වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැරගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය බියසුල්ලන්ගේ හීන කි‍්‍රයාවක් 
Posted on July 23rd, 2017

ජනමාධ් නිවේදනයයි ජාතික භික්‍ෂු පෙරමුණ

පසුගිය 20 වැනි බ‍්‍රහස්පතින්දා සවස කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ පැවති මාධ්‍ය හමුව අවසන වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ආණ්ඩුවේ මැරයින් විසින් පැහැර ගැනීමට ගත් උත්සාහය මුළු රටම දකින ලදි. මෙය ඉතාමත් නින්දාසහගත උත්සාහයක් බැවින් රයන් ජයලත් පැහැර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය බියසුල්ලන්ගේ හීන කි‍්‍රයාවක් ලෙස ජාතික භික්‍ෂු පෙරමුණ හෙළ දකින්නෙමු.

            මෛතී‍්‍ර, රනිල් ආණ්ඩුවත් රාජපක්‍ෂ ආණ්ඩුවත් මෙතෙක් තිබුණ සියලූ ආණ්ඩුත් ජනතා ගැටලූවලට උත්තර දෙනවා වෙනුවට තර්ජනය, මර්දනය, මරණය යන තුන්බිය ඇතිකළා මිස කළ අන් යමක් නැත. ඔවුන්ට සුදු වෑන් උවමනාවූයේ ඒ සඳහාය. එනමුත් ඔවුන්ගේ ඒ බියැන්වීම්වලින් වැනසුනේ ඔවුන්ම මිස අරගල කළ ජනතාව හෝ ඔවුන්ගේ උස් අරමුණු නොවේ.

            වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ කාර්්‍යයේදී රනිල් රාජිත නාමයන් ඉදිරියේ ඇත්තේ කලූ පැල්ලම් බව ජනතාවට හොඳින් මතක ඇත. ආණ්ඩුවට එකක් කඩතොළු වසා ගැනීමට සියක් කඩතොළු හදාගැනීමට සිදුවී ඇතිබව දැන් හොඳින් පෙන්නුම් කරමින් ඇත. මෛතී‍්‍ර රනිල් හවුල් ආණ්ඩුව මෙවැනි නිහීන කි‍්‍රයා සිදුකරමින් දිනෙන් දින ජනතාව සටනට කැඳවන්නේ නම් එය ආණ්ඩුවේ අවසානය ඉක්මන් කරගැනීමක් බව මතක තබාගත යුතුබව අපි අවධාරණය කරන්නෙමු. 

පූජ් වකමුල්ලේ උදිත හිමි

ලේකම් 

ජාතික භික්ෂු පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress