ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය
Posted on August 5th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 මානසික සහ  පෞරුෂ අක්‍රමතා නිසා ප්‍රචන්ඩ හැසිරීම් පෙන්වන පුද්ගලයන් ශ්‍රී ලංකාව වැනි රටවල පොදු ජනයා විසින් හුරේ දමා පිළිගෙන මල් මාලා දමමින් දේශපාලන නායකත්වය සඳහා ඔසවා තබන නමුත් ශිෂ්ටසම්පන්න රටවල මෙවැනි පුද්ගලයන් සඳහා ප්‍රතිකාර ලබා දෙති. 
……………මොවුන්ගෙන් බහුතරයකට තිබනේ අඩු අධ්‍යාපන මට්ටමක් වන අතර ප්‍රචණ්ඩත්වයට නැඹුරු හැසිරීම් රටාවක්ද තිබුණි. මෙම කැරලිකාර කොටස් දාමරික සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රාශියක් සිඳුකළ නමුදු තම දේශපාලන ස්වාමි වරු විසින් සැම විටම ආරක්ෂා කරණු ලැබූහ. මෙම ලක්ෂණය ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය බවට පත්ව ඇත. මොවුහු නිතරම නීතියට ඉහලින් සිටි අතර තම දේශපාලන නායකයින් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට බලපත්‍ර ලද්දෝ වූහ. මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරණ පරිදි මෙම චරිත අසාමාන්‍ය හැසිරීම් ( Deviant Behaviors ) ප්‍රදර්ශනය කරන අතර සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ ආබාධය (ASPD)සහිත කාණ්ඩය සමඟ සැසදේ.  සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ ආබාධය ( Anti – Social personality disorder / ASPD) යනු අනෙක් පුද්ගකයින්ගේ අයිතීන් කිසිවිටක ගරු නොකරණ සහ උල්ලංඝනය කරණ තත්වයකි. වංචාව සහ රැවටිල්ල මෙහි මධ්‍යගත ලක්ෂණ වේ. ASPD සහිත පුද්ගලයෝ සමාජ සම්මත සහ නීති ගරුක හැසිරීම් නොසලකති. ඔවුහු ආවේගශීලී මෙන්ම ප්‍රචණ්ඩකාරීද වන අතර ඉතා සුලු පෙළඹවීමකින් වුවද ප්‍රචණ්ඩත්වයට පෙළඹේ. තවද මොවුහු අපරීක්ෂාකාරීය තමන්ගේ හා අනුන්ගේ ආරකෂාවට ගරු නොකරති. වගකීම් පැහැරහරිති. පසුතැවිලි නොවීම මොවුන්ගේ මූලික චරිත ලක්ෂණයකි. මොහු ආත්මාර්තකාමී අනුකම්පා විරහිතවන අතර තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනිම සඳහා අන්‍යයන් නිර්දය ලෙස යොදා ගනී. මොවුන්ට ඇත්තේ නිධන්ගත ලෙස අස්ථායී (Chronically unstable) සමාජ විරෝධි සහ සමාජ විචල්‍ය ජීවන රටාවන්ය. මෙවැනි මාදිලියේ මිනිසුන් දේශපාලන වශයෙන් බලවත් වූ විට ඔවුනට රටට බලවත් අනර්ථයක් සිදුකළ හැකිය.
 වැඩිදුර කියවීම​ට : http://transyl2014.blogspot.ca/2014/11/blog-post_29.html

2 Responses to “ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය”

  1. Senerath Says:

    Dear Ruwan,
    What you say is true. But there politicians who have proved even the ‘smartest’ voter that they are ‘Mr. Clean’ and yet can brutaly rob the country at the highest level and the highest amount, well planned, well orchastred.
    Are these tie wearing ‘CLEAN’ gentlemen are NOT ASPD or Chronically unstable people ?
    I am asking you this because you only show the pictures of phisically violent low level politicians. There are mentally violent ‘gentlemen’ too, whose pictures should be posted under the same topic, if what you say above , such as වංචාව සහ රැවටිල්ල මෙහි මධ්‍යගත ලක්ෂණ වේ. ASPD සහිත පුද්ගලයෝ සමාජ සම්මත සහ නීති ගරුක හැසිරීම් නොසලකති, ….වගකීම් පැහැරහරිති. පසුතැවිලි නොවීම මොවුන්ගේ මූලික චරිත ලක්ෂණයකි. මොහු ආත්මාර්තකාමී අනුකම්පා විරහිතවන අතර තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනිම සඳහා අන්‍යයන් නිර්දය ලෙස යොදා ගනී. මොවුන්ට ඇත්තේ නිධන්ගත ලෙස අස්ථායී (Chronically unstable) සමාජ විරෝධි සහ සමාජ විචල්‍ය ජීවන රටාවන්ය. මෙවැනි මාදිලියේ මිනිසුන් දේශපාලන වශයෙන් බලවත් වූ විට ඔවුනට රටට බලවත් අනර්ථයක් සිදුකළ හැකිය. There are Presidents, Prime Ministers who fall inot these categories.
    Be honest, if you are posting picutres, please show all or don’t show at all.

  2. Senerath Says:

    අඩුවක්‌ නැතිව අන්තවාදයට බිලි වන වට්‌ටමඩුව රක්‍ෂිතය…

    * කොක්‌කුළුව පුරාවිද්‍යා බිමත් විනාශයි…
    * වට්‌ටමඩුවේ අලි ඇතුන්ට යන එන මං නෑ… තැන තැන මැරී වැටිලා…
    * මහ කැලේ මැද ටකරන් පල්ලි…

    ටකරන් මඩුව යට සොහොන…

    උපන්නේ තිගැස්‌මකි. සිදු වන දේ ඒ ආකාරයෙන්ම පිළිගැනීමට තවමත් අපේ සිත් සූදානම් නැත. එහෙත් යථාර්ථය තේරුම් ගෙන සිදුවෙමින් තිබෙන විනාශය රටට හෙළිදරව් කිරීම අපේ වගකීමකි. එනම් මේ වන විට වට්‌ටමඩු රක්‍ෂිතයත් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී අවසානය. රක්‍ෂිතය කොටු කරගෙන කුඹුරු අස්‌වද්දා ඇති අයුරු දෑසින් අපි දුටිමු. කුඹුරු යායට ඉහත්තාවේ නටබුන් සහිත පුරාවිද්‍යා බිම ඩෝසර් කර සොහොනක්‌ ඉදිකර, එයට ආවරණයක්‌ ලෙස ටකරන් මඩුවක්‌ තනා අන්‍ය ආගමික පූජනීය ස්‌ථානයක්‌ ලෙස නිර්මාණය කර ඇති අයුරු දකින විට හදවත පත්තු විය.

    පුරාවිද්‍යා බිමේ ඉදිකර ඇති කුළුණ…

    කිසිවක්‌ සිතාගැනීමට නොහැක. අප අතර නිහඬතාවකි. දෙනෙත් පමණක්‌ අහුමුළු අතර රිංගමින් විපරම් කරන්නේය. ගල් කණු දෙකක්‌ මැදි කර විශාල සොහොනක්‌ ඉදිකර එය රෙදිවලින් ආවරණය කර තිබේ. ඒ වටා සුදු වැල්ල අමදිමින් පිරිසිදුව තබා ඇත. ගල් කණුවලට කොළ පැහැති තීන්ත ආලේප කර තිබේ. සොහොනට ආවරණය දෙන ටකරන් මඩුව ද කොළ පැහැති කොඩි වැල්වලින් ආවරණය කර ඇත. ඒ අතර අඩ සඳයි, තරුවයි සහිත කොඩි වැල් ද ළෙලදෙන්නාහ. සොහොනට වැඳුම් පිදුම් කරන බවට ඕනෑ තරමට සාධකය. ටකරන් මඩුවෙන් ඈත් වූ දෙනෙත් ගඩොල් ගොඩක්‌ අසල නතර විය. අලුත් ගඩොල් ගොඩකි. ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට ගෙන ආ ගඩොල් බවට කිසිදු සැකයක්‌ නැත. ටකරන් මඩුවට පිටුපස සිමෙන්ති ගඩොලෙන් ඉදිකරන ලද වැසිකිළියකි. ඒ ආසන්නයේම නළ ළිඳකි. ටකරන් මඩුව අසළම අලුතින් ඉදිකර ඇති බම්බු හැඩති කණුවකි. ඇස ගැටෙන සියලු දේවලින් පසක්‌ වන්නේ භූමිය කොල්ලකෑම පළමු අදියර සාර්ථක ලෙස නිමා කර ඇති බවය.

    වසර දෙකකින් පමණ වැහි රැල්ලක්‌ නොවැටුණු නැගෙනහිර පළාතේ අක්‌කරෙයිපත්තුව, පානම ප්‍රදේශයන්හි වැව් අමුණු සිඳී පොලව පුපුරා ගොස්‌ය. එහෙත් තවමත් වට්‌ටමඩු රක්‌ෂිතය වටා වැව් සම්පූර්ණයෙන්ම සිඳී ගොස්‌ නැත. සුන්දර දිය පාරක්‌ ගලා විත් සාගම වැව පිරෙයි. ඇළ මාර්ග ඔස්‌සේ වැව් දිය කුඹුරුවලට ගලා බසී. වැව් පිටිය පිරෙන්නට තණ උලා කන ගව රංචුය. බැලූ බැල්මට ගව රංචුව දහසකට වැඩිය. අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් රක්‍ෂිත භූමිය කොටු කරගෙන දේවස්‌ථානයක්‌ නිර්මාණය කිරීමට අඩිතාලම සකසමින් තිබෙන වට්‌ටමඩු රක්‍ෂිතයේ කොක්‌කුළුව ප්‍රදේශයට අප ගමන් කරනු ලැබුවේ සාගම වැව් බැම්ම මතිනි.

    රජ දවසේ අපේ සමාජය ගොඩනැඟී ඇත්තේ වැවයි දාගැබයි, ගමයි පන්සලයි යන සංකල්පය මතය. කාලයේ වැලිතලාවෙන් ගම වැසී ගිය ද චෛත්‍යයේ කොටස්‌, පන්සලේ පාදම කොටස්‌ හෝ නටබුන් ලෙස ශේෂ වී තිබිය යුතුය. වට්‌ටමඩු රක්‍ෂිතයේ ගව පට්‌ටි ගාල් කරන ප්‍රදේශයේ කිරි ගොවීන් කියන විදිහට කොක්‌කුළුව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් කර ඇත්තේ නටබුන්ව පැවැති චෛත්‍යය ද ඩෝසර් කරමිනි. ඒ වචන ටික ඇසෙන විට තෝන්තු වී තිබූ සිත හිරිවැටිණි. ඒ කාලකණ්‌ණි විනාශය අපේ වචනයෙන් පෙළගැසීමට නොහැකි තරම්ය. එහෙයින් ප්‍රදේශයේ කිරි ගොවි සංවිධානයේ සභාපති වන මුරුගන් කියන කතාවට දැන් අපි සවන් දී සිටිමු.

    “මට සිංහල හරියට බෑ. ටික, ටික තමා පුළුවන්. අපේ මුත්තාගේ කාලෙ ඉඳලා හරක්‌ දැම්මේ ඔය කැලේ. 1976 අවුරුද්දේ වට්‌ටමඩු රක්‍ෂිතයක්‌ විදිහට ගැසට්‌ කරනකොටත් හරක්‌ දාන්න අපිට අවසර දුන්නා. කැලේට යන්න අවසර තිබුණේ හරක්‌ පට්‌ටිකාරයන්ට විතරයි. අපි කැලේට හානි කළේ නෑ. හරක්‌ දාලා පාඩුවේ රස්‌සාව කරගෙන ගියා. යුද්දෙන් පස්‌සේ තමයි මුස්‌ලිම් අය කැලේ ගස්‌ කපන්න ගත්තේ. සත්තු දඩයම් කළා. ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඔහොම යනකොට තමයි කොක්‌කුළුවේ පල්ලිය ගහන්න ගත්තේ. එතන ගෙවල් මොනවත් නෑ. ඉඩම් අල්ලන්න තමයි ඔය පල්ලියක්‌ ගහන්න යන්නේ. සේනාපතියේ ආනන්ද ස්‌වාමීන් වහන්සේ ඇවිත් බලලා පොලිසියට කියලා දැන් පලAලිය හදන එක තහනම් කරලා තියෙන්නේ. ඉස්‌සර ඔතන රවුමට බැඳපු ගඩොල් ගොඩක්‌ තිබුණා. ගල් කණු තිබුණා. පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ කියලා බෝඩ් එකක්‌ දලා තිබුණා. දැන් ඒ බෝඩ් එකට වෙච්ච දෙයක්‌ හොයාගන්නත් නෑ. මාස හයකට විතර කලින් සිකුරාදා රෑට විසිපහක්‌ තිහක්‌ එතැනට ගිහින් හරක්‌ දෙන්නෙක්‌ කපලා උයා පිහාගෙන කාලා උදේට ගෙවල්වලට යන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඇවිත් ගියාට පස්‌සේ එහෙම කරන්නේ නෑ. කැලේ විනාශ කරනවට අපි විරුද්ධයි. ගස්‌ කපන එකත් නතර කළේ අපේ සමිතිය මැදිහත් වෙලා. අපි විරුද්ධ වුණේ නැති නම් මේ වෙනකොට මුළු රක්‍ෂිතයම සුද්ධ කරලා ගෙවල් හදලා… මට වඩා හොඳට පුෂ්පරාසා මහත්තයාට සිංහල කතා කරන්න පුළුවන්. ඒ මහත්තයත් මේ කැලේ විනාශයට විරුද්ධව කතා කරන දේශපාලනඥයෙක්‌. මම එතුමාව සම්බන්ධ කරලා දෙන්නද…” මුරුගන් අප ඉදිරියේ පැනයක්‌ තබා ඔහුගේ ජංගම දුරකථනය ගෙන නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී පුෂ්පරාසා මහතාට කතා කළේය. මේ පළාත් සභා මන්ත්‍රී පුෂ්පරාසා කියන කතාවය.

    “කොක්‌කුළුව පැරැණි පූජා භූමියක්‌ බව ඉතිහාස පොත්වල පැහැදිළිව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඓතිහාසික බිමක්‌ ඊළඟ පරම්පරාවට ආරක්‍ෂා කර දෙන එක අපේ යුතුකම. වට්‌ටමඩු රක්‍ෂිතයට කරන විනාශය දැකලා සේනාපතියේ ආනන්ද ස්‌වාමීන් වහන්සේ මැදිහත්වෙලා අම්පාරේ සියලුම ස්‌වාමීන් වහන්සේලාත් එක්‌ක අපි දිසා වන නිලධාරිවරයාගේ කාර්යාලය වටලලා උද්ඝෝෂණ කළා. ‘ඔබතුමා අධිකරණ නියෝග ක්‍රියාත්මක කරනවද… ඔබතුමාගේ බලය ක්‍රියාත්මක කරනවද… පැය 24 ක්‌ තියෙනවා ඔබතුමා කැමැති තීරණයක්‌ ගන්න කියලා අපි කිව්වා’ නෑ… නෑ… අපි ක්‍රියාත්මක වෙනවා කියලා ඊට පහුවෙනිදාම වට්‌ටමඩු රක්‍ෂිතය වැටලීම් කරලා මුස්‌ලිම් ගොවියෝ එක්‌ක මෝටර් සයිකල් පහක්‌ අත්අඩංගුවට අරගෙන පොලිසියට භාරදුන්නා. ඒ සිද්ධිය වෙලා දැන් මාස අටක්‌ විතර ඇති. ඒත් රක්‍ෂිතය විනාශ කරන එක තවම නතර වෙලා නෑ. තවම සිකුරාදාට කොක්‌කුළුවට ගිහිල්ලා එළ හරක්‌ කපලා උයා පිහාගෙන කාලා උදේ පාන්දර යනවා කියලා ආරංචියි. එළුවො කපනවා. ඒ පව්කාරකම් ගැන අපි පොලිසියට, වනජීවී නිලධාරීන්ට කෝල් කරලා කියපු වාර අනන්තයි. ඒත් වැඩක්‌ නෑ. ප්‍රදේශයේ දේශපාලනඥයෝ මැදිහත්වෙලා ඒ දේවල් යටපත් කරනවා. වට්‌ටමඩු කියන්නෙ අලි ඇත්තු රංචු පිටින් ජීවත් වෙන රක්‍ෂිතයක්‌. දැන් ඒ සත්තුන්ට ජීවත් වෙන්න තැනක්‌ නෑ. මිනිස්‌සු වගා කරන්න කෑලේ එළි කරනවා. මහා ගස්‌ කපලා විකුණනවා. දැන් රක්‍ෂිතය තුළ අලි, ඇත්තු තැන තැන මැරිලා කුණුවෙලා යනවා…”

    පුෂ්පරාසා මන්ත්‍රීවරයාගේ කතාව සැබෑය. අලි දෙදෙනෙක්‌ දෙතැනක මැරී කුණු වී ඇටකටු ශේෂ වී තිබූ අයුරු අපි දුටිමු. නාස්‌ පුඩු දෑතින් තද කරගෙන අලින්ගේ ඇට කටු එහා මෙහා කර බැලුවෙමු. සාමාන්‍යයෙන් රක්‍ෂිතයක සතෙක්‌ මියගිය පසු මළ සිරුර මිහිදන් කර දැමීම වනජීවී නිලධාරීන්ගේ වගකීමකි. එහෙත් වට්‌ටමඩු රක්‍ෂිතයේදී මියගිය අලි මිහිදන් කිරීමට කැලේ භාර නිලධාරීන් වගකීම් පැහැර හැර ඇත. නැවත අපි පුෂ්පරාසා මන්ත්‍රීවරයාගේ කතාවට සවන්දී සිටිමු.

    තවත් ඉදිකිරීම් කිරීමට ගෙනැවිත් ඇති ගඩොල්…
    “අපි අතර ජාති බේද ප්‍රශ්න නෑ. දෙමළ, මුස්‌ලිම් මිනිස්‌සු වට්‌ටමඩු රක්‍ෂිතයට එළ හරක්‌ දානවා. ඒක අපිට ප්‍රශ්නයක්‌ නෙමෙයි. අපි කියන්නේ කැලේ විනාශ කරන්න එපා. වනාන්තර විනාශ කරනවා කියන්නෙ රට විනාශ කරනවා හා සමානයි. ඒත් නැගෙනහිර සේරම රක්‍ෂිතවල ගස්‌ කපලා ඉඩම් අල්ලගෙන. පුරාවිද්‍යා බිම් විනාශ කරලා. මේ විදිහට අල්ලන්න බාප්පගේ, අම්මගේ ඉඩම්ද… අපි කොච්චර කෑගහුවත් වැඩක්‌ නෑ. කිසිම දේශපාලනඥයෙක්‌ මේ විනාශය ගැන කතා කරන්නෙ නෑ. නැගෙනහිර පළාතේ ස්‌වාමීන් වහන්සේලා මැදිහත් නොවෙන්න මේ වෙනකොට නැගෙනහිර රක්‍ෂිත කියලා දෙයක්‌ නෑ…” පුෂ්පාරාසා මන්ත්‍රීවරයාගේ කතාවෙන් පසු ප්‍රදේශයේ ඉඩම් කොල්ලයට එරෙහිව හඬනඟන ස්‌වාමීන් වහන්සේ නමක්‌ වන උතුර, නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති, සේනාපතියේ ආනන්ද හිමියන්ව දුරකථනය ඔස්‌සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. මේ ආනන්ද හාමුදුරුවෝ අපට පැවසූ කරුණුය.

    “වට්‌ටමඩු තෘණ භූමියට අක්‌කර හාරදහසක්‌ ගැසට්‌ කරලා තියෙනවා. රක්‍ෂිතය තුළ පශු සම්පත් සංවර්ධන කටයුතු කරගෙන යන්න ඒ පනතෙන්ම බලය පවරලා තියෙනවා. ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව කිරි ගවයින් තිස්‌ දහසක්‌ විතර එම රක්‍ෂිතයෙන් පෝෂණය කළා. ත්‍රස්‌තවාදී යුද්ධය නිමාවත් එක්‌ක මුස්‌ලිම් ජනතාව එම රක්‍ෂිත භූමිය උපක්‍රමශීලීව ආක්‍රමණය කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළා. රක්‍ෂිතයේ අක්‌කර දෙදහසකට ආසන්න ප්‍රමාණයකට මුස්‌ලිම් ජනතාව අයිතිවාසිකම් කියමින් වී ගොවිතැන කරන්න පටන් ගත්තා. ඒ පිළිබඳ වන සංරක්‍ෂණ නිලධාරීන් දැනුවත් කළත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ගව පට්‌ටිකරුවන්ගේ සංගමය ඒ පිළිබඳව දිගින් දිගටම පොලිසියට, වෙනත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. ඒත් ප්‍රතිඵලයක්‌ නොලැබුණු තැන ඒ මිනිස්‌සු අධිකරණයට ගියා. පස්‌සෙ මුස්‌ලිම් ජාතීන්ට රක්‍ෂිත භූමිය තුළ කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම තහනම් කෙරුණා. එම නියෝග ද පසෙකට දාලා දේශපාලන බලාධිකාරියේ හයිය අරගෙන මුස්‌ලිම් ජනතාව නැවත රක්‍ෂිතය තුළ කෘෂිකාර්මික කටයුතු කරගෙන යනවා. මේ ඉඩම් කොල්ලය ගැන අපි එකතු වෙලා පුරාවිද්‍යා කාර්යාලය, අම්පාර මහ දිසාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන් දැනුවත් කළා. ඒත් සාර්ථක ප්‍රතිඵලයක්‌ ලැබුණේ නෑ. පස්‌සේ අම්පාර වන සංරක්‍ෂණ කාර්යාලය වටලලා උද්ඝෝෂණයක්‌ කළා. එම බලපෑමත් එක්‌ක වන සංරක්‍ෂණ නිලධාරීන් මැදිහත් වෙලා මුස්‌ලිම් ජනතාවගේ අක්‍රමණය නතර කළා…”

    කොළ පාට කර ඇති ගල් කණුවක්‌
    “දැනට වට්‌ටමඩු රක්‍ෂිතය තුළ පුරාවිද්‍යා ස්‌ථානයක්‌ හඳුනාගෙන තියෙනවා. ගල් කණු, පරණ ගඩොල්, කොරවක්‌ ගල් එම ස්‌ථානයේ තිබිලා හොයාගෙන තියෙනවා. ඒ ආසන්නයේ කටාරම් සහිත ගල් ලෙන් තියෙනවා. ඒත් එම ස්‌ථානය මුස්‌ලිම් ජනතාව ඔවුන්ගේ ආගමික නායකයකුගේ මමියක්‌ තැන්පත් කරපු තැනක්‌ කියාපාමින් අල්ලාගෙන සිටිනවා. ඒ විතරක්‌ නෙමෙයි වට්‌ටමඩු රක්‍ෂිතය පුරාම පුරාවිද්‍යා ස්‌මාරක බොහෝමයක්‌ සහිත බෞද්ධ නශ්ඨාවශේෂ ගහන පරිසරයක්‌. මේ වන විට ඒ තැන් බොහෝමයක්‌ නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරලා ඉවරයි. මේක මහා විනාශයක්‌. මේක නතර කරන්න ඕනා…” උතුර, නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියන්ගේ කරුණු පැහැදිළි කිරීම ද අවසානය. අනතුරුව අපි කුඩුම්බිගල තපෝවන ආරණ්‍ය සේනාසන නායක ස්‌වාමීන් වහන්සේ පැල්වත්තේ බුද්ධවංශ හිමියන් බැහැ දැක අන්තවාදීන්ගේ ඉඩම් කොල්ලය ගැන කරුණු විමසා සිටියෙමු. මේ උන්වහන්සේ දැක්‌වූ අදහස්‌ය.

    “පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කරගත් බෞද්ධ වෙහෙර විහාර අතරින් අතීතයේ ඉඳලා කුඩුම්බිගල තපෝවනයේ මහා සංඝරත්නය වැඩ වාසය කරමින් බණ, භාවනා කටයුතුවල යොදනවා. එවැනි ස්‌ථානයක කුටි සෙනසුනක්‌, කැසිකිළි, වැසිකිළි හදන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දෙන්නේ නෑ. අපිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඒවා වාර්තා කරන්න විවිධ පුද්ගලයන් හිටියා. උපදෙස්‌ දෙන්න භික්‍ෂූන් වහන්සේලා හිටියා. ඒත් මේ වට්‌ටමඩු රක්‍ෂිතය තුළ අමු, අමුවේ සිදුකෙරෙන පුරාවිද්‍යා භූමි කොල්ලය ගැන සොයාබලන්න කිසිම නිලධාරියෙක්‌ නෑ. රටට හෙළිදරව් කරන්න වර්තාකරුවෙක්‌ නෑ. සොහොන් හදලා ඒවට වැඳුම් පිදුම් කරනකම් කුඩුම්බිගලට අකුල් හෙළන නිලධාරීන් මොනවද කළේ… මොකක්‌ද මේ දෙබිඩි නීතිය. වගකිවයුත්තන් මේ ගැන සොයා බලා කඩිනමින් පිළිතුරු දෙන්න ඕනෑ…”

    ප්‍රදේශයේ ගිහි පැවිදි දෙපාර්ශ්වය සමඟම කරුණු කාරණා සාකච්ඡා කර පසුව අපි නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහාකර අධ්‍යක්‍ෂ අනුර කුමාර නිල්මල්ගොඩ මහතාව දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කරගෙන වට්‌ටමඩු රක්‍ෂිතයේ පුරාවිද්‍යා භූමිය කොල්ලකෑම ගැන විමසා සිටියෙමු.

    මුස්‌ලිම් ජනතාව වට්‌ටමඩු රක්‍ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා නේද…?

    අපේ ඩිවිෂන් එකේ එහෙම දෙයක්‌ නෑ.

    ඔබතුමා එහෙම දෙයක්‌ නෑ කිව්වට වට්‌ටමඩු රක්‍ෂිතයේ කොක්‌කුළුව ප්‍රදේශයේ සොහොනක්‌ හදලා ටකරන් මඩුවකින් වට කරගෙන පුද පූජා පවත්වන තැනට අපි ගියා…?

    මිය ගිය අලි ඇතුන්ගේ ශරීර කොටස්‌…
    හරි… හරි… එතැන එහෙම දෙයක්‌ කෙරෙනවා. කාලයක්‌ ඉඳලා ඒගොල්ල පුද, පූජා පවත්වන වැඩේ කරගෙන ගියා. පස්‌සේ අපි නළ ළිං, වැසිකිළි හදන එක නතර කළා. දැන් අපි මායිම් කණු දලා ඒ තැන ගැසට්‌ කරන්න දලා තියෙන්නේ. ගැසට්‌ එක තවම එළියට ආවේ නෑ. දැනට එතැන ආරක්‍ෂාවට සිවිල් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනක්‌ දවාලට යොදවලා තියෙනවා. අලි, ඇත්තු ගැවසෙන නිසා රෑට එතැන ඉන්න ආරක්‍ෂාව මදි. පහුගිය කාලේ අපි දාපු මායිම් කණු ටික කවුරුහරි ගලවලා තියෙනවා. ඊට පස්‌සේ අපි පොලිසියේ පැමිණිලි කළා. තවම ඒ අය ඇවිත් පුද පූජා කරලා යනවා. ඒක තහනම් කරන්න අපිට අවසර නෑ. ගැසට්‌ එක ආවට පස්‌සෙ අපි එතැන තහනම් ඉඩමක්‌ බවට පත් කරනවා.

    ඒ ස්‌ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්‌ නේද…?

    ඔව්… එතැන ගල් කණු තියෙනවා. නමුත් අපි තවම කැණීම් කරලා පාදලා බැලුවේ නෑ. ගැසට්‌ එක ආවට පස්‌සෙ කැණීම් කරන්න බලලා තමයි අපි ඒ බව සහතික කරන්නේ.

    ඒ ස්‌ථානයේ චෛත්‍යයක්‌ තිබුණු බවට නටබුන් තිබුණා කියලා ප්‍රදේශයේ ජනතාව කියනවා…?

    නෑ… චෛත්‍යයක්‌ තිබුණු බවට ඔප්පු කරන්න කිසිම සාධකයක්‌ දැනට නෑ.

    සිද්ධිය පෙළගැසී ඇති ආකාරය ඕනෑම මෝඩයකුට වටහාගත හැකිය. මේ රටේ දවසකට විනාශ කරන පුරාවස්‌තුවල ප්‍රමාණය කොතෙක්‌දැයි කිසිවෙක්‌ දන්නේ නැත. ජාතික කෞතුකාගාරයත් බිඳ පුරාවස්‌තු කොල්ලකාගෙන ගිය රටක වට්‌ටමඩු කැලේ පුරාවස්‌තු කොල්ලය මහා ලොකු කතාවක්‌ නොවේ. එහෙත් රක්‍ෂිත භූමිය ග්‍රහණයට ගෙන පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරමින් මළ සොහොන් ඉදිකර එයට වැඳුම් පිදුම් කිරීම යට අතිශය භයානක කතාවක්‌ තිබේ.

    නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂවරයා පවසන ආකාරයට ඔත්තුව ලද වහාම වට්‌ටමඩු රක්‍ෂිතයේ ඉදිකිරීම් කරන ස්‌ථානයට ගොස්‌ එය තහනම් කර පුරාවිද්‍යා රක්‍ෂිත භූමියක්‌ ලෙස නම් කරමින් දැන්වීම් පුවරුවක්‌ ද සවි කර ඇත. එහෙත් අප එම ස්‌ථානයට යන අවස්‌ථාවේ එවැනි කිසිදු දැන්වීම් පුවරුවක්‌ ඇස නොගැටිණි. ආරක්‍ෂාවට සිටින සිවිල් ආරක්‍ෂක නිලධාරීන් ද නොසිටියේය. එහෙත් නැගෙනහිර පළාතේම සංඝයා වහන්සේලා වැඩ සිටින කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ කුටියක්‌ තැනීමට සූදානම් වූ විට පුරාවිද්‍යා නිලධාරීන් කඩා වැදී එය නතර කල ස්‌වාමීන් වහන්සේලාට එරෙහිව නීතිමය කටයුතු කරන්නාහ. නීතිගරුක එම නිලධාරීන්ම අන්තවාදීන්ගේ පුරාවිද්‍යා රක්‍ෂිත කොල්ලය ඉදිරියේ මුනිවත රකින්නාහ.

    අවසානයේ අප දකිනා මේ සිදුවීම් පෙළගැස්‌ම මේ වග ලියාතබන්නට අපට බලකර හිඳී. ජීවත්වීමේදී ඇති වන විවිධාකාර තාඩන, පීඩන රටේ ජනතාවට විඳ දරාගත හැකිය. ඒ තුළින් කම්පනයක්‌ ඇති වෙන්නේ නම් කාලයත් සමඟ වියෑකී යන්නේය. එහෙත් මහා ඉතිහාසය වනසමින් වසර දහස්‌ ගණන් පැරැණි උරුමය සාහසික ලෙස හූරාගෙන කන විට ඉන් හටගන්නා කම්පනය ආත්ම ගණනාවක්‌ පුරා ශාපයක්‌ සේ පැමිණෙනා බව භූමිය කොල්ලකෑමට ඉඩ දී බලා සිටින බලධාරීන්ට, නිලධාරීන්ට මේ මොහොතේ වැටහෙන්නේ නැත. ඔවුන් ඡන්ද හරඹය ඉදිරියේ අසරණ වී සිටිති. මේ වන විටත් කොටි ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කරගත් උතුර, නැගෙනහිර භූමිය ගෝත්‍රික අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී හමාරය. අපට ද කළ හැකිව ඇත්තේ අන්තවාදීන් විසින් කරගෙන යන මේ ඉඩම් සහ පූජා භූමි කොල්ලය ගැන රටේ ජනතාව දැනුවත් කිරීම පමණි.

    විසුල කෝඳාගොඩ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress