ බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය නැති තරමටම අඩුවිය. ඉඳහිට පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්‌ මිස මහ පාරේ පවත්වන සංදර්ශන නොවීය. අපේ රණවිරුවන් ජාත්‍යන්තර බලවේගවලට පාවා නොදෙන, රට බෙදීමට එකඟ නොවන, රටේ සම්පත් පිටරටට විකුණන්නේ නැති, රටට විශාල දියුණුවක්‌ අත්කර දුන් ආණ්‌ඩුවක්‌ බලයේ සිටින විට භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ මහ පාරට බැස ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙමින්, නැති ප්‍රශ්න ඇති කරමින්, ඒ ජාතිකවාදී ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමට කළ හැකි හැම දෙයක්‌ම කළේය. නමුත් වත්මන් රණවිරුවන් පාවාදෙන රට බෙදීමට ව්‍යවස්‌ථා සම්පාදනය කරන, දෙමළ ජාතිවාදයට කප්පම් දෙන සියලු දේශීය සම්පත් පිටරටට විකුණන, සුළු ජාතික ආධිපත්‍ය යටතේ පවතින වත්මන් ආණ්‌ඩුව ආවාට පසු ඒ ක්‍රියාකාරීත්වය නැතිවී ගියේය. එයම ගැටලුවක්‌ නොවේ දැයි මේ රටේ සිංහල බෞද්ධයන් කල්පනා කර බැලිය යුතුය.

නමුත් 2017 මැයි දින ඒකාබද්ධ විපක්‌ෂයේ ඓතිහාසික ගාලු මුවදොර රැස්‌වීමෙන් පසු දින ගණනක්‌ ඇතුළත බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය යළිත් එක්‌වරම 2013/2014 මට්‌ටමටම පැමිණියේය. නැවත වතාවක්‌ මුස්‌ලිම් පල්ලිවලට හා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල කිරීමත් ගිනිබත් කිරීමත් සිදුවිය. ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණද, දින කිහිපයක්‌ අතුරුදන්ව සිටීමෙන් පසු උන්වහන්සේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පරයමින් එක දවසක්‌ තුළ තුන් වතාවක්‌ ඇප ලබා නිදහස්‌ විය. මෙවැන්නක්‌ සිදුවූයේ අස්‌ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය නිසා යෑයි සිතීම වැරැදිය. මේ ක්‍රියාදාමය සැලසුම් කර තිබුණේ මහනායක හාමුදුරුවන්ගේ ප්‍රකාශනයට කලින්ය. ආණ්‌ඩුවේ අනුග්‍රහය නිසා පසුගිය බදාදා නීතියට දෙකටම නැමුණේය.

මේ අතරතුර ඥනසාර හිමි සඟවාගෙන සිටියේ විඡේදාස රාජපක්‌ෂ මහතා යෑයි රාවයක්‌ රට පුරාම පැතිර ගියේය. විඡේදාස රාජපක්‌ෂ මහතාගේ නම මේ සම්බන්ධයෙන් කියෑවුණේ නැගෙනහිර පළාතේ ප්‍රශ්නයක්‌ සාකච්ඡා කිරීමට ඔහු විසින් ඥනසාර හිමි ඇතුළුව තවත් භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ ජනාධිපතිවරයා හමුවීමට රැගෙන ගිය නිසා විය යුතුය. නමුත් හැඳුනුම්කම හැරුණු විට, බොදුබල සේනාවේ භික්‌ෂූන් සමඟ විඡේදාස රාජපක්‌ෂ මහතාට දේශපාලන සම්බන්ධයක්‌ නොවීය. බොදුබල සේනාව හා ඥාණසාර හිමි සමඟ දේශපාලන සම්බන්ධයක්‌ තිබුණු සහ අදත් තිබෙන වත්මන් ආණ්‌ඩුවේ ඇමැතිවරයා වන්නේ චම්පික රණවකය.

ඥනසාර හිමි කලක්‌ ජාතික හෙළ උරුමය පක්‌ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරය දැරීය. උන්වහන්සේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්‌ෂයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කර පරාජය වූයේය. 2005 දී ඥනසාර හිමි ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී එජාපයට සම්බන්ධ වූ බව කියනු ලැබේ. උන්වහන්සේ කලක්‌ එජාප භික්‌ෂු සංවිධාන තුළ ද ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මව වූ නාලනී වික්‍රමසිංහ මැතිනිය රෝගාතුරව සිටින විට එතුමියට සෙත් පතා පිරිත් ස-Cධායනය කළ භික්‌ෂූන් අතර ඥනසාර හිමිද විය.

2012 හලාල් විරෝධී අරගලය ආරම්භ කරන විටත් ඥනසාර හිමිට තවමත් ඒ සම්බන්ධකම් තිබුණේය. බොදුබල සේනාවේ විධායක නිලධාරී යෑයි කියන ඩිලන්ත විතානගේද බොහෝ කලක සිට රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් හඳුනන අයෙකි. මේ නිසා මුල් අවස්‌ථාවේදී කවුරුත් මවිතයට පත්කරමින් රනිල් වික්‍රමසිංහ මහතාද හලාල් විරෝධී අරගලයට උඩගෙඩි දෙමින්, හලාල් සහතිකය නිකුත් කරන ඉස්‌ලාම් ආගමික සංවිධානයට එවැනි සහතික නිකුත් කිරීමට නිල බලයක්‌ නැති බවත්, ප්‍රමිති පිළිබඳ සහතික නිකුත් කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයට පමණක්‌ බව කියා සිටියේය.

විටින් විට ජාතික හෙළ උරුමයේ පුද්ගලයන් ලවා වෙනත් සංවිධාන පිහිටුවීමේ පුරුද්දක්‌ චම්පිකට තිබුණි. 2014 දී අතුරලියේ රතන හිමි මේ ආකාරයට zපිවිතුරු හෙටක්‌Z සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ඥානසාර හිමි ජාතික හෙළ උරුමයෙන් කැඩී එජාපයට යැම ද අපි තේරුම් ගත යුත්තේ ඒ ආකාරයටය. ජාතික හෙළ උරුමයේ ඡන්ද පදනම ශ්‍රීලනිපයෙන් කැඩී ආ කොටසක්‌ නොව එජාපයෙන් කැඩී ආ කොටසක්‌ බව චම්පික ඇතුළු එහි නායකයන් හැමදාමත් විශ්වාස කළ කාරණයකි. එම නිසා ජාතික හෙළ උරුමයේ හස්‌තයක්‌ එජාපය තුළ ද ක්‍රියාත්මක වීම ඔවුන්ට හැම අතින්ම වාසිදායකය. මේ නිසා ඥනසාර හිමි එජාපයට ගියේද ජාතික හෙළ උරුමයේ කොන්ත්‍රාත්තුවකට බව මගේ විශ්වාසයයි.

ඒ කෙසේ වෙතත් ඥනසාර හිමි මුල් වරට ප්‍රසිද්ධියට පත්වන්නේ 2012 හලාල් විරෝධී ව්‍යාපාරයත් සමඟය. එහිදී ඥනසාර භික්‌ෂුව කාගේත් අවධානය දිනාගත්තේ දාමරික කතා විලාසයත් ප්‍රචණ්‌ඩ හැසිරීමත් නිසාය. හැම රූපවාහිනී නාලිකාවකම පෙන්වීමට පටන් ගත් මේ දාමරික භික්‌ෂුවගේ නමවත් එකල මාධ්‍යවේදීන් හරි හැටි දැනගෙන සිටියේ නැත. යුද සමයේදී බෙදුම්වාදයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමෙන් හා සංවිධාන කිරීමෙන් බොහෝ භික්‌ෂූන් ප්‍රසිද්ධියට පත්වූවද, ගලගොඩඅත්තේ ඥනසාර නැමති භික්‌ෂුවක්‌ ගැන කවුරුත් දැන සිටියේ නැත. ඥනසාර හිමිට අද තිබෙන ප්‍රසිද්ධිය ලැබුණේ බණ දේශනා කිරීමෙන් වත්, බෞද්ධ විද්වතෙක්‌ වීමෙන්වත්, ලේඛකයකු වීමෙන්වත් නොව තනිකරම දාමරිකකමෙන් හා ප්‍රචණ්‌ඩත්වයෙනි. ලංකාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම බීමත්ව වාහනයක්‌ පදවා අනතුරක්‌ සිදුකොට උසාවියේ වරද පිළිගත් එකම උපසම්පදාව ලැබූ භික්‌ෂුව වීමෙන්වත් ඥාණසාර හිමි ප්‍රසිද්ධියට පත් වී නොතිබීම මෙහිදී විශේෂ කරුණක්‌ වේ.

2012 වෙනකනුත් කිසිවකුත් හඳුනන්නේ නැති මේ භික්‌ෂුවට 2011 සිට ඇමරිකාවට රිසිසේ ඇතුළුවීමට හා පිටවීමට හැකි “මල්ටිපල් රීඑන්ටි්‍ර වීසා” එකක්‌ තිබුණි. 1980 ගණන් වලදී එන්. සත්යේන්ද්‍රd වැනි දෙමළ බෙදුම්වාදීන්ටත් මෙවැනි වීසා ඇමරිකාව විසින් නිකුත් කොට තිබුණි. මේ රටේ භික්‌ෂු සමාජය තුළ බලපෑමක්‌ ඇති කරන්නේ නැතුව තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොහැකි බව බටහිර බලවතුන්ට 2002 වන විට වැටහී තිබුණි. කලක්‌ නෝර්වේ රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වූ කුමාර් රූපසිංහ මහතා, මා සමඟ කියා සිටියේ නෝර්වේ 2004 සුනාමිය ප්‍රයෝජනයට ගනිමින් පන්සල් ප්‍රතිසංස්‌කරණයට මුදල් දී මුලින්ම භික්‌ෂු ප්‍රජාව තුළ බලපෑමක්‌ ඇතිකර ගැනීමට ඉදිරිපත් වූ බවයි. ඥනසාර හිමි නෝර්වේ සංචාරය සඳහා ගෙන ගියේ ද එම වැඩපිළිවෙලේම අංගයක්‌ හැටියට බව පැහැදිලිය.

කිසිවකුටත් හෙළවීමට බැරි මහා යෝධ ප්‍රතිරූපයක්‌ තිබුණු රාජපක්‌ෂ ආණ්‌ඩුව මුලින්ම අස්‌ථාවර කළේ බොදු බල සේනාවය. සාමාන්‍යයෙන් ඡන්ද පොළට නොයන මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි පිරිස්‌ පවා ඡන්දය දැමීමට යවා රාජපක්‌ෂ ආණ්‌ඩුව ගෙදර යෑවීමට ඡන්දය ප්‍රකාශ කර වූයේ ඥනසාර හිමිය. මේ සිදු වූ ක්‍රියාදාමයේ සුල මුල කාටත් පැහැදිලි වූයේ 2015 ජනවාරි 08 ආන්ඩු පෙරළියෙන් පසුවය. 2015 මාර්තුවේදී පමණ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ අසෝක අබේගුණසේකර මහතා ඒ පෙරළිය සිදු කළ ආකාරය ගැන “යුග පෙරළිය” නම් කෘතියක්‌ එළි දැක්‌වීය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කිරීමට ජාතික හෙළ උරුමය බොදුබල සේනාව යොදවා ගත් ආකාරය එහි පැහැදිලි කර ඇත.

හැඩිගල්ලේ විමලසාර හිමි උපක්‍රමශීලීව ජාතික හෙළ උරුමයෙන් වෙන් කර බොදුබල සේනාවට අනුයුක්‌ත කරන ලදී. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ බවක්‌ විමලසාර හිමි පෙන්නුවද එහි ඉහළම අභ්‍යන්තර සාකච්ඡාවලට උන්වහන්සේ දිගටම සහභාගි විය. විමලසාර හිමිගේ කාර්යභාරය වූයේ සමීපයෙන් සිට ඥනසාර හිමි මෙහෙයවීමයි. 2014 දී විවිධ දේශපාලන විකල්පයන් ගැන ජාතික හෙළ උරුමයේ අවධානය යොමු වී තිබෙන අවස්‌ථාවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී චම්පික රණවක ජනාධිපතිවරණයට සිංහල බෞද්ධ අපේක්‌ෂකයා හැටියට ඉදිරිපත් වී මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ ප්‍රතිවාදියකුට ජය ගැනීමට මඟ සැළසීම ද සාකච්ඡා වී ඇත. එවැනි අවස්‌ථාවකදී බොදුබල සේනාවේ සහයෝගය ද චම්පිකට ඇති ප්‍රධානම වාසියක්‌ බවද සාකච්ඡා වී ඇත. බොදුබල සේනාව රාජපක්‌ෂවරුන්ගේ නිර්මාණයක්‌ යෑයි ඇතැම් අය සිතා සිටියද, එය ඇත්ත වශයෙන්ම රාජපක්‌ෂවරුන්ට විරුද්ධව නිර්මාණය කරන ලද ජාතික හෙළ උරුමයේ බළල් අතක්‌ විය.

ප්‍රතිවාදියෙක්‌ විනාශ කිරීමට ඇති පහසුම ක්‍රමය වන්නේ පිටතින් සිට පහර දීමෙන් නොව ඇතුළතින් විනාශ කිරීමය යන කියමනට මෙයින් නව අරුතක්‌ ලැබේ. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමික ස්‌ථානවලට පහරදී එම ජන කොටස්‌වල ඡන්ද සම්පූර්ණයෙන්ම අනෙක්‌ පැත්තට යෑවීමෙන් පසු, ජාතික හෙළ උරුමයද රාජපක්‌ෂවරුන් අතහැර අනෙක්‌ පැත්තට ගියේය. නමුත් බොදුබල සේනාව දිගටම රාජපක්‍ෂවරුන් සමඟ සිටින බවක්‌ පෙන්වීය. චම්පික ගිය පසු, -චම්පික අයියේ, අපිව දාල ගියේ ඇයි? කියාද මාධ්‍ය හමුවකදී ඥනසාර හිමි අසා සිටියේය.

ආණ්‌ඩු පෙරළියෙන් පසු බොදුබල සේනාව මෙහෙයවමින් සිටි හැඩිගල්ලේ විමලසාර හිමිද බොදුබල සේනාවෙන් ඉවත් වී නැවතත් ජාතික හෙළ උරුමයට එක්‌විය. උන්වහන්සේ දැන් ජාතික හෙළ උරුමයේ සභාපති ධුරය දරයි. ආණ්‌ඩු පෙරළිය වෙනුවෙන් කළ කාර්යභාරය වෙනුවෙන් ඥනසාර හිමිට සම්මානයක්‌ දිය යුතු බව රාජිත සේනාරත්ත මහතා මා සමඟ පවසා ඇත.

බොදුබල සේනාව විසින් 2017 ජුනි 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඥානසාර හිමි කලින් ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයකු වූ බවත් උන්වහන්සේ ප්‍රචණ්‌ඩත්වයට යොමු කළේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමි බවත් ඥානසාර හිමි අද සිටින තත්ත්වයට පත්වූයේ චම්පිකගේ කොන්ත්‍රාත් ඉටුකිරීම නිසා බවත් එම සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පිළිගත්තේය.

රාජපක්‍ෂ පාලන සමයේ මුස්‌ලිම් විරෝධී කලබල අතර ජාතික හෙළ උරුමයෙන් ඥානසාර හිමි මෙහෙයවීමට එවා තිබුණු හැඩිගල්ලේ විමලසාර හිමි ඒ කටයුත්ත කළ ආකාරය විස්‌තර කරමින් විතානගේ මහතා කීවේ ඔවුන් මහන්සි වී මාධ්‍ය සාකච්ඡාවල ඥානසාර හිමි කිවයුතු දේවල් ලියා දුන්නත් මේසයේ වාඩිවූ පසු විමලසාර හිමිද ඥානසාර හිමි ළඟින්ම වාඩිවී උන්වහන්සේගේ කනට කොඳුරමින් කියයුතු දේවල් කියා දුන් බවත් අවසානයේදී සිදුවූයේ ඔවුන්ගේ සටහන් පසෙක තිබියදී විමලසාර හිමියන්ට උවමනා දේවල් ඥානසාර හිමි කී බවයි.

ජාතික හෙළ උරුමය විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට ඉදිරිපත් වුණේ හුදෙක්‌ම චම්පිකගේ ඇමැතිකම වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් පළිගැනීමට හෝ ඔවුන් අතර තිබූ වෙනත් කෝන්තර පිරිමසා ගැනීමට පමණක්‌ නොවන බව මගේ අදහසයි. ඔවුන්ගේ අදහස වුණේ රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කර රාජපක්‌ෂවරුන් හිරේ දමා දේශපාලනයෙන්ද අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය ජාතික හෙළ උරුමය සතුකර ගැනීමටයි. යුද්ධය ජය ගැනීම, විදෙස්‌ බලවේගවලට යටත් නොවීම, ජාතික සම්පත් පිටරටට නොවිකිණීම වැනි දේවල් වලින් රාජපක්‌ෂලා දිනාගෙන සිටි ජාතිමාමක ප්‍රතිරූපය ඔවුන් දූෂිත ආකාරයට මුදල් උපයන බවට ප්‍රචාරයක්‌ ගෙන යැමෙන් බිඳ දැමීම චම්පිකගේ උපාය විය.

එය සෑහෙන දුරට සාර්ථක වූ බවද කිව යුතුය. ආණ්‌ඩු පෙරළියෙන් පසු රාජපක්‌ෂලා හිරේ විලංගු දැමිය යුතු බවට වැඩියෙන්ම හඬ නැඟුවේ ද චම්පිකමය. රාජපක්‌ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීම ඔහුගේ ඊළඟ පිම්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌ විය. නමුත් ආණ්‌ඩු පෙරළියෙන් පසු අපේක්‌ෂා කළ ආකාරයට සියල්ල සිදු නොවීය. රාජපක්‌ෂලාගේ ඊනියා දූෂණ හෙළි නොවීය. ඔවුන් අපේක්‌ෂිත ආකාරයට හිරගත කිරීමට නොහැකි විය. ජනතාව ඔවුන්ගෙන් ඈත් නොවී, සිටියටත් වඩා සමීප විය. දේවදත්ත බුදුන් ඝාතනය කර බුදු වීමට උත්සාහ දැරුවා සේ රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය තමන් සතු කරගැනීම නමැති ජාතික හෙළ උරුමයේ සිහිනය එයින් බොඳවී ගියේය. චම්පික රණවක යමපාලනයට ගියේ සදාකාලිකවම ඒ පැත්තේ සිටීමට නොවන බව මගේ අදහසයි. රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමෙන් පසු ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකිවී තිබුණේ නම් චම්පික රණවක මේ වන විට යමපාලන ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‌ෂයට පැමිණ බොහෝ කලක්‌ බව මගේ මතයයි.

මේ සැලසුම් ක්‍රියාත්මක නොවීමෙන් ජාතික හෙළ උරුමයට දැවැන්ත පාඩුවක්‌ සිදුවී ඇත. 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය යටතේ තරග කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි සිදුවිය. ඔවුන් අද සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. ඔවුන්ට ඡන්දයෙන් පත්වූ නියෝජිතයෙක්‌ සිටින්නේ චම්පික පමණි. ඔහුට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප සාමාජිකයන් ඡන්දය දුන්නේ රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළීමේදී ඔහු කළ කාර්යභාරය නිසාය. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහි වී එජාප නායකයාට විධායක අගමැති වීමට ඉඩ නොතැබුවේද චම්පිකය. මේ නිසා ලබන සැරේ එජාප සාමාජිකයන් ඔහුට මනාප ඡන්දයක්‌ ප්‍රකාශ කරාවිද යන්න සැක සහිතය. ඔහු එජාපයේ ඓන්ද්‍රීය කොටසක්‌ද නොවේ. මැතිවරණ ක්‍රමය වෙනස්‌ වී කොට්‌ඨාස ක්‍රමය යළිත් හඳුන්වා දෙනු ලැබුවහොත් චම්පික කොහොමටවත් ඊළඟ සැරේ පරාජය වනු ඇත. මේ කාරණා නිසා ජාතික හෙළ උරුමය නැවතත් සිටින්නේ අනාගතය සඳහා සැලසුම් හදමින්ය.

මේ අවස්‌ථාවේදී නැවත වතාවක්‌ බොදුබල සේනාව ක්‍රියාකාරී වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් කොටසක්‌ හෝ ජාතික හෙළ උරුමය වෙත කඩාගැනීමේ උවමනාව නිසා බව පැහැදිලිය. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී චම්පික රණවක නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නම් එජාප ඡන්ද පදනමට වෙනස්‌වූ වෙනත් ඡන්ද ඡන්ද පදනමක්‌ ඔහුට තිබිය යුතුය.

බොදුබල සේනාව යළිත් මහ පාරට බස්‌සා මුස්‌ලිම් පල්ලි හා කඩවලට පහරදී මුස්‌ලිම් අන්තවාදීන් උතුරු නැඟෙනහිර පළාත් වල කරන පුරාවස්‌තු භූමි අල්ලා ගැනීම් හා වෙනත් දේවල් ගැන කතා කිරීම තුළින් රටේ යම් පිරිසක්‌ තමන් වෙත දිනාගත හැකි බව ඔවුන් විශ්වාස කරයි. වත්මන් ආණ්‌ඩුව යටතේ දෙමළ, මුස්‌ලිම් නායකයන් බෙහෙවින්ම බලවත් වී ඇති අතර ඔවුන් බලවත් වීමට ප්‍රධානම හේතුව රාජපක්‌ෂ ආණ්‌ඩුව පරදා සිංහල බහුතරයේ කැමැත්ත නොමැතිව දෙමළ හා මුස්‌ලිම් බහුතරයකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ නිසාය. අපි කළින් පෙන්වාදුන් පරිදි සිරිසේනට බලයට පැමිණීමට හැකි ආකාරයට බොදුබල සේනාව යොදවා මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ඡන්ද සියල්ල සිරිසේනට පෙළගස්‌වා දුන්නේද ජාතික හෙළ උරුමය සංවිධානයයි. දැන් ඔවුන් විසින්ම ඇති කරන ලද එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගෙන සිංහල ඡන්ද කඩාගැනීමට උත්සාහයක්‌ කිරීමෙන්, මේ සිටින්නේ අපි ලාංකීය දේශපාලනයේ මීට කළින් දැක නැති තාලයේ, ඉතා ශූර, සටකපට කුමන්ත්‍රණකරුවන් බව කාටත් පැහැදිලි වනු ඇත.

සිංහලයා වෙනුවෙන් යහපාලන ආණ්‌ඩුවේ හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවෙක්‌ කතා කරන්නේ නැති බවත්, මුස්‌ලිම්, දේශපාලඥයන්ගේ අනුහසින් උතුරු පළාතේ වන සංරක්‌ෂිත කපා මුස්‌ලිම් මිනිසුන් පදිංචි කරන බවත්, නැඟෙනහිර පළාතේ මුස්‌ලිම් දේශපාලඥයන්ගේ අනුග්‍රහය යටතේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්‌ත භූමි නීති විරෝධී ලෙස අත්පත් කරගනිමින් සිටින බවත්, එම පළාත්වල රජයේ නිලධාරීන්ටත් බියට ඒ ගැන පියවරක්‌ ගන්නේ නැති බවත්, මුස්‌ලිම් දේශපාලඥයකුගේ දූෂණ හෝ වංචාවන් සෙවීමට පොලීසිය බිය බවත් කියන විට එය අසා සිටින ඕනෑම කෙනකුට මෙය සත්‍යයක්‌ නොවේ දැයි සිතෙනු නොඅනුමානය. සී.වී. විග්නේශ්වරන් හා එම්.කේ සිවාජිලිංගම් උතුරේ අන්තවාදී ප්‍රකාශ කරන විට නිහඬව සිටින ආණ්‌ඩුව, ඥනසාර හිමි මුස්‌ලිම් අන්තවාදය හා “අල්ලගේ ලබ්බ” ගැන කතා කරන විට අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීම සිංහලයාට වෙනස්‌කම් කිරීමක්‌ නොවේ දැයි සිතෙනු ඇත. නමුත් දෙමළ හා මුස්‌ලිම් දේශපාලන නායකයන් එතරම් බලවත් වෙන තැනට වැඩ සැලැස්‌සුවේද බොදුබල සේනාව හා ජාතික හෙළ උරුමය එක්‌ව කරන ලද ක්‍රියාදාමයෙන්ම බව වටහා ගැනීමට විචාර බුද්ධිය හැම දෙනාටම නැත.

මුස්‌ලිම් විරෝධය මතුකර සිංහල ඡන්ද කුට්‌ටියක්‌ කඩා ගැනීමේ මේ ව්‍යාපෘතියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය තිබෙන බවද පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යැමටත්, දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටත් සිරිසේන මහතාට බලාපොරොත්තුවක්‌ තිබෙන බව පැහැදිලිය. දෙමළ හා මුස්‌ලිම් නායකයන් ඔහුගේ පාලනය යටතේ බලවත්ව සිටින නිසා ඔහුට නැවතත් දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබාගැනීම එතරම් අසීරු නොවුණත්, සිංහල ඡන්ද මහා පරිමාණයෙන් විපක්‌ෂ අපේක්‌ෂකයා වෙත ලැබුණොත් ඔහුට දිනීමට අසීරු වේ. මේ නිසා සිංහල ඡන්ද වලින් කොටසක්‌ ඒකාබද්ධ විපක්‌ෂය නොවන වෙනත් කණ්‌ඩායමක්‌ වෙත යන්නේ නම් එය ඔහුට වාසිදායකය. ජනාධිපතිවරයා නොදැනුවත්ව ඇමතිවරයකුට ඥනසාර හිමි සඟවාගෙන සිටිය නොහැකිය. එමෙන්ම ජනාධිපතිවරයාගේ Rජු මැදිහත්වීමක්‌ නොමැතිව, ඥාණසාර හිමිට එක දවසක්‌ තුළ නඩු තුනකින් ඇප ලැබිය නොහැකිය. ඉතින් මෙතනදී අපට දැකිය හැක්‌කේ තනිකරම දේශපාලන වුවමනාවක්‌ මත සිදු කරන සෙල්ලමකි.

2017 ජුනි 20 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්ම ඊට පෙරදා මාගල්කන්දේ සුදත්ත හිමි කියා සිටියේ ඥනසාර හිමි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි. ඥනසාර හිමිට රාජයෝගයක්‌ තිබෙන බවද උන්වහන්සේ කීවේය. ඉතින් මේ එන්නෙ කුමට දැයි කාටත් පැහැදිලි විය යුතුය. 2015 ට කලින් මුස්‌ලිම් ක්‍රිස්‌තියානි ඡන්ද අනෙක්‌ පැත්තට යවා මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමට කටයුතු කිරීමෙන් පසු, බොදුබල සේනාවේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ, සිංහල ඡන්ද කඩා ජාතිකවාදී නායකත්වයක්‌ නැවත බලය ගැනීම වැලැක්‌වීමයි. 2015 අගෝස්‌තු මහ මැතිවරණයේදී ඔවුන් වෙනම තරග කළේ ද විපක්‌ෂයේ අපේක්‌ෂකයන්ගෙන් ඡන්ද කැඩීමට මිස වෙන කුමට ද?

වෙන කිසිවෙක්‌ සිංහලයන් ගැන කතා නොකරන අතර තමන් පමණක්‌ සිංහලයන් ගැන කතා කරන බව බොදුබල සේනාව කියයි. මෙහිදී සියලුම සිංහලයන් තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය වන්නේ බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය නිසා සිංහලයා ශක්‌තිමත් වී තිබෙනවාද නැතිනම් දුර්වල වී තිබෙනවාද යන්නයි. 2012 බොදුබල සේනාව බිහිවූ දා සිට අද දක්‌වා ඔවුන් කතා කළ එකම ප්‍රශ්නයක්‌ ගැනවත් විසඳුමක්‌ ලැබී තිබෙනවාද? නැති නම් ඒ ප්‍රශ්නය තිබුණාටත් වඩා උත්සන්න වී තිබෙනවාද? 2015 ජනවාරියේ ආණ්‌ඩු වෙනසින් පසු සිංහලයා අන්තිම බලු තත්ත්වයකට පත් විය. රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ කට පියාගෙන සිටි විග්නේෂ්වරන් හා සිවාජිලිංගම්, හමුදාව උතුරෙන් පන්නා දැමීම ගැනත් ජනාධිපතිවරයාට පවා එක්‌තරා දිනකදී උතුරට පැමිණීමට ඉඩ නොදීම ගැනත් කතා කළේය. මුස්‌ලිම් නායකයන්ටද රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ කිසිදාක නොතිබූ බලයක්‌ මේ ආණ්‌ඩුව යටතේ ලැබී ඇත. මා කළින් පෙන්වා දුන් ආකාරයට, මුස්‌ලිම් කොංග්‍රසය 2005 සිට දිගටම රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කළ යුතුය යන ස්‌ථාවරයේ සිටියේ මේ නිසාය. අද ඔවුන්ගේ සියලු සිහින සැබෑවී ඇත. මේ තත්ත්වය ඇති කෙරුවේද බොදුබල සේනාවේ මැදිහත් වීම මත සිදුකරන ලද ආණ්‌ඩු වෙනස තුළින්ය.

බොදුබල සේනාව මුලින්ම මතු කළේ හලාල් සහතික ප්‍රශ්නය වුවත් අද අන් කවරදාටත් වඩා ශක්‌තිමත්ව හලාල් සහතිකකරණය සිදුවේ. ඔවුන් කූරගල ගැන කතා කළත් ආණ්‌ඩු පෙරළියෙන් පසු නැවතත් කූරගල තිබුණු තත්ත්වයටම ගොස්‌ ඇත. මුස්‌ලිම් ව්‍යාපාර වර්ජනයක්‌ ගැන බොදුබල සේනාව කතා කළත් මුස්‌ලිම් දේශපාලඥයන් බලවත් වීමත් සමඟ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ද හිටියටත් වැඩිය ශක්‌තිමත් වී ඇත. බොදුබල සේනාව මුස්‌ලිම් කඩවලට පහර දීම නිසා අද මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට බටහිර රටවල පවා අනුකම්පාව ලැබි ඇත. බොදුබල සේනාව කුමක්‌ කළත්, එය සිංහලයා බිම දැමීමටත්, සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් කිරීමටත් ඉවහල් වෙන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කරගත යුතුය. මා කළින් පෙන්වාදුන් පරිදි මේ රටේ මුස්‌ලිම් ප්‍රජාව අරාබිකරයේ සිටින අයට වඩා උපක්‍රමශීලී පිරිසකි. ඔවුන් කලබල වී තීන්දු ගන්නේ නැත. ඔවුන්ගේ කල්ලිවාදයට හා අන්තවාදයට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ඉතා සංසුන්ව හා බුද්ධිමත්වය. සිංහල නායකයන් කතා නොකරන දේවල් ගැන බොදුබල සේනාව කතා කරනවා යෑයි කියමින් ඔවුන් සත්‍ය වශයෙන්ම කර ඇත්තේ මුස්‌ලිම් අන්තවාදීන් හිටියාටත් වඩා ශක්‌තිමත් කිරීමයි.

ලංකාව දෙකඩ කිරීමට මාන බලන දෙමළ කොටි ඩයස්‌පෝරාව පමණක්‌ නොව, එම වැඩපිළිවෙළට උල්පන්දම් දෙමින් ලංකාවට හතුරුකම් කරන මුළු බටහිර ලෝකයමත්, ලංකාව යටත් විජිතයක්‌ බවට හරවා ගැනීමට මාන බලමින් සිටින ඉන්දියාවත්, රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කර තමන්ගේ අභිමාතාර්ථ ඉටුකර ගැනීමට මාන බලමින් සිටි අවස්‌ථාවක, එම ආණ්‌ඩුව අස්‌ථාවර කර, හතුරන්ට රට පාවාදීමට කටයුතු කිරීමෙන්, චම්පික රණවක, අතුරලියේ රතන හිමි, ඥනසාර හිමි යන පිරිස්‌, තමන් මොන ජාතියේ පුද්ගලයන් දැයි මුළු ලෝකයටම පෙන්වා ඇත. 2017 ජුනි 20 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාගල්කන්දේ සුදත්ත හිමි ආණ්‌ඩුවට කියා සිටියේ චම්පික රණවකට, අතුරලියේ හිමිත්, ඥනසාර හිමිත් පසුගිය වකවානුවේ කී දේවල් කරන්නේ නම්, ඔවුන් (එනම් බොදුබල සේනාව) දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බවයි. මේ සියලු දෙනාම, කරන්නේ එක දේශපාලන ව්‍යාපාරයක්‌ බව ඉන් පැහැදිලිවේ.

මේ සියල්ල තුළ ඥානසාර හිමි වෙනත් පුද්ගලයන් විසින් මෙහෙයවන පුද්ගලයෙක්‌ පමණි. පසුගිය බදාදා ඥානසාර හිමිට හිරුණිකා පරදවමින් ඇප ලැබෙන විට ඒ වෙනුවෙන් පෙනී සිටි උලපනේ සුමංගල හිමි යහපාලන කඳවුරේ ප්‍රබලයෙකි. ඥානසාර හිමි කලින් හැඩිගල්ලේ විමසාර හිමි විසින් මෙහෙයවූ ආකාරය අපි කලින් විස්‌තර කෙරුවෙමු. 2012 දී ඥානසාර හිමි නෝර්වේ රටේ සිට පැමිණි පසු හලාල් විරෝධී ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ආචාර්ය කුමාර් රූපසිංහ සමඟ එක්‌වී බලය බෙදීමට හා සංහිඳියාව වෙනුවෙන් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවත් ඒ වෙනුවෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මහා සංඝ සම්මේලනයක්‌ සංවිධානය කිරීමටත් ඥානසාර හිමි එකඟ වී තිබුණු බවත් සේනාරත්න මහතා මා සමඟ කියා තිබිණි. ඒ විස්‌තර සියල්ල “ද අයිලන්ඩ්” පුවත් පතේද පළවිය.

ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස්‌ පුරාවස්‌තු විනාශය ගැන පමණක්‌ කතා නොකර “අල්ලගේ ලබ්බ” ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ “ලබ්බේ” කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්‌සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස්‌ හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්තේ මේ වෙලාවේ සිංහලයන් විචාර බුද්ධිය පාවිච්චි නොකළ හොත් මුළු රටත් ජාතියත් විනාශ වන බවය.

9 Responses to “හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥනසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි- බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌”

  1. Senerath Says:

    What has happened is, seeing how powerful the Sangha’s call, greedy politicians and their cohorts have got scared of losing jobs. Same thing happened when they saw big crowd of Buddhist gathering in Maharagama seeing yellow instead of other colours. Becuase other colours cannot do the job, they keep cheating people all the time, the colour of the robe will be the only option left for Sinhala Buddhist.

  2. Hiranthe Says:

    Thank you CAC for this eye opener.

    Hope the mislead lot will realise the truth and clear Gota from their claim that this cunning politician Monk was created by Gota.

    The Hell will not be sufficient for Champaka and this type of people who sell their Motherland for personal gains.

  3. NeelaMahaYoda Says:

    Senerath

    It is all right if we have honest and genuine monks to represent Buddhists in Sri Lanka, but point is that crooks in yellow robes can ruin Buddhism.

    Look at the behaviour of the so called university student monks, how they behave so violently with full of hatred, anger and delusion known among Buddhist as the three poisons, the three unwholesome roots, and the three fires.

    Look at Gnansara Thera when he addresses, he is fully saturated with hatred anger and delusion. Can you call him a Buddhist monk.

  4. Senerath Says:

    NeelaMahaYoda,
    I fully agree with you on that. I thought my comments reflect that too, although my main point was going after Ganansara Thero on the basis of ‘Buddhist Extremism’ is worng. Such action will only silent the majority. If you have visited SriLanka recently you will clearly notice how Wahabism expands under every governement.

  5. Leela Says:

    බොදුබල සේනාව රාජපක්‌ෂවරුන්ගේ නිර්මාණයක්‌ යෑයි ඇතැම් අය සිතා සිටියද, එය ඇත්ත වශයෙන්ම රාජපක්‌ෂවරුන්ට විරුද්ධව නිර්මාණය කරන ලද ජාතික හෙළ උරුමයේ බළල් අතක්‌ බව කියන C.A.චන්ද්‍රප්‍රේම ගේ සාධක සහිත අනර්ග ලිපිය සියලු සිංහල බෞද්ධයන් විසින් කියවිය යුතුමය.

    ඥාණසාර හිමිගේ core values සෝම හාමුදුරැවන්ට වෙනස්ද? සිංහල බෞද්ධ කමද නෙවෙය්ද?
    තිරනය ඔබ සතුය්.

  6. ranjit Says:

    Today after reading this valuable article I came to know some real facts and truth about political conspirators, power hungry politicians and the traitors to Motherland and to buddhism. Great piece of writing.

    When will our Motherland become wonder of Asia and how with these kind of traitors who cunningly and shrewdly using poor people to do their dirty work. Although I love this buddhist land, culture and the beauty I regret being a citizen of this country after all because of the system we are having today in this country I called home. I hope to see a better future for all of us through a better system with patriotic leaders leading our Motherland.

  7. Senerath Says:

    Here is one more piece of talk against recent Asgiriya speech by Dambara Amila Thero. This monk has always been against රාජපක්‌ෂවරුන් but he is also fully against Ganasara Thero. What he is saying that even the contents of Ganansara Theros’ complaints are wrong, not only his style of speech.

    https://www.youtube.com/watch?v=eVm4i5obl7w

    As Leela is in Sri Lanka, please let us know whether there is no problem with Jassim City in Wilpattu or continuing Muslim takeover of our cities, whether all these are non-existing problems created by Sinhala Buddhist Extemists. We are at a lost.
    My view is these are REAL THREATS as I observed by a recent visit to the country. However my stay was only 1.5 months , so, people like LEELA can be trusted on this.

  8. Dilrook Says:

    A good analysis.

    The bath water must be thrown out, not the baby. BBS has lost its credibility now and BBS leaders are doing the bidding of a certain Yamapalana minister. They must face justice.

    However, the grievances BBS pointed out must be addressed. This is what the chief prelates say. They must be thanked for their sensible stand on this.

  9. Senerath Says:

    If bath water is muddy and with a lot of germs, it should be thrown out, yes.
    But the baby still need a bath, with good water. Paw wede baby.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress