නව ව්‍යවස්‌ථාවක්‌ එපා  ත්‍රස්‌තවාදය අහෝසි කිරීමේ පනතත් අද පාර්ලිමේන්තුවට ගේන්න එපා!
Posted on July 4th, 2017

සමන්තී වීරසේකර උපුටා ගැන්ම දිවයින

සයිටම් ගැටලුවත් වහා විසඳන්න
ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු රජයට දැනුම් දෙති

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කිසිසේත්ම රටට අවශ්‍ය නොවන බව ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝ රත්නය ඊයේ (4 දා) ප්‍රකාශ කළහ.

අවශ්‍යම නම් පවතින ජන්ද ක්‍රමය සංශෝධනය කර ජනතා අවශ්‍යතා මත මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට පමණක්‌ කටයුතු කරන ලෙස ෙත්‍රෙනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ සංඝරත්නය රජයට අවධාරණය කර සිටියහ.

අස්‌ගිරි මහා විහාරයට අයත් ඡන්දානන්ද විදුහල් ශ්‍රවණාගාරයේදී ඊයේ (4 දා) ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ සංඝ රත්නය රැස්‌වීමෙන් අනතුරුව ඉහත කරුණු හෙළිකර සිටියහ.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත අද (5 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසද ෙත්‍රෙයිනිකායික මහා නාහිමිවරු මෙහිදී කියා සිටියහ.

ජාත්‍යන්තරයේ සහ ඊළාම් බෙදුම්වාදීන්ගේ උවමනාවන් මත ඔවුන් සතුටු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ දොaෂදර්ශනයට ලක්‌කරමින් රට අගාධයට ගෙන යන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස දන්වා මල්වතු, අස්‌ගිරි, අමරපුර, රාමඤ්ඤ සහ රෝහණ පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට මෙහිදී තීරණය කෙරිණි.

වෛද්‍ය සිසුන්ගේ අනාගතය අඳුරු කරමින් අධ්‍යාපනය කඩාකප්පල් කරන සයිටම් ගැටලුව වහා විසඳන ලෙසද මහා සංඝරත්නය මෙහිදී කියා සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress