“සයිටම් භීතිකාව” 
Posted on July 24th, 2017

රාඡේන්ද්‍ර අල්විස්‌ කැනඩාවේ සිට උපුටා ගැන්ම දිවයින

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව, වසර 2015 දී ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ජීවිතාපේක්‍ෂාව 74.95 විය. මේ තත්ත්වය වසරින් වසර ක්‍රමිකව දියුණුවට පත්වූ බව ද මේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. එමෙන්ම මාතෘ හා ළදරු මරණ සංඛ්‍යාවද අපේ අසල්වාසී අග්නිදිග ආසියානු රටවලට වඩා බෙහෙවින් අඩුය. ශ්‍රී ලංකා සුව සේවාවේ මේ ගුණාත්මක තත්ත්වය ක්‍රමිකව වර්ධනයට පත්වූයේ අපේ රටේ මෑත භාගයේ සිටි සම්මානනීය හා ආදර්ශවත් වෛද්‍ය පරපුර නිසා බව ඔවුනට ගෞරව පිණිස කෘතවේදීත්වයෙන් යුතුව සඳහන් කළ යුතුය.

ඕනෑම වෘත්තියක සමාරම්භක තලය හෙවත් පදනම වන්නේ එරටෙහි ක්‍රියාත්මක වන අධ්‍යාපන පද්ධතියයි. එනිසා සෑම වෘත්තියකම මව්බිම සේ සැලකෙන මේ අධ්‍යාපන පද්ධතියෙහි අන්තර්ගත අපේක්‍ෂණයන් පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගැනීම කාටත් ප්‍රයෝජනවත් වේ. අධ්‍යාපන පද්ධතියක ඇතුළත්වන සියලු අපේක්‍ෂණයන් පිළිබඳව, බෙන්ජමින් බ්ලූම් ඇතුළු ප්‍රධාන පෙළේ අධ්‍යාපන විශේෂඥයන් පිරිසක්‌, වසර 1951 දී ඇමරිකාවේ, චිකාගෝ නගරයේ රැස්‌වී ශාස්‌ත්‍රීය වර්ගීකරණයක්‌ කර එය ප්‍රකාශයට පත්කරන ලදී. මේ විද්වත් පිරිස අධ්‍යාපන පද්ධතියක පවතින අරමුණු සියල්ල ක්‍ෂේත්‍ර තුනක්‌ යටතේ ගොනුකර දක්‌වන ලදී. ඒ විඤ්Æණ  ආවේදන  හා මනෝචාලක යනුවෙනි.

ඉහත දැක්‌වූ වර්ගීකරණයට අනුව කවර හෝ විෂයකට අදාළ හුදු දැනුම් සම්භාරය විඤ්Æණ ක්‌ෂේත්‍රයටත් සහකම්පනය, සහවේදනය, කරුණාව, දයාව, මෛත්‍රිය වැනි සාරධර්මයන් ආවේදන ක්‌ෂේත්‍රයටත්, අත්පා හා ඇස්‌ ආදිය සුරු ලෙස මෙහෙයවා කරන ක්‍රියාකාරකම් මනෝචාලක ක්‌ෂේත්‍රයටත් ඇතුළත් වන බව සරල ලෙස පෙන්වා දීමට පුළුවන.

මේ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ වත්මන් පරපුරෙහි වෛද්‍යවරු ආවේදන ක්‌ෂේත්‍රයෙහිදී බරපතළ දරිද්‍රතාවක්‌ දක්‌වන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. එහෙත් ඔවුන් විඤ්Æණ හා මනොචාලක ක්‌ෂේත්‍රයන්හිදී නම් උසස්‌ තලයක පසුවන බව යුක්‌තිය ඉටුකිරීම පිණිස මෙහිදී පැවසිය යුතුවේ. මේ වෛද්‍යවරුන් ආවේදන ක්‌ෂේත්‍රයෙහිදී දක්‌වන දුප්පත්කමේ වගකීමේ වැඩි ප්‍රතිශතයක්‌ භාරගත යුත්තේ, අධ්‍යාපන ලාභීන්ගේ ගුණ – නැණ ක්‌ෂේත්‍රයන් දෙකෙහිම සාමාන්තර දියුණුවක්‌ ඇතිවන පරිදි අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අසමත් වූ පසුගිය වකවානුවේ සෑම රජයකම සිටි ගුණ – නැණ දෙකින්ම පිරිහී ගිය අමන දේශපාලකයන් විසිනි.

රටට වින කළ මේ දේශපාලකයන් විදේශිකයන්ගේ ඕනෑකම්වලට ගැලපෙන පරිදි, දුරදිග නොබලා, සාහිත්‍ය, කලා, ඉතිහාසය, ආගම් ඈ පාසල් විෂය මාලාවෙන් දිගට හරහට කප්පාදු කර දමන ලදී. මේ කප්පාදුවේ අනිටු විපාකයන් අද හැම පැත්තෙන්ම විඳීමට සිදුවී තිබෙන්නේ රටේ පොදු මහජනතාවටය. රටේ ඉතිහාසය ඉගෙනීමෙන් අප රැකගත යුතු අපේ උරුමය කුමක්‌දැයි හෙඳින් වටහා ගැනීමට හැකිවන අතර, සාහිත්‍ය, කලා, ආගම් නිසි ලෙස අධ්‍යයන කිරීමෙන් දයාව, කරුණාව, මෛත්‍රිය වැනි අතිමානුෂ සාරධර්මයන් ප්‍රගුණ කර ගැනුමට අවස්‌ථාව සැලසේ. වර්තමාන පරපුරේ වෛද්‍යවරුන්ගේ අසංවර හැසිරීම තම රටේ උරුමය හා සාරධර්ම හඳුනා නොගැනීම කදිමට පිළිබිඹු කරවන කැටපත් පවුරක්‌ බඳුය.

සයිටම් ආයතනය නීතිගත කිරීමේදී, සිසුන් බඳවා ගැනීමේදී හා ඔවුනට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීමේදී පැහැදිලිsවම ඌනතා තිබෙන්නට ඇති බවට කිසිදු සැකයක්‌ නැත. එහෙත් දැන් සිදුවී ඇත්තේ මුදල් වියපැහැදම් කර, ඉතා වෙහෙස දරා ඉගෙන ගත්තාට පසු මේ වෛද්‍ය සිසුනට යන එන මං නැතිවීමය. මේ දරුවෝ ඒරොප්පෙ සිට ආවෝ නොවෙති. මේ අවස්‌ථාවේදී දැනට කළ යුත්තේ කවුරුත් නම්‍යශීලී වී මේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනයෙහි යම් ඌනතා වේ නම් ඒවා නිවැරැදි කර ගැනීමට නිසි ක්‍රමවේදයක්‌ සකසා ඔවුනට සාධාරණය ඉෂ්ට කිරීමය. ප්‍රමිතීන් ගැන කතා කරන්නට තිබුණේ මේ සියල්ල සිදුවීමට පෙරය. මෙය යුද්ධ නිමා වූවාට පසු ඔත්තු සෙවීම වැනි නිරර්ථක ක්‍රියාවකි.

ඉන්දියාව, නේපාලය, රුසියාව, චීනය, කියුබාව, අප්‍රිකාව වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබා එන ලාංකික සිසුනට නියමිත විභාගයකට (Aජඑ 16) පෙනී සිට සමත්වීමෙන් පසු රජයේ වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබාදීමේ සාධාරණ ක්‍රමයක්‌ ලංකාවේ ක්‍රියාත්මක වේ. මේ රටවල වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් නිසි ලෙස රැකී ඇතැයි අපි සිතමු. එහෙත් එහි යම් යම් ඌනතා තිබෙන්නට ද පුළුවන. රජයේ වෛද්‍යවරුන් මේ රටවල පවත්නා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ගැන සොයා බැලීමක්‌ කර ඇති බවක්‌ අපි නොදනිමු. කරුණු එසේ නම් මේ දෙබිඩි ප්‍රතිපත්තියට මුවා වූ කිසියම් සැඟවුණු ෙච්තනාවක්‌ මොවුනට තිබේ යෑයි අපට සාධාරණ ලෙස සැක සිතේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු (එසේම බොහෝ උගතුන්ද) සිතා සිටින්නේ තමන් සිය අධ්‍යාපනය නොමිලයේ ලද බවයි. මෙය නිදහස්‌ අධ්‍යාපන සංකල්පය කනපිට හරවා වැරදි ලෙස තේරුම් ගැනීමකි. මේ උගතුන් කාහටත් අධ්‍යාපනය ලබා දීමෙහි ආර්ථික බර දරන ලද්දේ මෙරට අහිංසක ජනතාව විසිනි. පාර අතුගෑම්, කාණු කැපීම්, කිරි කැපීම්, දලු කැඩීම්, බස්‌ එලවීම් හා අරාබිකරයට ගොස්‌ බැල මෙහෙවර කිරීම් ආදියෙන් මේ රටේ අසරණ ජනතාව රජයට ගෙවූ බදු ආදිය නිසා මේ අධ්‍යාපන ලාභීන්ට ශීත කාමරවල හෝ විදුලිපංකා යට හෝ සිට හොඳ අධ්‍යාපනයක්‌ ලැබීමට අවස්‌ථාව සැලසිණි.

ඉහත කී අනගි අවස්‌ථාව තමනට ලබාදුන් ජනතාවට ප්‍රතිදාන වශයෙන් මේ වෛද්‍යවරු ඔවුනට ලබා දෙන්නේ කුමක්‌ද? තමනට හිතෙන හිතෙන දේ ලබා ගැනීමට බැරි වූ හැම අවස්‌ථාවකම මේ වෛද්‍යවරු කරන්නේ රෝගී වූ ජනතාව ප්‍රාණ ඇපකරුවන් සේ තබා වැඩ වර්ජනයෙහි යෙදීමය. මේ ක්‍රියාකලාපය දොස්‌තර කමට තබා අඩුම තරමින් හුදු මිනිස්‌ කමටවත් ගැලපේ දැයි වරක්‌ නොව දෙවරක්‌ සිතා බැලිය යුතුය.

ප්‍රමුඛතා පදනම මත වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවිය යුතු, වෛද්‍ය ක්‌ෂේත්‍රයේම ප්‍රශ්න රාශියක්‌ රට පුරාම ඉතිරී පැතිරී ගොස්‌ තිබේ. රජරට හා තදාසන්න ප්‍රදේශයන්හි ජනගහනයෙන් වැඩි කොටසක්‌ වකුගඩු රෝගීහුය. ඔවුනට බීම සඳහා සුදුසු, පිරිසිදු ජලය නොමැත. බොන ලද අපිරිසිදු වතුර ටික පවා රෝගී තත්ත්වය නිසා ශරීරයෙන් හරි හැටි පිටකර ගැනීමට ඔවුනට බැරිය. ඩෙංගු රෝගීන් ගෙන් රට පිරී තිබේ. ඔවුන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස්‌ය. සමහරු ඇඳන් යටය. එයින් සිදුවන මරණ සංඛ්‍යාව ද පුදුම එලවන සුලුය. කලකට පෙර ලංකාව සිය දිවි නසා ගැනීමෙන් ප්‍රථම ස්‌ථානය දිනාගෙන තිබිණි. දැනුදු වසරකට 4000 ක්‌ පමණ හෙවත් එක්‌ දිනකදී 11 දෙනෙකු පමණ දිවිතොරකර ගනිති. ඉහ ගිනි ගත්තා සේ මේ දැවෙන ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තෝ මෙරට වෛද්‍යවරුන්ය.

මේ අතර, ඇතැම් වෛද්‍යවරු සුළු සංඛ්‍යාවකගේ හැසිරීම් රටාව පුqදුම එලවන සුලුය. කලකට පෙර, නිදහස්‌ වෙළෙඳ කලාපයේ කාන්තාවක්‌ තරුණ වෛද්‍යවරයකු විසින් දූෂණය කොට තට්‌ටු ගොඩනැඟිල්ලකින් බිමට දමා ඝාතනය කිරීමේ සිද්ධියක්‌ වාර්තා විය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ රෝහලක කනිටු වෛද්‍යවරයකු එහි සේවය කළ දෙටු වෛද්‍ය නිලධාරියාගේ නිවසේ වතුර ටැංකියට සුළු සේවකයකු ලවා වස දැමීමේ සිද්ධියක්‌ පුවත්පතක වාර්තා වී තිබිණි. එමගින් ඒ වෛද්‍යවරයා ඇතුළු එතුමාගේ මුළු දරු පවුලම අසාධ්‍ය ලෙස රෝගාතුර වූහ. මාතර ආරෝග්‍ය ශාලාවේ සීමාවාසික සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකුගේ වැරදි ප්‍රතිකාර නිසා රෝගීව සිටි නීති ශිෂ්‍යාවකගේ අත කපා දැමීමට සිදුවිය. කොළඹ ප්‍රදේශයේ රෝහලක සේවය කළ තරුණ වෛද්‍යවරයකු වැසිකිළියක කැමරාවක්‌ අටවා තරුණියන් සිරුරු කිස කරන ආකාරය පටිගත කිරීමක යෙදුණු බව අපි පුවත්පත්වල දුටුවෙමු. මෙවැනි දේ සිදුවන්නේ කලාතුරකින් බව සැබෑය. මේ දුර්ගුණ සමස්‌ත වෛද්‍ය ජනගහනය වෙතම සාමාන්‍යකරණය කළ නොහැකි බවද එලෙසින්ම සැබෑය. කුදු මහත් සෑම ප්‍රශ්නයක්‌ ගැනම පෙනී සිටින වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේවා ගැන ගොළුවත රැකීම යුක්‌ති යුක්‌ත නොවේ.

සුව සේවා ක්‌ෂේත්‍රයේදී, ඈත අතීතයේ සිටම, කිසිම රටකට නොදැවෙනි පෞඪ ඉතිහාසයක්‌ අප සතුව තිබේ. මේ ඓතිහාසික උරුමය රැක ගැනීම අප කාගේත් යුතුකම වන අතර වෙසෙසින්ම එය අප රටේ වෛද්‍යවරුන්ගේ යුතුකම බව අමුතුවෙන් කිව මනා නොවේ. ශ්‍රී ලංකාවේ සුවසේවා ඉතිහාසය, මහාවංශ වාර්තා අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා විහිදී යයි. නේවාසික ආරෝග්‍යාශාලා සංකල්පයේ නිර්මාතෘවරු අපේ පැරැණි රජ දරුවෝය. මේ බව බටහිර ඉතිහාසඥයෝ ද අවිවාදයෙන් පිළිගනිsති. පණ්‌ඩුකාභය රජතුමා සිය අගනුවර වූ අනුරාධපුරයෙහි මාතෘ නිවාස හා සුවපත් වෙමින් සිටි අය සඳහා ලැගුම් හල්ද ඉදිකළේය. දෙවැනි සේන රජතුමා විසින් (නව වැනි සියවසේදී පමණ) මිහින්තලයේ ගොඩනංවන ලද ආරෝග්‍ය ශාලාවක පුරාවිද්‍යාත්මක නටබුන් සොයාගෙන තිබේ. මෙය මුළු ලෝකයේම ප්‍රථම ආරෝග්‍ය ශාලාව ලෙස සැලකේ. දැහැමි නරපතියකු ලෙසත්, දක්‍ෂ වෛද්‍යවරයකු ලෙසත් බුද්ධදාස රජතුමාට ඉතිහාසයේ කීර්තිමත් ස්‌ථානයක්‌ හිමිවේ. එතුමා වෛද්‍යවරයකු, ශල්‍ය වෛද්‍යවරයකු, නාරිවේද හා ප්‍රසව විශේෂඥයකු හා පශු වෛද්‍යවරයකු ලෙස ඉතිහාසයෙහි මහත් සම්භාවනයක්‌ හිමිකර ගනී. එතුමා සැත්කමක්‌ කර බඩේ ගෙඩියක්‌ තිබූ නාගයකු සුවපත් කළ බවත්, ගැබ අවහිර වූ (චන්ඩාල) ස්‌ත්‍රියකගේ දරු ප්‍රසූතිය ශල්‍ය කර්මයකින් සිදුකළ බවත්, තමාට බැණ වැදුණු මානසික රෝගයකු ප්‍රතිකාර කර සුවපත් කළ බවත් ඉතිහාසයේ සඳහන්ය. එමතුද නොව එතුමා “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථයක්‌ සම්පාදනය කළ බවද මහා වංශයේ සඳහන් වේ. චූලවංශයේ සඳහන් පරිදි හත් වැනි අග්බෝ රජතුමා දිවයිනේ පැවති ඖෂධ පැළෑටි සියල්ල පර්යේෂණයට භාජන කොට ඒවායේ ගුණාගුණ පිළිබඳව ලේඛනයක්‌ සැකසූ බව ඉතිහාසයේ සඳහන් වේ. මීට අමතරව අනුරාධපුර යුගයේ හමුවූ පුරාවිද්‍යාත්මක නටබුන් අතර සැත්කම් ආයුධ රාශියක්‌ම හමුවී තිබේ. මේ අපේ උරුමයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව, වසර 2015 දී ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ජීවිතාපේක්‍ෂාව (ඛසෙe eංචැජඑeබජහ) 74.95 විය. මේ තත්ත්වය වසරින් වසර ක්‍රමිකව දියුණුවට පත්වූ බව ද මේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. එමෙන්ම මාතෘ හා ළදරු මරණ සංඛ්‍යාවද අපේ අසල්වාසී අග්නිදිග ආසියානු රටවලට වඩා බෙහෙවින් අඩුය. ශ්‍රී ලංකා සුව සේවාවේ මේ ගුණාත්මක තත්ත්වය ක්‍රමිකව වර්ධනයට පත්වූයේ අපේ රටේ මෑත භාගයේ සිටි සම්මානනීය හා ආදර්ශවත් වෛද්‍ය පරපුර නිසා බව ඔවුනට ගෞරව පිණිස කෘතවේදීත්වයෙන් යුතුව සඳහන් කළ යුතුය.

පෙරහැරේ යන්නවුන්ට එහි ඇති අඩුපාඩු නො පෙනේ. එහි අඩුපාඩු නොපෙනෙන්නේ පිටින් සිට එය නරඹන අයටය. එසේ අප දුටු ඌනතා මෙලෙස දක්‌වන්නේ ඔවුන් දොaෂ දර්ශනයට ලක්‌කරනු පිණිස නොව, නැවත හොඳින් සිතා බලා වෛද්‍ය වෘත්තියට අගෞරවයක්‌ නොවන පිණිස මේ යන අනිසි ගමන මග යළි නිසි ලෙස සකසා ගැනීමට යම් පමණකින් හෝ උපකාරයක්‌ වනු පිණිසය.

One Response to ““සයිටම් භීතිකාව” ”

  1. Christie Says:

    අද සින්හල අපට තිබෙන කරදර සයිටම් සෙල්ලම විදහා දක්වයි.

    මෙයට හේතුව කුමක්ද?

    අද රට පාලනය කරන්නේ ඉන්දියාවත් අප රටේ සිටින ඉන්දියානුවනුත්ය.

    සින්හලයා රටේ පාලනය අතට ගන්නාතුරු සින්හලයා වලට යාම වැලැක්විය නොහැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress