ශ‍්‍රී ලංගමයේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට පවරා ශ‍්‍රී ලංගමය විනාශ කිරීමේ ක‍්‍රියාවලිය, වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.
Posted on July 24th, 2017

.ලං..සේ.සංගමය

ගරු ජනාධිපති,
මෛතරීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

රී ලංගමයේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට පවරා රී ලංගමය විනාශ කිරීමේ රියාවලිය, වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම.

විධිමත් ආරක්ෂක අංශයක් දැනට ශ‍්‍රී ලංගමය තුළ ස්ථාපිත කර ක‍්‍රියාත්මක වෙමින් පවතී. ශ‍්‍රී ලංගමය ක‍්‍රමාණුකූලව විනාශ කිරීමේ ක‍්‍රියාවලියක නිරතවී සිටින මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු වන පාස්කරලිංගම් ඇතුළු ශ‍්‍රී ලංගම ද්‍රෝහී කණ්ඩායම ස්වෙච්ඡා විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රියාවලිය තුළ ශ‍්‍රී ලංගම ආරක්ෂක අංශයේ සේවකයන්ට ද විශ‍්‍රාම ගැන්වීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්වන ලදී.  මීට ඉහත ද අප සංගමය ආරක්ෂක අංශය විනාශ කිරීමේ ක‍්‍රියාවලිය පැහැදිලි කර ඔබතුමාට එවන ලද ලිපිය සහ මාධ්‍යවල පළවූ වාර්තා මේ සමඟ ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරන්නෙමු.

ශ‍්‍රී ලංගම ආරක්ෂක අංශයේ සේවකයින් ස්වෙචඡා විශ‍්‍රාම ගැන්විය යුත්තේ ශ‍්‍රී ලංගම ආරක්ෂක අංශය තුළ අතිරික්ත සේවකයන් සිටිනවානම් පමණි.  නමුත් ආරක්ෂක අංශයේ සේවකයන් අළුතින් බඳවා ගැනීමට අවශ්‍යතාවය තිබියදී එම සේවකයන්ට විශ‍්‍රාම ගැන්වීම සඳහා අවශ්‍ය ඉඩකඩ සළසන ලද්දේ ශ‍්‍රී ලංගම විනාශ කිරීමට බව අප සංගමය විශ්වාස කරන්නෙමු.  මෙම ක‍්‍රියාවලිය මුදල් අමාත්‍යාංශයේ දැඩි අවශ්‍යතාවය මත සිදුවූ ක‍්‍රියාවලියකි.

ශ‍්‍රී ලංගම සේවය කරන සේවකයන් බලහත්කාරයෙන් ස්වෙච්ඡා විශ‍්‍රාම ගැන්වීමට සළස්වා එම සේවකයන් වෙනුවට කොන්ත‍්‍රාත් පදනම යටතේ හෝ මෑන් පවර් ක‍්‍රමවේදය යටතේ හෝ සේවකයන් බඳවා ගැනීම තුළ ශ‍්‍රී ලංගමයේ අභිමානය, ප්‍රෞඩත්වය අනිවාර්යයෙන්ම විනාශ වන අතර ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් සිදුවන බව අප සංගමය තේරුම්ගෙන සිටින්නෙමු.

විධිමත් ආරක්ෂක අංශයක් ඇති ශ‍්‍රී ලංගමයේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට පැවරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් නතර කර ශ‍්‍රී ලංගමයට ආරක්ෂක සේවකයන් අවශ්‍ය නම් ශ‍්‍රී ලංගම මගින්ම විධිමත්ව පත්වීම් ලබාදී බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සහ පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට ශ‍්‍රී ලංගමයේ ආරක්ෂාව පැවරීම නතර කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් දැඩි වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ
.ලං..සේ.සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress