සංඝ දමනය
Posted on July 13th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම

පන්සලේ විප්ලවය

ක්‍රිස්තියානි-මාක්ස්වාදී හා රාවය කතෘවූ වික්ටර් අයිවන් මහතා විසින් 2002 දී පන්සලේ විප්ලවය නමින් පොතක් ලිව්වේය. කුලියට කල එන්ජිිෝ ඩොලර් නිෂ්පාදනයක් යයි සැකකල හැකි  මේ පොතෙන් ලංකාවේ සිංහල බෞද්ධ සමාජය ශීලාචාර කිරීමට අනුශාසනාවක් සපයා ඇත. පොතේ මූලික ඉලක්කයක් වී ඇත්තේ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතාවය. උන්වහන්සේව අපවත්කරවීමේ කුමණ්ත්‍රනයක් නොතිබුණු බව තහවුරු කිරීමට වික්ටර් වෙර දරයි. සෝම හාමුදුරුවන් ස්ත්‍රී පෙම් පටලැවිල්ලකට හසුවී මානසික කරදරයක වැටී සිටි බවත්, පින්තූරවල තමන්ගේ මුහුණේ පෙනුම පිළිඹිබු වන ආකාරය ගැන විශේෂ අවධානයකින් සිටි බවත්, තමන්ටත් ආචාර්‍ය උපාධියක් නැතිකම ගැන උත්සුකව සිටි බවත් වික්ටර් වාර්‍තා කලේය.

මේ පොත ලියා අවුරුදු දහයකට පසුව අහම්බෙන් එය කියවීමට ලැබුණු මගේ මතකයට ආවේ ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියා නම් ඇමෙරිකාවේ වාසයකල ඇන්ත්‍රොපොලොජි ප්‍රොපෙසර් විසින් 1992 දී ලියූ බුඩිසම් බිට්‍රේයිඩ් යන සිංහල බෞද්ධ විරෝධී පොත හා එහි පිටකවරයට තරුණ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මාරාවේශවූවා වගේ පෙනෙන මුහුණක පින්තූරයක් යොදාගැනීමය. එය ඔහුට සපයාදී ඇත්තේ විශාඛා කුමාරී (සොයිසා) ජයවර්‍ධන නම් ඉංග්‍රීසි මවකගේ, මාක්ස්වාදී දියණියය. පොතේ පෙරවදන ලියා ඇත්තේ හා එය මුද්‍රණයට මුදලින් උදව්කර ඇත්තේ ඇගේ සැමියාවුන ලාල් ජයවර්‍ධනය. ඔහු ඒ කාලයේ යුරෝපයේ ලංකා තානාපති කෙනෙකි. මෙම එකිනෙකාගේ පිටවල් කසා ගන්නා කළු සුද්දන්ගේ අන්තෝජටා බහිජටා ජාල ගැන ලංකාවේ මහජනයා දන්නේ නැත.

සංඝ රෙවොලූෂන්

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය සම්බන්ධයෙන්ද යම් යම් සැක පහලවූ නිසා ඒ ගැනද සමහරවිට වික්ටර් විසින් පොතක් ලියාවිද කියා මට සිතුනත්, තිරයෙන් පිටුපස ඉන්නා අදෘෂ්‍යමාන බලවේග වලට (උදාහරණයක් වශයෙන් ඇමෙරිකන් තානාපතිනි මිචෙල් සිසන් අටපිරිකර අරන් ගියේ මහනුවර මල්වත්තට නොව පිටකෝට්ටේ පන්සලටය) සෝම හාමුදුරුවන්ගේ භූමිකාව මෙන් නොව සෝභිත හාමුදුරුවන් විසින් ඉතිරිකර ගිය නව අධිරාජ්‍යවාදයට පටහැනි දෑවැද්දක් නොවූ නිසා පොතක් ලියා මඩ ගැසීමේ අවශ්‍යතාවයක් නොවීය. තමන්ගේ ගෝල ශිෂ්‍යයින් කීප දෙනෙක්ම ඉවත්කිරීම නිසා රටේ සිටීමට වීසාවත් නැති කොරියන් ගෝලනමක් ඉතිරිවූ උන්වහන්සේ ගැන ඕනෑතරම් මඩ සොයාගැනීමට වික්ටර් අයිවන්ට ඉඩ තිබුණි. සෝභිත හාමුදුරුවන් සිටියේ සිය පිරිසිදු චේතනාව කඩවී රැවටුන පරාජිත මානසික මට්ටමකය. කල්තියා යවනු වෙනුවට සිංගප්පුරුවට යැව්වේද අවසන් හුස්ම හෙලමින් සිටි පංචස්කන්ධයකි.  මේ නිසා වික්ටර් වැනි කෙනෙක් වෙනුවට ඇමෙරිකාවේ සිට සිංහල සිවුරට තඩිබානා විශ්‍රාමලත් ඇන්ත්‍රොපොලොජි ප්‍රොපෙසර් එච් එල් සෙනෙවිරත්න 2017 ජූනි අග සිංහල බෞද්ධ විරෝධී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය හරහා කදිම යෝජනාවක් ගෙනාවේය. 1956 ට කලින් තිබූ සුන්දර ලංකාව, 1956 අප්‍රේල් චන්දයෙන් පසු විනාශවූයේ (පිරිසිදු බෞද්ධ දර්‍ශනය වෙනුවට) සිංහලයින්ගේ බුද්ධාගමට අනුව රටේ (දේශ)පාලනය වෙනස්වීම නිසා හෙයින් මෙය ආපස්සට හරවා රට ප්‍රපාතයෙන් ගලවා ගැනීමට හැකි එකම ආකාරය නම් රටේ ඉන්නා තරුණ බුද්ධිමත් හාමුදුරුවරු එකතුව විප්ලවයක් කිරීමෙන් යයි ඔහු කියා සිටී.  වික්ටර්ගේ හා සෙනෙවිරත්නගේ මේ මෝඩ කතා ගැන දීර්‍ග වශයෙන් ලිවීමට මෙය අවස්ථාව නොවේ. මේ දෙන්නා සමඟ ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය යුතුය යන ව්‍යාපාරයේ ඉන්නා චන්ද්‍රිකා කුමාරතුංග, රෝසි සේනානායක, දඹර අමිල හිමි, වික්‍රමබාහු, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, ගාමිනී වියන්ගොඩ වැනි අයට, 1505 න් පසුව ප්‍රථම වරට කතෝලික කාඩිනල්තුමා විසින් නොබෝදා පිළිතුරක් දෙන ලදී.

සිවුරෙන් බෙල්ල කැපීම

නිර්‍මල බෞද්ධ දර්‍ශනය රැක ගැනීම වෙනුවෙන් පෙනී ඉන්නා ක්‍රිස්තියානී හා මාක්ස්වාදී එන්ජිිෝ නඩ සිංහල සංස්කෘතික බුද්ධාගමට පහරදීම දියරෙද්දෙන් බෙල්ල කැපීමේ උපායකි. වයි බුඩිස්ට්ස් කිල් යන තම්බයියා සූත්‍රය (උපක්‍රමය)  ඔහුගේ ගෝලයින්වන සෙනෙවිරත්න හා ගණනාත් ඔබේසේකර විසින් ඉංග්‍රීසි කතාකරණ ලෝකයට පතුරුවා හරින ලදී. දැන් 2017 වනවිට දක්නට ලැබෙන්නේ කුමන හෝ සිවුරක් තනිකර ඊට බැටදී බෞද්ධ බලවේගය අඩපන කිරීමේ ප්ලෑනය. මේ අනුව දේශීය හා විදේශීය බෞද්ධ විරෝධී බලවේග උඩින් හා යටින් බොදු බල සේනා ජාතික ව්‍යාපාරයට පහර දෙන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ චරිතයට පහර දීම හරහාය. ඒ කාලයේ 1930-40 ස් ගණන්වල ධර්‍මපාලතුමාට රට එපාවී යන්නටම පහර දුන් (පිංකැට වලින් සල්ලි හොරකම් කරනවා වගේ කතා පවා කියමින්) අය අතර සර් ඩී බී ජයතිලකද සිටියේය. කුඩා කාලයේ කැළණිය පන්සල ආශ්‍රයෙන් හැදුන නිසා මාක්ස්වාදීන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහුට ඇබිත්තයා කියා කෑගැසුවේය. එවන් බෞද්ධයෙක් ධර්‍මපාලතුමාට හතුරුවූයේ කෙසේද?  ඔහු නොදැනම ඔහු සිංහල බෞද්ධ විරෝධී බලවේගයට යටවිය. සමහර හාමුදුරුවරු ඥානසාර හිමියන්ට භාර්‍යාවන් හතරක් සිටියේ යයි ටීවී වලට කියනවා වගේය. දඹර අමිල හිමි ඔහුට රිලවා කියා නොකියා කියනවා වගේය.

ඌරාගේ මාළු උගේ පිටේම කැපීම

බුද්ධාගමේ අවිහිංසාවාදය (නවගුනවැල) ඉස්සරහට දමා සිංහල බෞද්ධ පදනම බකල් කිරීමේ (අවසානයේ රට කැබලි කිරීමේ) මෙම ශූක්‍ෂම ප්ලෑන ප්‍රමාදවී හෝ එසේ නැත්නම් ඉචසීමේ සීමාවට ආවාට පසු අස්ගිරි හාමුදුරුවරුන්ට වැටහීම නිසා ඥානසාර හාමුදුරුවන් බිල්ලට ගැනීම අතරමග නතරවිය. දැන් සිදුවන්නේ අස්ගිරි පාර්‍ශවයට හින්ට් පාස් කරමින් ඒ හාමුදුරුවරුන් පසුපස හඹා ඒමට ගන්නා කූඨ උත්සාහයකි. ජේ ආර් ගැටඹේ පන්සල වටේ කටු කම්බි ගැසුවා මෙනි. මෙම ප්ලෑන අන්‍යාගමික ව්‍යාපාරවලට දෙපැත්ත කැපෙන අයුධයක් පමණක් නොව සිංහල බෞද්ධ යයි කියා ගන්නා හොර දේශපාලකයින්ට සුළු වාර්ගික චන්ද ගැනීම සඳහා සිංහල බෞද්ධ ප්‍රශ්න යටගසා සැඟවීමට කඩතුරාවක්ද සපයයි. ඥානසාර හාමුදුරුවන් අසන සිංහල බෞද්ධයින්ගේ කැකෑරෙන ප්‍රශ්න ඇත්තද යන්න සාකච්චා කරනවා වෙනුවට මේ හොරු ඉදිරියට ගේන්නේ හාමුදුරුවෝ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බණිනවා යන්නය. මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ කිල් ද මෙසෙන්ජර් කියාය.

බොදු බල සේනාවේ උපත (2012 මැයි)

ඥානසාර හිමියන්ගේ ජීවිත/චරිත කතාවේ ඉතිහාසය කුමක්ද, නෝර්වේ වලින් සල්ලි දුන්නාද, ඔහු වංක දේශපාලකයින්ට කඩේ ගියාද, ඔහු ජාතිවාදියෙක්ද යන කතා වෙනුවට අප විසින් ඇසිය යුතු ප්‍රශ්න නම් බොදු බල සේනාව කියා සංවිධානයක් මතුවූයේ ඇයි, එය ගෙනා පණිවුඩය කුමක්ද, ලංකාවේ කළු සුද්දන්ගේ සමස්ථ සමාජ-දේශපාලන සංස්ථාවම එය හතුරෙක් ලෙස සළකන්නේ මන්ද යනාදී කාරණාය. මේවා උභතෝකෝටික ප්‍රශ්න නොවේ.  හොරු මේවා මගහැර යනවා පමණය. මෙම ලිපිය සෝම හාමුදුරුවන් ගේ කතාවෙන් ආරම්භ කලේ ඒ මඟින් මේ ප්‍රශ්න තේරුම් ගැනීමට පහසුවන නිසාය. ඉංග්‍රිසිකාරයින් ලංකාව අල්ලාගත් 1802 සිට මේ දක්වා සිවුර හා පාලකයින් අතර තිබූ ගණුදෙණු/ගැටුම් සලකා බලන විට එම ඉතිහාස කතාවේ විවිධ සිද්ධි අවධි/කාල හා අවස්ථා කැපී පෙනේ. අද ඉන්නා දේශපාලක රංචුව සිංහල බෞද්ධයාගේ ඇස් වලට වැලිගසමින් කරගෙන යන ප්‍රෝඩාව පුදුමයක් නොවන බව මෙම ඉතිහාසයෙන් ස්ඵුටවේ. වෙඩිකෑ ඌරන්මෙන් රාජිත සේනාරත්න, දඹර අමිල හිමි ප්‍රමුඛ පුරවැසි බලය ත්‍රයිනිකායික මහා නායක හිමිවරුන්ට අපහාසකරන මෙවන් අවධියක් මීට පෙර තිබුණේ නැත. මීතොටමුල්ලේ කුණු (මඩු පල්ලියට වෙනුවට?) ජේතවනාරාමයට ගෙනගොස් දැමූ පින්තූරයක් කලා නිර්‍මානයක් යයි කිසි පැකිලීමකින් තොරව සමනලී ෆොන්සේකා නම් නිළිය කියන්නේ ඒ නිසාය.

අධර්මිෂ්ඨ සමාජය

ජෙොර්-ප්‍රේමදාස-චන්ද්‍රිකා-රනිල් පාලන කාලවලදී සිංහල බෞද්ධයින් මුහුණපාමින් සිටි මහා ව්‍යසනයට විරුද්ධව ඉදිරියට ඒමට මරණ බියනැති කිසිම ගිහියෙක් රටේ නොසිටි නිසා තමන්ට ඒ සඳහා ඉදිරිපත්  වීමට සිදුවූ බව ගංගොඩවිල සෝම හිමියන් කියා සිටියේය. තමා බෞද්ධ යයි කීමට අදිමදි කරණ තරමට මිනිසුන්ගේ ආත්ම ශක්තිය හා අධ්‍යාත්මය පිරිහී තිබුණි. චන්ද්‍රිකා ජනාධිපති විසින් පත්කල බුද්ධ ශාසන කොමිෂන් සභාව 2002 දී වාර්‍තාවක් ඉදිරිපත් කලත්, එය මුද්‍රණය කලත්, එය හමස් පෙට්ටියට නොව කුණුකූඩයට දැම්මා සේ විය. මඩිහේ පඤ්ඤාසීහ හා නාරද වැනි හාමුදුරුවරුද ඉඳහිට ලිපි ලියු බව සැබෑය.  2003 දෙසැම්බර් මස සෝම හිමියන්ගේ හදිසි සැකකටයුතු අභාවයෙන් පසු උන්වහන්සේ ගොඩනැඟූ සිංහල බෞද්ධ ප්‍රභොධයෙන් වාසියක් ලබාගැනීමට ජේවීපී එක පවා ක්‍රියාකලේ හාමුදුරුවරුන්ට පාර අයිනේ සිට පෙලපාලිවලදී ඔවුන්ගේ අතේ පිරිත්නූල් බැඳීමට ඉඩ දෙමිනි. සිංහල උරුමය, ජාතික හෙල උරුමය හා මහින්ද රාජපක්‍ෂ සෝම හිමියන්ගේ දෑවැද්දෙන් ලාභ ලැබූ අයය.

සිංහල බෞද්ධයින්ට නායකයෙක් නැතිවයාම

මොවුන්ගෙන් සිංහල බෞද්ධයින්ට වැඩක් නැතිබව විශේෂයෙන් 2009 මැයි 19 දාට පසු සිංහල බෞද්ධයින්ට ඒත්තු ගියේ ශීඝ්‍රයෙන් පැතිරෙන අන්‍යාගමීකරණය, හලාල්-ශාරියා වාදය ඉදිරියේ ජනාධිපතිවරයා විසින් යුරෝපයෙන් ආ අළුත් යටත් විජිතවාදී ලණුවක් වුන බහු ජාතික-සර්‍වාගමික බහුභූතයක් අසාධාරණ ලෙස බදාගැනීමෙන් පසුවය. දළදා මාළිගාව වටේ රෑට කාර් රේස් යන කාලයක, පාලකයින් තමන් කියන දේට ඇහුම්කන් නොදෙන නිසා ඒ ගැන යමක් කරණ ලෙස මල්වත්තේ මහානායක හිමියන් විසින් පවා වරක් බොදු බල සේනාවෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. 2012 මැයි මස බොදු බල සේනාව බිහිවූයේ මෙසේ දේශපාලකයින් කඹවැනි පිරිත්නූල් අතේ බැඳගෙන, අපේ හාමුදුරුවනේ-අපේ හාමුදුරුවනේ කියමින් බෞද්ධයින් රවටන පසුබිම යටතේය. ඊට විරුද්ධව හැම හොර බෞද්ධ දේශපාලකයෙක්ම නැඟීසිටියේ කලින් සෝම හිමියන් බණ මඩුවේ සිට මට සිළුටු භාෂාවෙන් දුන් පණිවුඩය, ඥානසාර හිමියන් විසින් වේදිකාවල ප්‍රසිද්ධියේ ශුද්ධ සිංහල භාෂාවෙන් රටට හෙලිකිරීමය. සිංහල බෞද්ධයින්ට මේ රටේ දේශපාලකයින් සළකන්නේ සමහර පිරිමි හිතහොඳ ගෑණුන්ට සළකන ආකාරයට වගේය යන්න මේ පණිවුඩයය (ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් මෙය කියන්නේ හාමුදුරුවරු දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගොස් අන්තිමේදී ඔවුන්ට ඉතිරිවුනේ කොඩිවල පොලු පමණක් යනුවෙනි). මේ පණිවුඩය රටේ දේශපාලකයින්ව ගලේ පැහැරූ බළලුන් බවට පත්කල විට සමහර දේශපාලකයින් ඥානසාර හිමියන්ට අශීලාචාර ලෙස ඇමතීම නිසා ඊට පිළිතුරු වශයෙන් හාමුදුරුවෝ ඇමතිලාට හාස්‍යයෙන් හෝ අවඥාවෙන් වෙනුවට අපහාස මුඛයෙන් කතා කලේය. ඔවුන්ගේ සායම් ගැලවී ගියේය. සමහර ලොකු කුඩා ඇමතිලා අවලංගු කාසි වගේ විය. මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ කියූ චන්ද්‍රිකා, රනිල්, රාජිත, ඩිලාන්ලා වැනි පෙඩරල් කාරයින් පමණක් නොව විමල් වීරවංශ, මෛත්‍රීපාල, මහින්ද, බැසිල් යනාදී හැම දෙනාම ඥානසාර හාමුදුරුවන්ගෙන් බැට කෑවේය.

සිවුරු ඝාතනය

රටේ වංක දේශපාලකයින්ට, එන්ජිිෝ නඩවලට, විදේශ ඔත්තු සේවාවලට හා වත්මන් ලෝකයේ නියම ස්වරූපය නොතේරෙන නවගුනවැල් බෞද්ධයින්ට ඇති කැක්කුම ඥානසාර හාමුදුරුවන්ගේ අසභ්‍ය වචන නම්, ශාන්තුවරයෙක් මෙන් බණ දේශනා කල සෝම හාමුදුරුවන්ට සිදුවූ විපතට හේතුව කුමක්ද?  නාරද හාමුදුරුවන් ලිපි ලියනවා වගේ, මල්වත්තේ හා අස්ගිරියේ මහනාහිමිවරු උපදෙස් දෙනවා වගේ හෝ වරින්වර බොරුවට කොමිෂන් සභා පත්කරනවා වගේ යම් හාමුදුරුනමක් බණ කියන ගමන් සමාජයේ පිරිහීම, බුද්ධාගමට, ශාසනයට වන හානිය ගැනත් සඳහන් කලාට, රටක සම්පත් සූරාකෑම හා උපරිම ලාභ උපයාගැනීම යන ලෝක ධනවාදයට හවුල්වී ජය පැන් බොන ලංකාවේ දේශපාලක-නිලධාරී-මුදලාලි කළු සුද්දන්ට භීතියක් නැත. පෙනෙන හා නොපෙනෙන විදේශ බලවේග යටතේ ලණුවෙන් බැඳ ඇති සතාට කණුව වටේ කැරකිය හැකි සීමාවක් ඇත. ප්‍රශ්නය හටගන්නේ ඉන් එහාට යන්නට ගියොත් ය. තමන් ජනාධිපතිකමට තරග කරනවා යයි ප්‍රකාශ කිරීමෙන් සෝම හාමුදුරුවෝ ලණුව කැඩුවා පමණක් නොව ඉන් ඔබ්බට ගොස් වැටද කඩාදැමීමේ අවදානමක් මතුකලේය. උන්වහන්සේව විනාශ කිරීමේ ව්‍යාපාරයක් දියත් වුණේ ඒනිසාය. වික්ටර් අයිවන්ම කියන අන්දමට හාමුදුරුවන් රාත්‍රීකාලයේ පන්සලේ නොසිට වෙන ගෙයක සැඟවී සිටි කාලයක් උදාවූයේ මෙසේය.

මෙසේ බණ කියූ සෝම හාමුදුරුවන්ගේ ජීවිතයට තර්‍ජනයක් ආවා පමණක් නොව සෝම අවතාරයට පවා මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුවක් වික්ටර් විසින් භාරගත්තා නොවේද? මේ නිසා ඥානසාර හිමියන්ගේ ප්‍රශ්නය ශීලාචාර රටක වාග් විද්‍යාවේ ප්‍රශ්නයක් නොවේ. උන්වහන්සේව නිශ්ශබ්ද කලයුතු වන්නේ  පවතින සිස්ටම්  එකට හරහට සිටින නිසාය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් ඝාතනය කිරීමට කොළඹ සිට කුමණ්ත්‍රනය කල කාලයේ සිට 1959 දී අගමැති බණ්ඩාරනායක මහතාට කැබිනට් රැස්වීමේදී නයි විෂ දමා කිරි වීදුරුවක් දීමට සැදීම (වැරදීමකින් එය බිව්වේ සී පී ද සිල්වාය), 1959 සැප්තැම්බර් මස හාමුදුරුකෙනෙක් යොදවා ඔහුව ඝාතනය කිරීම, 1962 සිංහල-දෙමළ ක්‍රිස්තියානී පොලිස් කුමණ්ත්‍රනය, කොටගම වාචිස්සර, පානදුරේ අරියධම්ම යන හාමුදුරුවන්ගේ සැකකටයුතු අභාවය වැනි සිද්ධි ප්‍රොපෙසර් සෙනෙවිරත්නට නොවැදගත් වුවත් මේවා සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක විවිධ අංගය. සෝමාරාම හා බුද්ධරක්ඛිත ඇම වශයෙන් යොදාගත්තත්, ඒකාලයේ ක්‍රිස්තියානි ඔසී කොරයා හිස බූගා සිටීම, රොස්මීඩ් නිවස පිටිපස තාප්පයෙන් යමෙක් පැනයනු දුටු අල්ලපු ගෙදරක ගෘහ සේවිකාවක් සිටීම, සෝමාරාමට වෙඩිතියන්නට පුහුණුව දුන් පොලිස් පරීක්‍ෂක නිව්ටන් පෙරේරා හා 1962 කුමණ්ත්‍රනයට අසුවූ සිඩ්නි ද සොයිසා අතර කොල්ලුපිටිය පොලිසිය ඉදිරියේ ගාළු පාරේ සිදුවූ රහස් සාකච්චාව, විමලා විජේවර්‍ධන නිවසේදී නිව්ටන් හා ඔසී මුණගැසීම වැනි කාරණා අනුව ඇමෙරිකාවේ ජෝන් කෙනඩි ඝාතනය මෙන් සත්‍යය අප හිතා ඉන්නා දේ නොවිය හැකිය. සත්‍යය වසන් කිරීමකට හොඳම නිදසුනක් නම් තම්බයියා තම පොතේ 1966 හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන් හා රිචඩ් උඩුගම බොරු කුමණ්ත්‍රනය (ඔසී කොරයා විසින් දොඩම්පේ මුදලාලි මට්ටුකල) සඳහන් කර තිබුනත් 1962 නියම කුමණ්ත්‍රනය හෝ දෙමළ භාෂා සාධාරණ විධි විධාන පණතට විරුද්ධව 1957 ඔක්තෝබර් 3 ජේ ආර්-ඩඩ්ලිගේ ඉඹුල්ගොඩ ගමන හෝ සඳහන් කර නොතිබීමය.

හාමුදුරුවරුන්ගේ විනය

හාමුදුරුකෙනෙක් යනු වෙනම ස්වාධීන සංස්ථාවකි. මහණ කිරීමට පෙර දරුවා සිය මෑණියන්ට වඳියි. ඊට ටික වේලාවකට පසු සාමනේර නමට අම්මා වඳියි. ලෝකයේ වෙන කිසිම ආගමික සංස්ථාවක මේ සංකල්පය නැත. ථෙරපුත්තාභය යෝධයාට මෙන් සිවුර පැත්තක තබා යුද්ධයට යාමටත් යුද්ධයට පසු නැවත සිවුර දමා ගැනීමටත් අවකාශ ඇත්තේ ඒ නිසාය. යුද්ධ කිරීමට පසුබටවූ ජනාධිපතිට ආත්ම ශක්තිය දුන්නේ රතන, ගුණවංශ වැනි හාමුදුරුවරුය. සිදුවිය හැකි අන්තරාව දැක දැක සතුරාගේ ගුහාවට යාමට තරම් නිර්භීත විය හැක්කේද ගිහියන්ට නොව හාමුදුරුවරුන්ටය. කුමාර් රූපසිංහගේ ටයිගර් සාම රැස්වීමට කඩා පැනීමටත්, සිරිකොත චෝගම් ප්‍රදර්‍ශනයට ඇතුළුවීමටත් ඥානසාර හිමියන් බිය නොවීය. මඩකලපුවේ මංගලාරාමයේ සුමනරතන හාමුදුරුවන් කරගෙන යන සටන නවගුනවැලෙන් කල හැකිද? කොළඹින් ආ නිලධාරියෙක් උන්වහන්සේට පන්සලේ හොර ගෑනියෙක් ඉන්නවා යයි කී විට නයෙක් පෙන් කිපී සමාව ගන්නා තුරුම තර්‍ජනය කලේ හා හොර පොලිස් නිලධාරීන්ට හා පක්‍ෂග්‍රාහී දෙමළ ග්‍රාම සේවකලාට අසභ්‍ය වචනයෙන් බනින්නේ අවංකව තනිවම කරගෙන යන සටනක සාධාරණකම ගැන වගකිවයුත්තන් නිහඬව සිටීම නිසාය. එසේ සිටිමින් ඒ නිසා මානසිකව කෝපවන හාමුදුරුනමක් අසිල්වත් යයි ලේබල් කිරීම අශූචි වලින් පිරුණු ශිෂ්ටයයි හිතන ලෝකයේ උගුලය. ඒ කාලයේ රටේ සිටි ප්‍රභූ පන්තිය ධර්‍මපාලතුමා විකල් මනසක් ඇත්තෙක් යයි කිව්වේ නැද්ද?

එක්තරා අන්දමක අසාමාන්‍ය මිනිසෙක් (මනසක්) නොවේ නම් ධර්‍මපාල කෙනෙක්, ඥානසාර කෙනෙක් හෝ සුමනරතන කෙනෙක් සමාජයකට නොලැබේ. අශිෂ්ට යයි සළකණ වචන (කුණු හරුප?) ඇමෙරිකාවේ ජනාධිපතිගේ සිට කසල එකතුකරන්නා දක්වා හැමෝම අඩුවැඩි වශයෙන් භාවිතා කරනවා මා අසා ඇත. කේන්තිේම මිනිස් දුර්‍වල කමකි. රීතියක් වශයෙන් දේශපාලකයින් කුණුහරුප කියන්නේ චන්ද දායකයින් නැති තැනක වුනත් ජෝන් අමරතුංග ඇමති අවුරුදු 80 වෙලාත් අම්මා මතක් කර මාධ්‍යවේදියාට බැන්නේ ඒ නිසාය.

කාඩිනල්තුමා හා මහානායක හිමිවරු

මෙවැනි දුර්‍වල කමක් නැත්නම් අද ඥානසාර හිමි කියා කෙනෙක් රටේ නැත. සෝම හාමුදුරුවන්ටවත්, රතන හෝ ගුණවංශ හෝ නාරද හෝ පඤ්ඤාසීහ හාමුදුරුවරුන්ටත් කල නොහැකිවූ දෙයක් ඥානසාර හිමියන් රටට කර ඇත. එය නම් හොර දේශපාලක පන්තියක් විසින් ලංකාවට කරමින් සිටිනා විනාශය බල බලා නිහඬව සිටි මහානායක හාමුදුරුවරුන්ව අවදිකරවීමය. ඥානසාර භික්‍ෂුවගේ සමහර හැසිරීම් අපි අනුමත කරන්නේ නෑ නමුත් ඔහුගේ මතවාදයට අපි එකඟයි යන ත්‍රයිනිකායික ප්‍රකාශනයට පෙඩරල් ඇමතිලා, 13-ඒ සපෝටර්ලා, හා ජේවීපී අතරමංවූ අය වෙඩිකෑ ඌරන්වගේ වී සිටී. පුදුමය නම් කාඩිනල්තුමා මේ කතාවම මීට කලින් වෙන වචන වලින් කී විට (ලංකාවේ සිංහල බෞද්ධ පදනම අනිත් සුළු ජන වර්‍ග විසින් පිළිගතයුතුය) කිසිවෙක් ඒ ගැන කට නෑරීමය. යුද්ධ කාලයේ ජෙනරාල් සරත් ෆොන්සේකා කිව්වේත් මේ කතාවම නොවේද?

සාමන්‍යයෙන් කියනුයේ ඉලක්කය හොඳ වුවත් ඊට යාමට යොදාගන්නා විධි නරක නොවිය යුතුය කියාය (එන්ඩ්ස් ඩෝන්ට් ජස්ටිෆයි ද මීන්ස්). එහෙත් මීයන් අල්ලනවා නම් බළලා මැටියෙන් වුනත් කමක් නෑ කියාද කියමනක් තිබේ. අයිවර් ජෙනින්ස් විසින් ඩී එස් සේනානායක මහතාට සදාදුන් 1944 අමාත්‍ය මණ්ඩල කෙටුම්පත සෝල්බරි කොමිෂම විසින් 1947 ව්‍යවස්ථාව කරන ලදී. මේ කෙටුම්පත ප්‍රථමයෙන් කොළඹ කතෝලික අගරදගුරුතුමාට ඉදිරිපත්කල බව වාර්‍තාවේ. දැන් 2017 ජූලි මාසයේදී ලංකාවේ ජනාධිපති විසින් යම් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල වේ නම් එය ප්‍රථමයෙන් මහානායක හාමුදුරුවරුන්ට ඉදිරිපත්කරන්නට පොරොන්දුවීම 1815 ගිවිසුමේ කොන්දේසි සිහිපත් කරවයි. ලක්‍ෂ 62 ක චන්දය මහානායක හිමිවරුන් තුන් දෙනෙකුගේ චන්දයට වඩා වැඩි නොවේ යයි රාජිත කියතත්, ඒ නාහිමිවරුන්ගේ මොළයේ සෙන්ටිමීටර් ප්‍රමාණය ගැන පුරාවිද්‍යාධාරී අමිල හිමියන් තර්‍ක කලත් හසලක වීරයාගේ මවට මෙන්ම ඥානසාර හිමියන්ගේ මවටද දැන් සතුටු විය හැකිය.

බොදු බල සේනා මතවාදය

මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කල පරිදි සිවුර හා ආණ්ඩුව අතර ඉතිහාසයේ එක් එක් අවධි විමසා බලනවිට බොදු බල සේනාව ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න ඉතාමත් පැහැදිළි වන්නේය. එම අවස්ථාවල ලැයිස්තුවක් පමණක් මේ ලිපියේ පෙන්වන්නේ මේ ලිපිය දිග වැඩිවෙන නිසාය. මීලඟ ලිපියෙන් ඒ අවධි විස්තර කරමි.  කෙසේ නමුත් නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, ලෝක මතය යනාදී පිදුරු ගස් අල්ලාගෙන කෙස් පැලෙන තර්‍ක ගේනා බංගවේවා මාක්ස්වාදීන්ට, ක්‍රිස්තියානී, ඉස්ලාම් ශාරියා, පෙඩරල්-ඊළම්, පිරිත් නූල් බෞද්ධයින්ට, එන්ජිිෝ ඩොලර් මුදලාලිලාට හා කළු සුද්දන්ට පෙන්වා දිය යුතු මූලික කරුණු කීපයක් ඇත.

  1. අනිත්‍යය හා අවිහිංසාව මත පදනම්වූ දර්‍ශනයක් වශයෙන් අන් ආගම් හෝ ඇදහිලි වලට හානි කිරීම බොදු බල සේනාවේ අරමුණ නොවේ. එහෙත් ශාරියා කාරයින් කඩුවෙන් බෙල්ල කපන තෙක් බණ මඩුවක ඉඳගෙන නවගුනවැල ගැන ගැන ඉන්නට එය සූදානම් නැති බව එහි ලාංචනය වන නාගයා පෙනයේ පණිවුඩයයි.
    2. 1505 සිටම සිංහල බෞද්ධයින් මුහුණදුන් හිරිහැර, වෙනස්කම්, කෙණහිලි හා සමූල ඝාතන වල අහිතකර ප්‍රතිඵල, 1948 න් පසුව හෝ දැන් 2017 දී හෝ ඉවත්කර නැත. උදාහරණයක් වශයෙන් උඩරට ගැමි පුනරුථාපන කොමිෂම, පුවත් පත් කොමිෂම, නොයෙක් බුද්ධ ශාසන කොමිෂම් වල නිර්දේශ උවමනාවෙන්ම යට ගසා බොරු බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් අටවා ඇත.
    3. ආසියාව ක්‍රිස්තියානි කිරීම, ක්‍රිස්තියානි මූලධර්‍මවාදය හරහා අයුතු අන්‍යාගමීකරණය, ලෝක ශාරියා වහබ් වාදය,  ලෝකයේ වෙනම දෙමළ රටක් සඳහා වන ඊළම් ව්‍යාපාරය, කළු සුද්දන් හරහා ලෝක ධනවාදය යටතේ දුප්පත් රටවල සම්පත් සූරා කෑම, ඒ සඳහා රටවල් ඇතුලත මානව අයිතිවාසිකම් යන අට්ටාලයක් ඇටවීම ලංකාවේ ජනාධිපතිට මෛත්‍රී භාවනාවෙන් පාලනය කලහැකි කාරණා නොවේ.
    4. බොදු බල සේනාව ඉල්ලා සිටියේ සිංහල බෞද්ධයින්ට ඇති ප්‍රශ්න සාකච්චා කර විසඳාගන්නට අවස්ථාවක් වුවත් රාජපක්‍ෂ ආණ්ඩුවත්, සිරිසේන ආණ්ඩුවත් එය පැහැර හැරියේය. මේ නිසා 2002 කොමිෂම් වාර්‍තාවට පසු දැන් තවත් අළුත් කොමිෂමක් පත් කරන්නට එකඟවීම ඥානසාර මතවාදයට ගරුකිරීමකි.

ඉහත සඳහන් කරුණු සියල්ල ලිස්සා යවන දයාන් ජයතිලක නම් ක්‍රිස්තියානි මාක්ස්වාදියා කියන්නේ අන්තවාදය, අන්තජාතිවාදය (දැන් ඔහු රාජපක්‍ෂ මාදිලියේ බහුජාතික ජාතිකවාදියෙකි) යන වැරදි වලට වඩා ලේසියෙන් ප්‍රචන්ඩත්වය කරා මිනිසුන් උසිගැන්වීම (කුලප්පුකරවීම) යන නීතිමය හා සදාචාර වරද යටතේ ඥානසාර හිමියන්ව හිරේ දැමිය යුතුය කියාය. තිස්ස විතාරණ මැජෝරිටි වාර්‍තාවට විරුද්ධව වෙනම වාර්‍තාවක් සැපයූ සිංහලයින් හතර දෙනාගෙන් කෙනෙකුවූ පේරාදෙණියේ භූගෝල විද්‍යා මාහාචාර්‍යවරයෙකුවූ ජී එච් පීරිස් මහතා දයාන්ට මේ ගැන ටොක්කක් ඇන්නේය (ද අයිලන්ඩ්, ජූලි 8).

දයානුත්, අළුත් නෙළුම් පොහොට්ටු පක්‍ෂයත්, කලින් සිටි චන්ද්‍රිකා-රාජපක්‍ෂ ආණ්ඩුත්, රනිල්-සිරිසේන ආණ්ඩුවත් රටට පැහැදිලිකල යුතුවන්නේ 2002 බුද්ධ ශාසන කොමිෂමේ වාර්‍තාව හමස් පෙට්ටියට දැම්මේ කුමක් නිසාද යන කාරණාවය. එසේ නැත්නම් ඒ වාර්‍තාව හා ඊට පෙර පත්කල එවැනි කොමිෂන් සභාවල වාර්‍තාත් ඥානසාර හිමියන් 2012 සිටම හඬගා කියූ කතාවත් අතර ඇති වෙනස කුමක්ද යන්නය. ජේ සී වැලිමුණ නම් ක්‍රිස්තියානි එන්ජිිෝ ඒජන්ට් කියන්නේ අස්ගිරියේ මීලඟ ඉල්ලීම වෙන්නේ පසුගිය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධව ක්‍රියා නොකරන ලෙස බවය.  ජූනි 20 දා අස්ගිරි ප්‍රකාශනයත් 2002 කොමිෂන් වාර්‍තාවත් අතර වෙනසක් නැතිබව වැලිමුණට නොපෙනේද? මේ ගොඩට මුක්කු ගහන තවත් මාක්ස්වාදියෙක් නම් ඕස්ට්‍රේලියාවේ සිට ලියන මොරටුවේ උපන් පූර්‍ණ හෝ අර්‍ධ ක්‍රිස්තියානී ලක්සිරි ප්‍රනාන්දුය. ඔහු මහානායකහිමිවරුන්ට ඔහුගේ දේශපාලන විද්‍යාවෙන් පාඩම් ඉගැන්වීමට ඉදිරිපත්වේ (ද අයිලන්ඩ් ජූලි 10). ඥානසාර/අස්ගිරි මතවාදය යනු දෘෂ්ටි කෝණයක් නොව අයිඩියලොජි (නාසිවාදය/මාක්ස්වාදය වැනි) එකක් යයි කියන ඔහු අස්ගිරිය රාජ්‍යයක් තුල තවත් රාජ්‍යයක් හදන්නට යනවා යයි කියයි. තමාගේ සීයා කෙනෙක් බෞද්ධයයි කියන ඔහු චතුරාර්‍ය සත්‍යයට හා ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයට අයිඩියලොජි නැති බව නොදනී.

ආණ්ඩුවල වැරදි හාමුදුරුවරු කලින් තියාම පෙන්වා නොදුන්නේ ඇයිදැයි ඔහු චෝදනා කරන්නේ මැරී උපන් මිනිසෙකු වගේය. මේ දේශපාලකයින් මහනාහිමි උපදෙස් ශතපහකටවත් මායිම් නොකල බව මේ ඒ ජේ විල්සන්ගේ ගෝලයාට අමතකය. මොහුත් දයාන් ජයතිලක වැනි අයත් 1980 මුලදී සර්වෝදයේ ආරියරත්න මහතා ලියූ බල පිරමිඩය හා ධර්‍ම චක්‍රය නම් පොතත්, සරච්චන්ද්‍ර මහතාගේ ධර්මිෂ්ඨ සමාජය යන පොතත් කියවිය යුතුය. 1960-70 ගණන්වල සිට දේශපාලකයින් රටට කල විනාශයට සිංහල බෞද්ධයින්ට දොස් පැවරීම අළුත් අධිරාජ්‍යවාදී ඉත්තන්ගේ ශූක්‍ෂම උපායය. 1983 ජුලි ඉලව්ව කලේ සිංහල බෞද්ධයාද? යාපනේ පුස්තකාලයට ගිනිතිබ්බේ සිංහල බෞද්ධයාද? අළුත්ගම කලබලය කලේ ශාරියා ඒජන්ට්ලා නොවේද?

නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය

පුදුමයට කාරණයක් වන්නේ අස්ගිරි-ඥානසාර මතවාදය ගැන වියරුවී ලියන්නේ හා කියන්නේ එක්කෝ මාක්ස්වාදියෙක් නැත්නම් ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක් වීමය. මොවුන් බදාගෙන ඉන්නා නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය නමැති විහිළුව කුමක්ද? 1960 ගණන්වල සිටම නිල් කොල රතු දේශපාලකයින් ලංකාවේ මහජනයාට ව්‍යුහාත්මක (ස්වාධීන අධිකරණය, සිවිල් සේවය වැනි) හා නියෝජිත (බලු පොරයෙන් හා පක්‍ෂ ලැයිස්තුවෙන් තොර මන්ත්‍රීන්) ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකර නැද්ද? අද වනවිට පාර්ලිමේන්තු ක්‍රමය හා චන්ද ක්‍රමය  රටේ ඇති ලොකුම ප්‍රෝඩාව නොවේද? පැරදුන අය ඇමතිලා කරන ප්‍රජාතන්ත්‍රය කුමක්ද? හය හතවත් පාස් නැති රස්තියාදුකාරයින් රටපුරාම නොයෙක් ආකාරයේ මන්ත්‍රීලා වී නැද්ද? මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න සුදුස්සන් වන්නේත් දඹර අමිල හිමි කියන ආකාරයට මහානායක හාමුදුරුවරු ඒ ගැන කතාකිරීමට නුසුදුස්සන් වන්නේත්, මේ රටේ හාමුදුරුවරු මේ මන්ත්‍රීලාටත් වඩා පහල මෝඩ කොටසක් නිසාද? තවත් උදාහරණයක් ගත්ත්තොත් 19 සංශොධනය අනුව ගෙනා ව්‍යවස්ථාදායක සභාව කියන්නේ බලයේ ඉන්නා පක්‍ෂයේ සභාවක් මිස අපක්‍ෂපාත ආයතනයක්ද?

නීතිය කියන්නේ කුමක්ද? යම් සමාජයක බලය අල්ලාගත් සුළු පිරිසක් විසින් සෙසු මහජනයා පාලනය කරන  විධිය නොවේද? සුද්දන් නීති හැදුවේ ඔවුන්ට රට සූරා කෑමට උපකාර වන ආකාරයටය. මේ නිති රට අවුල්කල අන්දම ගැන එක උදාහරණයක් ලෙස විහාර නීති විත්තිය නමින් 1956 දී ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් ලියූ කුඩා පොත සඳහන් කල හැකිය. විහාර දේවාලගම් නීතිය යටතේ විහාරාධිපති, ගුරු-ශිෂ්‍ය සම්බන්ධය යනාදී සංකල්ප ඉංග්‍රීසි නඩුකාරයින් විසින් වල්මත් කර ඇත.  පාහියන්ගල ආනන්දසාගර හිමියන් (ශ්‍රී ටී වී හෙළිදරව්ව 2016 ජනවාරි 28) විසින් මේ විනාශය ගැන ථේරවාදී කතිකාවතක් ගෙන ඒමට ආණ්ඩුව තැත්කල  අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

යම් නීතියක් පැනවීම, ඒ නිසා ඇතිවන බලාපොරොත්තුවූ හා නොවූ ප්‍රතිඵල, නීතිය ක්‍රියාවේ යෙදවීම, එය භාර උසාවි, පොලිසිය හා සිවිල් නිලධාරීන්ගේ හැසිරීම, ඔවුන්ට අපක්‍ෂපාතව ක්‍රියාකිරීමට අවශ්‍ය වාතාවරණයක් තිබේද යන්න, නීතිය ක්‍රියාවට නැගීමේදී ඒ සඳහා ආණ්ඩුවකට සල්ලි අවශ්‍යවීම, එකිනෙකා මරා ගන්නා නඩු ක්‍රමය අනුව දුප්පතා නිතරම පරාදයවීම යන කාරණා අමතක කර ඥානසාර හාමුදුරුවන් උසාවියට අපහාස කලා යයි ඇපදීම නොදීම තීරණය කල නොහැකිය. ජාති වාදය හා ජාතිකවාදය අතර වෙනස නොදැන ශාරියා හෝ ඊළම් හෝ ක්‍රිස්තියානි මූලධර්‍මවාදයෙන් හෝ ලෝකය සූරාකෑමට එන නූතන ධනවාදයෙන් සිංහල බෞද්ධයාට එන තර්‍ජනය ගැන කතා කිරීම, එහිදී පක්‍ෂග්‍රාහීව නිහඬව ඉන්නා දේශපාලකයින්ට දොස්කීම ජනයා උසිගැන්වීමක්ද යන්න දයාන් ජයතිලක සිතනවා වගේ සුදු-කළු ප්‍රශ්නයක් නොවේ. එය කළු සුද්දන්ගේ ප්‍රශ්නයකි. ලංකාව මෙම බොරු බටහිර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අතීතයේ සිට පැවති සම්මුතිවාදී පාලන ක්‍රමයටත් (ලිච්චවි), දඬුවම් දීම වෙනුවට මිනිසා පුනරුත්ථාපනය කරණ (අංගුලිමාල) නීති ක්‍රමයකටත් රට යොමුවිය යුතුය. 1930ස් 40 ස් ගණන් වලදී කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර නාහිමියන් සිය අපරාධමර්‍දන හා ග්‍රාම සංවර්‍ධන ජාතික ව්‍යාපාරය මඟින් මේ ක්‍රම දෙක  සාර්‍ථක ලෙස ක්‍රියාවට නැගුවත් සුද්දන් හා කළු සුද්දන් එය කඩාකප්පල් කලේය. මෑතකාලයේ ගැමිදිරිය ව්‍යාපාරය කඩාකප්පල් කර දිවි නැඟුමක් ආවා වගේය.

ලංකාවේ බුද්ධාගමේ ඉතිහාසයේ වැදගත් සිදුවීම්

අද රට සිටින්නේ ඉවසීමේ රතු කට්ට පැන ඓතිහාසිකව තුෂ්නිම්භූතව සිටි තුන් නිකායේ මහානායක හිමිවරු දයාන් ජයතිලක මහතාගේ  වචන වලින් කියනවා නම් ඥානසාර හිමියන් විසින් උසිගන්වා ඇති අවධියකය. ලංකා ඉතිහාසය යනු එක්තරා අන්දමකින් බලනවිට මෙසේ හාමුදුරුවරු අවධිවූ අවස්ථාවල ඉතිහාසයය.  නෝත් ආණ්ඩුකාරයාගේ කාලයේ සිට බැලුවොත් මෙවැනි අවස්ථා හා ඊට සම්බන්ධවූ හාමුදුරුවරුනමකගේ නමද හඳුනාගත හැකිය. ඒවා බොහෝවිට අඛන්ඩ හා එකිනෙකමත වැටෙන කාල පරිච්චේදය. උදාහරණ වශයෙන්:
1 – බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු අවධිය, 1798-1873 (වාරියපොළ සුමංගල/මිගෙට්ටුවත්තේ ගුණානන්ද)
2 – බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය, 1840–> (වලානේ සිරි සිද්ධාර්‍ථ)
3 -ඕල්කොට්-අනාගාරික ධර්‍මපාල අවධිය, 1880-1915–> (හික්කඩුවේ ශ්‍රී සුමංගල)
4 -ඩොනමෝර් අවධිය 1931-48, විද්‍යෝදය සමාජ සේවය (කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර)
5 – විද්‍යාලංකාර සේවය -භික්‍ෂුවගේ උරුමය (යක්කඩුවේ ප්‍රඥාරාම/ වල්පොල රාහුල)
6 – පංච මහා බලවේගය 1956-59 (හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ)

7 – අඳුරු යුගය- 1960-1978 පෙඩරල්කාරයින් බලවත්වීම හා නිල් කොල රතු කල්ලි මාරුවෙන් මාරුවට රට විනාශ කිරීම
8 – අධර්මිෂ්ට සමාජය 1978–2005 (මාදුළුවාවේ සෝභිත)
9 – සෝම හාමුදුරුවන්ගේ භූමිකාව 2000-2003
10 – පිරිත් නූල් කඹ යුගය නොහොත් ජාතික හෙල උරුමය අසාර්‍ථකවීම
11 – බොදු බල සේනාව 2012 මැයි
12 – අස්ගිරි ප්‍රකාශනය 2017 ජූනි 20

7 Responses to “සංඝ දමනය”

  1. Senevirath Says:

    ඉ.තා හොඳ ලිපයක් . ස්තුතිය්

  2. Leela Says:

    චන්ද්‍රසිරි විජයවික්‍රම මහත්තය ඉදිරිපත්කර අැත්තේ ඉතාම කාලෝචිත කරැණු දැක්වීමේ ලිපියක් බව මුලින්ම කිව යුතුය්.

    සෝපිත හිමිට තිබුනෙ පුදුම පිස්සුවක්. සෝපිත හිමිගෙ උවමනාව උනේ සිංහලයා වෙනුවෙන් වැඩ කිරීම නෙවෙය්. ඔහුගෙ ප්‍රධාන උවමනාව උනේ ජේඅාර්ගෙ ජනාධිපති ක්‍රමය අවලංගු කිරීමය්. ඒ්ක ඔහු පැහැදිලිව කිව්වා. සෝපිත හිමිට අවශ්‍ය දේ කොර ගන්න ඔහු NGO පරය් එක්ක සාංගම් ගත උනා. ඔිනා පක්කිලියෙක් එක්ක සාංගම් ගත වෙන්න ඉදිරිපත් උනා. රාජපක්‍ෂ රෙජිමය චේන්ජ් කොරල රටටම කෙල වෙලා වැඩි දවස් ගියේ නැහැ ”අපිිට වැරදුනා මහතිතයෝ” කිවිවා.

    සෝපිත හිමි වත් අන්දපු නොර්වේ සහ අධිරාජ්‍යවාදී ගැති සිංහල බෞද්ධ විරෝධී බලවේග ඥාණසාර හිමිට නොදැනෙන්න ඥාණසාර හිමිගෙ ස්ථාවරයෙන් ප්‍රයෝජනය නොගත්තනම් තමය් අපි පුදුම වෙන්න ඔිනා. ඉතින් සෝපිත හිමි තරම් මුහුකුරා නොගිය ඥාණසාර හිමිට වැරදුනා නම් අපි ඔහුට උඩ පැන පැන තලන ඒකේ තේරැමක් තියනවද?

    ඥාණසාර හිමි හැම විටම පැහැදිලිව හඬගා කීවේ සිංහල බෞද්ධයාට අැති ප්‍රශ්ණය්, කතා කලේ සිංහල බෞද්ධයාගේ අනාගතය වෙනුවෙනුය් සිංහල රට වෙනුවෙනුය්. ඥාණසාර හිමිට පුද්ගලයා සහ පක්‍ෂය වැදගත් උනේ නැහැ. සිංහල බෞද්ධයා පුද්ගලයෙක් වටා ගොනු විය යුතු නැති බව මෙයින් කියන්නේ නැහැ. සිංහලයා ගොනු වියයුත්තේ හරි පුද්ගලයා වටා බවයි කියන්නෙ.

    කරැනු එසේ හෙයින් දැන් ඥාණසාර හිමි 2020 ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙනව කියන එකේ වැරැද්දක් මට පෙනෙන්නෙ නැහැ. ඥාණසාර හිමි දිනන එක කොහොම වෙතත් දිනන කෙනා තෝරන්න අති විශාල බලපෑමක් කල හැකි බව නම් සත්‍යයක්. අන්න එ් බලපෑමට අපි එකඟය්. මතකද 1994 දි ජවිපෙත් ඒ දේ කලා.

  3. Senerath Says:

    “2012 මැයි මස බොදු බල සේනාව බිහිවූයේ මෙසේ දේශපාලකයින් කඹවැනි පිරිත්නූල් අතේ බැඳගෙන, අපේ හාමුදුරුවනේ-අපේ හාමුදුරුවනේ කියමින් බෞද්ධයින් රවටන පසුබිම යටතේය.”

    මෙය සත්‍යයකි. එසේනම් “සෝපිත හිමිට තිබුනෙ පුදුම පිස්සුවක්” නොවේ. පිස්සුවක් හැදී ඇත්තේ එසේ කියන අයට නොවේද​ ?
    එසේ නැත්නම් මේ ප්‍රකාශය වැරදියි කියා කිව යුතුය​.

  4. Ancient Sinhalaya Says:

    All these guys who follow religions of convenience want to destroy the only true religion in the world, Buddhism.
    After Charles Darwin’s Theory of Evolution which proved to the world that there was no creator god, these god based religions should’ve disappeared from the face of the earth. What happened? Instead they consolidated their positions with rich and powerful organisations and keep propagating those religions.

    We all accept the Theory of Evolution to be more than true. At the same time, they believe this god business. How
    can there be two origins for the mankind? There are no two types of humans on the planet. Do we need say any more then?

    Buddhism has been destroyed/being destroyed using its non-violence approach itself by these other religions. If
    these people pause for a moment and think about this simple thing from Buddhism and those other untrue religions.
    Buddhism:
    Do not harm living things
    taking what is not given
    sexual misconduct
    lying or gossip
    taking intoxicating substances eg drugs or drink
    The five precepts cover every sin under the sun and show the way to lead a life without being a ‘pain’ to other!

    Other religions:
    god is great

    Any one with brain cells > 0 will see the absurdity! To be great nobody knows if he even exists! There is no connection to human life at all like the five precepts. Still billions of people are led the wrong path by them. It is a shame the only true religion in the world is being destroyed with the help of some Buddhist monks and Sinhalese deshapaluwan in Sri Lanka as well! One thing is sure for these guys who are hell bent on destroying Buddhism.
    By doing so they are committing a sin and as a result they won’t be two legged creatures in their next lives!

  5. Ancient Sinhalaya Says:

    Traitor anti Buddhist, anti Sinhalese, anti Sri Lankan catholic run UNPatriotic party ruling Sri Lanka today and
    they want to deliver the killer blow since they know this is the best time to do it. Traitor chief die hard catholic
    token Buddhist Bay Gal Karaya Mega Thief Wada Bari Tarzan Batalande Wadakaya Pol Pot r@nil
    wickramaSinhalakiller is ruling Sri Lanka today while spineless traitor maru sira looking on helplessly. It is the
    best time for the anti Buddhist brigade. Monks in prisons, new constitution to remove Buddhism, temples closing,
    Kandy perehara going to be stopped, ancient Buddhist temples being bulldozed by Sri Lanka Multiplying Community aka fast breeding mussies to settle their new arrivals etc. etc. a lot of things happened. They know it is working and wants to get the job done while traitor Sinhala deshapaluwan mara ninde!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  6. NAK Says:

    It is an utter lie that Pacha Ranawaka and Rathana thero together with Hela Urumaya took the lead in the war and forced a reluctant MR to go to war.
    The truth is Pacha ,Rathan thero and the rest nearly jeopardized a well planned operation by forcing them to go to war prematurely before completing the preparations.
    Any right thinking person will agree that no one can start,sustain and win a war without proper preparation and planning which was in progress at the time.
    Every one will remember MR inherited a depleted, demoralized and ill equipped army and they needed at least a year to prepare and forcing them in to fighting before that risked being everything going wrong and today in hind sight that may have been the ulterior motive in Pa cha rushing to the war front.

    As for Ven.Gananasara,as the prelates mentioned, even though the issues he raised are valid, his coarse and thuggish ways of presenting it simply provided anti Buddhist crusaders plenty to denigrate Buddhism and maha sangha as a whole.
    Also it is undeniable that his actions together with Pacha contributed immensely towards downing of MR government.

  7. Christie Says:

    Democracy is about the money trail. Who finance Sinhala politicians starting from the days of N M Perera?

    Soma was killed by the Indian Empire. The same way they killed or tried to kill one of Indian Prime Ministers.

    Soma was killed in Ukraine and the Indian Prime minister was in Tajikistan both countries with close relationships with India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress