බත් පතට වැලි දැමූ හෙනහුරා
Posted on July 2nd, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

පිගන් කැඩෙනුයේ ඒවා සෝදන පුද්ගලයා අතිනි. වැඩක් කරන පුද්ගලයෙකු අතින් වැරදි සිදුවීම ස්වාභාවිකය . නමුත් ඔහු එය පිලිගැනීමට නිහතමානී විය යුතුවා මෙන්ම එය නිවරදි කරගැනීමට උත්සුක විය යුතුය. මහින්දගේ පාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු ජයග්රහන මෙන්ම අමිහිරි කලු පැල්ලම්ද එකතු කල යුගයකි. මූල්ය විනිවිදභාවය,අතුරු සන්නද්ධ ඒකක සහ ආගමික ත්‍රස්තවාදය ඉදිරියේ ඔහු දැක්වූ දියාරු ප්‍රතිපත්තිය ප්‍රශ්නකාරී විය . එය ප්‍රතිවාදියාට තුරුම්පුක් විය.

2015 මැතිවරණයේදී රනිල්-සිරිසේන හවුල ජයග්රහනය කලද රට ගොඩ නැගීමට වැඩපිලිවෙලක් නොතිබිනි. දින 100 යේ වැඩ පිලිවෙල නරේන්ද්ර මෝඩිගේ තනි කොපියකි. එය පුස්සක් වූ හැටි රටම දු‍ටුවේය. මහින්ද පතුරු ගැසූ පුරවැසි බලය ඇතුලු එන්.ජී.ඕ නඩය අභිනව යහපාලනය ගැන වගවීම එදා සහතික කලේය. නමුත් අද දක්නට ඇත්තේ පල්වී ගද ගසන පාලන ව්‍යුහයකි. අද එන්.ජී.ඕ නඩය කරන්නේ ජනමධ්ය ගෙන්වා කතන්දර කීමය. පුද්ගලයෙකුට, ආයතනයක හෝ රටකට යම් ඉලක්කයක් කරා ලගා වීමට නම් නිෂ්චිත සැලසුමක් තිබිය යුතුය . ගමේ මරණාධාර සමිතියකට පවා ප්‍රකාශිත න්‍යාය පත්‍රයක්, වැඩ පිලිවෙලක් ඇත.

30 වසරක යුද්ධය එන්.ජී.ඕ සහ අවස්ථාවාදී දේශපාලකයන් හිගන්නාගේ තුවාලය මෙන් වවන් කෑවේය. එන්.ජී.ඕ කලේ ජනයාගේ දුක විකුනා ඩොලර් ගැරීමය. ජනයාගේ දුක ඔවුන්ගේ ආදායම් මාර්ගය විනි . ඔවුන්ගේ පැවත්මට යුද්ධය අවශ්ය විය. අද පුරවැසි බලය කරන්නේ මේහා සමාන ජාවාරමකි. ඔවුන් යහපාලන රජයේ මූල්ය අක්‍රමිකතා පිලිබද කෙල පොදක් නොසොල්වයි. මක්නිසාදයන් ඔවුන් ආන්ඩුවේ අල්ලස් හා ඩොලර් ඉදිරියේ කුජීත වී ඇති නිසාය. රජයේ දූෂණ පිලිබද කට ඇරිය හොත් එය තමන්ට බැක් ෆයර් වන බව ඔවුන් දනී. එහෙයින් මොවුන්ගේ එකම ගැලවුම් කරු ඥානසාර හිමිය. මක්නිසාදයත් එම ඛේදවාචකය අතුරු ආබාද නොවැතිව ඔවුන්ට අලෙවි කල හැක.

ජන කොටස් අතර විසදා ගතයුතු විවිධ ආරවුල්, මත ගැ‍ටුම් පැවතීම ස්වාභාවිකය. එවන් ප්‍රශ්නයක්දී මැදිහත්වන පාර්ශවයන්හි සද්භාවය ප්‍රශ්නකාරී නොවිය යුතුය. චීවරය දේශපාලනයට ආවේ අද ඊයේ නොවේ. 2004 වසරේ සෝම හිමි අපවත් විනි. එය ස්වභාවික මරණයක්ද , ඝාතනයක්ද පිලිබද සැකයක් ජනයා තුල විය. මෙම සිද්ධියේදී චම්පික-රතන ඇතුලු කල්ලියක් එක් පාර්ශවයකින් මතුවිය. අනෙක් පැත්තෙක් මතුවූයේ ක්රිස්තියානි ෆාස්ටර් කල්ලියකි. මෙම දෙපාර්ශවයම කලේ ජනතාව රවටා ගොඩ යාමය. හලාල් පිලිබද හුඹස් බියක් අතිකලේ ඩිලන්ත-ඥානසාර කල්ලිය විසිනි. පුරවැසි බලය නම් අන්තවාදී පිරිසට ඔවුන් වේදිකාවක් තැනුවේය. ඥානසාර සහ පුරවැසි බලය යනු එකම කාසියේ දෙපැත්තය.

එදා යුද්ධය පවතිද්දී මුස්ලිම් ජනතාව සිටියේ මහින්ද සමගය, යුනයිටඩ් නේෂන් එක ලංකාවට එරෙහිවූ විට ගැලවුමට සිටියේ මුස්ලිම් ප්‍රජාවය. යුධ සමයේ වික්‍රමබාහු ඇතුලු පුරවැසි බලය සිටියේ කොටි ඔඩොක්කුවේය. උලමා සබාව මහින්ද බේරා ගැනීමට ජිනීවා යනවිට වික්‍රමබහුලා එහි බඩගෑවේ කොටි ඩයස්පෝරාව වෙනුවෙනි. පල්ලි කඩන තුරු බලා සිට විල්පත්තුවෙන් ඉඩම් ඔප්පුවක් දී පාඩුව හිලව් මහින්ද සැලසුම් කලේය . ඥානසාරලාට මෙන්ම මොහොමඩ්ලාට එකවර ආතල් සැපයිය හැකි යයි මහින්ද සිතුවේය.

බොදු බල සේනා යනු මැදමුලන පාත්රයට පහල වූ හෙනහුරෙක් විය. මැතිවරනයට පෙර සෑම මුස්ලිම් නගරයකම විශාල රූපවාහිනී තිර යොදා අලුත්ගම සිද්ධිය පෙන්නුවේය. අලුත්ගම සිද්ධියෙන් කෙලවුනේ රාජපක්ෂලාට පමනක් නොවේ මැද මාවතේ අතාවුල්ලාට- හිස්බුල්ලලාටද ඇඩ්‍රස් නැතිවිය. අලුත්ගම ඩෙගාව 2020 මැතිවරනයේදීද ප්‍රතිවාදියාට ආයුධයක් වනු ඇත. තත්වය වෙනස් කිරීමට නම් ක්‍රියාකාරී තරුන මුස්ලිම් ප්‍රජාව සමග සංවාදයකට යා යුතුව ඇත. මෙය පටන් ගත යුත්තේ තම බඩ වියත වෙනුවෙන් මැදමුලනට රිංගන මුස්ලිම් දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් සමග නොව අන්වර් මනතුංගලා වැනි මොඩරේඩ් සමාජය සමගිනි.

බැසිල්ගේ බිම් මට්ටම් , ගෝටාගේ වියත් ගමන් පරණ බෝතලයේ අලූත් වයින් පුරවන ව්‍යාපෘතිය. රනිල්ගේ පර්ශවය මුස්ලිම් ප්රජාව සමග මොඩරේට් කථිකාවකට එලබ ඇත. ඔවුන් අද ගනුදෙනු කරන්නේ රටේ ප්රධාන මුස්ලිම් ධාරාවට පවා අභියෝග කරන රැඩිකල් තව්හීද් ජමාත් සමගය. මෑතකදී බහුතර මුස්ලිම් ප්රජාවේද විරෝධය නොතකා තමිල්නාඩු තව්හීද් ජමාත් නායක පී.ජෙනුලාබ්ඩීන් ලංකාවට ගෙනාවේය. මෙම පුද්ගලයා චන්ද්‍රිකා සමයේ ඩිපෝට් කල අයෙකු වීම විශේෂයකි. එසේම බුදුහිමිට අපහාස කාලා යැයි අධිකරනයෙන් වරදකරු කලේ මෙම කන්ඩායමය. එහීදී උලමා සභාව බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටියේය

මෑතකදී තව්හීද් ජාමාද් සංවිධානය විසින් කුරානය සිංහලට පරිවර්ථනයට කලේය . එහි ප්රථම කොපිය පිලිගැන්වූයේ රනිල්ගේ හවුල්කාර දඹර අමිල හිමි වෙතය. ඒ පසුගිය ජූනි මස 26 වෙනි දිනය. රාජපක්ෂලාට මැදමාවතේ මුස්ලිම් ප්රජාව සමග අත්වැල් බැදගැනීමට තවත් ප්රමාද නැත

ලංකාවේ මුස්ලිම් ජනතාව ප්රධාන වශයෙන් සම්ස්ථ ලංකා ජමිය තුල්ලා උලමා සභාව වටා රොක්වී ඇත. සුලු පිරිසක් තව්හීද් ජමාත් නිකාය වටා ගොනුවී ඇත. තව්හීද් ජමාත් යනු ප්රතිසංස්කරණවාදීන්ය. විශේෂයෙන් ශ්රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය (SLTJ) යනු උලමා සභාවවටද අභියෝග කරන පිරිසකි. කතෝලික පල්ලියට අභියෝගකරන ක්රිස්තියානි පල්ලි පද්දතියක් ඇත. ත්රෛ නිකායික පන්සල් වලට වෙනස් අරහත් සමන්තබද්ර හිමි වැනි ආශ්රම නිකායක් ඇත. උලමා සභාව සහ තව්හීද් ජාමාද් ද මීට සමානය. ඔවුන් අතර විවිධ මතගැ‍ටුම් ඇත

වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන් එදා සිටම ඔහු සහ සහ ඔහුගේ ඉගැන්වීම බලය සදහා අතකොලුවක්සේ බාවිතා කර ඇත. එය මුලින්ම ආරම්භ වූයේ ප්රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජපවුල භූමිය දික්විජය කිරීමට අවියක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. කල් යත්ම එය ඛේදාන්තයක් දක්වා වර්ධනය විය. යුදෙව්වන් සහ බ්රිතාන්යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට වහාබ්වාදය බල්ල් අතක් සේ භාවිතා කලේය. එම තත්වය අදටද එසේමය.

2015 ආන්ඩු පෙරලිය සිදුවූයේ පූරුවේ කරුමයකටය. ඔවුන්ට ජනතා අභිලාශ ඉටුකිරිමට වැඩ පිලිවෙලක් තිබුනේ නැත.යහ පාලන ඉදිරි දෙවසර එක තැන පල්වෙනවා විනා . එහෙයින් ඉදිරි දෙවසරද එක තැන පල් වෙනවා විනා සුගතියක් නොමැත.2020 පිලිබද සැලසුම් කිරීමට දැන් කාලය පැමින ඇත. සිදුවූ අඩු ලුහුඩු කම් පිලිබද ස්වයං විවෙචනයකට එලබිය යුතුය. වැරදුනු තැන් නිවරදි විය යුතුය . තැන ලැබිය යුත්තේ සුදුස්සන්ටය. නව වැඩ පිලිවෙලකට අත ගැසිය සදලුතලයෙන් නොව ගෙන්දගම් පොලොවෙනි. ගෝටාගේ වියත් මග, බැසිල්ගේ බිම් මට්ටම් හරසුන් නාටක පමනි . රනිල්ගේ නව ආන්ඩු ක්රම බහුබූතය තානපති ඔඩොක්කුවේ කොටසක් මිස ජනයා ඉල්ලන දේ නොවේ.

එදා ජේ.ආර් ගේ රජයේ යෞවන කටයුතු ඇමති වරයා ලෙස ඉටුකල සේවයෙන් දශමයක් වත් ඉටු කිරීමට අගමැති රනිල් අසමත් වී ඇත. මහින්දගේ දේශපාලනයේ ප්රධාන අරමුන නාමල්ට හෙටක් සැදීමය. නමුත් නාමල්ට ගෙන්දගම් පොලවේ රියලිටිය පිලිබද අවබෝදයක් නොමැත. බුකියේ සරල සුගම සෙල්ෆි වලින් ජනතාව රැවටිය නොහැක. ගෑරුප්පුවෙන් කිරිබත් කන දඩා-මමි ස්ටයිලිය පොදු ජන හදගැස්ම නොවේ. දොරේ හඩයි පඩේ හඩයි සිංහල දෙමල මුස්ලිම් කවරෙක් වුවද මැනෙවින් හදුනනේය.

ඩබල් ගේම්, ජාතිවාදය සහ ජනතාව රැවටීම සහගහන අපරාදයකි . රනිල්ගේ ආන්ඩුක්රම සංශෝධන මගඩිය භයානක ක්රීඩාවකි. එය සිදු නොවන බව ඔහුද දනී. ඉතිහාසය අපට පාඩම් කියා දී ඇත. චන්ද්රිකා විසින් 2000 වසරේදී නව ආන්ඩු ක්රමයක් ගෙන ආවේය. මුස්ලිම් කලාපය යෝජනා කලේ ඇය විසිනි. ඇයගේ ඩබල් ගේමේ වින්දිතයා වූයේ අෂ්රොප්ය.

අසාත් සාලිලා විජේදාසලා දේශපාලන ශරීරය. වේදිකාවෙන් ඔබ්බට ඔවුන්ගේ කථා වලින් ගත යුතු යමක් තැත. එවා ජාතිවාදී අර්ථයෙන් හුවා දැක්වීම භයානකය. මහින්ද සහ රවිරාජ් එදා අයිය මලෝ ස්නේහයෙන් යුතු විය. අයියා අයියා කියා ඇමතූ රවිරාජ් මහින්දව විශ්වාස කලේය. නමුත් මහින්ද හෝ රවිරාජ් දෙදෙනාම නොසිතූ අයුරින් ඔහුට මරු කැදවූයේය. ඒ කප්පම් කථාව පාර්ලීමේතුවේ හෙලි කීරීම නිසාය.

අසාත් සාලිට සිරිසේනගෙන් විශේෂ අනුග්රහයක් ලැබිය හැක නමුත් හෙට දිනයේ අසාත් සාලිට තනි අතේ ගේමක් දීම සිම්පල් වැඩකි . එහි වාසිය යන්නේ එල්ලෙන්න වැල් නැතිව සිටින රනිල්ටය. බොර දියේ පමනක් නොව , බොර නොමැති නම් වතුර බොර කර හෝ මාලු බෑම දේශපාලනයේ ස්වභාවයයි.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

7 Responses to “බත් පතට වැලි දැමූ හෙනහුරා”

  1. Christie Says:

    ඉන්දීයානු කොලනියක ජීවත් වන සින්හල අපිට වෙන මොනවද? තෝසේ හා වඩේ කමු. පඩිමු.

  2. Christie Says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ. නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ. සෝබිත සින්හලයන් දෙකඩ කලා.
    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ.සී නෝර් කාරය දන්නවනෙ කතාව. හැබැයි දැන් බෝලෙ පෙරෙලෙන හැටි බැලුවම පේන්නෙ රට බෙදුවට පස්සෙ සින්හලයින්ගෙ ලොක්ක ඉන්දියාවේ උත්තර පෙදෙසේ වගේ සන්ඝ යෙක් වෙයිද?

  3. Christie Says:

    Namaste: The 2015 Sri Lankan Presidential election: How it happened? What it means for Sri Lanka (Ceylon)? What it means for the Indian Empire (Indian Union & its colonies)?
    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (Indian Union) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. When profiling Mahinda they did not take in to account his brothers, in particular Gotabaya who was in the US at that time. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and had got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four years this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new Indian governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    What it means for Sri Lanka? Nothing much. It will be the same as what the island nation had from 1956 to 2005 and before from 1792 to 1948. The Indian minority will run the country with the privileges they enjoyed since their arrival under the cover of the British fire power and their own nonviolent aggression and oppression. They will claim they are the victims of Majority Sinhala Chauvinists; the same claim that they make in other colonies from Fiji to Guyana. For example; finance and justice; most important ingredients in the world and heads of these two institutions in the island now are from the victimized minority and one of them has been brought from another colony.
    What it means for the Indian Empire? It means a lot to the Indian Empire. The former partner of the British-Indian Empire from Fiji to Guyana that is all former tropical colonies of the British-Indian Empire. India lost its control over the island nation since 2005 as the new government of the island nation managed to wipe out the Indian terrorist arm; trained, armed, financed, managed and branded Tamil Tigers by India. Since the election of the new governor Indian cars and food have become cheaper with reduced tax on Indian products. Indian Imperialists have already indicated massive investments and projects in all sectors of the economy. This will not be a hard act as the island nation’s economy has been in their hands for more than two centuries and the business language in the country is an Indian language spoken by more than 75 million of them in India. The wealthiest in the island are Indian though their wealth is not stored in the island but most of it in India. Reclaiming the control over the island nation will supplement its control over the Indian Ocean and Indian Ocean countries. With its unchallenged military power; with ICBMs, Aircraft Carriers, Nuke Subs, Nuke (Peace) bombs and purchase of hundred billion dollars’ worth of military hardware the island nation provides the best step with Mauritius a third State of India to lay a drag line across the Indian Ocean.
    Jai Hind. Contact: xyceliao@gmail.com

  4. Senerath Says:

    “ලංකාවේ මුස්ලිම් ජනතාව ප්රධාන වශයෙන් සම්ස්ථ ලංකා ජමිය තුල්ලා උලමා සභාව වටා රොක්වී ඇත. සුලු පිරිසක් තව්හීද් ජමාත් නිකාය වටා ගොනුවී ඇත. තව්හීද් ජමාත් යනු ප්රතිසංස්කරණවාදීන්ය. විශේෂයෙන් ශ්රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය (SLTJ) යනු උලමා සභාවවටද අභියෝග කරන පිරිසකි”

    මොන උලමා එක්ක සිටියත් ඇස්ගෙඩි දෙකට පේන්න තිබෙනදේ බොරු කරන්නේ කෙසේද ? එක්දහස් නමසිය ගනන් වල එකම ගෝනිබිල්ලෙක්වත් අපි දැක්කේ නැත​. දැන් ඉන්නා ගෝනිබිල්ලන් ප්‍රතිශතය අනිවාර්‍යයෙන්ම කටාර්, එමිරෙට්ස් වලට වැඩිය​. මුස්ලිම් පල්ලි සහ ආගමික ස්ථාන පසුගිය අවුරුදු 10 තුල දෙගුන තෙගුන වී ඇත​.මීට පෙරසිටි අධිකරණ ඇමති උලමා යටතේ නීති විද්‍යාලයේ සිසුන් 50% ට වැඩිය මුස්ලිම් වීම ස්වාභාවික නොවේ. මුස්ලිම් වරු මේ ලෙස වර්ධනනය වීමෙන් ද දිනෙන් දිනම සව්දියක් ලෙස කොලඹ නගරය දිස්වෙද්දී බකංනිලං සිටින සියලුම දේස සහ විදේස පාලුවෝ එලවා දැමිය යුතුය​.

  5. Leela Says:

    “එදා යුද්ධය පවතිද්දී මුස්ලිම් ජනතාව සිටියේ මහින්ද සමගය,” ඒක අැත්ත. නමුත් මුසල්මන අති බහුතරය කවදාවත් මහින්දට චන්දය දුන්නේ නැහැ.

    මතකද, ප්‍රභාකරන් විසින් මුසල්මනයන් සියලු දෙනාටම පැය විසිහතරෙන් උතුරෙන් පිට වෙන්න අන කලා. ගෙනයන්න දුන්නෙ අතේ ගෙන යා හැකි දේ පමනය්. කාතන්කුඩි පල්ලියක යාඥා කරමින් සිටි සිය ගනනක් මුසල්මනයන් ප්‍රභාකරන්ගේ ගෝලයන් විසින් කැතිගා මරා දැම්මා. ඉතින් මුසල්මනයන්ට කොටි සමග යුද්ධ කරන රටේ ජනාධිපතිට සහයෝගය දෙනවා අැරෙන්න වෙන විකල්පයක් තිබුනේ නැහැ. ඒකය් අැත්ත කතාව.

    නමුත් හකීම්ලා ප්‍රභාකරන් හමුවී සාම සාකච්චා කලා. ප්‍රභාකරන් මැරිලා යුද්දෙ ඉවර උනා විතරය් මුස්ලිම් කොංග්‍රසය රනිල්ට එකතුවෙලා ජනාධිපතිවරනෙදි ෆොනිට චන්දෙ දෙන්න කියල මුසල්මනයන්ට කිව්වා. මහින්ද ජනාධීපතිවරනෙ දින්නහම නැවත මහින්දට එකතු උනා. කුරාණයෙ ‘ටකිය කිට්මන්’ කියල උගන්වන්නෙ ඉස්ලාමය වෙනුවෙන් බොරැ කිව්වට බොරැ කලාට පව් නැහැ කියලය්.

    මහින්ද හකීම්ලගෙ ‘ටකිය කට්මන්’ ගේමට රැවටිලා නීති විරෝධිව බදුදීන්ලා රැක්කා. ACJU සිංහලයට හලාල් කවල එකතු කොරන මුදල් වලින් මුස්ලිම් අාගම ව්‍යාප්ත කරන එක මහින්ද නොදැක්ක වගේ හිටියා. ඥාණසාර හිමිට නොර්වේ කාරයො ජරාව කැව්වද මම දන්නෙ නැහැ. හැබැය් ඥාණසාර හිමි මුස්ලිම් අන්තවාදින්ට බාල්දි නම් අැද්දා. ඒ නිසාම අද සිංහලයට මුස්ලිම් අාගමේ ජාතිවාදය ගැන හොඳ අවබෝධයක් තියනවා. 2015 දි මහින්ද පැරදුනේ මුස්ලිම් චන්ද නොලැබිම නිසා නොවෙය් 2010 ලැබුන සිංහල චන්ද 2015 දි මහින්දට ලැබුනෙ නැති නිසය්. රනිල්/සිරිසේන මහින්ද හොරකම් කලා කියල පච විදල බොරැ පොරොන්දු දීල සිංහලයව රවට්ටපු නිසය්. තමන් පැරදිච්ච කාරනේ මහින්ද නොදන්නවා වෙන්න බැහැ.

  6. Leela Says:

    මුස්ලිම් අන්තවාදයක් ගැන ලියුම්කරැ ලියපු ඒක හොඳය්. නමුත් එදා ලංකාවෙ හිටිය සම්ප්‍රදායික මුසල්මනයන් අද ඉන්නවද?

    1973 දී සවුදියට තෙල් සල්ලි වැහි වැහීමත් සමග වහබි මතවාද ප්‍රචලිත කිිරීම සඳහා සවුදි රජය විසින් වහබි විශ්ව විද්‍යාල පිහිටෙව්වා. මතවාද කියන්නෙ කුරාණය කියවා මොහම්මඩ් කල කී දෑ (සුන්නා සහ හදිත් පොත් වල ලියුම්) සමග ගලපා පහදා දීමය්. ලංකාවේ තෝරා ගත් සම්ප්‍රදායික මුස්ලිම් ගැටයින්ටත් වහබි විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව දුන්නා.

    බෞද්ධයින්ගේ ථේරවාද සහ මහායාන වගේ මූලික වෙනසක් සුන්නි සහ ෂියා මුස්ලිමුන් අතර නැහැ. සියලු මුසල්මනයන් අදහන්නේ ඒකම කුරාණයය්.

    වහබ්වාදය යනු සවුදියේ ප්‍රධාන මූලධර්ම වාදි ඉස්ලාම් අාගමික කොටසය්. බින් ලාඩන් වහබියෙක්. අල් කයිඩා සහ ISIS කාරයිනුත් වහබියන්. 1980 සිට සවුදියේ සහ ඊජිප්තුවේ පුහුනු කල වහබියන් ලංකාවේ මද්රාසා වල කුරාණයේ පද මුස්ලිම් ගැටයින්ට හොහම්මඩ් ජීවත් උන හයවන ශතවර්ෂයේ අාකාරයට පහදා දුන්නා.‍‍

    1990 වෙනකොට වහබ් වැනි අන්ත වාදීන් ලංකාවේ ඉස්මුරුත්තුවටම නැගල ඉවරය්. අද වන විට ලංකාවේ මුස්ලිම් අන්තවාදය බිරිතානියේ මුස්ලිම් ත්‍රස්තවාදයට වඩා ලියලලා මෝරලා ගිහන්. අප කුඩා කල දැක්ක ඔලුව සාරි පොටෙන් වහගන ගන යන සම්ප්‍රදායික මුසල්මන ගැහැනු අද ඉන්නවද? අද පාරෙ ගියත් අැපලෝ ගියත් දකින්නේ බිල්ලො සහ ලෝගු ලා ගත් රැවුල් කාරයිනුය්.

    1990 සිට ACJU වහබියන් සූෆි මුසල්මානුවන් සමග ගැටුම් පටන් ගත්තා. අබ්දුල්ලා RAH නම් සූෆි සාන්තුවරයෙක්ගේ කාතන්කුඩි සූෆි මධ්‍යස්ථානයට/පල්ලියට වහබියන් සහ සලාෆියන් බොම්බ ගැහුවා. ඔවුන් චන්ද්‍රිකාගෙ කාලේ රට පුරා පිහිටි සූෆි මුස්ලිම්වරැන්ගේ පල්ලි, ගෙවල් සහ ව්‍යාපාර දිගින් දිගටම ගිනි තිබ්බා. බේරැවලදී සූෆි වරැ සමග කුරාණයෙ පද ගැන ගහ මරා ගත්තා. 2006දී අබ්දුල්ලා මලා. වහබියන් විසින් පල්ලියේ මිහිදන් කල ඔහුගේ මිනිිය ගොඩ දැම්මා. කාතන්කුඩියේ මහා හර්තාලයක් පවත්වා භීෂණයක් පැතිරෙව්වා. පත්තර ඒවා වැහුවා.

    ඥාණසාර හිමි නැත්නම් මුසල්මනයා අදහන කුරාණයේ පද වල තියෙන්නෙ මොනවද කියල සිංහල බෞද්ධයන් දන්නෙ නැහැ. මොහමඩ් නබි පිළිම කැඩුව බව සිංහලය දන්නේ නැහැ. නාලන්ද විශ්ව විද්‍යාලය මුස්ලිමුන් ගිනි තිබ්බා කියල සිංහලය දන්නේ නැහැ. මුස්ලිම් අාගමට හැරෙන්නෙ නැති අය මරන්න කියල කුරාණයේ උගන් වන බව සිංහලය දන්නේ නැහැ. ඥාණසාර හිමි නොවන්නට මුසල්මනය අනෙක් අය ගොනාට අන්දන්න උගන්වන ‘ටකිය කිට්මන්’ තක්කඩි කම ගැන සිංහලය දන්නේ නැහැ. කොටින්ම සිංහලයට කෙල වෙනකන්ම සිංහලය දන්නෙ නැහැ. ඥාණසාර හිමිගේ අන්තවාදයක් ගැන සහ අන්වර් මනතුංගගෙ මොඩරේට් එකක් ගැන බය්ල කියන කිර්ති තම්බිගෙ තොප්පිය කොය් අතට හැරෙව් වත් වෙනසක් නැහැ සහ ඔක්කොම තම්බිලාට අදහන්නේ එකම කුරාණයය් කියල දන්නවද?

    ගිය මාසෙත් මඩකලපුවේ සූෆි පල්ලියකට තව්හීද්ලා පහර දිලා. අපි අහල නැහැ ඔය මොඩරේට් කියන අන්වර් මනතුංගලා තව්හීද්ලා විවේචනය කොරන බවක්.

  7. Senerath Says:

    සංඝයා වහන්සේලා නැගී සිටිති. දේස පාලුවන්ට ජනතාව තවදුරටත් රැවටීමට බැරිවෙයිද ?
    Sangha is on the march ! Will the cheating by politicians threatenned ?

    නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය එකහෙළාම විරුද්ධයි – අස්‌ගිරි මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන නියෝජිතයින්ට දන්වයි

    සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර

    සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වය ශ්‍රී ලංකාවට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට එක හෙළා විරුද්ධ බව අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤණරතන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසකට පෙරේදා (02 වැනිදා) පස්‌වරුවේ දන්වා සිටියේය.

    අස්‌ගිරි මහා විහාරයේදී නියෝජිත පිරිස සංඝ සභාව සමඟ සාකච්ඡාවක යෙදුණු අවස්‌ථාවේ මෙසේ මහා විහාරයේ ස්‌ථාවරය දන්වා සිටින ලදී.

    නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීමට යැමේ එක්‌ අරමුණක්‌ වන්නේ බෙදුම්වාදයට ඉඩ සැලසීමත්, පවතින ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්‌ථානය අහිමිකිරීමටත් බව තම පාර්ශවයේ විශ්වාසය යෑයි මහානායක ස්‌වාමීන්ද්‍රයන් ප්‍රධාන සංඝරත්නය අවධාරණය කළහ.

    ඉදිරිපත් කිරීමට සැලසුම් කරන නව ව්‍යවස්‌ථාවකින් ජනාධිපති බලතල කප්පාදු කිරීමක්‌ සිදුවුණොත් එය රටේ ඒකීයභාවය ඇතුළු වැදගත් අංශ කීපයක්‌ කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවන බවත්, එමගින් බෙදුම්වාදයට පහසුවෙන් ඉඩකඩ සැලසෙන බවත් නාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන්හ.

    යෝජිත නව ව්‍යවස්‌ථාවේ තවත් අරමුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ පැවති බෞදධ පරිසරයටත්, ඒකීය භාවයටත් හානි කරමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට යෑයි පෙනී යන බවත් උන්වහන්සේ නියෝජිත පිරිසට පෙන්වා දුන්හ.

    රට, ජාතිය හා බුද්ධ ශාසනය ශත වර්ෂාධික කාලයක්‌ ආරකෂා කළ මුර දේවතාවුන් ලෙස සැලකෙන භික්‌ෂූන් වහන්සේගේ කිසිදු නියෝජිනයක්‌ නොමැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සාකච්ඡාවක්‌ පැවැත්වුණු බව පැවසූ නායක හිමිපාණන් වහන්සේ එම සාකච්ඡාවට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරුන්ට නම් අවස්‌ථාව ලැබුණු බව පෙන්වා දුන්හ.

    මැතිවරණ පනත සංශෝධනයකට තමන් වහන්සේ විරුද්ධත්වයක්‌ නොමැති බවද, නව ව්‍යවස්‌ථාවකට අස්‌ගිරි මහා විහාරය විරුද්ධ වන්නේ කුමන හේතූන් මතද යනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කරුණු දක්‌වා සිටීමට පියවර ගන්නා බවද කාරක මහා සංඝ සභාව දන්වා සිටියේය.

    අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී Æණරතන මහ නාහිමි, අනුනායක ආණමඩුවේ ධම්මදස්‌සි නාහිමි, මහියංගණ රාජමහා විහාරාධිකාරි උරුලෑවත්තේ ධම්මරක්‌ත නාහිමි, අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු නාහිමිවරු මෙහිදී කරුණු දක්‌වා සිටියහ.

    බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලයේ නියෝජිත පිරිසට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්‌සි, බලංගොඩ සෝභිත යන නාහිමිවරුද, නීතිඥ මනෝහර ද සිල්වා, ප්‍රනීත් අබේසුන්දර, වෛද්‍ය අනුලා විඡේසුන්දර සහ මහාචාර්ය හේමා ගුණතිලක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

    නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදුටුවහ. එම අවස්‌ථාව මාධ්‍යයට විවෘත නොවීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress