ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය
Posted on July 23rd, 2017

නලින් ද සිල්වා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.

එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයට නිර්ලජ්ජිත ව ද්‍රෝහි ව සහභාගි වෙනවා. අද ඒකාබද්ධ විපක්‍ෂය ජාතිකත්වයෙන් ක්‍රමයෙන් කසිකබල් ව්‍යාජ සමාජවාදයකට මාරුවෙමින් පවතිනවා. ඔවුන් සයිටම් වෙනුවෙන් දක්වන විරුද්ධතාව ව්‍යවස්ථාව වෙනුවෙන් දක්වන්නේ නැහැ. එහි  ප්‍රකාශකවරු තමන් නොදන්නා වෙසක් උත්සව ගැන නිදහස් අධ්‍යාපනය ගැන මාධ්‍ය සාකච්ඡාවල බෙරිහන් දෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ෆෙල්ට්මන් හමුවෙලා තමන් ඒකීයත්වය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ගැන දරණ ස්ථාවරය දැන්වීම හොඳයි. ඒත් එය මදි.

රනිල් වචන හරඹයකින් අසම්මත ආකාරයකින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හදනවා. ඒ සමස්ත ක්‍රියාවලියෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වෙන්න ඕන. ඔය ව්‍යවස්ථා මණ්ඩලයෙ හිටියා කියලා කිසිම සෙතක් නැහැ. අනුකාරක කමිටු හයේ හිටිය කියලා මොනව ද ලැබුණෙ. තමන්ගෙ යෝජනා අනුකමිටු වාර්තාවල කොපමණ තිබුණ ද? අද ජා නි පෙ ව්‍යවස්ථා මණ්ඩලයෙන් අයින් වෙලා. දැන් ඒකට වලංගුබවක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය තවදුරටත් එහි රැඳී සිටින්නේ ඇයි? 

සම්බන්ධන්ලාට අවශ්‍ය වචන හරඹයකින් ඒකියබවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමත් නැති කරන්න. ඔහු ඕස්ත්‍රේලියානු විදේශ ඇමතිවරිය හමුවෙලා නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම කල් යන බවට පැමිණිලි කරලා. ඔහු සහ තවත් අය බටහිර ආධාර ඇතිව ව්‍යවස්ථාව සම්පාදනය කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය කුමක් දෝ හේතුවකට රනිල්ට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනියමින් හවුල් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටන ජනමාධ්‍ය හා එහි නිවේදකයන් ව්‍යවස්ථාවට වඩා සයිටම් ආයතනයට තැන දෙනවා. මේ නිවේදකයන් වැඩ කරන්නෙ අයිතිකාරයන්ගෙ වුවමනාවට බව අපට හොඳහැටි වැටහෙනවා.

ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගැනීමේ දී සම්මත වූ යෝජනාවේ පළමු වගන්තිය මෙහි පළවෙනවා. කලින් කී පරිදි යෝජනාවේ කුමක් සඳහන් වුවත් ජනතාව අතර ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට එකඟත්වයක් නැහැ. මේ බොරු යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන්නා! මෙහි සඳහන් වන්නේ මුළු පාර්ලිමේන්තුව ම සමන්විත වන පරිදි මන්ත්‍රීවරුන්ගේ (මන්ත්‍රිවරයන්ගේ – නීතිපති දෙපාර්තමේන්තුවේ සිංහල)  පූර්ණ කාරක සභාවක බලතල ඇති මණ්ඩලයක් පිහිටුවන බවයි. එය ස්ථාවර නියෝග යටතේ පත් කළ පූර්ණ කමිටුවක් නො වෙයි. එය පූර්ණ කමිටුවක බලතල ඇති මණ්ඩලයක්. පූර්ණ කමිටුවක් හා පූර්ණ කමිටුවක බලතල ඇති මණ්ඩලයක් අතර වෙනසක් තියෙනවා. මේ මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබේ රැස්වුණාට ස්ථාවර නියෝග යටතේ පත්කළ කමිටුවක් නො වෙයි. මෙය රනිල්ගේ හා බටහිරයන්ගේ උප්පරවැට්ටියක්.

ඒ මණ්ඩලය පාර්ලිමේන්තුව ම සමන්විත වන පරිදි පත් කළ මණ්ඩලයක්. එහි සාමාජිකත්වයෙන් ජා නි පෙ අස්වීම ඉතා වැදගත්. තවදුරටත් මේ මණ්ඩලයට වලංගුබවක් නැහැ. අර කවුදෝ නීතිඥ පඬියකු කියා තිබුණත් ඒ මණ්ඩලයෙන් අස්වීම නිසා ජා නි පෙ මන්ත්‍රීවරුන් ගෙදර යා යුතු නැහැ. මේ අවලංගු වූ මණ්ඩලයේ ඒකාබද්ධ විපක්‍ෂක්‍ෂය තවදුරටත් රැඳී ඉන්නේ ඔවුන්ට ඡන්දය දුන් අයගේවත් පොදුවේ භික්‍ෂූන් වහන්සේගේවත් වුවමනාවට නො වෙයි. එහෙනම් ඒ කාගේ වුවමනාවට ද කියලා අහන්න වෙනවා.  

ආණ්ඩුකම  ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය.

ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති හෙයින් ද 

ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාගෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවේ   75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ වෙත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ  කාර්ය සඳහා සමස්ත පාර්ලිමේන්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිමේන්තු මන්තීවරයන්ගෙන් සමන්විතවන මෙහි මින් මතු ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

 

නලින් ද සිල්වා

2017 ජූලි 22

 

One Response to “ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය”

  1. Ananda-USA Says:

    MORE UNPRODUCTIVE elected POLITICIANS is the LAST THING Sri Lanka NEEDS!

    Instead of STREAMLINING GOVERNANCE and REDUCING the NUMBER of these UNPRODUCTIVE PARASITES, we are going to BURY OURSELVES under MORE and MORE bureaucrats on the PUBLIC DOLE!

    Is this the Yamapalanya/UNP STRATEGY to win ALL future ELECTIONS, by BRIBING MORE PEOPLE with Govt Jobs??

    May God help us; WE NEVER LEARN!

    ………………………………..
    Number of LG members will double: Minister

    DailyMirror.lk
    2017-07-24

    Number of members elected to 336 Local Government bodies under the new electoral system will be doubled while the number of Local Government bodies will be increased by one Pradeshiya Sabha the Local Government and Provincial Councils Minister Faiszer Musthapha said yesterday.

    Accordingly the number of members to be elected to the Municipal Councils, Urban Councils and Pradeshiya Sabhas is to be increased to 8,825 from the current 4,486, and the new number of Local Government bodies will be 336.

    Under the newly introduced Local Government Electoral (Amendment) Act no. 22 of 2012 more than 2,200 women members representing 25% of the total number of elected members are expected to be elected and a new Pradeshiya Sabha will be established at Millennia.

    “I expect party leaders will approve the amendments to the Act at the next session of Parliament enabling the government to conduct Local Government polls in this year. We will have to go for the polls before November as the Elections Department is scheduled to conduct GCE O/L examination during this time. The Elections Department also needs a minimum 65 days to conduct polls since the Gazetting of the Local Government election,” Minister Musthapha added.

    “The delimitation commission report released in August 2015 following passing of the Act in 2012 was full of errors, mistakes and inconsistencies and was vehemently opposed by minority parties as well as the SLFP and the UNP. If we are to conduct Local Government polls under the new electoral system, we should have first rectified the blunders that had been made by the Delimitation Commission in addition to finalizing the marking of boundaries of Local Government bodies. That is why I appointed the five member official committee headed by Asoka Peiris to look into the issue with the consent of all political parties,” Minister Musthapha emphasized.

    If the government postponed the Local Government polls accordingly, the elections to 23 Municipal Councils, 41 Urban Councils and 272 Pradeshiya Sabhas will have to be held on a same day as all current Local Government bodies numbering 335 would have completed their term of office by then.

    Many Local Government bodies completed their term of office on March, 31, 2015, some others on July 31st of that year and few others on October 16, 2015. Another few Local Government bodies completed their term of office on August 24, 2013 and they are being run under special commissioners or Secretaries.

    All Local Government bodies in the Western Province, including the Colombo, Kotte- Sri Jayewardenepura, Dehivala – Mt. Lavinia, Negombo and Gampaha completed five year term on October. (Sandun A Jayasekera)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress