අස්ගිරි විප්ලවය
Posted on July 30th, 2017

චන්ද්රසිරි විජයවික්රම, LL.B., Ph.D.

 තලගොයි හා කබරගොයි

ප්රේමදාස ජනාධිපතිවරයාගේ හෙංචයියෙක් විසින් ජනාධිපතිගේ එක්තරා දේශපාලන රැස්වීමකට නාවොත් උස්සනවා යයි කල තර්ජනයට බියෙන් ඊට සහභාගීවු හාමුදුරුනමක් මෑතකදී ඇමෙරිකාවේ ඔස්ටින් නගරයේදී මට හමුවියමේවා සමහරවිට ජනාධිපති පුද්ගලිකව නොදැන සිදුවූ දේ විය හැකිය. මරණ තර්ජනකර හෝ මෙසේ ගම් පලාත්වල හාමුදුරුවරුන් එකතුකරන්නට හේතුව කුමක්ද? 2015 පෙර දිනක එවකට ඇමෙරිකන් තානාපතිනියව සිටි මිෂෙල් සිසන් විසින් තකහනියක් කෝට්ටේ නාග විහාරයට අටපිරිකර අරගෙන ගියේ මන්ද? හාමුදුරුවරු දේශපාලනයට නොා යුතුයයි කෑගැසූ ක්රිස්තියානි, මාක්ස්වාදී, පෙඩරල්, ඊළම් දෙමළ හා සමහරවිට නවගුනවැල් බෞද්ධයින්ද මාදුළුවාවේ සෝභිත හිමියන්ව පොදු අපේක්ෂකයා වශයෙන් ගේන්නට ලිපි ලිව්වේ ඇයිමෙහි නායකයාවූයේ කුමාර් ඩේවිඩ් නම් මාක්ස්වාදී, දෙමළ, ක්රිස්තියානි පෙඩරල්වාදියාය. බෞද්ධ ශාසනය කිලිටි වීමකින් බේරාදීමේ රුදාවක් මොවුන්ට නැත. තමන්ගේ ජාත්යන්තර නායපත්රවලට අනුව කබරගොයා තලගොයා වීම පමණය. 

මුර දේවතා සංකල්පය

සිංහල රජකාලය දක්වා ඈත අතීතයට නොව 1505 න් පසු කාලය දෙස පමණක් බැලුවත් මේ දිවයිනේ ඓතිහාසික සිංහල බෞද්ධ සමාජය මිය නොගොස් රැකුණේ හාමුදුරුවරු නිසාය. ගමවැවදාගැබ යන ත්රිත්වය නිසායඔවුන් කල කෲරකම් නිසා දෙවියන්වහන්සේ පෘතුගීසීන්ට ලංකාව අහිමිකලා කියා පෘතුගීසි පූජකවරු ලිව්වේය. ලන්දේසි යුගයේදී හාමුදුරුවරුන්ගේ රැකවරණය නොලැබුනා නම් ජුසේ වාස්ට ලංකාවේ කතෝලික ආගම බේරාදුන් ශාන්තුවරයා වන්නට නොලැබෙන්නේය. බද්දේගම වැනි ඈත පැතිවල දෙවියන්වහන්සේ උදෙසා බැටළු පැටවුන් සොයමින් ක්රිස්තියානි පූජකයින් සංචාරය කරද්දී ඔවුන් නැවතුනේ ගමේ පන්සලේය. රෑට නිරාහාරව ඉන්නා හාමුදුරුවරු ඔවුන්ට රෑ කෑමද උයවා දුන්නේය.

 හාමුදුරුවරුන් රැවටීම

1931 න් පසු ඉංග්රීසි කතාකරන කළු සුද්දන්ගේ පවුල් වලට, ඩොනමෝර් බෞද්ධයින් වශයෙන් චන්දය ඉල්ලා ගමට යාමට සිදුවිය. මුලින් සර්වජන චන්දය දෙනවාට දැඩිලෙස විරුද්ධවූ මොවුන් මෙහිදී යොදාගත් උපක්රමය නම් ගමේ ප්රසිද්ධ හාමුදුරුකෙනෙක්ව තම චන්ද ව්යාපාරයට කෙසේ හෝ ඈඳා ගැනීමය. භාෂාව හා ආගම යන භාධා දෙකම ඉන් විසඳුණේය. එහෙත් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට අනුව මෑතකාලය වනවිට දේශපාලකයින්ට කොඩි උස්සා ගෙන ගිය හාමුදුරුවරුන්ට අන්තිමේදී හිමිවූයේ කොඩියේ පොල්ල පමණය. දේශපාලකයින් හාමුදුරුවරුන්ව රැවටූ අවස්ථා ආරම්භයේදීත් විය. සර් ඩී බී ජයතිලක තමාව රැවටූ හැටි කළුකොඳයාවේ ප්රඥාශ්ඛර නාහිමි සිය සවයංලිඛිත චරිතාපදානයේ අසතුටින් සටහන් කර ඇත. උන්වහන්සේ මෙන්ම ග්රාම සංවර්ධන ව්යාපාරයේ නියැළුන, ඉංග්රීසි කතාකල හොරන විල්මට් පෙරේරා මහතාගේ නම නිලධාරීන් විසින් වෙනම සැසි වාර්තාවකටද ඇතුලත් කලත් හාමුදුරුවන්ගේ ජාතික ව්යාපාරය කඩාකප්පල් කර දැම්මේය. හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව ඩී එස් සේනානායක මහතා විසින් රැවටූවිට අගමැති කාර්ය්යාලයේ යළි පස් නොපාගන්නට උන්වහන්සේ තීරණය කලේය. එහෙත් විද්යාලංකාරයේ යක්කඩුවේ ප්රඥාසාර හිමියන් දමනය කරන්නට නම් ඔහුට නොහැකිවිය.

 1956 දී කළු සුද්දන්ව පැරදවූ හාමුදුරුවරුන්ගේ බලය දමනය කිරීමට එම කල්ලිය විසින් පසුව ශූක්ෂම ලෙස යොදා ගත්තේ බුද්ධරක්ඛිත හා සෝමාරාම යන බිස්නස් හිමිවරුන් දෙන්නාවය. 1966 දී හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව බොරු කුමණ්ත්රන චෝදනාවකට හිරේට ගත්තේය. 1960 න් පසු මාරුවෙන් මාරුවට පාලන බලය අල්ලාගත් නිල් හා කොල පක්ෂවල කළු සුද්දෝ රටේ කිසිම ප්රශ්නයක් හරියාකාර ලෙස විසඳුවේ නැත. බුද්ධාගම පැත්තෙන් කලේ කොමිෂන් සභා පත් කිරීමය. බුද්ධාගම ව්යවස්ථාවට ඇතුළු කිරීම, බෞද්ධ අමාත්යාංශයක් පිහිටුවීම යනාදිය බොරු සෝබනයට කල ක්රියා පමණය. එහෙත් ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශ කිරීමේ ව්යාපාරය නොකඩවා දිගටම ඇදී ගියේය. ඊළම් ව්යාපාරය ඉන් එකකි.

 වටරැක විජිත නම් මුස්ලිම් පාක්ෂික හිමිනමක් ලඟ තිබී අහම්බෙන් හමුවූ ලිපි සටහනක් අනුව වැඩිකාලයක් නොගොස්ම ලංකාවේ ජනාධිපතිකම මුස්ලිම්වරුන් විසින් තීරණය කරන ප්ලෑනක් විය. ලංකාවේ සිංහල බෞද්ධයයි කියා ගන්නා දේශපාලකයින් මුස්ලිම් හා පෙඩරල් ද්රවිඩ දේශපාලකයින්ගේ න්යායපත් වලට පක්ෂව හා ක්රිස්තියානි මූලධර්මවාදීන්ට හිතැතිව ක්රියාකලේද මේ නිසාය. මාක්ස්වාදීන් නම් හැමවිටම සිටියේ බෞද්ධ විරෝධී පාරේය. 2000 වර්ෂය වනවිට ගංගොඩවිල සෝම හිමියන් මෙය පෙන්වා දුන්නා පමණක් නොව 2003 වනවිට තමන් ජනාධිපතිධූරයට තරග කරන බවටද ඉඟිකලේය. කළු සුද්දන් හා විදේශ බලවේග උන්වහන්සේ විනාශ කල පසු ජාතික හෙල උරුමය වශයෙන් හාමුදුරුවරු 2004 පාර්ලිමේන්තු චන්දය ඉල්ලුවේය. මෙය ලංකාවට තලිබාන්අයටොල්ලා ක්රමයක් හඳුන්වා දීමක් ලෙස බලවත් උද්ඝොෂණයක් රටේ ඇතිවිය. ඩිව් ගුණසේකර පෙඩරල් මාක්ස්වාදියා කතානායකවීම නිෂේධ කිරීමෙන් හා ආනන්දසංගාරීට කොන්දේසි විරහිතව මන්ත්රී ආසනයක් පූජා කිරීමෙන් ජාතික හෙල උරුමය යහපත් ආරම්භයක් සංඥා කලේය. එහෙත් බෞද්ධයින්ගේ උඩුගිය, මුල් බැසගත් ප්රශ්න තබා අයුතු අන්යාගමීකරණයට අදාල පනතක්වත් ගෙන ඒමට රටේ බලවේගයක් ඇතිකරන්නට නොහැකිවූ සෝඩා බෝතලයක් බවට ජාතික හෙල උරුමය ඇද වැටුණි. 2002 බුද්ධ ශාසන කොමිසම් වාර්තාවට වත් එය අතගැසුවේ නැත. යුද්ධ කරන්නේ මොකෙන්දැයි පස්ස ගසමින් සිටි රාජපක් මහතාට පණ දුන්නේ රතන හිමියන්, ඇල්ලේ ගුණවංශ හිමියන්, මහාචාර් නලින් සිල්වා වැනි අයය. ජාතික හෙල උරුමය තුලම එහි සතුරන්ද සිටි බව නිසැකය. සිංහල උරුමය කාලයේ කොටකදෙණිය මහතා පස්සේ කැමරාවක් එල්ලාගෙන ගිය ක්රිස්තියානි ඔත්තුකාරයා අසුවූ හැටි මම පුද්ගලිකවම දනිමි.

 අතරමංවූ සිංහල බෞද්ධයා

 යුද්ධයෙන් පසුව රාජපක් ආණ්ඩුව සිංහල බෞද්ධයා සම්බන්ධයෙන් ක්රියාකල ආකාරය, දළදා මාළිගාව වටේ කාර් රේස් යෑම, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම, කුරගල වැනි පුරාවිද්යා ප්රශ්නවලට කල අනවශ් ඇඟිලි ගැසීම් නිසාත් විශේෂයෙන්ම බහු ජාතිකසර්වාගමික නම් යුරෝපීය බොරු සංකල්පයක් වැළඳගැනීමත් නිසා, ශාරියා, ක්රිස්තියානි හා ඊළම් බලවේග මේ අවස්ථාවෙන් අයුතු ප්රයෝජන ගන්නා බවවත් නොතේරීමද නිසා, තමන් අතරමංවී ඇතැයි යන හැඟීමක් බෞද්ධයින්ට ඇතිවිය.  2012 මැයි මස බොදු බල සේනාව මතුවූයේ මේ පසුබිම යටතේය. 1948 කලින් සිටම බෞද්ධයයි කියා ගන්නා දේශපාලකයින් කර ඇත්තේ සිංහල බෞද්ධයා රැවටීම නොවේද යන කාරණය ශුද්ධ සිංහලෙන් ප්රසිද්ධ වේදිකාවල සිට පෙන්වා දුන්නේ ඥානසාර හිමියන් විසිනි.

 ධර්මපාලතුමා 1930 ස් ගණන්වලදීත්, ඉන් පසු වරින් වර මඩිහේ පඤ්ඤාසීහ, නාරද යන හාමුදුරුවරුත්, 2000 වනවිට සෝම හාමදුරුවනුත් දුන් පණිවුඩය 2002 බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවෙන් නිල වශයෙන්ම එළියට ආවේය. 2002 දී පෙන්වාදුන් මේ අර්බුදය 2012 වනවිට අසාධ් වෙමින් තිබූණිවහාබ් ව්යාපාරයේ සංඥා වශයෙන් හලාල්මුස්ලිම් ස්ත්රීන්ගේ වෙස්මුහුණුඅරාබි භාෂාවෙන් ශාරියා ඉගැන්වීමට ආණ්ඩුවේ අනුග්රහයෙන් අරාබි රජුගේ නමින් විශ්ව විද්යාලයක් සැදීම, උතුරු නැඟෙනහිර සිංහලයාට හිරිහැර කිරීම, එලිපිට කෙරෙන බෞද්ධ පුරාවස්තු සංහාරය යන සිදුවීම් ඉදිරියේ ආණ්ඩුව නිහඬව සිටියේය. මෙම ප්රශ්න සාකච්චා කිරීමටවත් රාජපක් ආණ්ඩුව සුදානම් නොවීය.

මේ නිසා මහජන පොලිසියක් වශයෙන් බොදු බල සේනාව ජනප්රියවන්නට වූ විට එය නෝර්වේ කුමන්ත්රණයක් යයි ලේබල් කරන්නට ගත් උත්සාහය අසාර්ථකවූ විට ඥානසාර හාමුදුරුවන්ගේ පුද්ගලික හැසිරීම, වාග් විලාශය අල්ලාගෙන පහරදීමේ ව්යාපාරයක් දියත්විය. යම් පොලිස් නිලධාරීන්ගේ නොමනා භාධා කිරීම් වලදී කුපිතව කල කෑගැසීම් හැර ඥානසාර හිමියන් නිශ්ශබ්ද කිරීමේ අවස්ථාවක් අල්ලා ගැනීමට කළුසුද්දන්ට නොහැකිවිය. 2015 න් පසුව හාමුදුරුවරුන් මාංචු දමා හිරභාරයට  ගෙනියන පොලිසියක් යටතේ මෙය කිරීමට ඉඩක් සිය පෘතග්ජනකම නිසාම ඥානසාර හිමියන් විසින්ම ලබාදුන්නේය (මෙය ආචාර් උපාධියක් ලබාගැනීම සඳහා අසනීප කීපයක්ම ඇති සෝම හිමියන් ලෝකයේ දරුණුම ශීත ඍතුවක් ඇති රුසියාවේ උතුරට (ලෙනින්ග්රෑඩ්) යාමට එකඟවීමේ දුර්වලතාව වැනිමය). උසාවියට අපහාස කලා යන අසාධාරණ චෝදනාව යටතේ දේශපාලන හිරභාරයකට උන්වහන්සේ අසුවිය. අන්තිමේදී දේශපාලන බලපෑම් මත සිදුවුන පොලිසියේ පුදුම හැසිරීම නිසාත්, මරණ තර්ජනය නිසාත්, උසාවි නොගොස් සැඟවීමට හාමුදුරුවන්ට සිදුවිය.

 හොරා මුට්ටිය දමා බැලීම

 මෙහිදී ආණ්ඩුව බලාපොරොත්තුවූ අන්දමේ මහජන විරෝධතාවයක් මතුනොවූ නිසා (උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් හිරෙන් නිදහස් කලේ අසාද් සාලිය) ඉන් මෝඩ උද්දාමයකට පත්වූ බෞද්ධ විරෝධී බලවේග මුස්ලිම් මන්ත්රීන්ගේ ඉල්ලීම උඩ  ඥානසාර හිමියන් හිරේ දමා දමනය කරන්නට තීරණය කලේය. අතරතුර දේශපාලකයින් හා අසාද් සාලි නොයෙක් කතා පතුරුවමින් මහජනයා නොමඟ යැවීමට ක්රියා කලේය. මේ මඟින් නියම අර්බුදයවූ එනම්, 2002 බුද්ධ ශාසන කොමිෂන් වාර්තාව ගැන පියවර ගන්නවාද නැද්ද වැනි කාරණා යටගසා, හිත හොඳ ගෑණුන්ටසේ සිංහල බෞද්ධයින්ට සලකමින් තම දේශපාලන ගේම් එක දිගම කරගෙන යාමට කොල, නිල් හා රතු කළු සුද්දන්ට මඟ පාදාගත හැකියසෝම හාමුදුරුවන්ගේ කාලයේදී මෙන් යළිත් වරක් සිංහල බෞද්ධයා අතරමංවී අසරණවී සිටින බව වටහාගෙන මෙවර ඉදිරියට ආවේ අස්ගිරි සංඝ කාරක සභාවය. නිල් හා කොල දේශපාලකයින් කරන සිංහල බෞද්ධ විරෝධී හානිවලදී මුනිවත රකිමින් සිටිනවා යයි චෝදනා පවා මහානායක හාමුදුරුවරුන්ට එල්ලවිය. එහෙත් උන්වනහ්සේලා බොහෝ කාලයක් ඉචසීමෙන් සංවේදීව ආණ්ඩුවට ලේඛන ඉදිරිපත් කලේ ලිච්චවී ක්රමය අනුව තමන් අතර බොහෝ සාකච්චාද පැවැත්වීමෙන්පසුවය. මෙම ඉල්ලීම් සළකා බලනවා වෙනුවට මාක්ස්වාදී හා පෙඩරල් ඇමතිවරු හා එන්ජිිෝ නඩ අස්ගිරි හමුදුරුවරුන්ටද මඩ ගැසීමට යාම නිසා අළුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඕනෑනෑ යන ස්ථාවරයට හාමුදුරුවරු පැමිණියේය.

 වෙඩිකෑ ඌරන්

 වතුරෙන් කිරි වෙන්කරනවා මෙන් ඥානසාර හාමුදුරුවන්ගේ හැසිරීමෙන් උන්වහන්සේ කෑගසන මතවාදය වෙන්කල යුතුබව අස්ගිරි පාර්ශවය විසින් පෙන්වාදීම එන්ජිිෝ නඩයට හා ඇතැම් ඇමතිලාට බලවත් අර්බුදයක් මතුකලේය. ඊට හේතුව මතවාදය යට ගැසීමට මේ අය භාවිතා කලේ ඥානසාර හාමුදුරුවන්ගෙන් පිහිපාරවල් වුන වාග් විලාශය වීමය. මෙම ලිපියේ ඉහතින් පෙන්වා දුන්නේ මේ රටේ හාමුදුරුවරු මේ රටේ (දේශ)පාලනයේ නොගැලවිය හැකි පළුවක් බවය. මේ නිසා අස්ගිරිය සංඝ ආණ්ඩුවක් හදන්න යනවා, මහනාහිමිවරු තුන් දෙනා රටේ ලක් 62 යටයි යනාදී මෝඩකතා කියන අය අද මේ රටේ සියළුම නිකාය එකතුවී සිටින්නේ රට කැබලිවී විනාශවී යෑමේ බරපතල තර්ජනයට මුහුණදීමට බව තේරුම් ගතයුතුය.

 ඥානසාර හිමියන් බිලිගන්නට යෑම වැළැක්වීමට වඩා දුර ගිය රාජකාරියකට මේ රටේ සිවුරු අතගසා ඇත. ගැටඹේ පන්සල වටේ කටු කම්බි ගැසුවා මෙන්, සෝභිත හාමුදුරුවන්ට, මහාචාර් සරච්චන්ද්රට බයිසිකල් චේන් වලින් ගැසුවා මෙන් යුගයක් මේ රටට නැවත ගෙන ඒමට දේශීය විදේශීය ඔත්තුකරුවන්ට ඉඩක් නොදිය යුතුය. 1964 දී රා වරම මාක්ස්වාදී ක්රියාවක් ලෙස පෙන්වා ලේක් හවුස් ආයතනය හාමුදුරුවරුන් එක්කලා මෙන් හෝ 2010 සරත් ෆොන්සේකා හිරේට ගන්නවාට විරුද්ධව  මහානායක හාමුදුරුවරුන් නැඟූ හඬ බෝම්බ භීතියක් ඇතිකර නතර කලා මෙන් රටක් අද නැත.

අස්ගිරි ප්රකාශණය හා ලිබියාව

අළුත් ව්යවස්ථාවක් හැදුවොත් එය ප්රථමයෙන් මහනාහිමිවරුන්ට පෙන්වනබවටත්, අළුතින් තවත් බුද්ධ ශාසන කොමිෂමක් පත්කරන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු විය. අද රට පිස්සන් කොටුවක් වැනිය. රටේ කැකෑරෙන ප්රශ්නය අළුත් ව්යවස්ථාවක් නැතිකමද? සෑම අංශයකින්ම බලනවිට රට කොට උඩ ගොස් නැද්ද? ලංකාව අරාජක රටක්, තවත් ලිබියාවක් නොවී ඉතිරිවී තිබීම විෂ්මය ජනකය. ලිබියා ප්ලෑනට අසුවුණ සෝභිත හිමියෝ කලකිරීමෙන් අපවත්වී ගියේය. රාජපක් ආණ්ඩුවේ නොමනා ක්රියාකලාපය නිසා සිංහල බෞද්ධ චන්ද ඔහුගෙන් කඩා ඔහු පැරදවීමට අවකාශයක් මතුවිය. මහින්දචන්ද්රිකා පුද්ගලික වෛරය හා රාජපක් ආණ්ඩුව මෛත්රීපාල මහතාට කල හිරිහැර, රට කැඩීමට බලා ඉන්නා දේශීය හා විදේශීය බලවේග විසින් ශූක්ෂම ලෙස කළමනාකරණය කර චන්ද්රිකාරනිල් නමැති බෞද්ධ විරෝධී ආණ්ඩුවක් බලයට ගෙනාවේය.

 මේ අණ්ඩුව රටේ යහපතට ඇතිවූ ආණ්ඩුවක් නොව පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට සදාගත් තුන් දෙනෙකුගේ ආණ්ඩුවකි. එයට බටහිර රටවල් කැමති ඉන් දෙන්නෙක්ම, චන්ද්රිකා හා රනිල්, රට කඩන පැත්තේ නිසාය. දිනෙන් දිනම ගසාකෑම, දූෂණ හා අපරාධ සමඟ රට අඝාධයට යන්නේ රට කැඩීයාමද කඩිනම් කරමිනි. මේ නිසා අස්ගිරිය අතගසා ඇත්තේ දුටුගැමුණු, විජයබා රජවරු මුහුණදුන් ආකාරයේ අර්බුදයකට මිස වැලිවිට ශ්රී සරණංකර හිමිදුන් මුහුණදුන්නා වැනි ශාසන අර්බුදයකට පමණක් නොවේ. මේ සඳහා බෞද්ධ විසඳුමක් තිබේ. එය ප්රංශ, රුසියන් විප්ලවය මෙන් නොව ගෞතම බුදුන්වහන්සේ ඉන්දියානු සමාජයේ කල විප්ලවය වැනිය. මෙම පැරඩයිම් වෙනස කුමක්දැයි මීට පෙර උගත් පාඩම් හා සංහිදියා  කොමිෂමටත්, මහින්ද රාජපක් ජනාධිපතිවරයාටත්, කරු ජයසූරිය මහතාටත් ඉදිරිපත් කරන ලදීතම අදහස් අස්ගිරි සංඝ සභාවට ඉදිරිපත් කිරීම රටවැසියාගේ යුතුකමය. උදාහරණයක් වශයෙන් එක් ලේඛකයෙක් පෙන්වාදුන්නේ ටී එන් එක මහානායකවරුන් මුණගැසීමට යාමට තීරණය කලත් ටී එන් ව්යවස්ථාවට 1976 වඩුකෝඩ්ඩෙයි ප්රකාශණයද විශේෂ වගන්තියක් මඟින් ඇතුලත්කර ඇති බැවින් තමන් ඒකීය රටක් සඳහාය කියා ඔවුන්ට කතාකල හැකිද යන්නය. මේ නිසා මහානායක හිමිවරුන් හමුවීමක් සිදුනොවන බව නිසැකය.

 තුන්වන බලවේගයක අවශ්යතාවය

ඒකාබද්ධ විපක්ෂයවත්, නෙළුම් පොහොට්ටු පක්ෂයවත්, ආණ්ඩුවේ ඉන්නා ශ්රී ලංකා කොටසවත් රටේ යහපත ගැන සිතන පිරිසක් නොවේ. අඩුතරමින් 13- ඉවත් කිරීමටවත්, චන්ද ක්රමය වෙනස් කිරීමටවත් මේ අය දැන් එකඟ නොවේ. දෙමළ ජනයා බලවත් කිරීම 13- මර උගුල මඟින් නොකෙරෙන බව ඔවුන්ට නොවැටහේ. ඔවුන්ට ඕනෑ පලාත් සභා දේශපාලක පවුල්වල චන්ද ලබාගැනීමය. මේ අය රටට කල විනාශය කොලපාට කට්ටිය විදේශ න්යාය පත්රයක් යටතේ දැන් දිගටම කරගෙන යමින් සිටී. කිසිම අංශයකින් මේ අය වෙනස්වී ඇති බවක් නොපෙනේ. මහළු දේශපාලක රොඩු අයින්කර රට ගැන අළුතින් සිතන තරුණ බලවේගයක් මතුකර ගැනීමට මඟ පාදාදීම අස්ගිරි හා සෙසු සංඝ නායකයින් ඉදිරියේ ඇති අභියෝගයය. දේශපාලකයානිලධාරියාඑන්ජිිෝකාරයා යන දුෂ්ට ත්රිකෝණයක් රට වෙලාගෙන සිටී.

1956 න් පසු ඉගෙනගත් පාඩම් මොනවාද? උදාහරණයක් වශයෙන් 1956 දී ලියූ විහාර නීති විත්තිය නම් කුඩා පොතේ ප්රින්ස් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ශිෂ්යානුශිෂ් පරම්පරාව, විහාරාධිපති පදවිය, විහාර දේපල යන මූලික කරුණු වලට අදාලව ලංකාවේ ක්රියාවට යෙදෙන නීති, භික්ෂු සංස්ථාවට කරන විනාශය ගැනය. ඉංග්රීසි නඩුකාරයින් පවා කියා සිටියේ භික්ෂු ප්රශ්න විසඳීම සඳහා සංඝාධිකරණයක අවශ්යතාවයය. උසාවිවල රස්තියාදුවෙන හාමුදුරුවරු දැක මේ ඉංග්රීසි ක්රිස්තියානි නඩුකාරයින් කණගාටුවිය. මේ අනුව බලන විට අපට යන්නෙන් යන්නටවත් යාමට නොහැකිව ඇත. 1951 උඩරට ගැමි පුනරුථාපන කොමිෂමද මෙවැනි උදාහරණයකි. මීට වගකිවයුතු කවුරුන්ද? රටේ ප්රශ්න ගැන වරින් වර පත්කල කොමිෂම් වලින් කල යෝජනා කෙතරම්ද?

 බුදු සසුන් ඉතිහාසයේ අවධි

ඉංග්රීසීන් ලංකාව අල්ලාගත් 1798 සිට මේ දක්වා සිවුර හා (දේශ)පාලකයින් අතර තිබූ ඓතිහාසික සම්බන්ධතා විමසා බැලීම අස්ගිරි පාර්ශවය ආරම්භ කල විප්ලවය වටහා ගැනීමට උපකාර වන්නේය. මඟින් එන්ජිිෝ ඒජන්තලා, මාක්ස්වාදීන් හා අවස්ථාවාදී දේශපාලකයින් ගල උඩ ඉන්නා බළලුන් සේ බව එලිදරව් වන්නේය. මෙම බුද්ධ ශාසන ඉතිහාසයේ එකිනෙකමත වැටෙන නොයෙක් අවධි හා මූණත් එළිවන්නේ දෙස  ප්රොටෙස්ටන්ට්  බුඩිසම් යන ඉංග්රීසි කතා කරන අයගේ යුරෝපීකරණයවූ ඒකායන මතය අනුව නොව සිංහල ගැමියෙකුට එය පෙනෙන අන්දම අනුව බලන විටය. මේ රටේ හාමුදුරුවරු පන්සලටවී නිවන් දැකීමට භාවනා කරමින්, බණ දෙසමින් කල් ගෙවිය යුතුය, දේශපාලනය ගිහියන්ට භාරදිය යුතුය යන තර් සිංහල බෞද්ධ ඉතිහාසයට පටහැනි බව එලිදරව්වන්නේ එවිටය. මේ එක් එක් කාලයේ/අවධියේ අදාල පසුබිම අනුව පහලවූ හාමුදුරුනමක් හෝ කිහිපනමක් හෝ සිටීමද විශේෂ කරුණකි. උදාහරණ වශයෙන්:

1 – බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු අවධිය, 1798-1873 (වාරියපොළ සුමංගල/මිගෙට්ටුවත්තේ ගුණානන්ද)
2 –
බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය, 1840–> (වලානේ සිරි සිද්ධාර්)
3 –
ඕල්කොට්අනාගාරික ධර්මපාල අවධිය, 1880-1915–> (හික්කඩුවේ ශ්රී සුමංගල)
4 –
ඩොනමෝර් අවධිය 1931-48, විද්යෝදය සමාජ සේවය (කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර)
5 –
විද්යාලංකාර සේවය 1946–>විද්යාලංකාර ප්රකාශණය/භික්ෂුවගේ උරුමය
(
යක්කඩුවේ ප්රඥාරාම/ වල්පොල රාහුල)
6 –
පංච මහා බලවේගය 1956-59 (හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර/කලල්ඇල්ලේ ආනන්දසාගර)
7 –
අඳුරු යුගය– 1960-1978 පෙඩරල්කාරයින් බලවත්වීම හා නිල් කොල රතු පක් මාරුවෙන් මාරුවට රට විනාශ කිරීම
8 –
අධර්මිෂ්ඨ සමාජය 1978–2005 (මාදුළුවාවේ සෝභිත, ගැටඹේ පන්සලේ හාමුදුරුවෝ)
9 –
සෝම හාමුදුරුවන්ගේ භූමිකාව 2000-2003
10 –
පිරිත් නූල් කඹ යුගය 2004-2010 (ඇල්ලේ ගුණවංශ/අතුරැලියේ රතන)
ජාතික හෙල උරුමය
11 –
බොදු බල සේනාව 2012 මැයි
12 –
අස්ගිරි ප්රකාශනය 2017 ජූනි 20 (හා ජූලි 4 නිවේදනය)

1. බුද්ධාගම කියන්නේ බොරුවක් කියමින් අවමන් කල අවධිය

සර් බලධාරී දෙවියෙකු කෙරෙහි විශ්වාසය තැබූ ඉංග්රීසීන්, චතුරාර් සත්යය හා ආර් අෂ්ටාංගික මාර්ගය පෙන්වන බුද්ධාගම බොරුවක් සේ සිතීම පුදුමයට කරුණක් නොවේ. 1802 දී නෝත් ආණ්ඩුකාරයාගේ කාලයේ සිටම එලිපිට නොව රහස් ලේඛණ වල කියා සිටියේ මේ බොරු ආගම (පන්සල) හා එයත් ගමේ මිනිසුනුත් අතර තිබෙන බැඳීම කඩාදැමීමේ අවශ්යතාවය ගැනය. ඇත්තවශයෙන් කියනවා නම් 1999 නොවැම්බර් 6 දා දිල්ලියේදී පෝප් ජෝන් පෝල් කියා සිටියේ නව මිලේනියම් එකේදී ආසියාව ක්රිස්තියානි කිරීම ඉෂ්ට කරගතයුතු බවය. 1815 දී බ්රවුන්රිග් විසින් දුන් බුද්ධාගම ආරක්ෂාකිරීමේ පොරොන්දුව හිට්ලර් විසින් දුන් පොරොන්දු වැනි විය. අල්ලාගත් දෙමළ රජ බිසවලාගේ හැට්ට, ආභරණ හා මෙවලම් පවා ලන්ඩන් වෙන්දේසිවල විකුණුනේ නිසාය. ක්රිස්තියානී ආණ්ඩුවක් ඊට පටහැනි ආගම ධර්මයක් රැකදීමට බොරුවට හෝ එකඟවූ තවත් අවස්ථා ලෝක ඉතිහාසයේ  තිබෙනවාද? කෙසේ වෙතත් 1840 ස් ගණන් වනවිට ලංකාවේ හා ලන්ඩනයේ ක්රිස්තියානීන්ගේ විරුද්ධත්වය නිසා මේ බොරු ප්රතිපත්තියත් වෙනස්විය.  1818 හා 1848 කැරළි වලදී පන්සල් විදේශිකයාගේ පැත්ත ගත්තේ නැතිබව නිසැකය. මේ අවධියේ මුලදී වාරියපොල සුමංගල හිමියන් වීරෝදාර චරිතයක් විය. ක්රිස්තියානියෙක් වශයෙන් බව්තීස්ම ලැබූ හා කලින් දෙවරක්ම සිවුරු හැර ගිය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නොයෙක් අනතුරුවලට මුහුණ දෙමින් ජාතික ශාසනික මෙහවරක් ඉටුකලේය. දුම්කොළ වෙළෙන්දෙකු ලෙස වෙස්වලාගෙන බයිසිකලයක නැගී වරක් කොළඹින් පලායන්නට උන්වහන්සේට සිදුවිය. අද බුද්ධාගමට ප්රමුඛත්වය දෙනවා කියන, බුද්ධාගම ගැන පොතක් පවා ලියුවා කියන අගමැති කෙනෙක් ඉන්නා රටක, මහරෑ කුරුණෑගල අසල මුස්ලිම් කැළෑ ප්රදේශයකදී පොලිසියේ 200 ක් පමණ ඥානසාර හිමියන්ව වරෙන්තුවක් වත් නැතිව හිරේට ගන්නට සැදූ කාලයක් ගැන සිතනවිට, සම්පූර් ක්රිස්තියානි රාජ්යබලය තිබූ ඒකාලයේ ගුණානන්ද හිමියන්ට කෙතරම් නිර්භීත කමක් තිබෙන්නට ඇද්ද? කාලයේ මහනුවර මහානායක හිමිවරු කොළඹ ආණ්ඩුකාරයාගේ හා නුවර ඉංග්රීසි ඒජන්තගේ අල්ලේ සිටි බෝනික්කන් දෙන්නෙක් වගේ වෙන්නට ඇතැයි මට සිතේ. දැන් කාලයේ එංගලන්තයේ මහරැජිණ මෙනි.

2. බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය

ප්රසිද්ධියේ බෞද්ධ විරෝධී බවක් එළි නොකලත් බෞද්ධයින්ට පල්ලියෙන් සිදුවූ හතුරුකම් වැලැක්වීමට සුද්දන් ඉදිරිපත්වූයේ නැත. වැසියන් ක්රිස්තියානිකරණයවීම යටත් විජිත පාලන ක්රමයට හිතකර වන බව අද වුවද ලංකාවේ සිටින කළු සුද්දන්ගේ ක්රියාවලින් සක් සුදක්සේ පැහැදිලිවේඑහෙත් අද මෙන් නොව කාලයේ මෙය කරගෙන ගියේ ක්රිස්තියානි මිෂන් පාසැල් ක්රමය හරහාය. සඳහා උදව් කිරීමත්, ගම් වල පන්සල් අධ්යාපනය අඩපණ කිරීමත් යන දෙකම එකවර හෙමින් සීරුවේම සිදුවිය. බුද්ධාගම බොරුවක් කියමින් නොනැවතී ගැන වාදයකට එන ලෙස කළු සුදු පූජකයින් නිතර නිතර හාමුදුරුවරුන්ට අභියෝග කලේය.

 බුද්ධාගම බොරුවක් යයි ඇතිවූ ක්රිස්තියානි තර්ජනය නිසාම ඊට විරුද්ධව ප්රතික්රියාවක් මතුවිය. පසු කලෙක සිංහල භාෂාව රැක ගැනීමේලා පඬිවරයෙකුවූ ඔබේසේකරබණ්ඩාරනායක සේරම් ක්රිස්තියානි පවුල්වලට අයත් ජේම්ස් අල්විස් 1840 ස් ගණන්වල කියා සිටියේ දශක දෙකකදී පමණ බුද්ධාගම ලංකාවෙන් නැතිවී යා හැකි බවය. අන්ත අසරණ භාවයට පත්වු සිංහල ජනයා තමන් ගලවා ගැනීමට දියසේන කුමාරයෙක් එනතෙක් හූල්ලමින් සිට්යේය. කාලිංග මාඝ හෝ චෝල ආක්රමණ හෝ පෘතුගීසි සංහාර ආදියෙන් සමූලඝාතනය කල නොහැකිවූ ගහට පොත්ත වැනි බැඳීමක් තිබූ ගම හා පන්සල විසින් රැකගත් ත්රිපිටකයජාතක කතා ඇතුළු සිංහල බෞද්ධ සාරධර් පද්ධතියක් දිවයිනේ ඉතිරිව තිබුණේය. යුදෙව් හා අයිරිස් යන ජාතීන් දෙක ලෝක ශිෂ්ටාචාරයට කල සේවය මෙන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයද අඛණ්ඩව පැවතියේය. පුන්න තෙරුන් බුදුන් දවස අරාබිකරයට බුදු දහම ගෙන ගියා මෙන් ටොලමිගේ සිතියමේ ටැප්රොබේන් නමින් හඳුන්වන ලද ලංකාව, බ්රිතාන් දූපත් සමඟ සසඳනවිට විශාල කේන්ද්රීය දූපතක් විය. ගමේ පිරිවෙන්වල අධ්යාපනය ලද හාමුදුරුවරු සතුරාගේ උපක්රම ඉගෙනගෙන ඒවායින් පෙරලා සතුරාට පහරදීමේ ක්රියාවලියද ලෝක යටත් විජිත ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. උදාහරණයක් වශයෙන් කලින් බෞද්ධාගමට අපහාස කරණ පත්රිකා මුද්රණය කල කෝට්ටේ තිබූ මිෂනාරී ප්රින්ටින් ප්රෙස් එකක් මිලට ගෙන ඒවාට ප්රතිුත්තර මුද්රණය කිරීමට හාමුදුරුවරු ක්රියාකළේය. ඊට අමතරව සියම් රජුගේ ආධාරයෙන් ලංකෝපකාරය නමින් මුද්රණාලයක් ගාල්ලේ  ආරම්භ විය. මේවා සිදුවූයේ 1862 දීය.

 මෙම ක්රියාදාමය, යුරෝපයේ මාටින් ලූතර්ගේ (1483-1546) යුරෝපයේ කතෝලික පූජක බලයට විරුද්ධව ගෙනගිය ප්රොටෙස්ටන්ට් ව්යාපාරයට සමාන කරමින් ක්රිස්තියානී ස්ටැන්ලි තම්බයියා හා ඔහුගේ ගෝලයින්වන ගණනාත් ඔබේසේකර හා එච් එල් සෙනෙවිරත්න, ඇමෙරිකාවේ සිට ඇන්ත්රොපොලොජි පොත් ලියුවේය. ඉංග්රීසි කතාකරණ ලෝකය නොමඟ යැවූ ඔවුන් ලංකාවේ ප්රොටෙස්ටන්ට් බුඩිසම් ගැන ලියා ප්රසිද්ධියට පත් විය. මෙය පිටරට සිට පැමිණ නුවර ක්වීන්ස් ස් හෝටලයේ නැවතී සිට, ගැමියන්ගේ කතරගම දෙවියන් ඇදහීම ගැන පොත් ලියුවා වගේමය. විදුලි ඉංජිනේරු රක්ෂාවෙන් සමාජ විද්යාවට මාරුවුන සුසන්තා ගුණතිලක විසින් පසුකාලයක ලොවට හෙළිකරනතුරු මෙය මහාචාර් රහසක් ලෙස පැවතියේය.

 ලූතර් විප්ලවයක් කලේ දෙවියන් හා දුප්පත්/නූගත් කතෝලිකයා අතර සිටි අතරමැදියාවූ පූජක පන්තියට විරුද්ධවය. ඒජන්ට් කෙනෙක් නැතිව කෙළින්ම පල්ලියේදී දෙවියන් ලඟට යා හැකි බව ඔහු කියා සිටියේය. ඉන්ඩෙල්ජන්ස් නම් සහතිකය මිලට ගෙන කරන ලද පව් දියකර (වාෂ්පකර) නිරය වෙනුවට දිව්යලෝකයට යා හැකිය යන ජාවාරම පෝප් ප්රමුඛ පූජකවරුන් විසින් කරගෙන ගියේය. මෙය දැන් කාලයේ ලංකාවේ සෝවාන් හා සකෘදාගාමි සහතික දෙනවා වගේය. තමන් රහත් බව කියන බුදුකෙනෙක් දෙන්නෙක් ඌරුමස් කමින් උපන් දින පාටිදානවා වගේය. විඳීම වෙනුවට වින්දනය ඕමාර් කයියාම් ක්රමය අනුගමනය කිරීමය.

 ලංකාවේ මුහුදුබඬ තීරයේ හාමුදුරුවරු කලේ මෙවැනි දෙයක් නොවේ. ආගමික නිදහස යන සීමිත කවුළුව ප්රයෝජනයට ගෙන මර්ධනකාරී යටත් විජිත ආණ්ඩුව හා ගැටෙන ව්යාපාරයක් නොවන ආකාරයට තමන් සතු සීමිත සම්පත් යොදාගෙන පොදු ජාතික සතුරාට පහර දීමය. අරක්කු රේන්ද මඟින් ධනවත්වූ, විශේෂයෙන් කරාව කුලයේ දෙමාපියන්ගේ දරුවන් තමන්ට දෙවන නොව තුන්වැනි පන්තියේ පිරිසක් ලෙස සුද්දන් සළකන බව ගැන කළකිරී බෞද්ධ පුනරුදයකට අත දීමට ඉදිරිපත් විය. මෙහිදී අනාදිමත් සේවයක් කලේ පානදුරේ වලානේ සිට සටන් සිදුවන පෙරමුණ ලෙස කාලයේ සැලකුණ කොළඹට (රත්මලානට) පැමිණ 1842 දී පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භකල ශ්රී සිද්ධාර් හිමියන් විසිනි. එය 1848 කැරැල්ලට පෙරය.

 කළු සුද්දන් බෝකිරීම

 කතෝලික ආගමට හැරී ඉන් පසු ලන්දේසි කාලයේදී රෙපරමාදුවී ඉංග්රීසිකාලයේදී ඇන්ග්ලිකන් වුන පිරිසේ දරුවන්ට ඉංග්රීසි කටගස්වා කීකරු සේවකයින් කොටසක් බිහිකරගත හැකි බව නෝත් ආණ්ඩුකාරයාද කියා සිටියත්, එය නිල වශයෙන් ප්රකාශ කලේ 1832 කෝල්බ්ැක්කැමරන් කොමිෂමෙනි. මේ අනුව 1836 දී දැන් රෝයල් කොලේජ් එකත්  1851 දී සැන් තෝමස් එකත් බිහිවිය. වන විට ඇමෙරිකන් මිෂනාරීන් යාපනේ හා මඩකලපුවේ පාසැල් වැඩ අරඹා බොහෝ කල් ගතවීය. මේ සංකල්පය 1835 දී ඉන්දියාවේ ප්රචලිත කලේ තෝමස් මැකෝලි විසිනි. හමේ පාටින් හා ලේ වලින් ඉන්දියානු වුනත් හැසිරීමෙන් හා සිතීමෙන් ඉංග්රීසිවන, පාලකයා හා මහජනයා යන දෙකොටස අතර අතරමැදියන් වශයෙන් සිටින දුඹුරුපාට බ්රිතාන්යයින් කොටසක් බිහිකල යුතුබව ඔහු කියා සිටියේය. අද ලංකාවත්, සෙසු පරණ යටත් විජිතත් විනාශකරන්නේ මෙසේ බෝකල කළු සුද්දන්ගේ පන්තියය. වලානේ සිද්ධාර් හිමියන්ගේ සේවය තක්සේරු කලයුතු මෙම පසුබිම යටතේය. මිගෙට්ටුවත්තේ හිමියන් අද නිසැකවම ලංකාවට අවශ්යවන  මිලිටන්ට් බුඩිසම් අනුව ගියා නම් (උන්වහන්සේගේ පාත්රයට ගොම තැම්බක් දැමීම), ශාස්ත්රීයප්රාචීන පණ්ඩිත විනයධර භික්ෂු පරපුරක් ගොඩ නැඟීමේ අවශ්යතාවය උන්වහන්සේ වටහා ගත්තේය.  1924 ඊළම් විෂබීජය පැලකරන කාලයේ සිට ක්රිස්තියානි සිංහල කළු සුද්දන් විකාර නටමින් රට විනාශයකරා ගෙන යද්දී ඊට විරුද්ධ බලවේගයක් වශයෙන් ක්රියාකල විද්යෝදය (1873) හා විද්යාලංකාර (1875) පිරිවෙන් දෙක බිහිකලේ පරම ධම්මවේතිය පිරිවෙනේ සිද්ධාර් හිමියන්ගේ ගෝලයින් දෙනමක් වන හික්කඩුවේ සුමංගල හා රත්මලානේ ධම්මාලෝක යන හාමුදුරුවරුන් විසිනි. ගිහි විශ්ව විද්යාලකර විනාශ කරණ තුරුම මේ පිරිවෙන් දෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ මුදුන් මල්කඩ දෙකක් විය.

3. ඕල්කොට්ධර්මපාල අවධිය

බුද්ධාගම පණ ඇද්ද අවධිය බුද්ධාගමේ පුනරුද අවධිය ලෙස හැරවූයේ හාමුදුරුවරුන් විසිනි. 1880 දී ඕල්කොට්බ්ලැවැස්කි දෙදෙනා ලංකාවට ඒමෙන් සිදුවූයේ හාමුදුරුවරුන් තිරයෙන් පිටුපසට ගොස් ගිහියන් ඉදිරියට ඒමය. 2000 දී සෝම හාමුදුරුවන් සහ 2004 දී ජාතික හෙළ උරුමය බිහිවන තෙක් හාමුදුරුවරු දේශපාලන වේදිකාවට කෙළින්ම ආවේ නැත. 1956 විප්ලවයේදීද හාමුදුරුවරු සිටියේ පසුබිමේය. ලෝකයේ ප්රථම සුදු බෞද්ධයා ලෙස හැඳින්වෙන ඕල්කොට්තුමා හාමුදුරුවරුන්ට ලැබුණ, සුද්දන් සමඟ ගණුදෙණුකල හැකි විදේශීය සුද්දෙක් විය. මේ නිසා 1883 කොටහේන ප්රහාරයේදී ආණ්ඩුව කතෝලික පැත්ත ගත්විට, ලන්ඩන් ගොස් බෞද්ධයින් වෙනුවෙන් කතා කිරීමට, සියම් හා අමරපුර නිකාය වල හාමුදුරුවරුන් හත් නමකගේ අත්සණින් යුත් බලපත්රයක් ඕල්කොට්තුමාට දෙන ලදී. ඔහු විසින් බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේදී, වෙසක් පෝය නිවාඩුදිනයක් කිරීමේදී හා සිංහල බෞද්ධයින්ට ඉංග්රීසි හා සිංහල පාසැල් පිහිටුවීමේදී ඔහුගේ සංවිධානාත්මක දක්ෂතාවය ලබාදෙන ලදී. 1812 වනවිට මිෂනාරීන් උතුරේ ජනයාට පාසැල් ආරම්භකල කලේය. දකුණේ සිංහල බෞද්ධ පාසැල් ඇරඹුණේ 1880 න් පසුවය.

විදේශික ඕල්කොට් නම් ලංකා සිංහල බෞද්ධ මිතුරාගේ භාෂා පරිවර්තක ලෙස මුලින් ඔහුට සම්බන්ධවූ ධර්මපාල තරුණයා සිංහල බෞද්ධයින්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය නඟාසිටුවීමටත්, හාමුදුරුවරුන් විසින් සමාජ සේවයට මැදිහත්වීමේ අවශ්යතාවය පෙන්වාදීමටත් ක්රියාකලේය. පඹයෙක් සදා ඊට සුදුහුණුගා ගේ ඉදිරිපස තබා උදේ සවස පර සුද්දා කියමින් පයින් ගසන්නට යයි කියා සිටියේ සුද්දාට අපහාස කිරීමට නොව මිනිසුන්ගේ හීනමානය ඉවත්කිරීමේ පරමාර්ථයෙනි. සිංහලයින්ගේ උදාසීනකම තුරන්කර ගැනීමේත්, ජපානය, ජර්මනිය හා ඇමෙරිකාවේ මෙන් විද්යාව හා තාක්ෂණය අධ්යාපන ක්රමයට ඇතුලත් කිරීමේ වැදගත් කමත් පෙන්නා දුන්නේය. ඇමෙරිකාව, එංගලන්තය වැනි විදේශවලට බුදු දහම ගෙනයාමේ කාර්යද ඔහු ආරම්භ කලේය. එහෙත් එතුමාගේ භාෂාව හා මතවාදය සුද්දන් පමණක් නොව, ඩී එස් සේනානායක, ඩී බී ජයතිලක වැනි දේශපාලකයින්ට පමණක් නොව 1911 වනවිට නැඟිිෙමින් සිටි පිටරට අධ්යාපනය ලබා පැමිණි සිංහල හා දමිළ කළු සුද්දන්දටද බලවත් තර්ජනයක් විය. මෙය හරියටම අදවනවිට ඥානසාර හිමියන්ට සිදුවී ඇති දෙය වැනිමය. 1915 සිංහලමුස්ලිම් කෝලාහලයට පසුව කල්කටාවේදී හිර අඩස්ස්සියේ තබාගෙන, ලෙඩරෝග වලට ප්රතිකාර ගන්නට ලංකාවේ ඥාතීන් ලඟට ඒමටවත් අවසර නොදුන්නේය. ලංකාවට ඇවිත් හිරිහැර මධ්යයේ ජීවත්වනවා වෙනුවට එතුමා ලංකාව හැරදමා ගියේය. මේ කාලයේදී ලංකා ජාතික සංගමය සමඟද සාකච්චා පැවතුනත්, සිංහලදෙමළ සමඟිය පිළිඹදව ක්රිස්තියානි සිංහලයින් පවත්වන කෘතිම සම්බන්ධය නිෂ්ඵල බව එතුමාට වැටහුණි. 1933 දී හාමුදුරුනමක් වශයෙන් බුද්ධගයාවේදී අපවත් විය.

අංක 4 යටතේ එන ඩොනමෝර් අවධිය (1931-48) තුල, කළු සුද්දන් දේශපාලන බලය අල්ලා ගැනීමටත්, මාක්ස්වාදීන් බංගවේවාමැලේරියාසූරියමල් දේශපාලනයත්, දමිළ ඊළම්වාදීන් රට කඩා ගැනීමටත් ක්රියා කරද්දී, අද රටට ඉතමත් යෝග්යවන අන්දමේ සමාජසේවා ව්යාපාරයක් විද්යෝදය පිරිවෙණේ උගත් භික්ෂූන් වහන්සේලා කීපනමක් විසින් ආරම්භකරණ ලදීධර්මපාලතුමාගේ ආභාෂය නිසා කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර හිමියන් විසින් අක්බාර් විනිසුරුගේ හා තරුණ සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් සිල්වා සමඟ දියත් කල ග්රාම සංවර්ධන හා අපරාධ මර්ධන ජාතික ව්යාපාරය මෙහිදී කැපී පෙනේඑයට උපකාර කිරීමට එවකට ස්වදේශ ඇමතිව සිටි ඩී බී ජයතිලක මහතාට  නොහැකිවීම, කළු සුද්දන් හා නිලධාරීන් එය කඩාකප්පල් කිරීම, හා මාක්ස්වාදීන් ඊට සහාය නොදීමත් වගේම කැපී පෙනෙන කරුණකි. අස්ගිරි විප්ලවය විසින් මෙම කළුකොඳයාවේ හිමියන්ගේ ව්යාපාරය නැවත මතු කරගත යුතුව ඇත.

ඩොනමෝර් අවධිය අග වන විට බිහිවූ තවත් භික්ෂූ ව්යාපරයක් වුයේ අංක 5 යටතේ සඳහන් කල විද්යාලංකාර පිරිවෙණේ සේවය .  1946 විද්යාලංකාර ප්රකාශණය හා භික්ෂුවගේ උරුමය මේ සේවය සංකේතවත් කරයි. ඩී එස් සේනානායක මහතා විසින් ගෙනෙගිය සුද්දන් රවටා හෝ බලය ලබාගැනීමේ ව්යාපාරයට යක්කඩුවේ ප්රඥාරාම හා වල්පොල රාහුල යන හිමිවරු බලවත් තර්ජනයක් විය. ප්රසිද්ධියේ ඩී එස්ට අභියෝග කල යක්කඩුවේ හිමියන් මහින්ද රාජපක් මහතාව පරදවන බවට අභියෝගකල අතුරැලියේ රතන හිමියන් හා සමාන කල හැකිය. අවසාන අවස්ථාවේ හෝ ජාතික හෙල උරුමයේ යෝජනාවලට ඇහුංකන් දුන්නා නම් රාජපක් ජනාධිපති අමාරුවේ වැටෙන්නේ නැත.

 ඕල්කොට්ධර්මපාල අවධියේදී හාමුදුරුවරුන් පසුබිමට තල්ලුවී ගියේ ඇයි? උතුරේ කුමාරස්වාමි පරම්පරාව හා දකුණේ ඔබේසේකර සේරම්බණ්ඩාරනායක පරම්පරාව මඟින් සුද්දන් ගෙනගිය පාලන කාලය වෙනස් වෙමින් 1910 වනවිට කරාවේදුරාවේ හා සලාගම උගත් තරුණ පරම්පරාව (නෝ බොඩීස් සම්බොඩීස් වීම) ව්යවස්ථාදායක සභාවට කල ඉල්ලීම් ඉදිරියට ආවේය. මේ සමඟ 1915 මුස්ලිම් කෝලාහලයට පසුව නිසා හිරභාරයට ගත් අමධ්යප ව්යාපාරයට සම්බන් සිංහල නායකයින්ට දේශපාලන දෑවැද්දක් හිමිවිය. මෙසේ බිහිවූ අළුත් උගත් මධ්යම පන්තිය රටේ පාලන බලය බොහෝදුරට සුද්දන්ගෙන් තමන් අතට ලබාගන්නට 1910 සිට 1931 වැනි සුළුකාලයකදී සමත්විය. 1832 සිට පැවත ජාතීන් අනුව නියෝජනය වෙනුවට භූමි ප්රදේශය අනුව නියෝජනය 1931 ඩොනමෝර් ආණ්ඩුක්රමයෙන් ආරම්භවියමෙසේ මහජනයාට සර්වජන චන්දබලය දීමට විරුද්ධ නොවූයේ කම්කරු පක් නායකයාව සිටි ගුණසිංහ මහතා පමණය. ටිබැට් ජාතික එස් මහින්ද හිමියන් හුදකලාව ජාතිකාණුරාගය නැංවූවා පරිදිමය.

 1923 වනවිට මතුවූ අළුත් ප්රශ්නයක්වූයේ දමිළ ඊළම් අදහසේ සම්භවයය. ක්රිස්තියානි සිංහල පිරිස්, දමිළ ඊළම් පිරිස් හා නොයෙක් ඩීල්ස් දමාගත්තේ සිංහල බෞද්ධයින්ගේ, හාමුදුරුවරුන්ගේ අදහස් විමසා නොවේ. දැන් රටේ වෙනදේ වගේමය. ඕල්කොට් අවධියේ සිටම උගත් හාමුදුරුවරුන්, විදේශීය උගතුන්ට බුද්ධාගම අධ්යයනය කිරීමට උපකාර කලේය. තම වෙනස් අදහස් නිසා සිවිල් සේවයෙන් නෙරපුන, පසුව ලන්ඩන් පාලි භාෂා සමාගම ආරම්භකල රීස් ඩේවිඩ්ස් මේ පිළිඹද හොඳම උදාහරණයය. මිසක් අඩුතරමින් උතුරේ හරිජනයා අතරට (මේ පහත් කුලවලට අයත්සේ සලකන ජනයා යාපනේ සිටි සිංහල ජනයා කියා මතයක් ඇත) බුද්ධාගම ගෙනයාමටවත් මේ හමුදුරුවරු ක්රියා කලේ නැත්තේ ජී ජී පොන්නම්බලම් විසින් ඇතිකල ජාතිවාදී භේදය නිසා අනවශ් ප්රශ්ණයක් මතුවිය හැකියයි සිතූ නිසා විය යුතුය. අනුරාධපුර පැරණි නගරය සංරක්ෂණය කිරීමට අරමුදල් සැපයීම පවා සුළු ජාතියට කල වෙනස්කමකට උදාහරණයක් ලෙස සෝල්බරි කොමිෂමට අවලාද කීමට තරම් පොන්නම්බලම් පහත් මනසක සිටියේය. අම්බෙඩ්කාර් මහතා ඉන්දියාවේ ඩලිත් ජනයා සමඟ දශලක් ගණනින් බුද්ධාගමට ආවේ ලංකාවේ හාමුදුරුවරුන්ගේ මැදිහත් වීමකින් නොවීය.

 හාමුදුරුවරුන් දේශපාලන වශයෙන් නිහඬවීමට තවත් හේතුවක් වන්නට ඇත්තේ උන්වහන්සේලා ඩොනමෝර් බෞද්ධයින්ට රැවටීමය කියා සිතේ. සිංහල නොදන්නා හා බුද්ධාගම ගැන නොදන්නා හෝ අළුතෙන් ආපසු බුද්ධාගමට හැරුණු (මෙසේ හිටපු හැටියේ අතේ පිරිත්නූල් බැඳගෙන ඉන්නා අය කීදෙනෙක් අද ඉන්නවාද?) පරණ රදල හෝ රේන්ද, මිනිරන්, වතුවගා කරුවන් හෝ ඔවුන්ගේ දරුවන් චන්දය ඉල්ලා මහජනයා ඉදිරියට ගියේ ගමේ හාමුදුරුවරුන් ඉදිරියට දමමින් . 1931 හා 1936 රාජ් මන්ත්රණ සභාවේ මන්ත්රීන් 50 දෙනාගේ නම් පරීක්ෂාකරන විට මෙය පැහැදිලිවේ. බලයට ආපසු මොවුන්ට සිංහල බෞද්ධ ප්රශ්න ගැන දැනුමක් නොවීය. එසේ නැත්නම් ඒවාට අතගසන්නට ඔවුන් සූදානම්වුනේ නැත. නැත්නම් සුද්දන් ඊට ඉඩක් දුන්නේ නැත. ඩී එස් සේනානායකඔලිවර් ගුණතිලක යන අය පෙරමුණට 1940ස් ගණන් වනවිට තමන් රැවටෙමින් ඉන්නාබව හාමුදුරුවරුන්ට වැටහෙන විට එය මෙම කළු සුද්දන්ට බලවත් තර්ජනයක් විය. මේ නිසා කලින් ධර්මපාලතුමාට පිංකැට හොරා යයි ලේබල් ගැසුවා මෙන් පොලිටිකල් මන්ක්ස් යනුවෙන් හාමුදුරුවරුන් හංවඩු ගැසීමට පටන් ගත්තේය. 1956 දී කළු සුද්දන් එලිපිට පරාජය වුවත් රාජ් සංස්ථා රාමුවේ බලය ඔවුන්ගෙන් ගිලිහුනේ නැත. අද වනවිට ඉන්නේ හංපඩයින්ගෙන්ද මිශ්රවුනු කළු සුද්දන් රැළකි. උඩ සිට පහලටම මන්ත්රීන්ලා දෙසත්, නිලධාරීන් හා එන්ජිිෝ කාරයින් දෙසත් බලන්න.

 ඊළම් ව්යාපාරය මෙන්ම හානිකර වූයේ මාක්ස්වාදීන්ගේ බංගවේවා දේශපාලනයය. දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක් යැයි කියා සිටි මොවුන්ට විරුද්ධව හාමුදුරුවරු අනුගමනය කලේ උපේක්ෂාවාදී ප්රතිපත්තියකි. ඊට තවත් හේතුවක් වූයේ විශේෂයෙන් විද්යාලංකාර හාමුදුරුවරු බුද්ධාගමේ ඇති සමාජවාදී ලක්ෂණ මාක්ස්වාදය හා ගැලපෙනබව ප්රකාශකිරීමය. මෙහිදීද සිදුවූයේ හාමුදුරුවරු රැවටීමකට අසුවීම මය. දුප්පත් තරුණ හාමුදුරුවරු 1971 වනවිට ජේවීපී කැරළිකාරයින්ගේ පන්ති පහට ගියා වැනිමය. මෙම මාක්ස්වාදීන් ලංකාවට කල විනාශය අදත් එසේම කරගෙන යන්නේ කෙසේ හෝ යම් වලිගයක එල්ලී යම් බලයක් ලබාගැනීමේ ගිජුකම හා අනාථ භාවය නිසාය. නිල් හා කොල දේශපාලන හොරුන්ගේ නොමනා හා අයථා ක්රියා නිසා දුප්පත් ජනයා අතර යම් මතවාදයක් ගොඩනඟා ගන්නට මොවුන්ට අවකාශයක් ලැබී ඇත. මහින්ද රාජපක්මෛත්රීපාල සිරිසේන යන සරම අඳින දේශපාලකයින්ගේ අකටයුතු ක්රියා නිසා පෙරටුගාමී පක්ෂයට ඔක්ෂිජන් ලැබෙන පරිදිය.

 අංක 6 යටතේ දැක්වෙන පංච මහා බලවේගය (1956-59) ලංකාවේ හාමුදුරුවරුන් හා ලංකාවේ කළු සුද්දන් අතර ඇතිවූ ගැටුමේ ඓතිහාසික අවස්ථාවකි. බුද්ධරක්ඛිතසෝමාරාම යනු නැවත 1962 කුමණ්ත්රනයෙන් එලියට පැන්න කළු සුද්දන්ගේ බලය අල්ලා ගැනීමේ සටනේ ඉත්තන් දෙදෙනෙකිහේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර, කලල්ඇල්ලේ ආනන්දසංගාර යන හාමුදුරුවරු මේ අවධියේදී කැපී පෙනේ. පොලිටිකල් මන්ක්ස් කියමින් අපහාස කලාට ඩී එස් විසින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව තම දේශපාලනයට යොදාගත්තේ බොරු පොරොන්දු දෙමින්. මෑත කාලයේ මාදුළුවාවේ සෝභිත හිමියන් රැවටුනා වගේය. 29 වගන්තිය යටතේ ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නැතිබව ඩිිෙස් ලැජ්ජාභයක් නැතිව කියා සිටියේය.

 සිවිල් සේවයේ එන් කියු ඩයස් මහතා කලිසම් කෝට් ගලවා දමා ජාතික ඇඳුම ඇඳගෙන වැඩට යාම 1956 විප්ලවයට පෙර ඔහු කල පුද්ගලික විප්ලවයය. ගුනපාල මලලසේකර මහතා තම ක්රිස්තියානි නම වෙනස් කලේය. එසේ වෙතත් මේ අය ප්රධාන ගිහිපැවිදි පිරිස එක්තරා අන්දමේ අතරමංවීමකට පත්වූ බව කිංස්ලි සිල්වාගේ ජේ ආර් ජයවර්ධන චරිත කතා පොත කියවනවිට පෙනී යයි. 1956 පෙර තමන්ට නායකයෙක් නැතිකම නිසා ඔවුන් මුලින් ගියේ ඩඩ්ලි සේනානායක ලඟටය. ඔහු ක්රිස්තියානි මවකගේ පුතෙකි. ඔහු කියා ඇත්තේ බණ්ඩාරනායක ලඟට යන්නය කියාය. ඔහු ක්රිස්තියානි පරම්පාරවකින් අයෙකි. මේ කාලයේ බෞද්ධ බලවේගය ගොඩනැඟූ එල් එච් මෙත්තානන්ද මහතා මාස කීපයක් තුලම බණ්ඩාරනායක ආණ්ඩුව විවේචනය කලේ අගමැතිවරයා නියම බෞද්ධ ප්රතිපත්ති නොදන්නා අයෙක්වීම නිසාය. උදාහරණයක් වශයෙන් සී සී දිසානයකට (රවි කරුණානායකගේ මවගේ පියා) පොලිස්පතිකම නොදුන්නේ ඔහු කතෝලිකයෙකුවීම නිසාය. මේ හැර ගිහි බෞද්ධ නායකයින් විසින් භාෂා ප්රශ්ණයේදී දෙමළ ජනයාට අසාධාරණ ලෙස සැළකුවේය. ඉඩම් හා රට සභා ප්රශ්ණය ඉන් වෙන් කිරීමට ඔවුන් අසමත්වූවා පමණක් නොව ඉන් රටට හානියක් කිරීමට ජේ ආර්ඩඩ්ලි දෙන්නාට මඟ පාදා දුන්නේය. ඉඹුල්ගොඩ වීරයාවූ ඩී එස් බණ්ඩාරණායක තරුණ මන්ත්රී අගමැතිට යෝජනා කලේ යූ එන් පී එකත් ආණ්ඩුවට හවුල් කරගන්නා ලෙසටත්, සිංහල හා දෙමළ ලිපිකරුවන් විශාල ප්රමාණයක් රජයේ සේවයට බඳවා ගන්නා ලෙසත්. වනවිට අගමැති සිටියේ මේ අදහස් තේරුම් ගැනීමට නොහැකි තරමට දේශපාලනයෙන් හෙම්බත්වීය. සිංහල බෞද්ධයින්ගේ නැතිවීගිය අයිතිවාසිකම් 1956 බුද්ධශාසන කොමිෂම් වාර්තාවේ සඳහන් වුවත්, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශාසනාරක්ෂක සමිති වැනි යම් යම් වෙනස් කම් ඇතිවුවත් කළු සුද්දන්ගේ බලය හා ක්රිස්තියානී පෙඩරල් බලය ගැඹුරු මුහුදේ දියවැලක් මෙන් යටින් පැවතියේය.

 මේ නිසා රටට අඳුරු යුගයක්  (1960-1978), පෙඩරල්කාරයින් බලවත්වීම හා නිල් කොල රතු පක් මාරුවෙන් මාරුවට රට විනාශ කිරීම දිගටම සිදුවී අන්තිමේදී අධර්මිෂ්ඨ සමාජයක් (1978–2005) බිහිවිය. මාදුළුවාවේ සෝභිත හිමියන් මෙහිදී පෙරමුණ ගත්තේය. මහාචාර් සරච්චන්ද්රද ගුටි කෑවේය. ඉතිහාසයේ ප්රථම වරට බෞද්ධ රාජ්යයක් පිහිටුවන්නට පොරොන්දුවීම මේ කාලයේදී සිදුවුයේ ඊට කලින් සෙනසුරාදාඉරිදා වෙනුවට පෙරපෝයපෝය සති අන්ත නිවාඩු බොරුවක් අටවාය. ලෝකයේ කුඩා දිළිඳු රටක් වශයෙන් මෙය ප්රායෝගික නැත. බාහිර විප්ලවය සිදුවන්නේ සන්තානගත විප්ලවයක්ද සමඟ යයි ජේ ආර් වෙනුවෙන් රටවටේ ගියේ බෞද්ධ දර්ශනය පිළිඹද මහාචාර් ඩබ්ලිව් එස් කරුණාරත්නය. ඔහුට ගැන කළකිරීමට වැඩිකාලයක් ගියේ නැත. ජේ ආර් සමඟ ඇතිවූයේ අති දූෂ්, ඉතාමත් කැත සමාජයක් බිහිවීමත් රට තව තවත් ප්රපාතයට යෑමත්. මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කල ආකාරයට හාමුදුරුවරුන් බලෙන් රැස්වීම්වලට ගෙනයාමට අවශ්යවූයේ නිසාය. ලංකාවේ කිසිම රජකෙනෙක් නොසෑදු තරම් විහාර සංඛ්යාවක් ප්රේමදාස මහතා සැදෙව්වේද මේ නිසාමය.

 මෙසේ රට ක්රමයෙන් බල්ලාට යන අවධියක සෝම හාමුදුරුවන්ගේ භූමිකාව (2000-2003) ඇතිවී නැතිවී ගියේය. වනවිට ලෝකයේ ශාරියා මුස්ලිම් ව්යාප්තිවාදයත්, ක්රිස්තියානි අන්යාගමීකරණයත්, ලෝක සමාගම් එන්ජිිෝ හරහා රටවල් සූරා කෑමත්, මෙහිදී රටවල් කැබලිකර සුනු විසුනු කිරීමේ කඩතුරාව ලෙස මානව හිමිකම් හුටපටයක් ඉස්සරහට දැමීමත් දිවයින පුරා පිළිකාවක්සේ පැතිර යමින් තිබිණචන්ද්රිකා යුගයේ ගෙනා පැකේජ් ඩීල් පැරදවූයේ භික්ෂූ බලවේගය විසිනි. මේ බලවේගවලට බොරු උත්තරයක් ලෙස දේශපාලන හොරු විසින් පිරිත් නූල් කඹ යුගයක් 2004 න් පසුව ආරම්භ කරන ලදීඇල්ලේ ගුණවංශ, අතුරැලියේ රතන හා ගලබොඩඅත්තේ ඥානසාර යන හාමුදුරුවරු ක්රියාශීලිවූයේ මේ කාලයේය. සිංහල උරුමය හා ජාතික හෙල උරුමය බිහිවිය. ලංකා ඉතිහාසයේ ප්රථම වරට හාමුදුරුවරු රාජ්යපාලනයට, පාර්ලිමේන්තුවට ගියේ 2004 දීය. එහෙත් 1956 දී මෙන් එය අසාර්ථකවූයේ එය තුලට හතුරන් රිංගා ගෙන සිටීම වියයුතුය. මාක්ස්වාදී පෙඩරල්කාරයෙක් කතානායක වීම නිෂේධ කිරීම හා ආනන්දසංගාරීට මන්ත්රීධූරයක් පූජා කිරීම (හා මඟින් ඔහුගේ ජාතික අවංකභාවය පරීක්ෂාවට හසුකිරීම), දෙඟිඩියාවෙන් සිටි ජනාධිපතිට යුද්ධයට යෑමට බලකිරීම යන ක්රියා මඟින් සිදුකලත් අද රට වැටී ඉන්නේ කබලෙන් ලිපටයමේ රටේ 1948 න් පසුව ඇතිවිය යුතුව තිබූ සුද්දගෙ නීතියෙන් ගැලවීම සිදුවුනේ නැත. සුද්දගෙ නීතිය අපට එපා කීමෙන් අදහස් වන්නේ මේ රටේ සුළු ජන කොටස්වලට අසාධාරණයක් කිරීම නොවනබව පෙන්වා දීම ආරම්භකලේ බොදු බල සේනාව විසින් 2012 මැයි මාසයේදීය.  2017 ජූනි 20 අස්ගිරි ප්රකාශණය හා ඉන්පසු ජූලි 4 අස්ගිරි නිවේදනය නිකුත්කරණතුරු රට කැබලිකිරීමේ බලවේග විසින් කලේ ඥානසාර හිමියන් බිල්ලට ගැනීමේ  උපක්රමයය. සඳහා උන්වහන්සේගේ යම් දුර්වලතාවක් ඔවුන් අල්ලාගත්තේ ධර්මපාලතුමාට කාලයේ නොයෙක් අපහාස කලා මෙන්මය. පණිවුඩකාරයා මරා දැමීමට බැලීමය.

 දැන් සිදුවී ඇත්තේ අස්ගිරි පණිවුඩකරුවාට බැට දීමය. මේ මඟින් ඇතිවිය හැකි බලවේගය තුලට රිංගා එයට, 1956-59 හෝ 2000-03 දී සොම හාමුදුරුවන්ට හෝ  2004 ජාතික හෙල උරුමයට හෝ කලදේම කිරිමේ උපක්රමයමය. අවලංගු කාසි වැනිවූ දැන් ඉන්නා පක් දේශපාලකයින් වෙනුවට මඩකලපුවේ අරුන් තම්බිමුත්තු, බේරුවල ඉම්ටියාස් වැනි අයගේ සිට ගෙවිඳු කුමාරතුංග, පාදෙණිය, සීතා අරඹේපොල, මනෝහර සිල්වා යනාදී නොයෙක් බලාපොරොත්තු තැබිය හැකි තරුණ පරම්පරාවක් නැගී එනු පෙනේ. අස්ගිරි උපදේශකත්වයෙන් මොවුන්ගේ ගිහි දේශපාලන ව්යාපාරයක් ගොඩ නැගිය යුත්තේ නිල්කොලරතු දේශපාලනයෙන් තොරවය. තම ඥාතීන්ව සීමාව පැන දේශපාලනයට ගාවාගෙන අමාරුවේ වැටුණ විමල් වීරවංශ පමණක් අස්ගිරි විප්ලවයට පක්ෂව ඉදිරිපත්වීම ගුණදාස අමරසේකර මහතාගෙන් ඔහු ලැබූ අධ්යාපනයේ ප්රතිපලයක් වියයුතුය. පුරාවිද්යා වස්තු සංරක්ෂණයෙන් එහා යන බෞද්ධ රාජ් පාලන ක්රමයක්
අපට ඇත. මෙය කුමක්ද කියා මීලඟ ලිපියෙන් සංදේශයක් වශයෙන් අස්ගිරි ප්රමුඛ හාමුදුරුවරුන්ට ඉදිරිපත් කරන්නෙමි. විරුද්ධ ඩොලර් බලය ජය ගත හැකිය. ජයගත යුතු බෞද්ධයින් එකතු කර ගන්නේ කෙසේද යන ප්රශ්ණයය. සිංහල, දමිළ මුස්ලිම් සාමාන් ජනයා අද අතරමංවී සිටී. 1947 චන්දයේදී ගාල්ලේ තම චන්ද කොට්ඨාශයේ යාමටඊමට දුප්පත් වාමාශිංක විජයානන්ද දහනායකට තිබුණේ මෝටර් බයිසිකලයක් පමණය. යූ එන් පී අමරසූරිය ධනවතා දිගට හරහට සල්ලි විසිකලේය. අසරණවූ දහනායක තම බුද්ධිය පාවිච්චි කලේය. සහෝදර සහෝදරියණි, මම ලොකු සල්ලි ගහක් හොලවනවා, ගිහින් සල්ලි ඇහිඳ ගන්න යන්න ඔහුගේ පණ්වුඩය විය. වැඩි චන්ද 7000 කින් ඔහු මන්ත්රීවිය. ලංකාවේ එන්ජිිෝ කාරයින් හා අයථා ලෙස ධනවත්වූ දේශපාලකයින් දමණය කල හැකි දහනායක ක්රමයක් තිබෙනවා නිසැකය.

2 Responses to “අස්ගිරි විප්ලවය”

  1. Hiranthe Says:

    I am glad that you have not mentioned Ven. Maduluwawe Sobhitha, Ven Athuraliye Ratana and Dambara amily’s heroic work to create something similar to Arab spring here in SL to No.12 position. They dragged this country back by probably 50 years.

  2. Kosala777 Says:

    අන්තිම දක්ෂයෙක් මෙතුමා, චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ලබනවර පොදු අපේක්ෂකයා කරලා දාමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress