රණවිරුවන්ට දිරියක්‌ වූ හමුදාවේ තාත්තා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව 
Posted on August 2nd, 2017

පියසිරි අජිත් ලියනගේ

අටවැනි දිනට යෙදෙන සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි

මම අවුරුදු 23 ක සේවා කාලයක්‌ අවසන යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබුයෙමි. එම සේවා කාල පරාසය තුළ මට නා නා විදිහේ ගති පැවතුම් ඇති නා නා පන්නයේ නිලධාරීන් සමඟ සේවය කරන්නට අවකාශ ලැබිණ. තම උරහිසට නායකත්ව සංකේතයක්‌ ලද විට එය තමන් සතු බූදලයක්‌ ලෙස පරිහරණය කළ නිලධාරීන්ද ඒ අතර වූහ. ආරක්‍ෂක හමුදාවල නිලධාරියකුගෙන් යමක්‌ කිරීමට අණක්‌ ලද විට එය ක්‍රියාත්මක කිරීම මිස හරි වැරදිදැයි ප්‍රශ්න කිරීමට පහළ නිලධාරීන් හට ප්‍රතිපාදන නොමැත. එවන් පසුබිමක්‌ තුළ තැනට සුදුසු ස්‌ථානෝචිත ප්‍රඥාව සියයට සියයක්‌ම නිලධාරීන් හට තිබිය යුතුය. එසේ නොවන්නට වැරදි අණ දීමක්‌ තුළින් සිදු විය හැකි අනර්ථයන් බොහොමයකි. විශේෂයෙන්ම යුධ පිටියේදී ගනු ලබන වැරදි තීන්දු තීරණවලින් ජීවිත හානි පවා සිදු විය හැක. එවන් අමනෝඥ තීරණ හමුවේ දැඩි අසීරුතාවට පත් වූ අවස්‌ථාද මාගේ සේවා කාලය තුළ අත්විඳ නැත්තේමද නොවේ. කෙසේ වෙතත් එවන් යුධ උපක්‍රම අතින් උපන් හපන්කමක්‌ දැක්‌ වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකත්ව නිලධාරී ගුණාංග විදහා දැක්‌ වූ කෙනෙකි ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව උතුමාණන්. ඔහු කුරිරු ත්‍රස්‌තවාදීන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් අපෙන් සදහටම සමු ගත්තේය. ඒ හරියටම මින් අවුරුදු විසි පහකට පෙර 1992 අගෝස්‌තු මස 08 වන දිනයි.

1940 ජුලි 27 වැනිදා ඩෙන්සිල් ලක්‍ෂ්මන් කොබ්බෑකඩුව නමින් උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. 1961 වර්ෂයේදී කැඩෙට්‌ නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක්‌ වී එක්‌සත් රාජධානියේ රාජකීය යුධ හමුදා විද්‍යා පීඨය වෙතින් පුහුණුව ලබා 2 ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත් වූ හෙතෙම ලංකා සන්නාහ සන්නද්ධ බලකායට එක්‌වන ලදී. වරින් වර තම නිලයන්ට උපරිම දක්‌ෂතාව විදහා දක්‌වමින් ඉටු කරන ලද රාජකාරී ඇගයීම්වස්‌ උසස්‌වීම් ලබා 1990 වසරේදී මේජර් ජෙනරාල් තත්ත්වයට පත්වන ලදී. ඊළාම් යුද්ධය ඇරඹීමත් සමඟ සෘජුවම සටන් බිමට බට ඔහුගේ යුධ නායකත්වය අතිශයින් සාර්ථකත්වයට පත් විය. සහජයෙන් ලද්දා වූ ස්‌ථානෝචිත ප්‍රඥාවෙන් නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සිත දිනා ගැනීම තුළින් ගොඩනඟාගත් විශ්වාසයක්‌ මෙම සාර්ථකත්වයට හේතු පාදක වූවාට සැකයක්‌ නොමැත. ඔහු පහළ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ චිත්ත ධෛර්යය වඩවාලු අතර එයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගෙන් පෙරළා එතුමාට ලැබුණේ අසීමිත ගෞරවයකි. මහාමේරු පර්වතය වූවද පෙරළාගෙන ඉදිරියට යැමට තරම් සවියක්‌ ඔහු තමන් සමීපයේ සිටින්නේ නම් සෙසු නිලයන්ට අනිවාර්යෙන්ම ලැබෙන්නේය.

අපි දිනක්‌ පරයානම්කුලම් ප්‍රදේශයේ ත්‍රස්‌තවාදී කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම සඳහා වව්නියාවේ සිට පිටත්ව ගියෙමු. දෙදින ක්‍රියාන්විතයක්‌ වූ එය නිම වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හෙළිකොප්ටර් යානාවකින් එහි පැමිණියේ අපහට වියළි සලාක මලු ලබා දී තිබුණද උණුසුම් කෑම පාර්සල්, සිගරට්‌ මෙන්ම චොකලට්‌ ද රැගෙනය. (ඒ ඔහුගේ සිරිතය) අධික වර්ෂාව පැවැති එදින ඔහු ආපසු යන ගමනේදී මැලේරියා රෝගයෙන් පෙළුණු සෙබළෙකුද යානාවට නංවන ලදී. මැලේරියා උණ රෝගයට ඇඟ වෙව්ලන නිසාදොa රෝගියා වෙව්ලන්නට විය. එය දුටු බ්‍රිගේඩියර් වරයා සිය නිල ලාංඡනය සමඟ තම කමිසය ගලවා රෝගියාට පෙරවූයේ “බය වෙන්න එපා පුතා” කියා කරවටා අතක්‌ද දමා ගනිමිනි. ඔහු එසේ කීවද සාමාන්‍ය සෙබළ රෝගියා තව තවත් වෙව්ලන්නට වූයේ බ්‍රිගේඩියර් නිල තල ඔහුට තරම් බර වැඩි නිසා වන්නට පිළිවන. සාමාන්‍ය සෙබළෙකු බ්‍රිගේඩියර් තනතුරට උසස්‌ වීම් ලද අවස්‌ථා කුමන රටේ කුමන හමුදාවක සිදු වී ඇත්ද? ඉතිං අද වැනි දිනකවත් මෙවැනි යුග පුරුෂයන් සමරනු වටීද? නැද්ද?

කෝකිලායි හමුදා කඳවුරට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ එල්ල වූයේ එය ස්‌ථාපිත කර මසක්‌ ගත වන්නටත් ප්‍රථමය. එය ආරක්‌ෂක සාමාජිකයන් 42 කුගෙන් යුත් එක්‌ කුඩා ගොඩනැඟිල්ලක්‌ පමණක්‌ තිබූ අනුඛණ්‌ඩයක්‌ විය. අලුයම 2 ට පමණ කෝප්‍රල් ආරියරත්න “කොටි ඇවිල්ලා” යෑයි කෑ ගසමින් තම අවිය නොනවත්වා ක්‍රියාත්මක කළේ මුළු කඳවුරම නින්දෙන් අවදි කරවමිනි. ණයකින් සියල්ලන් ආරක්‍ෂක ක්‍රියා අනුගමනය කරමින් ඉලක්‌ක පථයට හසුවන සෑම ත්‍රස්‌තවාදියෙකුටම මදි නොකියන්නට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ තම ජීවිත පරදුවට තබමිනි. පසුදාට පහන් වන විට ත්‍රස්‌තවාදී මළ සිරුරු විශාල සංඛ්‍යාවක්‌ කඳවුර වටා තැන තැන විසිරී තිබූ අතර එක්‌ අවාසනාවන්ත සිදුවීමක්‌ද සිදු වී තිබිණ. ඒ එම සටනේදී සාමාන්‍ය සෙබළුන් වන දිසානායක සහ මහනාමද ජීවිතක්‍ෂයට පත්ව තිබීමයි. එහි තවත් අවසානාවන්ත මෙන්ම හාස්‍යදනවන සිද්ධියක්‌ද සිදු වී තිබිණ. ඒ දිසානායක නමින් සාමාන්‍ය සෙබළුන් දෙදෙනකු එහි රාජකාරියේ නිරතව සිටි අතර පණිවිඩ හුවමාරු මගින් මොනයම් ක්‍රමයකින් හෝ මිය ගොස්‌ සිටින්නේ ඩී. එම්. දිසානායක බව දන්වා යවා තිබිණ. එහෙත් ඇත්තටම මිය ගොස්‌ සිටියේ ඩී. එම්. සී. දිසානායකය. ඔහු ත්‍රිකුණාමලයේ දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය. ඩී. එම්. දිසානායකගේ නිවස පිහිටා තිබුණේ මහනුවර අංපිටිය ප්‍රදේශයේය. ඩී. එම්. දිසානායක ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් මිය ගිය බව ඒ වන විටත් ඔහුගේ නිවසට දන්වා යවා තිබූ අතර විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ද එම නිවසට පිටත් කර හැර තිබිණ. උදෑසන 9 පමණ වන විට කර්නල් කොබ්බෑකඩුවත් කර්නල් විමලරත්නත් හෙළිකොප්ටර් යානයකින් කෝකිලායි කඳවුරට පැමිණියේය. පළමුව මිය ගොස්‌ සිටි සෙබළුන් දෙදෙනාට සිය ආචාරය පුද කළ කර්නල්වරු දෙදෙනා කඳවුරු බේරා ගැනීම හා ත්‍රස්‌තවාදීන්ට උපරිම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව එක එකා ළඟට ගොස්‌ පුද්ගලිකවම සිප වැළඳ ගත්තේ අතිශය ගෞරවයෙනි. අනතුරුව දිසානායකලාගේ අත්වැරදීම ගැන දැනගත් කර්නල් කොබ්බෑකඩුව වහාම ඩී. එම්. දිසානායක නිවාඩු යවන ලෙස නිලධාරීන්ට දැන්වීය. මියගොස්‌ සිටි සෙබළුන් දෙදෙනාගේ සිරුරු අනුරාධපුරයට ගෙන ගොස්‌ භාර දීමෙන් අනතුරුව එම හෙලිකොප්ටර් යානයෙන්aම ඩී. එම්. දිසානායක අස්‌ගිරිය ක්‍රීඩාංගණයට රැගෙන ගොස්‌ ඇරලන ලෙස ගුවන් හමුදා නියමුවන්ට උපදෙස්‌ ලබා දුන්නේ කිසිදු පැකිළීමකින් තොරවය. සාමාන්‍ය සෙබළ දිසානායක හමුදාවේ උසස්‌ නිලධාරියෙකුට හිමි වරප්‍රසාදයක්‌ ලබා ගත්තේ උතුම් මිනිස්‌ ගුණාංග කර්නල් කොබ්බෑකඩුව සතු වූ බව මොනවට සපථ කරමිනි.

බළලත් නිලධාරී සෝමදාස අවුරුදු 22 ක සේවා කාලයක්‌ අවසන් කර සේවයෙන් විශ්‍රාම ගියද ඔහුට විශ්‍රාම වැටුප් ලබා ගැනීම ප්‍රමාද වෙමින් තිබිණ. ඒ ඔහු වැලිඔය ආරක්‍ෂක සේනා මුලස්‌ථානයෙන් ලබා ගෙන තිබූ යකඩ ඇඳන් 8 ක්‌ ආපසු භාර දී තිබුණද ඊට අදාල ලිපියක්‌ අස්‌ථාන ගත වීම හේතුවෙනි. ඒ වන විටත් ඔහු විශ්‍රාම ගෝස අවුරුද්දකටත් වඩා වැඩි කාලයක්‌ ගත වී ගොස්‌ තිබිණ. දියණියන් හතර දෙනකුගේ සහ පුතණුවන් දෙදෙනකුගේ පියකු වූ ඔහු විශ්‍රාම වැටුප නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටි අතර ඇඳන් අට සඳහා ගෙවිය යුතු වූ මුදල ද අතිවිශාල එකක්‌ විය. ඔහු බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව හමුවීමට ගියේ මෙවන් පසුබිමක්‌ තුළය. ඒ වන විට බ්‍රිගේඩියර් කෝබ්බෑකඩුව ත්‍රිකුණාමලය සහ වැලිඔය අඥාපති වශයෙන් රාජකාරියේ නිරතව සිටියේය.

“ලෙµaටිනන් වික්‍රමසිංහ ඔයාගේ ස්‌ටෝර්ස්‌ එකේ යකඩ ඇඳන්වල අඩුපාඩුවක්‌ තියනවද? බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව විමසා සිටියේ ගබඩා පාලක නිලධාරියාගෙනි.

“නෑ සර් එහෙම අඩුපාඩුවක්‌ නෑ. මේකෙ තියෙන්නෙ මේ ලියුමක්‌ නැති වෙච්ච ප්‍රශ්නයක්‌” “ලෙµaටිනන් වික්‍රමසිංහ ඔය වගේ සුළු දේකට ඇයි මේ පැන්ෂන් ගියපු මිනිස්‌සුන්ට හිරිහැර කරන්නේ.” බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව කීවේ දැඩි පිළිකුලෙනි.

කඩිනමින් ලිපියක්‌ සකස්‌ කර අතින්ම එය රැගෙන ගොස්‌ පනාගොඩ විශ්‍රාම වැටුප් හා ලේඛන කාර්යාලයට භාරදීමට බලලත් නිලධාරී සෝමදාසට ලබා දුන් බ්‍රිගේඩියර්වරයා, ” ඇයි මෙච්චරකල් මේක මට කිව්වේ නැත්තේ” යෑයි නෝක්‌කාඩුවක්‌ ද කළේය. ඔහුගේ විශ්‍රාම වැටුප ලැබුණේ සති 2 කටත් අඩු කාලයකිනි.

අපි වරක්‌ මාන්කුලම් ආසන්නයේ පිහිsටි තුනුක්‌කායි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක්‌ සඳහා පිටත්ව ගියෙමු. එහි සැලසුම හා උපදෙස්‌ දෙනු ලැබුවේ කර්නල් කොබ්බෑකඩුව විසිනි. එවකට ඔහු කිලිනොච්චි සම්බන්ධීකරණ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබිණ. අපි සිටි ඉසව්වට සතුරු මෝටාර් බෝම්බයක්‌ පතිත වූයේ නොසිතූ මොහොතකය. ඒ සමඟම අප කර්නල් කොබ්බෑකඩුව බිම පෙරළාගෙන වසාගත්තේ පොල් කටුවකින් කෝම්පිට්‌ටුවක්‌ වසාගන්නා ආකාරටය. ඒ අපේ ජීවිතවලට වඩා එතුමාගේ ජීවිතය අපට වටිනා නිසාය. වහා ඊට ප්‍රතිප්‍රහාර එල්ලවීමත් සමඟ සතුරු ප්‍රහාරය වියෑකී ගිය අතර කර්නල් කොබ්බෑකඩුව අප වැළඳගත්තේ ” මට හරි ආඩම්බරයි කොල්ලනේ ඔයාලා ගැන ඒත් මම ආරක්‍ෂා වුණාට වැඩක්‌ නෑ කියලා කාටහරි තුවාලයක්‌ වුණානං” යෑයි කීවේ ඔහු කෙරේ තිබූ ගෞරවයට තවත් යමක්‌ එක්‌ කර ගනිමිනි.

තවත් දිනෙක අප මන්නාරම තල්ලඩි කඳවුරේ නිවාඩුයාම සඳහා හෙලිකොප්ටරයක්‌ පැමිණෙනතුරු බලා සිටියෙමු. ඒ වන විට ගොඩබිම් මාර්ග සියල්ල ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් වැසී ගොස්‌ තිබුණි. මේ අතර හදිස්‌සියේම ජෙනරල් කොබ්බෑකඩුව කඳවුරට පැමිණියේ හදිසි අවශ්‍යතාවයක්‌ සඳහා විය යුතුය. නිවාඩු යැමට සිටි අප ගැන තොරතුරු විමසා ඒ සියලු දෙනා ඔහු පැමිණි හෙලිකොප්ටරයෙන් වව්නියාවට ගෝස ඇරලන ලෙස නිලධාරීන්ට උපදෙස්‌ ලබා දුන්නේ දෙවරක්‌ සිතාබලා නොවේ. දින ගණන් නිවාඩු යැමට අවස්‌ථාව ලැබෙන තුරු බලා සිටි සියල්ලන් ගමන්වාර කීපයකින් වව්නියාවට ගෙනගොස්‌ බස්‌සවන ලදී. ” ජෙනරාල් කොබ්බෑකඩුවට නං බුදු බව ලැබෙන්න ඕනෑ. ඇත්තට අනිත් නිලධාරීන් මේ විදියට අපි ගැන බලනවනං හමුදාව කොච්චර හොඳදැයි” එකෙකු නොව කීප දෙනෙකු කියනවා මට ඇසුණි.

තණ්‌තිරිමලේ පන්සල් භූමියට වරක්‌ නිරීක්‍ෂණය චාරිකාවක පැමිණි ජෙනරාල් කොබ්බෑකඩුව විහාරාධිපති මහකෝන්ගස්‌කඩ විමලඥාණ හිමියන් හා කතා බහක නිරත වූහ. එහිදී විමලඥාණ හිමියන් අප අමතා ” මහත්වරුගේ මේ ඉන්නේ අපේ ජාතික වස්‌තුවක්‌ හොඳට ආරක්‍ෂා කර ගන්න ඕනෑ.” යෑයි පැවසුවේ ඔහුගේ පිටට තට්‌ටුවක්‌ ද දමමිනි. අවාසනාවකට දෝ විමලඥාණ හිමියන් ජෙනරාල් කොබ්බෑකඩුවට ද පෙර අපවත් වූයේ මෙම සිදුවීමෙන් ඉතාමත් කෙටි කාලයක්‌ තුළදීය. කෙසේ වෙතත් ඒ හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන්නට අප අසමත් වූවා යෑයි මාගේ පුද්ගලික හැඟêමයි.

රණවික්‍රම පදක්‌කම, රණශූර පදක්‌කම විශිෂ්ඨසේවා විභූෂිත පදක්‌කම, උත්තම සේවා පදක්‌කම ඇතුළු තවත් අගනා පදක්‌කම් රැසකින් පුදනු ලැබු මේ යුග පුරුෂයා එදා ත්‍රස්‌තවාදීන් හට එරෙහිව සිදු කරනු ලැබුවේ හුදකලා සටනක්‌ යෑයි මාගේ නිගමනයයි. ඒ ඔහුට සමහර අවස්‌ථාවන්වල රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ ඇල්මැරුණු ගතියකින් යෑයි පවසන්නට තරම් සාධරණ හේතුන් තිබිණ. 1992 වසරේ අගෝස්‌තු මස 8 වන දින කයිට්‌ස්‌ අරාලී තුඩුවේදී ත්‍රස්‌තවාදීන් විසින් වළ දමා තිබූ බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් එතුමා ජීවිතක්‍ෂයට පත් වූයේ මුළු මහත් හමුදාවම සෝ සයුරකට ඇද දමමිනි. සාමාන්‍ය කෙනකුට වඩා සොල්දාදුවකු වශයෙන් දුකක්‌, වේදනාවක්‌, වියෝවක්‌ විඳ දරා ගැනීමේ ශක්‌තියක්‌ වෘත්තීමය වශයෙන් ඇත්දැකීම් ලබා සිටියද ඔහු වියෝ වූ පුවත ඇසීමෙන් මම ඉකිගස ගසා හැඩූයෙමි. ඉකි ගස ගසා හැඩීම තුළින් මම වටපිට බැලීමි. ඒ ඉකි ගසා හඬන්නේ මා පමණක්‌ දැයි සැක හැර දැන ගැනීම පිණිසය. නොමැත හෘද සාක්‍ෂියට අනුව නොමැත. මුළු යුධ හමුදාවම එලෙසය. යුධ හමුදාවේ පියා, අපේ ගෞරවණීය තාත්තා, අපිට අභිමානයක්‌ ගෙන දුන් සෙන්පතියා අනේ ඔහුට තවත් කාලයක්‌ ජීවත් වන්නට ඉඩ හැර මා මළා නම් කොතරම් වටනේද? ඒ තරමටම අපට ඔහු උතුම්ම උතුම් වස්‌තුවකි. එතුමා තුළ වූ උතුම් මිනිස්‌ ගුණාංග ගැන දේව ගතිගුණ ගැන ලියන්නට තවත් බොහෝ දේ ඇත. එතුමාණන් යටතේ සේවය කළ ඉතාමත් කෙටි කාලයේ මාගේ හෘද සාක්‍ෂියට අනුව මෙහි සටහන් වූයේ එම අත්දැකීම් සම්භාරයෙන් සොච්චමක්‌ පමණි.

1997 අප්‍රේල් 04 වන දින ඔහුට කෘතගුණ සැලකීම් වස්‌ මුල් දින කවරයක්‌ සහ මුද්දරයක්‌ නිකුත් කර ඇත. එපමණකින් පමණක්‌ අපට සෑහීමකට පත්විය හැකිද? මෙවැනි යුග පුරුෂයෙකු මෙනෙහි නොකරමින් මඟහැර සිටීම සදාචාරාත්මකද? එහි වගකීම වගකිවයුත්තන් ගැඹුරින් සිතා බැලිය යුත්තකි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව උතුමාණනි සාදාදර පියාණෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා හැරෙන්නට අප වැනි අසරණයින් වෙනත් කුමක්‌ කරන්නද?

ඔබට නිවන් සුව…….

පියසිරි අජිත් ලියනගේ

3 Responses to “රණවිරුවන්ට දිරියක්‌ වූ හමුදාවේ තාත්තා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ”

  1. Dilrook Says:

    We must be eternally grateful to him. His achievements and humanity were rarely seen before and after him. He was not in the military for financial needs as he was well off financially. It was sheer patriotism and the urge to save the people that drove him. He won the admiration of western strategists and even the enemy.

    To be fair by facts, his brand of warfare could not have won the war against terrorists. A far more brutal and attrition based approach works best in defeating ruthless terrorists.

  2. Senerath Says:

    I liked him very much when he was a popular Ruagby referee.
    Don’t agree with Dilrook this time. We should eveluate the man under his own circumstances. He did won the war completely, if not for the commander surrendering in 1987.

  3. Ancient Sinhalaya Says:

    There is a lot of suspicion about the death of General Kobbakaduwa, Major Wimalarathna etc. It was alugosu
    lk porisadaya’s time. He gave weapons and money to the catholic tigers of tamil drealam to kill our own
    tri forces personnel. Who knows maybe the alugosuwa had a hand in it. After all catholic run UNPatriotics are
    undisputed Sinhalese murdering champions! Nobody comes any close. Highly experienced. Ask Batalande Wadakaya if you like after writing your last will.

    To please their catholic buddy hitler malapaharan the UNPatrioics would’ve done anything. After all Batalande
    Wadakaya gave half the country on a plate to his buddy. What is sacrificing forces personnel! Check the
    following links to find out.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress