අනාගතය සුබ නැහැ
Posted on July 28th, 2017

නලින් ද සිල්වා

බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

මෛත්‍රිපාල හා රනිල් අතර ගැටුම් ඇති බව පැහැදිලියි. මෛත්‍රිපාල බැඳුම්කර කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරලා. ඒත් මෛත්‍රිපාලට රනිල්ට විරුද්ධ ව කළ හැක්කේ කුමක් ද? මෛත්‍රිපාලගේ දුර්වලකම උතුරු මැද පළාත් සභා අවුලෙන් පැහැදිලි වුණා. ඒ දුර්වල කමේ මුල ඇත්තේ මෛත්‍රිපාලගේ මහින්ද හා බැසිල් විරෝධයයි. මහින්දට හා බැසිල්ටත් මෛත්‍රිපාලට එවැනි ම වූ විරෝධයක් තියෙනවා. උතුරු මැද පළාත් සභාවේ මහින්ද කණ්ඩායමට විරුද්ධව මෛත්‍රිපාලට  එ ජා ප කණ්ඩායමේ ආධාර ලබා ගැනීමට සිදුවුණා. මෛත්‍රිපාල මහින්දට විරුද්ධ වන තාක් ඔහු රනිල්ගේ සිරකරුවෙක්. ඔහුට එයින් ගැලවීමක් නැහැ. අනෙක් අතට මහින්දගේ කණ්ඩායම මෛත්‍රිපාල සමග යම් එකඟත්වයකට පැමිණෙන තාක් මේ ආණ්ඩුව පළවා හරින්නත් බැහැ. මේ සියල්ල මැද රනිල් රවි කණ්ඩායම ඔවනොවුන් අතර මොන මතභේද තිබුණත් බලයේ රැඳී සිටීවි.

මහින්ද මේ රට බේරාගත් වීරයායි. ඔහුට ගෝඨාභයගෙන් අනගි සහායක් ලැබුණා. සරත් ෆොන්සේකා අවසන් මොහොතේ දී සුදු කොඩි කතාවක් කියා රාජපක්‍ෂලාට හා රටට ද්‍රෝහි වුණා. එහෙත් මෛත්‍රිපාල හා තවත් අය මහින්දට ද්‍රෝහි වුණේ වෙනත් රාජපක්‍ෂලාගේ ක්‍රියාකාරකම් නිසයි. මේ ගැටුම අවසන් වන පාටක් නැහැ. එයින් වැටහෙන්නේ දෙපිරිස ම අවසාන විග්‍රහයේ දී රටට ජාතියට නොව තම තමන්ට ඇලුම් කරන බවයි. රනිල් අගමැති කමෙන් ඉවත් නොකර රටට ගැලවුමක් නැහැ. නීත්‍යානුකුල ව එය කළ හැක්කේ මෛත්‍රිපාලටයි. එහෙත් ඔහු ඒ සඳහා මහින්ද කණ්ඩායමේ සහාය ලබා ගත යුතුයි. ඔහු ඒ ලබා ගන්නේවත්, මහින්ද ඒ ලබා දෙන්නේවත් නැහැ.  රනිල් දිගට ම බලයේ ඉන්නවා.

අද ඇතැමුන් සිතා සිටින්නේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලින් ආණ්ඩුව පළවා හැරීමටයි. එහෙත් අද වෘත්තීය සමිති නායකයන් දේශපාලනඥයන් වගේ ම එදාට වඩා වෙනස්. වෘත්තීය සමිති නායකයන් අතර එ ජා ප හිතවතුන් ද ඉන්නවා. ඔවුන් වෘත්තීය සමිති ව්‍යාජ ආණ්ඩු විරෝධී අරගලවලට ඇදගෙන යනවා. ඒකාබද්ධ විපක්‍ෂය හා ඔවුන්ගේ හිතවතුන් හිතනවා නම් වෘත්තීය සමිති අරගල මගින් ආණ්ඩුව පෙරලන්න එය මිරිඟුවක් පමණයි.

ඊනියා වාමාංශික වෘත්තීය සමිති තාමත් ඉන්නේ තිස්ගණන්වල. තාමත් කම්කරු පංති විප්ලවය ගැන සිහින දකින්නන් ඉන්නවා. කම්කරු පංතිය කියන එක මාක්ස්ගෙ හිතළුවක්, පට්ටපල් බොරුවක් පමණයි. ලෙනින් එය යුක්තියුක්ත කරන්න ගොස් පංති විඥානයක් පිටින් ගෙන ආ යුතු ය කියමින් තවත් අවුල් කළා. පුටින්ගෙන් අහල බලන්න කම්කරු පංතිය රුසියාවෙ කෙළේ මොකක් ද කියලා. බටහිරයන් මේ සියල්ල අධ්‍යයනය කරලා ලංකාවෙ වෘත්තීය සමිති මෙහෙයවනවා.

සයිටම් නැත්නම් වෙනත් අයිටම් කියලා අප කිවවා. සයිටම් වර්ජන නැති ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතැම් ජනමාධ්‍ය ද යොදා ගෙන කළ ව්‍යාජ වෘත්තීය සමිති අරගල. වෛද්‍යවරුන්ට තවදුරටත් ඊනියා අඛණ්ඩ වර්ජන කරන්න බැහැ. ඕන නම් ක්වොන්ටම් භෞතිකය පිළිබඳ ඊනියා ප්‍රාමාණික උගතකු වූ පුබුදු ජාගොඩ කෙකරගාමීන් බිල්ලට දේවි. ජාගොඩ අර කුමාර් ගුණරත්නම්ට කුමක් කෙළේ ද? ගුණරත්නම්ට දැන් ඕස්ත්‍රේලියාවත් නැහැ, ලංකාවත් නැහැ. ජ වි පෙ තමන්ට නැති වුණු තැන ලබාගන්න සයිටම් යොදා ගන්න බැලුවා. ජ වි පරමුණටවත් කෙකරගාමීන්ටවත් දේශපාලන අනාගතයක් නැහැ. ජනමාධ්‍ය සඳහා වේදිකා දෙවනත් කරන්න නම් පුළුවන්.

රටේ සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න ඕන. ඒත් තෙල් සංස්ථා සේවකයන් කරන්නේ කුමක් ද? ඔවුන්ගේ නායකයන් අද පොලිස් අත් අඩංගුවේ. ඒ අතර සේවකයන් මැරයන්ගෙන් ගුටි කනවා. නායකයන්ට පොලිස් ආරක්‍ෂාව ලැබෙනවා ද? අප මතුපිටින් පෙනෙන දෙයින් නිගමනවලට පැමිණෙන එක සුදුසු නැහැ. රට විකිණීම ගැන සියලු දේශපාලනඥයන් වග කියන්න ඕන. තෙල් වැඩ වර්ජනවලින් හම්බන්තොට බේරාගත හැකි ද? සෙනසුරාදා ගිවිසුම අත්සන් කරනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය ප්‍රකාශ (වොයිස් කට්) කරනවා. ඔවුන්ට වෙනත් යමක් කරන්න බැහැ. ඔවුනුත් යම් ආකාරයකට මෙයට හවුල් බව පෙනී යනවා.

ආණ්ඩුවට බලයේ ඉන්න භීෂණය, හදිසි නීතිය, අත්‍යාවශ්‍ය සේවා නියෝග, මැර ප්‍රහාර හා තවත් දේ අවශ්‍යයි. ඔවුන් දැන් දන්නවා ඒ සියල්ලත් තවත් දේත් නීත්‍යානුකූල” ව  කරන්න. පළාත් සභා ඡන්ද නීත්‍යානුකූල ව 2019 දක්වා කල් දමාවි. පළාත් පාලන ඡන්දත් අර පනත මේ පනත කියමින් නීත්‍යානුකූල ව කල් දමාවි. මැර බලයත් නීත්‍යානුකූල ව යොදා ගනීවි. වෛද්‍යවරුන්ගේ නායකයන්, තෙල් සේවක නායකයන්  වෘත්තීය සමිති අරගල කුරුවළු කරලා, ආණ්ඩුවට අවශ්‍ය දේ සෘජුව හෝ වක්‍රව හෝ කරනවා. රනිල් රවි ආදීන් මෛත්‍රිපාල සිරකරුවකු කරගෙන ආණ්ඩුව ගෙන යාවි. ආණ්ඩුව ඊනියා වෘත්තීය සමිති අරගල තම පැවැත්ම සඳහා ම යොදා ගනීවි. බැඳුම්කර පිළිබඳ තීන්දුව දීමට එතෙක් කොමිසම තිබේවි ද යන්න ගැන සැකයක් තියෙනවා. තීන්දුවට කලින් කොමිසම විසුරුවා හැරීමට හෝ එහි කාලය ඉකුත්වීමට හෝ ඉඩ තියෙනවා. දේශපාලන සිරකරුවකු වූ මෛත්‍රිපාල අවසානයේ දී රනිල් හා චන්ද්‍රිකා කියන දේ කරනවා.

 

නලින් ද සිල්වා

2017 ජූලි 27

 

8 Responses to “අනාගතය සුබ නැහැ”

  1. Senerath Says:

    මේ ලිපියේ ඇති සැම කරුණක්ම ඉතාම වැදගත්‍ වේ. නලින් සමග පුද්ගලික අකමැත්ත අතහැර දමා ලංකාවෙබ් කතෘ තුමා ඇතුලු රටට අදරැති සැමකෙක්ම සැලකිල්ලෙන් කියවිය යුතුය​. මේ වැදගත් ප්‍රශ්නය විසඳිය හැකිවන්නේ මයිත්‍රිපාල​, මහින්ද හා UNP නොවන අනිකුත් බලවතුන් සමගියකට පත්වීමෙන් පමණි. එබැවින් එකිනෙකාට නිගා කිරීම නවත්වමු. මහින්දව පැරදූ තරහ අතත් ඇරිය යුතුමය​. ඔහු පැරදීමට හේතුව ඔහුගේම වැරදි පමණක්ම බව තේරුම් ගැනීමට තමාටම අවංක වෙමු.
    I don’t know why, my comments appear only next day ! No freedom for me. Am I an enemy of Sri lanka ?
    Moderator: Your comments are too late to be considered within the same day due to time difference

  2. Ananda-USA Says:

    Written in response to CURRENT VIOLENT SUPPRESSION of STRIKES & CIVIL DISOBEDIENCE by the YAMAPALANAYA:

    The Yamapalana Government is hellbent on alienating National Assets to cover up its PROFLIGATE waste and robbery of PUBLIC FUNDS and INABILITY to recognize the VALUE nd FISCAL SOUNDNESS of the programs implemented by the previpus MR/UPFA GOSL.

    The Yamapalanaya is driven to ACT IRRATIONALLY against the Nation because they had INCORRECTLY characterized these programs as unproductive and corrupt, but are now UNABLE to continue them having ALIENATED the foreign lenders, and are UNWILLING to acknowledge to the PUBLIC that they were VERY WRONG and DEVIOUS, and had misled the public to ENGINEER a REGIME CHANGE.

    Even the Rs 10,000 per month pay hike they gave to ALL public servants has come back to HAUNT THEM by COMPOUNDING the FISCAL MESS they DUG for THEMSELVES through SHEER INCOMPETENCE, BUNGLING and OUTRIGHT THEFT on a GRAND SCALE hitherto not seen in Sri Lanka.

    More than the DESHA-DROHI PAL-HORA Yamapalanaya, the citizens of our country have an INALIENABLE RIGHT to protect National Assets that we depend on for our future survival as a Nation.

    The CITIZENS NEVER ELECTED this government to SELL our National Assets, HALT our infrastructire development programs, and to DIVIDE and SUBJUGATE our unitary sovereign Motherland to its enemies, or to undertake a WITCH-HUNT of our war heroes who liberated and reunified our nation.

    So, these PATRIOTIC CITIZENS are NOW taking URGENT steps to PROTECT & SECURE those National Assets through STRIKES and CIVIL DISOBEDIENCE.

    Given that the Yamapalanaya has REFUSED TO HOLD and DELAYED the Local Government Elections, the PEOPLE HAVE NO OTHER DEMOCRATIC WAY to change the DIRECTION of this government. The ALTERNATIVE to STRIKES is to RESORT TO ARMED VIOLENCE on a MASSIVE SCALE.

    The Yamapalana Leaders are VERY MUCH MISTAKEN if they think they can misuse their ELECTION VICTORY on Jan 8, 2015 to IMPLEMENT RADICAL ANTI-NATIONAL political and economic changes in the country, while NOT HOLDING the SCHEDULED ELECTIONS through which the people can express their SUPPORT FOR or OPPOSITION TO the steps contemplated by the government.

    IT is CRYSTAL CLEAR that the VAST MAJORITY OF CITIZENS of Sri Lanka NOW VEHEMENTLY OPPOSE the Yamapalana Government and their ANTI-NATIONAL MOVES.

    In the ABSENCE of ELECTIONS, the CITIZENS will be COMPELLED TO RESORT TO VIOLENCE to PREVENT the Yamapalanaya from DESTROYING their Motherland.

    The BLIND, DEAF & DUMB leaders of the Yamapalanaya should take note of the SEETHING ANGER of the PUBLIC against them, and the MOUNTING DISCONTENT among the vast majority of CITIZENS.

    TheLIVES of Yamapalana Leaders may depend upon ACTING IMMEDIATELY to CEASE & DESIST from these ANTI-NATIONAL MOVES. If they CONTINUE to use the kinds of STRONG ARM TACTICS we are INCREASINGLY SEEING NOW to continue their DICTATORIAL GOVERNANCE, they are DOOMED to FAILURE!

    NO AMOUNT of GOVERNMENTAL FORCE, relying on minority community and foreign support, will allow them to CONTROL & SUPPRESS the Majority of the PUBLIC for too long, and when the TSUNAMI HITS it will SWEEP ALL BEFORE IT!

    After all, when PUSH COMES TO SHOVE, the ARMED FORCES and the POLICE will support their OWN PEOPLE in the Majority Community, and not the PUPPETS BRIBED to ISSUE ORDERS to ACT AGAINST the Majority of Citizens of their Motherland!

    The Yamapalanaya is SOWING the WIND, they will REAP the WHIRLWIND!

  3. Ananda-USA Says:

    Tomorrow will be YET ANOTHER B:LAG FLAG DAY in Sri Lanka, when the Hambantota POrt will be signed over to China for 99-Years!

    How shall we stem the TEARS of Mother Lanka?

    Should the HANDS RAISED in AGREEMENT with this TREASONOUS ACT MOST FOUL, and those that will SIGN that TREACHEROUS AGREEMENT TOMORROW be SPARED the VENGEANCE of Sri Lankan PATRIOTS?

    I think NOT! We will NEVER FORGET this DAY of INFAMY in our history!

    SOW the WIND TODAY; REAP the WHIRLWIND TOMORROW!

  4. Christie Says:

    “දේශපාලන සිරකරුවකු වූ මෛත්‍රිපාල අවසානයේ දී රනිල් හා චන්ද්‍රිකා කියන දේ කරනවා.”

    We are in an Indian Colony run by the Indian Empire. Chandrika the Governor, Ranil the Kankani and Sirisena the Coolie.

  5. Senerath Says:

    Thank you moderator for the explanation. I understand.

  6. Ananda-USA Says:

    Cerburus,

    Yes! The proceeds of the Handover of Hambantota Port will be STOLEN just like the other funds in the National Treasury were.

    I MOURN the LOSS of the VAST INCOME we could have EARNED from the Hambantota Port to DEVELOP and TRANSFORM Sri Lanka into the NEW WONDER of Asia!

    ALL of the DEBTS of Sri Lanka could have been PAID-OFF with 5-years of INCOME from Hambantota Port services to ships plying the Maritime Silk Route of China.

    Instead, we GAVE AWAY THAT OPPORTUNITY …. a ONCE IN A Nation’s LIFETIME OPPORTUNITY …. to China for $1.12 Billion … a MERE PITTANCE compared to the 100’s of Billions of USD that we could have EARNED from it!

    We GAVE AWAY GOLD in exchange for COPPER!

    We send our poor women as HOUSEMAIDS to the Persian Gulf to be humiliated, exploited and raped! We could have given them a VIBRANT Motherland to return to and help develop with the Hambantota Port funds.

    If I were President, I would order the YAMAPALANAYA TRAITORS who did this to be HOISTED onto POINTED STAKES at Galle Face, and left there to DANGLE in PERPETUITY as a lesson to ALL would-be TRAITORS!

    I WEEP. I WEEP UNCONSOLABLY for my Motherland, for WE OURSELVES are OUR WORST ENEMIES, aiding and abetting our ENEMIES to DISMEMBER Mother Lanka!

  7. Ananda-USA Says:

    Sale of Hambantota Port – A fair deal.? අපේ හම්බන්තොට වරායත් අද චීනෙට වික්කා පුතේ

    https://youtu.be/R6liq_rrRgg

  8. Ananda-USA Says:

    BTW,

    I am not OPPOSED to Chinese Investment and Involvement in the Hambantota Port. IN FACT, I WELCOME IT.

    But, the MAJORITY stake in that Investment should be in Sri Lankan hands, and Security Control and Sovereignty over the Port should be COMPLETELY in Sri Lankan hands, for Sri Lanka to be the MAJOR BENEFICIARY of its National Asset and RETAIN sovereign ownership.

    Instead, the YAMAPALA government has thrown the BABY out with the BATHWATER!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress