සයිටම් නැත්නම් වෙන අයිටම්
Posted on July 20th, 2017

නලින් ද සිල්වා

දොස්තරලා අගමැතිගේ යෝජනාවට කැමතිලු. අගමැති සයිටම් අහෝසි කරන්නේ නැහැ. රාජිත සයිටම් අහෝසි කරාවි ද? ජනාධිපති සයිටම් අහෝසි කරාවි ද? පුබුදු ජාගොඩ සයිටම් අහෝසි කරාවි ද? දයාසිරි ජයසේකර සයිටම් අහෝසි කරාවි ද? චම්පක සයිටම් අහෝසි කරාවි ද? ජනමාධ්‍යවේදීන් සයිටම් අහෝසි කරාවි ද? මා දන්නේ නැති නිසයි අහන්නේ. හෙට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා. එය පැහැදිලි නැහැ. ඒ සම්පූර්ණ පවරා ගැනීමක් ද නැත්නම් ජයවර්ධනපුර නව රෝහල වගේ පෞද්ගලික රාජ්‍ය බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යෑමක් ද? මටත් සතුටක් තියෙනවා මගේ එක් යෝජනාවක් ක්‍රියාත්මක වීම ගැන. ඒ යෝජනාව මා මුල් වරට ඉදිරිපත් කෙළේ  කලකට පෙර. ඇතැම් වෛද්‍යවරුන් ඒ බව දන්නවා. ඒත් ඔවුන් ඒ බව කියන්නේ නැති බව මගේ අත්දැකීමෙන් දන්නවා. මගේ ලිපිවලත් මා ඒ යෝජනාව කීප වතාවක් ම කරලා තියෙනවා.

පෙරටුගාමීන් දැන් මොක ද කරන්නේ? නැවත නැවතත් සිසුන් පාරට බස්සනවා ද? හාමුදුරුවරුන් තාප්ප උඩින් සෘද්ධි කරවා සංඝ ගෞරවය තවත් නැති කිරීමට කටයුතු කරනවා ද? තරුණ භික්‍ෂූන් වහන්සේ නොමග යැවීම පිළිබඳ ව පන්සල් තුළට ප්‍රචණ්ඩ දේශපාලනය ගෙන ගිය ජ වි පෙ හා එහි අතු වග කිව යුතුයි. චම්පකත් ජ වි පෙරමුණෙන් කැඩී ගිය අයකු ලෙස තම කාර්යය ඉටු කළා. මොවුන් සියල්ලන් ම ඊනියා උගත් ගැමි තරුණ පරපුරට අයත්! ගැමි වුවත් නාගරික වුවත් අද උගතුන් කියන්නේ බටහිර දැනුම උගතුන්. බටහිර දැනුමෙන් කැඩී ගිහින් නැත්නම් බටහිර සංස්කෘතිය ඇසුරෙන් තම තණ්හාව, ඊර්ෂ්‍යාව, ඊනියා දියුණුව, නිවේදකයන් නිතර කතාකරන ඊනියා ගමනක යෙදීම ආදිය ඉහ වහා යන ප්‍රමාණයෙන් වැඩි කර ගත් අය. සිංහල බෞද්ධ සංස්කෘතියෙ අයගෙත් තණ්හාව නැතිවා නොවෙ යි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඒ පාලනය කෙරුණා. අද මෙරට රජයන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය.

සයිටම් ගමේ අයට අයිටම් එකක් නොවෙයි කියලා කිව්වෙ ඩිලාන් පෙරේරා. මා ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය ප්‍රතික්‍ෂෙප කළත් ඒ කියමන හොඳ එකක්. මේ ලිපියේ මාතෘකාව ඒ කියමන ඇසුරෙන් නිර්මාණය කරගත් එකක්. ආණ්ඩුවට අද අවශ්‍ය මර්දනය සඳහා නිමිත්තක්. පෙරටුගාමීන් හා දොස්තරලා කාලෝත් ජනමාධ්‍යවේදීනුත් සමග එකතු වී සයිටම් අවුලක් ඇති කරන්න උත්සාහ ගත්තා. සයිටම් අහෝසි කරනු කියන එක ඒ සඳහා ඉල්ලීමක් වුණා. ඒත් ඒ ඉල්ලීම උඩ දොස්තරලාට අවුලක් ඇති කරන්න බැහැ. ඔවුන්ගේ උද්ඝෝෂණ සාර්ථක වන්නේ නැහැ. කාලෝගේ අවස්ථාවාදී දේශපාලනය ක්‍රමයෙන් හෙළිදරවු වෙන්න පටන් ගත්තා. ඔහු මුල දී සයිටම් වෙනුවෙන් පෙනී සිට රැල්ලත් සමග සයිටම් විරොධී වීරයකු වීමට උත්සාහ කළා. ජනමාධ්‍ය ඔහුට ඒ සඳහා සහාය දුන්නා. සයිටම් ප්‍රමිතිය ඉහළ දැමීම වෙනුවට සයිටම් ප්‍රමිතිය කෙසේවත් ඉහළ දැමීමට බැරි යැයි ඔහු කිව්වා. ඒ ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් විය හැකියි. දොස්තරලාත් සයිටම් අහෝසි ඉල්ලීම ඉදිරිපත් කෙළේ සටන මැදදී. ජනමාධ්‍යකරුවන් ඒ ගැන කතා කෙළේ නැහැ.   

පෙරටුගාමීන් සිසුන් තවදුරටත් මුළා නොකළොත් ආණ්ඩුවට අවශ්‍ය මර්දන නිමිත්ත ඇතිවන්නේ නැහැ. දැන් ආණ්ඩුව සයිටම් වෙනුවට වෙනත් අයිටම් මගින් ඒ මර්දන නිමිත්ත ඇති වේවි කියා හිතනවා. එලෙස නිමිත්තක් ඇති නොවුවහොත් ආණ්ඩුච වෙනත් අයිටම් මගින් නිමිත්තක් ඇති කරන්න උත්සාහ කරාවි. දොස්තරලා, පෙරටුගාමීන්, ජනමාධ්‍යකරුවන්, කාලෝ සයිටම් අර්බුදයක් ඇති කිරීමට උත්සාහ කළා. ආණ්ඩුව ඒ පාඩම ඉගෙන අද සයිටම් නැත්නම් වෙනත් අයිටම් ඇති කරන්න උත්සාහ ගන්නවා. ආණ්ඩුවට අද අවශ්‍ය වන්නේ කලබලයක්. කලබලය මඩින්න ආණ්ඩුවට හදිසි නීති පනවලා මරදනය දියත් කරන්න පුළුවන්. අද ආණ්ඩුවට අවශ්‍ය  හදිසි නීති පනවා හරි නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම.

ආණ්ඩුව තම නොහැකියාවත් නිසා ප්‍රශ්න වවන බව පැහැදිලියි. ආණ්ඩුව මෝඩ යැයි කියා හිතන්න එපා.  පිං කැටය හරි අල්ලගෙන ජනතාව කුපිත කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුව ප්‍රශ්න ඇති කරන විට ප්‍රතිචාර නොදැක්විය යුතු යැයි මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් සයිටම් වැනි ව්‍යාජ ප්‍රශ්න අල්ලාගෙන බොරු සමාජවාදී උද්ඝෝෂණ අවශ්‍ය නැහැ. සයිටම් අවුල දිගට ම ගියා නම් කිහිප දෙනකු මැරෙන්න තිබුණා. හදිසි නීති පැනවීමට තිබුණා. සයිටම් අහෝසි කිරීම යනු බොරු සමාජවාදී ඉල්ලීමක්. ඒ ඉල්ලීම ජනමාධ්‍ය පඬියන්ගේ නම් ප්‍රමෝදයට හේතුවක්. ඔවුන් සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගත යුතු යැයි කිව්වේ සාකච්ඡා මගින් සයිටම් අහෝසි කිරීමටයි. ඔවුන්ට දොස්තරලාට, පෙරටුගාමීන්ට හා කාලෝට තිබුණේ සයිටම් අහෝසි කිරීම යන ඉල්ලීම පමණයි.

ආණ්ඩුව පෙරළීමට නම් රනිල් ඉවත් කර වෙනත් අගමැති කෙනකු පත් කර ගත යුතුයි. මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ බව කියනවා. එහෙත් මෛත්‍රිපාලත් මහින්දත් එයට කැමති නැහැ. එමගින් ඔවුන් රනිල් රකිනවා. ඔළුගෙඩි මාරු කිරීමෙන් ආණ්ඩුව පෙරළන්න බැහැ රනිල් අගමැති වෙලා ඉන්නකන්.  මුළු සංධානයට ම ඇත්තේ මන්ත්‍රිවරුන් අනූපස් දෙනකු පමණයි. ජ වි පෙ, ජාතික හෙළ උරුමය හා දෙමළ ජාතික සංධානය ඉන්නේ රනිල් සමගයි. ඔවුන් සියල්ලන් ම එකතු වුනාම මන්ත්‍රීවරුන් එකසිය තිස් දෙනකු  ඉන්නවා. අද එ ජා ප වෙනත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කතා කරනවා. ඒ රනිල් යටතේ. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළොත් පමණක් පාර්ලිමේන්තුවේ බලතුලනය වෙනස් කරන්න පුළුවන්. රනිල් හදිසි නීති පැනවීමට නිමිති හොයනවා. ඔහුට බටහිරයන්ගේ අවශ්‍යතාවට රණවිරුවන්ට දඬුවම් කිරීමටත් හදිසි නීති යටතේ වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන එමටත් අවශ්‍යයයි. මෛත්‍රිපාල රනිල් ඉවත් නොකළොත් රනිල් මෛත්‍රිපාල ඉවත් කරාවි. අද දිනේෂ්ටත් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. එයට මුල් වූයේ කවුදැයි පැහැදිලි නැහැ.

ආණ්ඩුව සයිටම් වෙනුවට හදිසි නීති පනවා මර්දනය කිරීමට වෙන අයිටම් සොයනවා. අප ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ සැලැස්ම (බටහිර සැලැස්ම) පරාජය කිරීමට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි.
නලින් ද සිල්වා
2017 ජූලි 16

One Response to “සයිටම් නැත්නම් වෙන අයිටම්”

  1. Ratanapala Says:

    Nalin is correct. SAITM is a red herring for the Jadapalana Panduwa. SAITM is a non issue. Any right thinking person will find it difficult to understand the difficulty in instituting an organisation for turning out Medical Graduates, as long as it meets the requisite medical, legal and educational standards. Sri Lanka has already crossed the line between free education and private education in other spheres except medinine. Entrance to medical colleges need not be restricted to passes at the GCE (A) Level. If I remember right it was on similar issues that Colombo North (Ragma) medical college made its debut.

    It diverts the attention away from more important issues that confront the nation. I would have been happey to see similar crowds protesting agains the new constitutional reforms, against governments attempt to bankrupt the farmers – paddy, rubber, coconut, tea and now pepper. I would have been happy to see people protesting against the handling of the Uma Oya project not to mention waste handling, Central Bank Bond Scam and now the same ill-gotten money being used to buy businesses such as TV and press.

    Longer non-issues like SAITM continue to occupy the easily manipulated simple minds – they constitute a respite for the Jada Palanaya to continue the Anti Sri Lanka, Anti Sinhala and Anti Buddhist agenda – made in USA and now instituted through the traitors of the Jadapalanaya.

    Similar things have happened in other countries in recent years. This is how the US through National Endowment for Democracy overturned the democratically elected government of Ukraine. See the similarities here with what happened in Sri Lanka in Jan 2015!

    See Ukraie on Fire by Oliver Stone

    To view “Ukraine on Fire” directed byOliver Stone:

    1.Download the Ukraine on fire video using a YouTube downloader using this link:
    https://www.youtube.com/watch?v=krQt8EDm-K4

    The audio in the video is predominantly in Russian language with English at the background not heard well. So to bypass this, you have to get English subtitles.

    2.Subtitles: download from this site and save in your laptop
    http://originalsubtitles.com/ukraine-fire-2016/

    3.Download the SM Player for Windows or VLC Player for Mac

    Start the player and open the downloaded video file “Ukraine on fire”. Click on the subtitles icon and click on Load subtitles. Then go to the folder where you have saved the .srt file and open it. Then subtitles will be displayed on the video as it is being played.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress