සංහිඳියාව අගයන මුසල්මානුවෙකු විසින් ඇමති චම්පිකට ඇත්ත හෙලිකරන්නැයි ප‍්‍රබල අභියෝගයක් භාරදෙයි..
Posted on June 26th, 2017

lanka C news | ලංකා සී නිවුස්

රටේ ජීවත්වන සංහිඳියාව අගය කරන මුස්ලිම් ජාතිකයකු වන අහමඩ් ෆාරුක් මහතා තම් ෆේස්බුක් හරහා නිකුත් කොට ඇති මෙම නිවේදනය ඔස්සේ සම්මුති ආණ්ඩුවේ බොහෝ පිරිස්වලට කවුද ජාතීවාදින් සහ ආගම්වාදින් බිහිකලේ යන්න සොයා ගැනීමට පහසු වනු ඇත.

යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේ පසුගිය රජය සුළු ජාතින්ට මෙන්ම බෞද්ධයන් නොවන අන්‍යාගමිකයන්ට විරුද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමිනි. වසර 30 ක් මෙරටේ තිබු ලෝකයේ අති භයානකම ත්‍රස්තවාදී සංවිධානයක් වු එල් ටි ටි දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට මෙරට සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත්වීමට පරිසරයක් උදා කර දුන් මහින්ද ජනාධිපතිවරයා ඇතුළු එම ආණ්ඩුවට නොයෙකුත් චෝදනා එල්ල කලහ.

එදා මහින්ද ආණ්ඩුවේ හිටපු ප්‍රබලයන් වු මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, චම්පික රණවක වැන්නන් පමණක් නොව ජාතිවාදී මුස්ලිම් පක්ෂ පිහිටුවා ගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය දුන් රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දින් මෙන්ම ෆයිසර් මුස්තාෆා මෙන්ම උග්‍ර ලෙස මුස්ලිම් ජාතිවාදීයෙකු වු අසාඩ් සාලි වැන්නන් ද එම චෝදනාව එදා රජයට කරමින් මහින්දට විරුද්ධව මෛත්‍රී ජනාධිපති කරමින් සම්මුති මෙන්ම යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේය.

අද ඒ සම්මුති ආණ්ඩුව තුල සියලුම ජාතින්ට මෙන්ම සියලුම ආගමිකයන්ට බියෙන් ජීවත්වීමට සිදු වී ඇත්තේ ඉතිහාසයේ කිසිම පාලකයෙකුගේ කාලය සිදු නොවු ආකාරයෙනනි.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙන්ම පාලකයෝද එකිනෙකාට චෝදනා කරගන්නා අතර මහින්ද පාලනය වෙනස් කරන්න ඉහත සියලු මහින්ද ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් සමග උපායමාර්ග හැදු චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කලහ,

එයින් කියා සිටියේ තමා සිංහලයන් සහ බෞද්ධයන් වෙනුවෙන් සුළු ජාතිකයන්ගෙන් මෙන්ම අනිකුත් ආගම් වලින් අද රටේ සිදුවන ආගමික හා ජාතික හිංසනයන් සම්බන්ධව සමාව ඉල්ලා සිටින බවයි.

එයින් පැහැදිලි වනුයේ රටේ ජනාධිපතිවරයෙකු සංහිඳියාව රැකීමට පත්කරගෙන සිටියදී, සංහිඳියාව වෙනුවට අවිශ්වාසය ගොඩනැගි ඇති බවත් සම්මුතිය වෙනුවට අසම්මුතියක් ගොඩනැගෙන බව නේද? යන්න සමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනු ඇත.

4 Responses to “සංහිඳියාව අගයන මුසල්මානුවෙකු විසින් ඇමති චම්පිකට ඇත්ත හෙලිකරන්නැයි ප‍්‍රබල අභියෝගයක් භාරදෙයි..”

  1. Lorenzo Says:

    WELL SAID SIR!

    CBK is only good at saying SORRY for NOTHING. She does NOT mean it either.

  2. Ananda-USA Says:

    I agree with Mr Fatouk that unsubstantiated allegations should not be repeated by Ministers without verification based on factual evidence.

    I disagree with Mr Farouk about his one-sidea interpretation of the word “jihad”!

    One meaning of jihad relates to “spiritual jihad” an internal struggle against one’s own sin. Thus is what Mr Farouk focused on.

    Another meningitis of jihad relates to “military jihad” undertaken to protect the Muslim community against the acts of “unbelievers”.

    Neither of these two jihads upsets me, because defending one’s own community against unjust attacks as in “military jihad” is sometimes necessary.

    There is however a CORRUPTION of military jihad in which the labelling of all unbelievets as enemies and the eradication of all unbelievers is advocated by extremist group such as ISIS.

    It is such EXTREMIST “military jihadists” who generate FEAR and OPPOSITION to Muslims in general around the world without distinction of ghe different meanings attach to the word jihad.

    Such BROADBRUSH DEMONIZATION of ALL Muslims as EXTREMIST “military jihadists” is WRONG and should be OPPOSED by ALL DECENT PEOPLE.

    Likewise, the BROADBUSH DEMONIZATION of Sinhala Buddhists who want to preserve their culture and their faith in their Sri Lankan Motherland is WRONG and should be OPPOSED by ALL DECENT PEOPLE.

  3. Ananda-USA Says:

    Oops! I meant to write …

    1. “one-sided interpretation”

    2. “another meaning” not “another meningitis”

  4. Christie Says:

    Getting Sinhalese to attack Muslims was another action by the Indian Empire and Indian Colonial Parasites. Champak was another Rilavek of the Indianm Hanuma.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress