රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය
Posted on July 17th, 2017

lanka C news

රාජපක්ෂවරුන් රට පාලනය කිරිමේදී කරපු හොරකම් ගැන මංගල සමරවීර මහතා එදා චෝදනා කරද්දි ඒ වෙනුවෙන් එවකට UNP මන්ත්‍රී ලෙස පැමිණ රාජපක්ෂ ආණ්ඩුවට එකතුවී එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පිලිතුරු දුන් විඩීයෝවක් මේ දිනවල ෆේස්බුක් අතර ඉතා ජනප්‍රියව ඇත.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ සෑම කරුණක් ගැනම කටට එන උත්තරයක් දෙන රාජිත අමාත්‍යවරයා එදා රාජපක්ෂවරුන් ගැන ඇත්ත කිව්වද අද ඇත්ත කියනවද යන්න මේ ඔහු කල කාථාවෙන්ම අවබෝධ කර ගැනීමට පහසුය.

මේ දෙදෙනාම අද යහපාලන කියා ගන්නා මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන අතර අද ඒ දෙදෙනාම ගජ මිතුරන් ය. එමෙන්ම වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද මේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් නිතරම චරිත සහතික දෙන බැවින්, ඔහු වඩාත් ප්‍රෙවේසම් විය යුත්තේ අනාගතයෙදි මෙවෙනිම විඩීයෝවක් ෆේස්බුක් අතර හුවමාරු වීමට ඉඩ ඇත්තේ අද සෑම දෙනා අතරම ස්මාර්ට් ජංගම දුරකතන එදාට වඩා බෙහෙවින් තිබෙන බැවිනි.

33,501 Viewers

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress