ජනපති මෛත‍්‍රී ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. ජේ.ආර්.වත් මෙහෙවු කතා කියා නෑ..
Posted on August 3rd, 2017

– Divaina

පාර්ලිමේන්තුවේ ආසන 113 ක්‌ හදා ගත්තත් තම කැමැත්ත සහ ආශිර්වාදය නැතිව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බවට ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව වැටහීමකින් තොරව කළ ප්‍රකාශයක්‌ පමණක්‌ නොව ජනාධිපතිවරයා රටට දී තිබෙන ප්‍රතිඥව පවා උල්ලංඝනය කිරීමක්‌ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා පැවැසීය.

මෙරට විධායක ජනාධිපතිධුරයේ නිර්මාතෘ ඡේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කිසිවකු මෙවැනි ප්‍රකාශයක්‌ කිසිදාක කර නැති බවත් වත්මන් ජනාධිපතිවරයා මේ කරන ප්‍රකාශය පුදුම සහගත බවත් මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අ” ආ” යන්නටත් පටහැනි ප්‍රකාශයක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

ජනපති මෛත‍්‍රී ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. ජේ.ආර්.වත් මෙහෙවු කතා කියා නෑ..

විධායක ජනාධිපතිධුරයේ ඒකාධිපති ස්‌වරූපය ඉවත්කර පාර්ලිමේන්තුව බලාත්මක කරන බව මුල සිටම කියා සිටි වත්මන් ජනාධිපතිවරයා එදා ඒ කළ ප්‍රකාශයත් අද කරන මේ ප්‍රකාශයත් අතර ඇත්තේ අහසයි පොළවයි වගේ වෙනසක්‌ යෑයිද ජී.එල්. පීරිස්‌ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරු 113 ක්‌ වත්මන් රජයට කැමැති නැහැ කියා ප්‍රකාශ කරන්නේ නම් ජනාධිපතිවරයා ඊට කෙතරම් විරුද්ධ වුණත් රජයක්‌ පවත්වා ගෙන යැමට නොහැකි බවත් මන්ත්‍රීවරුන් බහුතරයක්‌ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති අනුමත නොකරන්නේනම් රජයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා ඉදිරිපත් කරන අයවැය පරාජය වී රජයක්‌ පවත්වාගෙන යැමට නොහැකි වනු ඇති බවත් ජී.එල්. පීරිස්‌ මහතා පැවැසීය.

ජනතා නියෝජිතයන්ගේ මතයට පටහැනිව විධායක ජනාධිපති ධුරය හොබවන කිසිම කෙනෙකුට ආණ්‌ඩුවක්‌ ගෙන යා නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ 1 දා පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක දී ජී.එල්. පීරිස්‌ මහතා මේ බව කියා සිටියේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress