බෙන් එමර්සන්ට දොර විවෘත කිරීමේ විපාකය
Posted on July 21st, 2017

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වසා දැමීම යන කියමනක්‌ ඇත.

දැන් මෙරට සිදුවන්නේ එයයි. එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ මෙරටට පැමිණි විට ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ගොස්‌ හිටපු කොටි ත්‍රස්‌තයන් හමුවී සාකච්ඡා කිරීමට අවස්‌ථාව හිමිවිය. මෙන්ඩස්‌ මෙරටට පැමිණියේ වෝහාරික විශේෂඥයකු සමඟය.

පසුගිය සතියේ තවත් නියෝජිතයකු මෙරටට පැමිණියේය. විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුට දොර විවෘත කරමින් වව්නියාව බන්ධනාගාරයට ගොස්‌ හිටපු කොටි ත්‍රස්‌තයන් හමුවීමට ඉඩදුන්නේය.

මේ හිටපු කොටි සාමාන්‍ය සටන්කාමීන් නොවේ. ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, බිම් බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ වෙනත් බිහිසුණු අපරාධ කළවුන් සමඟ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා සාකච්ඡා කළේය.

එම කොටි මිනීමරුවෝ ශ්‍රී ලංකාවේ පොලිසිය තමන්ට දරුණු වධහිංසා කළ බවට එම එක්‌සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන්ට පැමිණිලි කළහ.

පසුගිය සටන්වලදී සිදුවූ තුවාල කැළල්ද පොලිසිය සිදුකළ වධහිංසා නිසා ඇතිවූවත් බවට පෙන්නුම් කිරීමටද හිටපු කොටි ක්‍රියාකළහ.

එම ප්‍රකාශ මත එමර්සන් ශ්‍රී ලංකාවේ පොලිසිය බිහිසුණු වධකයන් පිරිසක්‌ ලෙසට නම් කරනු ලැබීය.

මෙම එමර්සන් යනු කොසවෝ සමූල ඝාතන රවුෂ් ගර්දිකාඡ් නැමැති ත්‍රස්‌තයා ජාත්‍යන්තර අධිකරණයෙන් බේරාගත් නීතිවේදියායි.

එහෙත් ජනතාවගේ මුදල්වලින් යෑපෙන විදේශ කටයුතු බලධාරීන් බෙන් එමර්සන්ගේ පසුබිම විමර්ශනයට ලක්‌නොකළේ මන්ද?

එමර්සන්ට කොටි ත්‍රස්‌තයන් හමුවීමට ඉඩදීම යනු ඉල්ලන් කෑමකි. ඔහු දැනටමත් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව චෝදනා නගා තිබේ.

මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

ඊශ්‍රායලය හා ඉන්දියාවද එක්‌සත්ජාතීන්ගේ නියෝජිතයන්ට දොර විවෘත කළේ නැත.

එහෙත් අපේ රටේ සිදුවූයේ එහි අනිත් පැත්තයි.

එමර්සන් සමඟ සාකච්ඡා කළ හිටපු කොටි ත්‍රස්‌තයෝ සාවද්‍ය චෝදනා රැසක්‌ ඉදිරිපත් කළ අතර එම කරුණු 2017 ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ලිඛිතව ඉදිරිපත් වේ.

මෙරට විදේශ කටයුතු බලධාරීන්ගේ ක්‍රියාකළාපය අපට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී තහවුරුවිය. කොටි හිතවාදී සංවිධාන විවිධ අභූත චෝදනා එල්ල කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට විදේශ කටයුතු බලධාරියෙක්‌ නොවීය.

බෙන් එමර්සන් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අමුද්‍රව්‍ය ලබාගත්තේය. ඊට සහයවූයේ මෙරට බලධාරීන්ය. එහෙත් තම මෝඩ ක්‍රියාව වසන්කර ගැනීමට විදේශ කටයුතු බලධාරීන් විවිධ තර්ක ඉදිරිපත් කිරීමට හැකිය.

රජය කඩතොළු එකක්‌ වසාගැනීමට බෙන් එමර්සන්ට මෙරටට ඒමට ඉඩදුන්නේය. එහෙත් ඉන් සිදුවූයේ කඩතොළු දෙකක්‌ ඇතිවීමයි.

එසේම හිටපු කොටි ත්‍රස්‌තවාදීන් සිදුකළ පාපොච්චාරණ අහෝසි කරන ලෙසද එමර්සන් රජයට නිර්දේශ කර තිබේ. එහි අරමුණ සියලුම කොටි ත්‍රස්‌තයන්ට එල්ලවී ඇති චෝදනා වලින් ඔවුන්ව මුදාගැනීමයි.

එසේම නව ත්‍රස්‌ත මර්දන පණත සංශෝධනය කරන මෙන් එමර්සන් රජයෙන් ඉල්ලා තිබේ.

එම සංශෝධන සඳහා තම කණ්‌ඩායම සමඟ සාකච්ඡා කරන මෙන් ඔහු දන්වා ඇත.

මේ පසුබිම මැද එමර්සන්ගේ ක්‍රියාදාමය ගැන රජය නොසතුටට පත්වී තිබේ.

එමර්සන්ව හඳුනාගැනීමට රජයට සහ විදේශ කටයුතු බලධාරීන්ට නොහැකිවිය. එහෙත් එමර්සන් මෙරටට පැමිණියේ රජය හා විදේශ කටයුතු බලධාරීන් කවුදැයි හඳුනාගෙනය.

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය මෙයයි. මානව හිමිකම් අහිමිකළ කොටි ගැන සොයා බැලූ එමර්සන් කොටි නිසා විපතට පත්වූ සිවිල් ජනතාවගේ මානව හිමිකම් අහිමිවීම ගැන සොයා නොබැලීමයි.

මෙය පුදුමයක්‌ නොවේ. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යංශය තුළ ක්‍රියාකරන නිලධාරියකු ගැනද පසුගියදා හෙළිවිය. අදටත් ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටක සිටී.

Ö

 

One Response to “බෙන් එමර්සන්ට දොර විවෘත කිරීමේ විපාකය”

  1. Wetta Says:

    මේ ද්‍රෝහියාගේ නම ගම වසංකිරීම රටට, ජාතියට කරන අපරාධයකි. කරුණාකර කිසියම් ආකාරයකින් හේතු සාධක සහිතව මේ ද්‍රෝහියා කවුදැයි රටට හෙළි කිරීම කාගේත් යුතුකමකි.

    අඩුවශයෙන් ඔය කියන ද්‍රෝහියාගේ වැඩ කටයුතු හෙලිකල ලිපියක යොමුව (link) හෝ හෙලිකිරීම යුතුකමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress