ඩෙංගු මර්ධනය කිරීමට වැඩපිළිවෙනක් සකස් කරනවා වෙනුවට හෙද හෙදියන් පීඩාව පත් කිරීම වැරදිය
Posted on July 3rd, 2017

ගාමිණී කුමාරසිංහ සමස්ත ලංකා සුවසේවා සංගමය.

මේ වන විට රටපුරා දිස්ත‍්‍රික්ක 14කට වැඩි ගණනකට ඩෙංගු රෝගය සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඩෙංගු රෝගීන් වසර තුල 70000 ක් ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර 200කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.          

            එසේම ඩෙංගු රෝගය මේ වන විට අධිවසංගත තත්වය දක්වා වර්ධනය වෙමින් පවතී. වසර 20ක කාලයක් තුල තවමත් රට තුළ ඩෙංගු මර්ධනය කිරීමට ජාතික සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට පැවති සෑම ආණ්ඩුවක්ම අපොහොසත් වී ඇත. එනිසා රටට වටිනා ජීවිත ගණනාවක්ම අහිමි වී ඇති අතර එම අනතුර තව දුරටත් ඉදිරියට පවත්නා බව අවධාරණය කර ගත යුතුව ඇත.

            තත්වය මෙසේ තිබියදී ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා වෙනුවට සහ අවශ්‍ය පහසුකම් රෝහල්වලට ලබා දෙනවා වෙනුවට හෙද කාර්යය මණ්ඩලය පීඩාවට පත්වන අයුරින් පරිපාලන තීන්දු තීරණ ගැනීම බරපතල ගැටලූවක් බව පෙන්වා දෙමි.

            මහනුවර ශික්ෂණ රෝහල ඇතුලූ රෝහල් ගණනාවකම පවතින උග‍්‍ර හෙද හිඟය නිසා ප‍්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇත. ප‍්‍රමාණවත් පරිදි හෙද හෙදියන් බඳවා ගන්නවා වෙනුවට දැනට සේවාව තුළ සිටින හෙද හෙදියන් පීඩාවට පත්වන ආකාරයට අමතර රාජකාරි සේවා මුරවල යෙදවීමද, අමතර අතිරේක රාත‍්‍රී සේවා මුරවල යෙදවීමද නිසා දැඩි අසහනකාරී තත්වයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුවී ඇත. එබැවින් ඒ සඳහා ප‍්‍රමාණවත් කාර්යය මණ්ඩල බඳවා ගැනීමටත් අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, අදාල දීමනා ගෙවීමටත් අවධානය යොමු කරන ලෙස ඉල්ලමි. හෙද කාර්යය මණ්ඩල පීඩාවට පත් වන ලෙස අමතර සේවා මුරවල නොයොදවන ලෙස ඉල්ලා සිටිමි.

ස්තූතියි,

මෙයට

ගාමිණී කුමාරසිංහ

සමස්ත ලංකා සුවසේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress