ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත
Posted on July 28th, 2017

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගමය

ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත යථාර්තය..!!!

2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයන සමස්ථ ආදායම රුපියල් බිලියන 44 කි.. ඒ ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ”ණය පොලිය” සහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය 2016 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 11 කි (රුපියල් මිලියන 11,000).. එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 කි.. එයට රුපියල් මිලියන 7, 100 වූ 2016 වර්ෂයේ හම්බන්තොට වරායේ ණය පොලී වාරිකයද ඇතුලත්..

ණය ගෙවීම සදහා වරාය විකිණීම අනිවාර්යයෙන් කල යුතු යැයි යහපාලන ආණ්ඩුව උදේ හවා බොරු බේගල් ඇද බාමින් සිටින්නේ මෙවැනි තත්වයක් තුලය..

වරාය අධිකාරිය මේ ආදායම මූලිකව වාර්ථා කරන්නේ මීටර් 14.25ක් පමණක් ගැබුරු කොළඹ වරායේ ජය බහාළුම් පර්යන්තය (Jaya Container Terminal – JCT) සහ හම්බන්තොට වරායේ වාහන රැගෙන එන නෞකා මෙහෙයවීමෙනි.. ජය බහාළුම් පර්යන්තයේ නොගැඹුර නිසා 2015 වසරේ පමණක් වරාය අධිකාරියට අහිමි වී චීන සමාගමකට වැඩි කොටස හිමි CICT (Colombo International Container Terminal) පර්යන්තයට ගිය ‘විශාල නෞකා’ සංඛ්‍යාව 194 කි..

මීට විසඳුමක් ලෙස වරාය ආදායම කිහිප ගුණයකින් ඉහළ දැමීමේ හැකියාව ඇති වරාය අධිකාරිය සතු මීටර් 17 කට වඩා ගැඹුරු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (SLPA’s Eastern Container Terminal – ECT) සහ මීටර් 17 කට වඩා ගැඹුරු හම්බන්තොට වරායේ නවතම බහාළුම් පර්යන්ත සම්පූරණ කොට මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීම කල හැකි වූවත් මේ යහපාලන ආණ්ඩුව එවැනි සංවර්ධනයකට යොමු වීමට අදහසක්වත් නොපෙන්වයි..

ඉදිවෙමින් පවතින මේ වරායේ ප්‍රථම අධියරේ බහාළුම් පර්යන්ත මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර බහාළුම් මෙහෙයුම් දොඹකර ඇතුළු උපකරණ සවි කිරීමෙන් පසු නුඳුරු අනාගතයේ බහාළුම් මෙහෙයවීම් පහසුවෙන් සිදුකල හැකිය.. හම්බන්තොට වරායේ ‘සල්ලි ගස සොලවන්නට හැක්කේ’ මෙම බහාළුම් නෞකා මෙහෙයවීම් ඇරඹුණු පසුය..

එසේ බහාළුම් මෙහෙයුම් නොමැතිව තිබිදී පවා හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිය හැටි මෙසේ සරලව දැක්විය හැක..

2011 වසරේ රුපියල් මිලියන 11
2012 වසරේ රුපියල් මිලියන 135
2013 වසරේ රුපියල් මිලියන 565
2014 වසරේ රුපියල් මිලියන 1277
2015 වසරේ රුපියල් මිලියන 2145

සත්‍යය පැහැදිළි කරනවා වෙනුවට අසත්‍යයම පවසමින් රටේ ජනතාව නොමඟ යවමින් තම පටු ලාභ හොයන ආණ්ඩුව මේ වරාය ක්ශ්‍රේත්‍රයට කරමින් සිටින හානිය සුළුපටු නොවේ.. ජාතික සම්පත් විකුණා දමා රට මංකොල්ල කෑමට එරෙහි වීම මෙරට සියළු පුරවැසියන් සතු යුතුකමක් නොව වගකීමකි..

මේ පිළිබඳව විස්තර කෙරෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සහ විධායක නිලධාරී සංගම් 4ක් ඒකාබද්ධව නිකුත්කල මාධ්‍ය නිවේදනයක් මෙතැනින්..

https://drive.google.com/…/0B-EzJso25PxqSGFwbG9yWF9QYU0/view

4 Responses to “ණය ගෙවන්න වරාය විකිණීමේ බොරුව සහ ඇත්ත”

  1. Dilrook Says:

    This only takes into account loans and repayments by SLPA. Loans to construct ports, etc. were not borrowed by SLPA and are not in SLPA books. These are in Central Bank loan portfolio. The picture completely changes when those loans are taken into account.

    I agree it is theoretically possible to repay loans without selling national assets, but the circumstances don’t support it. Since 2014 Sri Lanka is in a debt crisis and since 2012 Sri Lankan government paid almost all its earnings to repay loans and interest. Governments had to borrow to pay salaries. etc. If Sri Lanka were a person, he/she is declared bankrupt since 2012.

    Government gets $973 million from the sale but that is not at all sufficient to repay loans. Part of it will be robbed by Central Bank Bond Scam fraudsters. Thereafter the plight of the nation will be far worse. Sri Lanka has been pawned to foreign lenders since 2009 to the tune of $44 billion until now ($22 billion by the Central Bank and $22 billion by others and hidden in Central Bank reports).

    Sri Lankans are utterly shortsighted. We are happy when the country is pawned and foreign money comes in. We complain when repayment time comes. Then it is too late.

    I don’t see how Sri Lanka can come out of the debt crisis. No one tells the truth to avoid mass panic but it will hit the nation and the people in the next few years very hard. War time financial control was excellent in comparison.

  2. NAK Says:

    Now, According to Dilrook the Engineers and executives of the ports authority too are lying.
    From the very beginning what we heard was that the Colombo port will bear the burden of servicing the loans until Hambanthota become capable of it itself. If the necessary developments were carried out during the past two years instead of howling about the losses it is making it would have been well on its way to achieving that. But, this Yampalanaya does not wan’t that to happen because that will not line their pockets.
    For this yamapalanaya agents,from top to bottom, to hell with the country get what ever you can when you can seems the motto.

  3. Ananda-USA Says:

    Tomorrow will be YET ANOTHER B:LAG FLAG DAY in Sri Lanka, when the Hambantota POrt will be signed over to China for 99-Years!

    How shall we stem the TEARS of Mother Lanka?

    Should the HANDS RAISED in AGREEMENT with this TREASONOUS ACT MOST FOUL, and those that will SIGN that TREACHEROUS AGREEMENT TOMORROW be SPARED the VENGEANCE of Sri Lankan PATRIOTS?

    I think NOT! We will NEVER FORGET this DAY of INFAMY in our history!

    SOW the WIND TODAY; REAP the WHIRLWIND TOMORROW!

  4. Ananda-USA Says:

    MORE SKULDUGGERY by the Yamapalanya:

    At a meeting today (the Video is on Youtube), the NFF made the following Revelation about a DISCREPANCY in the Hambantota Port Lease:

    The Hambantota Port Services (HPS) Ltd company (valued at 606 million USD)

    1. will be owned in the ratio of 50.3 : 49.7 in favor of SL owning the MAJORITY of shares according to the Bill presented to the Cabinet, BUT

    2. it will be owned in the ratio of 42.0 : 58.0 in favor of the Chinese company owning the MAJORITY of shares according to the AGREEMENT that was signed yesterday.

    In addition, the Hambantota Port Group (HPG) Ltd company (valued at 794 million USD)will ber owned in the ratio of 15.0 : 85.0 in favor of the Chinese company owning the MAJORITY of shares according to BOTH the ocuments approved by the Cabinet AND the AGREEMENT signed yesterday.

    Therefore, the Chinese company will own 58% of HPS Ltd and 85% of HPG Ltd, a MAJORITY share in BOTH companies.

    This reduction in Sri Lanka’s ownership of 8.7% in HPS Ltd from 50.7% to 42.0% represents a sum of 57.3 million USD!

    Who AUTHORIZED this DISCREPANCY at Sri Lanka’s EXPENSE?

    Who will PROFIT from this? Are these BRIBES GIVEN to YAMAPALANA Ministers?

    Is this why, the Speaker of the House SHUTDOWN the DEBATE on this Bill in Parliament, called the VOTE to Approve the Lease against VOCIFEROUS OPPOSITION, and FLED the HOUSE in an unseeming hurry, suspending Parliament and PREVENTING FURTHER DISCUSSION until August 4, 2017??

    WE NEED the Hambantota Port LEASE AGREEMENT to be IMMEDIATELY REVOKED & an INVESTIGATION LAUNCHED into POSSIBLE CRIMINALITY in this MATTER!

    Is the PANA-NATHI JANA-PATHI listening, or is he ASLEEP at the HELM as USUAL?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress