ජාතිවාදීන් කවු ද?
Posted on June 26th, 2017

නලින් ද සිල්වා

මෙරට බොහෝ සිංහල බෞද්ධයන් හා පොදුවේ සිංහලයන් බොහොමයක් හැරෙන්න අනෙක් සියලු දෙනා ම පාහේ ජාතිවාදීන් හෝ ආගම්වාදීන් හෝ බව පැහැදිලියි. සිංහල බෞද්ධයන්ට මෙරට හිමි විශේෂිත තත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතෙනවා. ඉංගිරිසින් වුවත් ඒ විශේෂත්වයට ගරු කළා. 1815 ගිවිසුමෙන් පමණක් නොව 1892 ආඥා පනතෙන් ද ඉංගිරිසින් මේ විශේෂත්වයට ගරු කළා. ඕල්කට් බෞද්ධයන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් ලෙස සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වූ පසු සිංහල බෞද්ධයන්ට හිමි ව තිබූ විශේෂත්වය නැති වීමට පටන් ගත්තා.

ඒ ඒ රටේ ඒ ඒ ජාතියේ හෝ ජනවර්ගයේ හෝ සංස්කෘතියට හිමි තැනක් තිබෙනවා. මේ තැන නැති කිරීම ජාතිවාදයක් ආගම්වාදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙරට අනාදිමත් කාලයක සිට පැවතෙන දෙමළ සංස්කෘතියක් නැහැ. දෙමළ සංස්කෘතියක් මෙරට ඇති වීමට පටන් ගත්තේ දොළොස්වැනි සියවසෙන් පසුව. එයත් ඉතා සීමිත වශයෙන්. මෙරට දෙමළ සෙල්ලිපි කීයක් තිබෙනවා ද? මෙරට ලියැවුණු දෙමළ පොතපත කවරේ ද? බොහෝ දෙමළ ජනයා වත්මන් දකුණු ඉන්දියාවේ ලියැවුණු පොතපත දෙමළ පොතපත ලෙස ඉදිරිපත් කරනවා. එය වංචාවක්.

මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව. ඔවුන් පැමිණියේ මලබාර් ප්‍රදේශයෙන්. අරාබියෙන් නො වෙයි. ඔවුන් දෙමළ කතා කෙළේ එබැවිනුයි. එහෙත් දැන් ඔවුන් සිංහල කතා කරන්න පටන් අරන් ඒක හොඳයි. ඔවුනුත් ලියූ පොතපත නැහැ. මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගොඩ නගා ඇත්තේ සිංහල බෞද්ධයන්. එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රට වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රට. මුස්ලිමුන් එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානිය යටපත් කිරීමට කටයුතු කිරීම ජාතිවාදීයි. 

සිංහලයන් දෙමළ ජනයාට හෝ මුස්ලිම් ජනයාට හෝ ඔවුන්ට හිමි තැන දීම ප්‍රතික්‍ෂෙප කර නැහැ. දෙමළ හින්දු සංස්කෘතියට හෝ මුස්ලිම් සංස්කෘතියට හෝ අසාධාරණයක් කර නැහැ. සිංහල බෞද්ධයන් සිංහල ක්‍රිස්තියානි සංස්කෘතියට සාධාරණය ඉටු කර තිබෙනවා. එසේ නම් සිංහල බෞද්ධයන් ජාතිවාදී වන්නේ කෙසේ ද? එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂ තැන නැති කිරීමට නම් අනෙක් සියල්ලන් ම මෙන් කටයුතු කරනවා. ආණ්ඩුවත් කටයුතු කරනවා. මෛත්‍රිපාලත් මහින්දත් ව්‍යාජ සමාජවාදීන් පමණයි. ඔවුන් බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඔවුන් සිංහල සංස්කෘතිය වෙනුවෙන් එකතු වන්නේත් නැහැ.

රන්ගිරි දඹුල්ලට ලැබෙන ආදායම කළමනාකරණය කිරීම ආණ්ඩුවේ  රාජකාරියක් නො වෙයි. ආණ්ඩුවට ඒ සම්බන්ධ ඇඟිලි ගැසීමට බැහැ. මෙරට සංඝයා වහන්සේ ඇත්තේ දේශපාලනඥයන්ට උඩින් බව දේශපාලනඥයන්ට ද අන්‍ය ආගමිකයන්ට ද අමතක වෙනවා. එය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තත්වය නිසා අනාදිමත් කාලයක් තිස්සේ ඇති වී තිබෙන සම්ප්‍රදායක්. එංගලන්තයේ රජු (රැජන) ඇත්තේ කැන්ටබරියේ ආච් බිෂොප්තුමාට උඩින්. එහෙත් ලංකාවේ එසේ නො වෙයි. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වුවත් කසිකබල් ඇමතිවරුන්ට උඩින් වැජඹෙනවා. එය අශෝක බුද්ධාගමේ කොටසක්. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගැන අකිල විරාජ් දන්නවා ද?

අකිල විරාජ් කාරියවසම් ඔහුගේ නොදැනුවත්කමට හෝ දඩබ්බරකමට කමට හෝ රන්ගිරි දඹුල්ල පවරා ගැනීමට යනවා. එහි යම් විෂමතා ඇත්නම් ඒ විසඳිය යුත්තේ ආණ්ඩුව නොව සංඝ සභාවයි. අකිලට අවශ්‍ය ම නම් ඒ ගැන සංඝ සභාවේ අවධානය යොමු කරන්න පුළුවන්. එයට වැඩි දෙයක් කරන්න බැහැ. ජනාධිපති ඒ ගැන බකංනිලා ගෙන ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන් උද්ඝෝෂණ නොකරන නිසා ද? මෛත්‍රිපාල දොස්තරලාට මොනව පොරොන්දු වුණා ද කියා දන්නේ නැහැ. ඒ ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මාෆියාව කියන දේ විශ්වාස කරන්න බැහැ. එහි එක් නිලධාරියකුට අනුව සයිටම් ඉවරයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාල වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඇති තදියම සිංහල බෞද්ධයන් සමග සාකච්ඡා කිරීමට නැහැ.

වෛද්‍ය නිලධාරීන් හා අන්තරේ නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කළත් සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කතා කිරීම යනු රටේ සංස්කෘතියේ වැදගත් ම සංස්කෘතිය ගැන කතා කිරීමයි. දොස්තරලා වැඩියෙන් ආදායම ලබන්නේ සිංහල බෞද්ධයන්ගෙන්. මා හිතන්නේ දොස්තරලාගෙන් බහුතරයත් දැන් සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න ගැන කතා නොකිරීම යනු සිංහල බෞද්ධයන්ට එරෙහිව කතාකරන්නන්ට රුකුල් දීමක්. අද වෛද්‍ය සභාවත් වෛද්‍ය නිලධාරි සංගමයත්  සිවල් සමාජත් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවා.

අන්තරේ එයටත් එහා. ඔවුන් ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ. එය තිස්ස බාලසූරිය පූජක තැනගේ නිර්මාණයක්. මේ ආයතනය සිංහල බෞද්ධයන්ට තිබිය යුතු විශේෂත්වය ගැන කතා කර නැහැ. ඔවුන් කරන්නේ ඊනියා බහු සංස්කෘතික, අනාගමික කතා කියා සිංහල බෞද්ධ සංස්කෘතියෙට හිමි විශේෂත්වයට අකුල් හෙළීම. පෙරටුගාමීන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් තවමත් සිටින්නේ කිසි දිනෙක වලංගු නොවුණු මාක්ස්වාදී සංකල්පවල. මාක්ස්වාදය හා බුදුදහම අතර කිසිම සමානකමක් නැහැ. බුද්ධාගම හා සමාජවාදය එකතු කිරීමට කතා කරන්නේ නිරවුල් සංකල්ප නැති අය.

සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය නොකරන නිසා මෛත්‍රිපාල, මහින්ද ආදීන් ඔවුන් ගැන නෙසලකා හරිනවා වෙන්න පුළුවන්. රනිල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ නො වෙයි. අද ජාතිවාදීන් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය නැති කිරීමට කටයුතු කරන වෙනත් සංස්කෘතීන්ට අයත් අය. කුරගල බෞද්ධයන්ට අහිමි කරන්නේත් නැගෙනහිර පළාතේ මුහුදු මහා විහාරය වැනි සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි කිරීමට කටයුතු කරන්නේත් උතුරු පළාතේ බුදුපිළිම වහන්සේ අස්ථාන කරන්නේත් අන්‍යාගමිකයන්, අන්‍ය සංස්කෘතීන්ට අයත් වූවන්.

මෛත්‍රිපාල බටහිර වෛද්‍යවරුන්ට දක්වන සැලකීමෙන් අංශු මාත්‍රයක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් දක්වනවා ද? සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීමට අද දේශපාලනඥයන් නැහැ. සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධයන් අනාථ වෙලා. අස්ගිරි හා රාමඤ්ඤ ප්‍රකාශ ගැන රනිල් හා අකිල කෙසේ වෙතත් මෛත්‍රිපාල අවධානය යොමු කළ යුතුයි.

 

නලින් ද සිල්වා

2017 ජූනි 25

 

7 Responses to “ජාතිවාදීන් කවු ද?”

  1. Ananda-USA Says:

    I completely agree with what you have written here, Nalin!

    In the UK, the Queen is not only the constititional Head of the Government, but is also the Head of the Church of England, and is anointed the Defender of that Faith. No one who does not belong to the Church of England may marry into the Royal Family, or hold any important post such as a Cabinet Minister. The prime minister must belong to the Anglican Church. In short, the Church of England is the SOLE State Religion in the United Kingdom. Other religions are allowed to exist and their followers are accorded most, but not all, rights that Anglican Christians have. There was a long and bitter struggle between Catholics and the Protestant Anglican religion before and after King Henry the 8th broke away from the Catholic Church to form the Anglican Church and appoint himself as it’s SOLE Head!

    If the Anglican Church is accorded all of these rights as the State Religion in the UK, where the Parliamentary system of Government originated, why is it that the leaders of Sri Lanka are SO RELUCTANT to declare and embed the SUPREMACY of our Buddhist religion in our Motherland which has a FAR LONGER HISTORY of Buddhism as the State Religion?

    We, the Sinhala Buddhists of Sri Lanka, must once again RESTORE to POWER a PATRIOTIC GOVERNMENT unambiguously COMMITTED to acknowledging and restoring the Sinhala Buddhist character of our Motherland in the Constitution and in ALL areas of National Government. The longer we fail to act, the more that character is undermined, and the more it erodes!

    Let this ABSOLUTE ROT of Sanhidiyawa & Sahajeevanayaya which is a THIN VEIL for suppressing and subjugating the Sinhala Buddhist character of this nation to an international MULTICULTURAL definition of what Sri Lanka, be ABANDONED RIGHT NOW!

    In SWRD’s revolution in 1956 the FIRST STAGE of this battle in Modern Sri Lanka was initiated and largely WON! Let the SECOND STAGE of the battle to PETMANENTLY EMBED and SECURE the Sinhala Buddhist character of Sri Lanka BEGIN NOW with the OUSTER of this PARA-GATHI Yamapalanaya, and the RESTORATION of an UNAMBIGUOUSLY PATRIOTIC National Government!

  2. Leela Says:

    ජාතිවාදය සහ අාගම් වාදය කුමක්දැය් ඉන්ගිරිසි ඩික්ෂනරි පැහැදිලිව කියය්.

    ඉන්ගිරිසි ඩික්ෂනරි කියන්නේ ජාතිවාදය යනු තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් ප්‍රකාෂ කිරීම, අනෙක් ජාතින් පහත් කිරීම, තමන්ගේ ජාතිය නොවන අයට හින්සා කිරීම අාදීයය්.

    කුරාණයේ පද මුස්ලිමුන් ඉතා උසස් බව කියනවා. මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරල තියනවා. මුස්ලිම් නොවන්නන් මරන්න කියනවා. මුස්ලිම් නොවන්නන් මුස්ලිමුන් අල්ලාගත් රටවලින් පන්නන්න කියනවා, යන්නෙ නැති නම් අාගමික ටැක්ස් ගහන්න කියනවා, මරන්න කියනවා. ISIS කාරයින් ක්‍රිස්තියානුවන් මරන මොහතෙදි එසේ උපදෙස් දෙන කුරාණයේ පද ප්‍රසිද්ධයේ උපුටා දක්වනවා. ISIS කාරයින් වැනි අල්ලා වෙනුවෙන් මිනී මරන්නන් සහ සටන් කරන්නන් ජිහාඩියන් බවත් ඔවුන් අල්ලාගේ සදාකාලික දිව්‍ය ලෝකයට ගොස් සැමදා කන්‍යවන් සමග සැමදා වසන්න යන බවත් කුරාණයේ පැහැදිලිව කියා තියනවා.

    බෞද්ධාගමේ සහ ත්‍රිපිටකයේ කොතනකවත් අනෙක් අාගමිකයන් පහත් කර නැහැ. තම ජාතිය (සිංහලයා) අනෙක් ජාතින්ට වඩා උසස් යය් කිසිම හිමි නමක් කොතනකවත් කියල තියනවා අපි අහල නැහැ. දැන් කවුද ජාති වාදී?

    තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවෙය්.

    තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ජාතිමාමකත්වයය්. මෑත අතීතයේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, වාරියපොල හා හික්‌කඩුවේ සුමංගල, කුඩාපොල රාහුල වැනි නෙයෙකුත් හිමි වරැ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටියා. එවැනි හිමි වරැන් අද ඉදිරියට පැමින සිංහල බෞද්ධයන් බේරා ගත යුතුය.

  3. Senerath Says:

    “බෞද්ධාගමේ සහ ත්‍රිපිටකයේ කොතනකවත් අනෙක් අාගමිකයන් පහත් කර නැහැ.”

    I am not sure about this. Buddha always implied that “ignorance” and “craving” as the two basic problems. By following other religions one can never overcome ignorance. There are plenty of examples Buddha argued and made other religous leaders to feel themselves like fools. Upali Sutta (MN56) is a good example where Upali ( converted to Buddhism after hard argument with Buddha) insulted (by proper argument, not harsh words) his previous teacher Nighatanathaputta in front of a large number of followers.
    It is not true that Buddha encouraged people to follow their own religion. Kalama Sutta is famous for that.

  4. Leela Says:

    I must say, I am a mare novice to the vast Buddhistic knowledge. Anyway, it is common knowledge that all religions aim to thrive. Hence dissemination of its Dhamma is no exception to Buddhism as well. Of course, Buddha aimed to proselytize and indeed converted followers of other religious leaders. What matters is; he is said to have instructed his new disciples to respect their former masters. And that perhaps is unique to Buddha.

  5. Ananda-USA Says:

    Patriots MUST SEE: The VERY BEST MOST COMPREHENSIVE SPEECH by Wimal Weerawansa on the Sallala Aanduwa

    EVERYTHING we patriots have been writing about at LankaWeb he addresses here:

    Part I:Wimal Weerawansa (NFF) :- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව (1) පළමු කොටස

    https://youtu.be/wVwZ6lmEZsE

    Part II:Wimal Weerawansa (NFF) :- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව (2) දෙවන කොටස

    https://youtu.be/pkYA_byHOaA

    Part III:Wimal Weerawansa (NFF) :- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව (3) තුන්වන කොටස

    https://youtu.be/HRxHbupZ6sw

  6. Senerath Says:

    Leela,
    Me too. But all the text is now in the internet and anyone can read. I don’t like to go inot too much details but i must say that very statement of you mentioned about Buddha asked new disciples to respect previous teachers has been interpreted from Upali Sutta too ! You must read it ( spend 15 mins only).
    https://suttacentral.net/en/mn56

    In summary, Upali , a well learned follower of Niganthanathaputta promises his teacher he would defeat Buddha by proper argument goes to Buddha and after a lengthy argument Buddha proved to him he was wrong and Nighanta’s dhamma was wrong. Then he asked Buddha to consider him as a deciple but Buddha ask him to investigate thoroughly instead. He was even more impressed because normally other teachers don’t say that and asks again. Then Buddha says “ Householder, your family has long supported the Nighantas and you should consider giving alms to them when they come “. ( Now, note that this is not a statement of telling him to respect his previous teacher but Buddha being compassionate asked him not to hurt him by refusing to give food. ). When this is said Upali was even more impressed and asked Buddha to grant him discipleship for the 3rd time. Then Budhdha gave him more advice and taught him four noble truth and he because a Sothapanna.
    However, after going back home, he instructed the gatekeeper to close the door to Niganthas. Then when surprised Nigantas came, he openly humiliated them. Don’t forget Niganthas was a main religion then and even now.

    My point, Leela, is nowadays politicians, NGO’s and even some monks distort Buddha Dhamma and misinterpret to their advantage. They say Buddha encouraged Multi-faith nonsence ! They say Buddha brought the message of peace ! That is not ture. He never asked anyone to repect other religious masters or religions ( according to my knowledge).
    If someone can show me ONE sutta where he said so, I am greatful and will say sorry. He only asked people to respect those people who are wise , do not harm anyone and whose advice would be benficial to people spritually.

  7. Christie Says:

    මේ ආන්ඩුව පත් උනේ හින්දු ඉන්දියානු පරපෝසිත චන්ද වලින්. චන්ද ගනන් හිලව් බලන්න.

    ගරු තර සෝබිත දූසිත බන පොත පෙරලුව, ගරු තර නාන සාර කිතු හා මුස්ලිම් චන්ද කඩා දැම්ම.

    ඉන්දියානු අදිරදය ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් මේ ගොල්ල බලයට පතකලා.

    උසස්කුල මේඅයට අපි කුලහීනයෝ.

    තිරුක්කුරල් ලියපු එක්කෙනාගෙ පිලිම දහසයක් අපේ රටේ අටවනව. හැබැයි ඒ පිලිමයක් හාදිවාර් IHardiwar, Uttrakand, India) වල අටවන්න ඉඩ දෙන්නෙ නැහැ.

    Wake up Sinhales. Unite and stan up to India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress