රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය
Posted on July 30th, 2017

නලින් ද සිල්වා

අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.

මහින්ද ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණයෙන් පිටවෙන්න කලින් ම රනිල් මගින් ආණ්ඩුව භාරදුන්න. එහි වැරදි දෙකක් තිබුණ. එකක් ප්‍රතිඵල සම්පූර්ණයෙන් පිටවන තෙක් බලා නොසිටීම. දෙවැන්න මෛත්‍රිපාලට ආණ්ඩුව භාර නොදීම. සමහරවිට මෛත්‍රිපාල හොයා ගන්න අමාරු වෙන්න ඇති. සංධානයෙ අය සිදුවන දෙයින් තැති ගත්ත. ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වුණත් එහි නායකයන් අති විශාල පිරිසකට ජාතිකත්වයක් නැහැ. ඔවුන් බොරු සමාජවාදියො. මේ විසංවාදය බටහිරයන් හා රෝ සංවිධානය තේරුම් ගෙන තියෙනවා. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් මහින්ද අතහැර යැමේ ප්‍රවණතාවක් තිබුණා. අද ඒකාබද්ධ විපක්‍ෂෙ පොරවල් වෙලා ඉන්න කිහිප දෙනෙක් එදා ඇමතිවරුන් වෙන්න උත්සාහ කළා. කී දෙනකු මලික් සමරවික්‍රම හමු වුණා ද? මහින්දට මාස දෙක තුනක් යනකම් ඇතැමුන් දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. මේ තත්වය යටතේ මහින්ද ශ්‍රී ල නි ප නායකත්වය මෛත්‍රිපාලට භාර දුන්න. මහින්ද තව පෝය දෙකක් එදා බලං හිටිය නම් තත්වය වෙනස් වෙන්න තිබුණා. නුගේගොඩ රැස්වීමෙන් පසු මෛත්‍රිපාලට ජනබලයක් නැති බව පෙනී ගියා. දැන් පෝය දෙකේ කතාවල වැදගත් කමක් නැහැ.

මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප නායකත්වය පැවරීමෙන් ඡන්ද පනස්අට ලක්‍ෂයක අගය නැති වුණා. ඡන්ද පනස්අට ලක්‍ෂයකට අද පාර්ලිමේන්තුවේ කිසිම වැදගත් කමක් නැහැ.  දහනවවැනි සංශෝධනයට ඡන්දය දීමෙන් සංධානය හා මහින්ද සියතින් ගෙළ සිඳ ගත්තා. අගෝස්තු මැතිවරණයෙන් සංධානය එ ජා පෙරමුණට පරාජය වුණා. ඒත් ආසන එකොළහක් පමණයි අඩු වුණේ. ඉන් පසුව රනිල් ශ්‍රි ල නි ප එකතු කරගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්‍ෂයක් නො වෙයි. ම එ පෙ, ජා නි පෙ වැනි පක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බව තීරණය කරන  රනිල්ට අවනත කතානායක ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ පක්‍ෂයක් ලෙස පිළිගන්නවා. මේ රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වන ආකාරය. මෙය නීති විරෝධි ආණ්ඩුවක් වුණත් ඒකට විරුද්ධව අධිකරණයට යන්න බැහැ.

මෛත්‍රිපාල ආසන හතළිහක් පමණ තිබූ රනිල් අගමැති කළ අවස්ථාවෙ සංධානය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවෙ නැත්තෙ කියන එක ප්‍රශ්නයක්. ඒ වෙලාවෙ සංධානයට මන්ත්‍රීවරුන් බහුතරයක් සිටියා. සංධානය පිටුපස විදේශීය හස්තයක් තිබෙනව ද? සංධානය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඡන්දය දුන්නා. මේ නිකම් ම සිදුවූ දේ නො වෙයි. අද පාර්ලිමේන්තුව රනිල්ගෙ පාර්ලිමේන්තුව වෙලා. රනිල් විහිළු කරමින් තර්ජනය කරමින් කතානායකට උපදෙස් දෙමින් පාර්ලිමේන්තුව ගෙන යනවා. මේ තමයි ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාව වගේ රටවල ක්‍රියාත්මක වන විධිය.

ඒකාබද්ධ විපක්‍ෂයට එක්කෝ තේරුමක් නැහැ. එහෙම නැත්නම් ඔවුන් කරන්නෙ රඟපෑමක්. ඊයෙ අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ විවාදය ආණ්ඩුව දිනුවා. ඒකාබද්ධ විපක්‍ෂයට කෑ ගහල දිනන්න බැහැ. පාර්ලිමේන්තුවෙ සිදුවන දේ අධිකරණයක අභියෝග කරන්න බැහැ. පාර්ලිමේන්තුවෙ සිදුවන දේ හරි ද වැරදි ද කියලා තීරණය කරන්නෙ කතානායක මිසක් ජනමාධ්‍යවේදීන්වත් අධිකරණයවත් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය 2019 ගැන හිතනවා. ඒ අතර රනිල් තමන්ට අවශ්‍ය දේ කර ගන්නවා. ඊයෙ අඩු තරමින් හම්බන්තොට වරාය ගැන විවාදයවත් පවත්වගන්න ඒකාබද්ධ විපක්‍ෂයට බැරි වුණා. ඒකාබද්ධ විපක්‍ෂය ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම වගේ පරාජය උරුම කර ගෙන. රනිල්ගෙ කතානායක කෙනෙක් ඉන්න විට විපක්‍ෂය මෙයට වඩා කල්පනාවෙන් සැලසුම් සහගත ව වැඩ කරන්න ඕන.

අද ඡන්ද පනස්අට ලක්‍ෂයක් ගණන් ගන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය සාධාරණයක් ඉටු කරන්නෙත් නැහැ. මෙය පාර්ලිමේන්තු ඒකාධිපතිවාදයක්. බහුතරයේ ආධිපත්‍යයක් ගැන සිංහලයන්ට විරුද්ධ ව කෑමොර දෙන සිවල් සාමාජිකයන්ට හා පඬියන්ට හැටදෙලක්‍ෂයක් පනස්අටලක්‍ෂයක් පාගා දැමීම පෙනෙන්නෙ නැහැ. පඬියන් කෑ ගහන්නෙ 75:25 අනුපාතයක් ගැන. ඔවුන්ට එ ජා පෙ, සංධාන  52:48 අනුපාතය පෙනෙන්නෙ නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව සංධානයෙ ප්‍රධානත්වයෙන් හදන්නත් තිබුණා. එවිට අනෙක් බොහෝ පක්‍ෂ සංධානයට සහයෝගය දෙන්න තිබුණා.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තවත් සරදමක් තියෙනවා. එ ජා පෙ ඡන්දෙ ඉල්ලුවෙ වරාය බදු දෙන්න විකුණන්න නොවෙයි. සම්පූර්ණයෙන් ම එකී ව්‍යාපෘතියට විරුද්ධව. එවිට හැටදෙලක්‍ෂෙ ඡන්දෙ දීල තියෙන්නෙ වරාය චීනුන්ට දෙන්න නො වෙයි. එ ජා පෙ චීනුන්ට විරුද්ධවයි ඡන්දෙ ඉල්ලුවෙ. අද ඔවුන් චීනුන්ට රට විකුණනවා. ලංකාවෙ කිසිම ඡන්දදායකයකු චීනුන්ට රට විකුණන්න ඡන්දෙ දීල නැහැ. අද ආණ්ඩුව කටයුතු කරන්නෙ කාගෙ අවශ්‍යතාවකට ද?  කිසිම ආණ්ඩුවකට අනුනව අවුරුදු ගිවිසුම් පිටරට සමාගම්, ආණ්ඩු සමග අත්සන් කරන්න බැරිවෙන වගන්ති ව්‍යවස්ථාවෙ තියෙන්න ඕන.

ඒකාබද්ධ විපක්‍ෂය තමන් බලයට පත් වූ විගස මෙවැනි ගිවිසුම් අහෝසිකරන බවට ප්‍රකාශයක් කරන්නෙ නැත්තෙ ඇයි? ඒකෙ ඉන්න පඬියන් කියනව වෙන්න පුළුවන් එසේ අහෝසි කිරීම ඊනියා ජාත්‍යන්තර නීතියට විරුද්ධ කියලා. ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධව කටයුතු කරන්න මගක් හදා ගන්න ඕන.

ඊයෙ පාර්ලිමේන්තුවෙ සිදු වූ දේ රනිල් හරියට ම දන්නවා. අඩුම තරමෙන් ඔහුගේ උපදේශකයන් දන්නවා. බැඳුම්කරයෙන් රනිල් පන්නන්න හිතන් ඉන්න අයට ඊයෙ වෙච්ච දේ හොඳ පාඩමක්. ඒක මෛත්‍රිපාලටත් පාඩමක්. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පියවර නොගත්තොත් මෛත්‍රිපාල ඉවත් කිරීමට රනිල් පියවර ගනීවි.

 

නලින් ද සිල්වා

2017 ජූලි 29

7 Responses to “රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය”

  1. Hiranthe Says:

    Are you joking Prof Nalin??

    My3 can not remove Run-nil. He will be pissing in his pants if someone suggests him to do so.

    Run-nil is guided by some strong power. He is not afraid of anything. He does what he wants with the blessing of this unknown backing. Is it the CIA?? I don’t know. If it is RAW, will they guide Run-nil to give Hambantota to China..?? But if as a counter action Trico is given to Endia will RAW be happy to give Hambantota to China??.

    Considering the anti-Indian sentiment in the country, will it be a balancing act finally favouring India?? Yes.. Why not?/

    I think it is RAW who is behind Run-nil. He is acting like a Tamil movie villain in the Parliament.. all under his control.

    RAW is behind all the actions I can see.

    We all have to think differently as we are not only dealing with Run-Nil and the band of thieves.. it is the powerful RAW Patriots!!!

  2. Dilrook Says:

    There are no achievements for 40 years. UNP suffered its worst defeats under him in 2010 and 2004. He lost presidential elections twice. He also lost his original district after 1989. He has not allowed new leaders to emerge within the party.

    However, since his challengers today are weaker than him on policy and courage, he retains his relevance. This is exactly what kept his uncle JR going. Despite disaster in every field, JR managed to steer politics thanks to his opponents’ lack of policy consistency and courage to stand up to him.

  3. Leela Says:

    “මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි.” නලින් ටක්කෙටම හරි.

    දෙමළ මුස්ලිම් අති බහුතරය 2005දි මහින්දට චන්දෙ දුන්නෙත් නැහැ 2010 දි දුන්නෙත් නැහැ. නමුත් 2005දිත් මහින්ද දිනුවා 2010 දිත් දිනුවා. 2010 ජනාධිපතිවරනෙදි මහින්දට ලැබුන සිංහල බෞද්ධ චන්ද 2015 දි රැක ගන්න මහින්ද අපොහොසත් උනා. සිංහලයො රනිල්/සිරාගෙ පච වලට බොරැ පොරොන්දු රැවටිලා මහින්ද පැරැද්දුව විතරක් නෙවෙය් මුලු ජාතිකත්ව එකමුතුවම දුර්වල කලා.

    අද සිංහලය වැටිල ඉන්න නාරා වලෙන් 2019 ජනාධිපතිවරනෙ එනකම් ගොඩ ඒමක් නැහැ. මොකද උන් අතර මොන ප්‍රශ්ණ තිබුනත් රනිල්, සිරසේන අතහරින්නෙ නැහැ සිරසේන රනිල් අතහරින්නෙත් නැහැ. එකෙකුට අනෙක නැතුව කපුට්ස් බව දෙන්නම දන්නවා. ප්‍රසිද්ධයේ මොනව කිව්වත් මහින්දත් ඒක දන්න බව මහින්දගෙ වැඩ වලින් පැහැදිලිය්.

    රනිල් වැඩ කරන්නෙ ජේඅාර් මාමා වගේ මංත්‍රි වරැන්ගෙ ඉල්ලා අස්වීමෙ ලියුම් සාක්කුවෙ දාගෙන නෙවෙය් පක්ෂ විපක්ෂ ඔක්කොටම ජරාව වරදාන දීලය්. මුලින්ම බැඳුන්කරේ කොරල මදි නොවෙන්න සල්ලි හොයා ගත්තෙ ඒකටය්. ‘යහපාලක’ නඩේ වගෙ ඔලිගාචි සෙට් එකක් ලොකේ කොහේවත් නැතුව අැති.

    ගමක ඔිනම කඩේක මුදලාලි කෙනෙක්ගෙන් අහල බලන්න. සාමාන්‍ය මිනිස්සු අතේ සල්ලි නැහැ. බඩු ගිනි ගනන්. බිස්නස් 50%කන් අඩු වෙලා. අද රට චන්ද්‍රිකාගෙ කාලෙ වගේ වෙලා.

    හැබැය් රට ඉතුරැ උනොත් 2019 දි රනිල්ට/සිරාට හැංගෙන්න තැන් හොයා ගන්න බැරිවෙය්.

  4. Fran Diaz Says:

    It appears that RW favors a Fascist/Sadist style of governance.
    Ideal Puppet for whatever outside powers !

    This time around, he has come in through the back door as Exec PM.

    Is Sri Lanka a Democracy ?

  5. jay-ran Says:

    ALL FOOLISH SINHALA SRI LANKANS ARE TO BE BLAMED FOR THE DEFEAT OF MR,THE GREAT MAN WHO SAVED SIRILAKA FROM THE MURDERERS TAMIL-LTTE.BUT OUR SINGHALESE FOOLS BELIEVED WHAT THE GRAMA SEVAKA SIRISENA SAID AND NOW ALL SRI LANKANS ARE SUFFERING DUE TO HIGH COST OF LIVING!!!
    I FEEL SORRY FOR MY FAMILY MEMBERS LIVING IN SRI LANKA BUT NOT FOR THE FOOLS WHO VOTED FOR COUP-SIRISENA-BATALANDA RANIL!!!
    “MAY THE GORDS ABOVE SOLVE OUR SRI LANKANS LIVING IN POVERTY!!!”

  6. Ananda-USA Says:

    The Yamapakana is CLEARLY UNDEMOCRATIC in that it has SUPPRESSED ELECTIONS ever since it was elected in August, 2015. It DARE NOT SEEK the people’s approval with its ABYSMAL track record since Aug, 2015!

    What kind of “yahapalanaya/good governance” is that?

    This YAMAPALANAYA is a NAKED DICTATORSHIP ….. BEYOND DISPUTE!

  7. Ananda-USA Says:

    What we are seeing NOW is the RESURRECTION of Militant Separatism in the North & East!

    If we KEEP DISMANTLING bases of the ARMED FORCES and EMPOWERING Separatist LOcal Governmernts in the North & East, we will SOON HAVE a Full Fledged Militant Separatist Movement in the North & East!

    The YAMAPALANAYA Leaders who NEVER SUPPORTED the PATRIOTIC WAR won decisively in 2009, ARE RESPONSIBLE for this EMERGING SECURITY DISASTER!

    OUST the Yamapalanaya NOW before the SITUATION GETS OUT OF HAND and RESTORE a PATRIOTIC government!

    Then,

    REPEAL the 13th Amendment,
    DISSOLVE the Provincial Council System,
    STRENGTHEN the Executive Presidency,
    RESTORE ALL BASES of the Armed Forces DISMANTLED since 2009,
    RESTORE and STRENGTHEN the National Security & Military Intelligence Services,
    STRENGTHEN the Protection Against Terrorism Security Legislation,
    REPEAL the Missing Persons Act,
    REJECT the ETCA agreement as a CREEPING ANNEXATION of Sri Lanka by India,
    RENEGOTIATE the Hambantota Port LEASE Agreement,
    ARREST & PROSECUTE ALL Separatist TRAITORS to the Nation,
    and ABROGATE ALL COMMTMENTS made by the TRAITOR Avamangala SAmaraweera to the United Nations!

    DO IT FAST, DO IT NOW!

    ………………………………………
    Ava gang responsible for attack on police officers in Jaffna – IGP
    Mon, Jul 31, 2017, 10:46 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    July 31, Colombo: Members of a gang called ‘Ava’ were responsible for the attack on two policemen at Kopai in Jaffna yesterday, the police said.

    Revealing the details of the attack, the Inspector General of Police Pujith Jayasundera said a comprehensive operation is underway to apprehend the suspects.

    Two policemen came under attack of a gang of thugs, who arrived at the scene of the incident on four motorcycles and assaulted the policemen with swords and clubs in Kopai yesterday.

    The IGP visited Jaffna today to inspect the situation and also inquired into the welfare of the two policemen who are receiving treatment at the Jaffna Teaching Hospital.

    IGP Jayasundera directed the senior police officers in Jaffna to apprehend the suspects as soon as possible.

    “We have identified the person who was leading this team (Ava gang). He was an ex-LTTE,” the IGP said addressing the media after meeting with the Chief Minister of Northern Province C. V. Wigneswaran and members of the police.

    The IGP instructed the police to use minimum power and be cautious in carrying out their duties in an environment where war situations prevailed for several years.

    He said the Special Task Force (STF) will be deployed and if needed, the police will get the assistance of the Army and the Navy to ensure law and order in the area.

    “We are in the process of police patrolling, checking and arresting suspects, with the assistance of the STF and if we need we are going to get the assistance of Sri Lanka Army, Navy and Air Force as well to get this area under proper control,” he said.

    Until the police arrest the all responsible wrong doers and bad characters, this special search, operation and patrol system will be implemented.

    “One law in the country has to be applied for everybody,” the IGP stressed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress