කටාර්හි නවතම අර්බුදයත රවී කෙල හලයි, ඒ.එස්.පී. රැුස් විහිදයි.
Posted on July 30th, 2017

දුෂාන් ලියනගම

කටාර් හි වෙසෙන ශ‍්‍රි ලාංකික පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එම දෙමාපියන්ගේ මූල්‍ය හා ශ‍්‍රම දායකත්වයෙන් මෙන්ම ගොඩනගා ගත් තම රාජකාරි සබඳතා වල ශක්තීන් මත වසර 2001 දී දරුවන් 14 දෙනෙකු ඇතුළත් කර ගනිමින් පිහිටුවා ගත් හා ශී‍්‍ර ලංකීය අනන්‍යතාවය රැුකෙන පරිදි පවත්වාගෙන යන ශ‍්‍රී ලංකා ස්ටැෆඞ් පාසලට අදවන විට හෙනහුරෙක් කඩා පාත් වී ඇත. කටාර් රියාල් මිලියන 9 ක මුදලක් එකතු වී ඇති පාසල් අරමුදලට .තට්ටු. කිරීමට අභිනව විදේශ ඇමති රවී කරුණානායක බලාපොරොත්තු වෙයි. ඒ සම්බන්ධයෙන් රතු එළි දැනටමත් නිකුත් කර ඇති අතර, එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ .තෝල්කයා. ලෙස කටයුතු කරන්නේ එම රටේ තානාපති ලෙස පෙනී සිටින එහෙත් තමනට ආණුඩුකාරධූරයක් නොමැතිව හැ`ඩූ කදුලින් පසුවන කුප‍්‍රකට ඉඩම් හා දේපල බිස්නස්කාරයෙකු වන ඒ.එස්.පී. ලියනගේ නැමැත්තාය. මේ හේතුවෙන් දැනට පාසලේ 1000ක් පමණ ඉගෙන ගන්නා ¥ දරුවන්, 50 ක් පමණ ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් ද සේවකයින් ද දැඩි කනස්සල්ලටත් කලකිරීමටත් පත්ව සිටිති.

මුලින්ම කිවයුත්තේ, මෙය කටාර් පමණක් නොව දමාම්, මස්කට්, ඩුබායි, බහරේන් ඇතු`ඵ රටවල් ගණනාවක දශක 2 කට වඩා කාලයක පටන් ප`ඩින`ඩි, ගොඩනැගිලි කුලී, පොත්පත්, විදුලි බිල්, රජයේ ගාස්තු යනාදි සියලූ වියපැහැදම් දරාගෙන, කිසිදු ශ‍්‍රි ලංකා රජයක අනුග‍්‍රහයකින් තොරව, මු`ඵමනින්ම දෙමාපියන්ගේ කර මතින් පවත්වාගෙන යන ශ‍්‍රී ලාංකීය පාසල් පද්ධතියක් බවයි. හැම පාසලකටම ව්‍යවස්ථාවක් ඇත. පේට‍්‍රන් ලෙස ශ‍්‍රි ලංකා තානාපතිවරයා පෙනී සිටියි. කලමනාකරණ මණ්ඩලයක් මගින් තීන්දු ගනියි. ඊට අමතරව දෙමාපිය සංගමයක් ද ඇත. සියලූ මුල්‍ය කටයුතු විගණනයකට යටත් වෙයි. අදාල රටේ නීති රීති වලට ද යටත්වෙයි. මේ සියලූ පාසල් ලාභ නොලබන පදනම මත පවත්වාගෙන යයි.

මෙතෙක් පැවති කිසිදු රජයක අතපෙවිමක් මේ කිසිදු පාසලකට නොතිබුුන අතර එක තඹ සතයක්වත් ශ‍්‍රි ලංකා රජයෙන් ලබා ගෙන නැත. එහෙත් අදාල අරමුදල පරිහරණය කිරීම අත්හිටුවා ඇති අතර ඊට හේතුව ලෙස තානාපති කියා සිටින්නේ මුල්‍ය වංචාවක් වාර්තා වි ඇති බවත් ඒ සඳහා කොළඹින් අධීක්ෂණ කණ්ඩායමක් එවනු ඇති බවත්ය. තවද එම ගිණුම සභාපතිවරයාගේ පුද්ගලික නමින් පවත්වාගෙන යන බවත්ය. එහෙත් කටාර් හි ක‍්‍රියාත්මක ශ‍්‍රි ලංකීය සංගම් නියෝජිතයින් අමතා කළ එම ප‍්‍රකාශය තානාපති විසින් එය .පාසලේ නමින්. පිහිටු වූ ගිණුමක් ලෙස සංශෝධනය කිරීමට සිදු වූයේ සභාපතිවරයාගේ නිවැරදි කිරීම මතය. මේ සම්බන්ධයෙන් පෙරලා ප‍්‍රශ්න කිරීමට යාමේ දී එක් අයෙකුට දැඩි ස්වරයෙන් කතා කළ තානාපතිවරයා ,මම ඉන්නේ ඔබලාට උත්තර දීමට නොව ඔබලා ඉන්නේ මට ඇහුම්කන් දීමට, බව කියා සිටි අතර මෙම ස්ථානයේ සී.අයි.ඞී ය ගැවසෙන බවත් වැඩිය දැගලූවොත් පොලිසියට භාර දෙන බවත් කියා සිටියේ ය. ඔහු වරෙක පොලිසිය ද කැදවූයේය. කිසිදු අවසානයකින් තොරව අතරම`ග රැුස්වීම නවතා දමා උඩුමහලට දිවගිය තානාපතිවරයා එසේ රැුස් විහිදුවන්නේ කටාර් හි වසර ගණනාවක් වෙසෙන සාඩම්බර ශ‍්‍රි ලංකීකයින්ට බව අමතක කළේය. ආ ගිය බොහෝ තානාපතිවරුන්ගේ විවිධ හැසිරීම් රටාවන් අපි දැක ඇත්තෙමු. සල්ලි මල්ලක් තිබූ පලියට තානාපති තනතුරු පිරිනැමූ යහපාලනයේ රෙද්ද ගැලවී අවසන් ය. රවී කරුණානායක වැනි මහ බැංකු හොරුන්ට ජනතාව පාඩම් උගන්වන දවස වැඩි ඈතක නොවේ. පන්සලේ පිංකැටෙන් නොනැවතී විදේශයන්හි පිහිටා ඇති ශ‍්‍රි ලංකා පාසල් අරමුදල්වලට අතපෙවීම නව විදේශ ප‍්‍රතිපත්තියේ කොටසක් බව දැන් පැහැදිලිය. එහෙත් නරින්ට කුකුල්ලූ භාර දෙන දෙමාපියන් කටාර් හි සොයා ගැනීමට නොහැකි වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress