ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව
Posted on July 22nd, 2017

නලින් ද සිල්වා

ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප නොවෙයි මහානාහිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කර ඇති දෙයකටත් එකඟ නැහැ. එහෙත් ඔවුන් සමහර දෙනකු පෙනී සිටින්නේ ජාතික පක්‍ෂ ලෙස.

මේ ව්‍යවස්ථා මණ්ඩලය පත් කෙරුණේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කෙරුවේ ම සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් රාජපක්‍ෂවරුන්ට හා රණවිරුවන්ට දඩයම් කිරීමටත්. එහෙත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නැහැ. 2015 ජනවාරි අටවැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රිපාල කියා සිටියේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙනෙන බවයි. මහින්ද ව්‍යවස්ථා සම්පාදනයක් ගැන කතා කෙළේ නැහැ. එහෙම තිබිය දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනාධිපතිවරණයේ දී ජනතාව ජනවරමක් දී ඇතැයි කියන්නේ කොහොමද?

ඉන්පසු 2015 අගෝස්තු මැතිවරණයට සංධානය ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනරමක් ඉල්ලා නො වෙයි. එ ජා පෙරමුණ පමණක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩු බලය ඉල්ලුවා. එහෙත් ඡන්දදායකයන් එ ජා පෙරමුණට ආසන 106ක් පමණයි ලබා දුන්නේ. එය පාර්ලිමේන්තුවේ බහුතරයකට වඩා අඩුයි. එ ජා පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය පනහට අඩුයි.  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් ජනවරමක් ලැබුණේ නැහැ.

එහෙත් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අසම්මත ආකාරයකින් කටයුතු ඇරඹුවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ කළ යුත්තේ පවතින දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් ජේ ආර්ගේ ව්‍යවස්ථාවට අනුකූලවයි. එහි ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයක් ගැන කියැවෙන්නේ නැහැ. එහෙත් රනිල් එවැනි මණ්ඩලයක් පිහිටෙව්වා. කාට හරි කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ එහෙම මණ්ඩලයක් පිහිටුවන්න බැහැ කියලා නැහැ කියලා. ඒත් ප්‍රශ්නය වන්නේ එහෙම මණ්ඩලයක් පිහිටුවන එකේ අරමුණ මොකක් ද කියලා.

අපට රනිල්ගේ හිත කියවන්න බැහැ. එහෙත් රනිල්ගේ දේශපාලනය හදාරා ඇති අයකුට ඔහුගේ අභිප්‍රායන් ගැන යමක් කියන්න පුළුවන්. හැරත් ඔහුට බටහිරින් උපදෙස් ලැබෙනවා. ඔහු ඉතිහාසය ගැන කියවලා තිබුණත් අලකේශ්වර ගැන කතා කළත් ඒ එකක්වත් ඔහුගේ හිතේ (ඇඟේ) නැහැ. ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතිය තේරෙන්නේ නැහැ. ඔහු ඉරටු තියෙන කොස්සක් ගැන කියන්නේ එබැවිනුයි. සිංහල බෞද්ධ සංස්කෘතියට පමණක් නොවෙයි කිසිම සංස්කෘතියකට පොත් කියවීමෙන් පමණක් ඇතුල් වෙන්න බැහැ. බටහිරයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයත් එයයි.

රනිල් අසම්මත ආකාරයකින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යන බව පැහැදිලියි. ඔහු සමහරවිට පාර්ලිමේන්තුව ඉක්මවා යෑමට අදහස් කරනවා වෙන්න පුළුවන්. ඒ සඳහා ඔහු වැරදි උදාහරණයක් සපයමින් බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව සම්පාදනය කෙළේ පාර්ලිමේන්තුවෙන් පිට බව කියන්නත් පුළුවන්. ඒත් එයට හේතුවක් තිබුණා. එදා අපට එංගලන්ත පාර්ලිමේන්තුවෙන් නිදහස් වීමේ අවශ්‍යතාව තිබුණා. අද රනිල්ට ඒ අවශ්‍යතාව නැහැ.

රනිල් මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කර ගැනීමේ යෝජනාවක් සම්මත කර ගත්තා. එයට ඒකාබද්ධ විපක්‍ෂයත් ඡන්දය දුන්නා. එය අන්තිම මෝඩ වැඩක්. ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන්නේ පාර්ලිමේන්තුවේ ද පිට ද කියන එක වැදගත් නැහැ. රැස්වන්නේ පාර්ලිමේන්තුව නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් සතුටු වන්නේ තමන් රැස්වන්නේ පාර්ලිමේන්තුවේ කියමින්. එහි වැදගත් කමක් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් අස්විය යුතු ය කියන යෝජනාව කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. එයට ජනමාධ්‍යයේ නම් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ජනමාධ්‍ය පඬියන්ට ඒ කාරණා වැදගත් නැහැ. ඔවුනුත් ක්‍රියා කරන්නේ යම් දේශපාලන න්‍යාය පත්‍රයකට එකඟවයි. මේ සාච්ඡාව ගැන මහින්ද නම් දැන සිටියා. එක් අවස්ථාවක පිරිසක් මහින්ද හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ විපක්‍ෂය අනුකමිටු හයෙන් අස්වුණා. එහෙත් මෙහෙයුම් කමිටුවෙන් අස්වුණේ නැහැ.

අද වන විට මහානායක හාමුදුරුවරුන් ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරලා. මා කලින් දවසක කියා ඇති පරිදි භික්‍ෂූන් වහන්සේ සම්ප්‍රදායට අනුව  සිංහල බෞද්ධ රාජ්‍යයේ එක් අංගයක්. ඩොයිලි ඒ සම්ප්‍රදාය කැඩූ නිසා ඒකාබද්ධ විපක්‍ෂයට  මහානායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය වැදගත් නැද්ද? එය වැදගත් වන්නේ කාට ද කියන ප්‍රශ්නය අසන්න වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය තමන් පෙනී සිටින්නේ කා වෙනුවෙන් දැයි ප්‍රකාශ කරන්නේ නම් හොඳයි. එහි උපදේශකයන් හා තීරණ ගන්නා අය අතර ජාතිකත්වයට වඩා බොරු සමාජවාදය අගයන පිරිස් ඉන්නවා. ඒකාබද්ධ විපක්‍ෂය භික්‍ෂූන් වහන්සේට වඳිමින් ඩොයිලි අනුගමනය කරනවා.

ජා නි පෙ ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වීම නිසා දැන් ඒ මණ්ඩලය සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මණ්ඩලයක් වන්නේ නැහැ. කිසිවකුට කිසිම මන්ත්‍රීවරයකුට එහි සාමාජිකයකු වීමට කියා බල කරන්න බැහැ. එකි මණ්ඩලයෙන් අස් වූ පමණින් මන්ත්‍රීකම අහෝසි වන්නේත් නැහැ. ඒ මණ්ඩලය පිහිටෙව්වේ පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනාවක් මගින්. එයට විරුද්ධවීමේ අයිතිය ඒකාබද්ධ විපක්‍ෂයට තිබුණා. එමෙන් ම මණ්ඩලය පිහිටුවා ගත් පසු එයින් අස්වීමේ අයිතිය ද ඕනෑම මන්ත්‍රීවරයකුට තියෙනවා. අස් වූ පමණින් මන්ත්‍රී ධුරය අහෝසි නොවුණත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අස්වීමෙන් පසු එය සියළු මන්ත්‍රීවරුන්ගේ මණ්ඩලයක් බවට පත්වන්නේ නැහැ. එහි වලංගු භාවයක් නැහැ.

රනිල්ට පාර්ලිමේන්තුව ඉක්මවා යැමට නම් සියළු ම්න්ත්‍රිවරුන්ගෙන් සමන්විත ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය ව තිබුණා. දැන් එය නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් අස් වී නම් ඒ තවත් අගෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය තොරතුරු දැන ගැනීමට කියමින් එකි මණ්ඩලයේ රැඳී සිටිනවා. තොරතුරු දැන ගැනීමට මණ්ඩලයේ රැඳී සිටින්න ඕන නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය අමාත්‍ය මණ්ඩල තොරතුරු ලබා ගන්නේ කෙසේ ද? ඒකාබද්ධ විපක්‍ෂයවත් පොහොට්ටු පක්‍ෂයවත් තවදුරටත් අපට බොරු කරන්න ඕන නැහැ.

 

නලින් ද සිල්වා

2017 ජූලි 20

6 Responses to “ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව”

  1. Senerath Says:

    Before all that we must thank Maha Sangha. Then WW. Those who are in ද්‍රෝහි මණ්ඩලයෙ cannot be patriots.

  2. Dilrook Says:

    JO has chosen the President instead of the people because only the president can appoint the prime minister. JO will never get the PM post as it cannot win the support of the president or a majority of the parliament. However, nearing the 2019 presidential election, UNP and Sirisena may appoint Mahinda as the PM just to show the people that even he cannot turn things around.

  3. Senerath Says:

    ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩල අවුලෙන් ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වෙයි…
    අජිත් අලහකෝන් – ප්‍රියදර්ශන ලියනගේ

    අභ්‍යන්තර මත ගැටුම් නිසා ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වීමේ අවදානමක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මෙම තත්ත්වය ඇති වීමට ආසන්නතම හේතුව ලෙස එම ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් විය යුතුය යන යෝජනාවය. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ ද එහි නායකත්වයට බල කර ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් නොවී ඒ තුළ සිටිමින් රටට අහිතකර යෝජනාවන්ට එරෙහිව හඬ නැඟිය යුතු බව තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ ප්‍රකාශ කර තිබේ. එම නිසා ඉන් ඉවත් නොවෙන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලා ඇත. එහෙත් ඊට අවනත නොවී විමල් වීරවංශ මහතා ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරු පිරිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයෙන් ඉවත් වීමේ ලිපිය කථානායක කරු ජයසූරිය මහතාට පසුගියදා භාර දුන්හ.

    මේ සම්බන්ධවත්, පොලොන්නරුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඉන් ඉවත් වන බවට කෙරෙන ප්‍රකාශත් නිසා පක්‍ෂය තුළ අර්බුද හටගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

    ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සහාය ලබා දීමට සූදානමින් සිටින බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    රාජපක්‍ෂ පවුල් පාලනය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් දැන් තිත්ත වී ඇති බව හෙතෙම කීය.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන මෙම කණ්‌ඩායම ජනාධිපතිවරයා සමඟත් පක්‍ෂයේ ප්‍රබලයන් සමඟත් සාකච්ඡා වට ගණනාවක්‌ පවත්වා තිබෙන බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

  4. Ratanapala Says:

    The reason for this fiasco is the presence of Pseudi Marxists – Vasudeva Nanayakkara, “Prof’ Tissa Vitharana and other discredited Marxists in the joint opposition. They are in the Joint Opposition because, by themselves they have no vote base.

    Mahinda Rajapakse is getting populare support by visiting temples throughout the island. However this time around he should not betreay who is giving him to stage a comeback.

    People are tired of the Jadapalanaya and now increasingly with the ‘do nothing’ Joing Opposition hijacked by the aforementioned pseduo Marxists. Soon they will be tired of just coming to see Mahinda Rajapakse or even coming on to the streets to support the activities of the Joint Opposition – which is incresingly becoming an empty drum with little inside!

    In the end it is the ordinary people of Sri Lanka who are getting betrayed by the Joint Opposition not playing the role expected of them. It is hightime they left the bogus Constitutional Assembly, when it is clear as day light that Jadapalanaya is out to buy the necessary votes in the parliament and then rig the referendum using funds generated by the Central Bank Bond scam.

  5. Dilrook Says:

    I have to agree with Ratanapala.

    Unlike tribal minded minorities, Sinhala voters don’t unify under the ethnic label just for the sake of unity. They look for policy. Especially when Buddhism, unitary character, democracy and equality are at stake. Unlike minorities also driven by hate, Sinhalese don’t vote with hate. They are more objective and moderate.

    1977 to 1991 UNP government was a disaster in every aspect but no one could dislodge it because the opposition played it safe like the JO now plays. The Sangha has done the most difficult part. A statement of requests is there. JO only has to take it up and run. If the JO cannot do it, the Sinhala vote is sufficiently fragmented to keep the UNP in power.

  6. Ananda-USA Says:

    Charles,

    A few days ago AFTER the NFF led by Wimal Weerawansa left the Constitutional Assembly, MR held an emergency meeting of the JO to discuss the corresponding JO strategy on the issue.

    After the meeting was held, he told the media that the remaining JO members would remain within the Constitutional Assembly while the NFF-part of the JO leaves it. The overall strategy is to attack and prevent the passage of the New Constitution from both without and within the Constitutional Assembly. He said that they agreed not to fosclose their strategy more than that.

    Like you, I called for the JO to leave he Constitutional Assembly. But perhaps, as MR says, a better strategy is to attack it from both inside and outside the Assembly, without allowing the Yamapalanaya FREE REIN to do whatever they please without any OVERSIGHT, depending SOLELY on OPPOSITION from outside and reliance on a referendum which may or may not be held as the Yamapalanaya decides. By leaving the Assembly, the JO would be BLIND to the maneuvering of the DESHA-DROHI ROOKADA Yamapalanaya that CANNOT BE TRUSTED on anything.

    MR also said that 17 SLFP-Sirisena MP’s would LEAVE the goverment and he even laughingly said that as many as HALF of the Sinhala-Buddhist UNP MP’s may also DEFECT!

    The latter may be a pie-in-the-sky FOND HOPE of MR, but he knows far more than I of the INTENSE horse-trading that is going on right now to engineer the DEMISE of the Yamapalanaya!

    All I can do is to PRAY for the TRIVIDARATNAYA to HELP THE PATRIOTIC FORCES of Sri Lanka to OUST this DESHADROHI WADA-BARI PARA-GATHI ROOKADA Yamapalana government IMMEDIATELY before they can execute their plans to DESTROY our Motherland!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress